Sunday, March 27, 2011

අන්තිම Act 16/ ERPM හරහා මතුවුන යථාර්තය


PMC (Private medical college), Act 16/ ERPM (Examination for Registration to Practice Medicine in Sri Lanka ) ගැන කවුරු කථා කළත් හරහා අපි නොදකින පැත්තකුත් තියෙනවා. මම PMC වලට support වත් against වත් නෙවෙ‍යි මේ කි‍යන්න ‍යන්නේ. නමුත් මම දැක්ක දෙ‍යක්. අවුරුදු ගානක් රටෙන් පිටවෙලා, හරියට කන්න බොන්නවත් හොයගන්න නැතුව, සමහර වෙලාවට සීතලේ ගැහි ගැහී දුක් වින්දත් අන්තිමේදි ඔක්කොම වතුරේ ගි‍යොත් කවුද වගකි‍යන්නේ. සමහරුන්ට මේක හොඳ සටන් පාඨ‍යක්. ඒ උනත් , ඒත් ඒ අපි වගේම කාගෙහරි අහිංසක අම්මෙකුගේ තාත්තෙකුගේ දරුවෙක් නේද කි‍යල හිතෙන්නේ නැති එක පුදුම‍යි.
අන්තිම Act 16/ ERPM කුසලතා  දැක්කම කාටද වැරදුනේ කි‍යන එක හො‍යන්න වටින දෙ‍යක්. 1300ක් medical exam ලි‍යලා pass  වෙන්නේ 30 නම්, මිලි‍යන ගානක් වි‍යදම් කරලා , ජීවිතේ අන්තිම කාලෙ ඉන්න දෙමාපි‍යන් ගෙදර තනිකරලා, එ‍යාලගෙ බලාපොරොත්තු ඉටුකරන්න කි‍යල ගි‍යත්  Exam එකේ උත්තර අමු  පිස්සු. අතක්  කැඩුනම  කැඩිල  ති‍යෙන්නේ  මොන අස්ථි‍යද  කි‍යල  දන්නේ  නැතිනම්,  ගෙඩි‍යක් ආවම ඒ  මොකක්ද  දන්නේ  නැතිනම් කි‍යල ඒ  වගේ අ‍ය අනාගත  දොස්තරලා උනාම  ලෙඩ්ඩුන්ට  දෙ‍යි‍යන්ගෙම  පිහිට‍යි.
ඒත් වි‍යදම් කරපු සල්ලිවලට විඳපු දුකට ලැබුන වටිනාකම කොහෙද? කෙනෙක්ට හිතෙන්න පුලුවන් එහෙනම් මොකටද රට ‍යන්නේ මෙහෙට වෙලා ති‍යෙන සල්ලිවලින් මොනවහරි කරානම් ඉවරනේ කි‍යලා. ඒත් කවුද කි‍යන්නෙ ඔ‍ය ගි‍ය හැමෝම තමුන්ගේ උවමනාවටම ගි‍යා කි‍යල. එක්කො ගෙදර අ‍යගේ ඉල්ලීමට. පිටට ගිහින් නාස්ති උනේ අපේ රටේම සල්ලි. ඒ කි‍යන්නේ තවත් එක ලෙඩෙකුගේ ජීවිතේ බේරන්න තිබ්බ බෙහෙතක ගාන.
දේසපාලක‍යෝ ගහන ගැහිලිවල හැටි‍යට ඔකත් මහදෙ‍යක්ද කි‍යල හිතුනත් කවුරුවත් වැරදි කරා කි‍යන එක අපිටත් වැරදි කරන්න සාධාරණ හේතුවක් නෙවේ නේද? විසදුම පඳුරක් පඳුරක් ගානේ ලංකවේ PMC හදන එක නෙවි තමා. ඒත් අඩුම තරමේ මේ රට ‍යන අ‍යට මොනවද වෙන්නේ කි‍යන එක හො‍යන්න ඕනේ. අවුරුදු ගානක් නැහිලා හොරු රස්ති‍යාදු කාර‍යො වෙනවනම් ඒක අවාසනාව. මේකට පංති භේද‍යක් ගාව ගන්නවනම් වැරදි‍යි. සමහර වෙලවට රට ‍යන්නේ z-score 0.001න් ‍medical facultyයන්නබැරි උන අ‍ය. කාට උනත් ඒ මිනිස්සු අමාරුවේ වැටුනම “ ඕක තම‍යි අපි කිවේ උන්ට බෑ” කි‍යලා හරි හිනාවෙලා හරි කාළකණ්ණි සතුටක් සමහරු ගන්න එක හරිම ඛේදජනක‍යි.
දොස්තර කෙනෙක් වෙනව කියන්නෙ සමාජ‍යේ වැදගත් තැනක්. නැතත් තව ජීවිතයක් බේරලා ලබන සතුට දන්නේ ඒක කරපු කෙනෙක්ම විතර‍යි. හරියට කන්න නැතුව උදේ ඉදන් රෑ වෙනකම් hospital,clinic වල ගතකරලා නැති කරගත්තු දේවල් ගොඩක් ති‍යෙනවා. නමුත් තෘප්තිමත් වෙන්ඩ පුලුවන් කරන දේ ගැන. මේක කි‍යවන PMC හරි foreign medical college ‍යන අ‍යට මම කි‍යන්නේ කරන දේ හරි‍යට කරන්න. විභාග හිතන තරම් ලේසි නෑ. උපරිම කැපකිරීම් කරන්න. අන්තිමේදි හොඳ දොස්තර කෙනෙක් වෙලා අපේ රටට සේව‍ය කරන්න.