Sunday, June 26, 2011

කුංග්ෆූ සම්භව‍ය - බෝධිධර්ම භික්ෂූණ්වහන්සේ Origin of Kung fu-Monk Bodhidharma

විවිධ සතුන් අනුගමනය කරන ක්‍රම මෙන්ම සිතාගැනීමට පවා අපහසු දේ චිත්ත ශක්ති‍යෙන් කරන කුංග්ෆූ සටන් ඔබ දැක ඇති.
කුංග්ෆූ සම්භවය ගැන කථා කරනවිට අමතකකරන්නම බැරි චරිතය තමා බෝධිධර්ම නොහොත් ධරුමා තායිෂි භික්ෂූණ්වහන්සේ.
මේ කුංග්ෆූ ඇරඹුම ගැන කි‍යවෙන උන්වහන්සේගේ කථාවයි.


ක්‍රි.ව.525 (527?) ඉන්දියානු හිමිනමක් වූ උන්වහන්සේ වන්දනාගමනක් සහ සෙන් දහම ඉගැන්වීමට චීනයට පයින්ම වැඩම කළා.
උන්වහන්සේ අහම්ඹයෙන් හොනාන් පළාතේ ශා ඕ ලින් ආරාමයට වැඩම කළා.
ශා ඕ ලින් යනු “තුරුණු වනය” යන තේරුම දෙන්නක්. එහිදී ඉගැන්වීම් කරගෙන යද්දී සිසුන්ගේ දුර්වලතාවයක් දුටුවා.
ඒ තමා සිත එකඟකරගැනීමට දුර්වලබව. නිතරම නිදිකිරාවැටෙනවා.
හේතුව හොයලා බලනකොට උන්වහන්සේ දැනගත්තා මෙම හිමිවරුන් ආරාමයෙන් ආරාමයට කැලය මැදින් යනකොට හොරුන්ට අසුවී විවිධ පීඩාවන්ට ලක්වනබව.
මේ නිසා පිළි‍යමක් වශ‍යෙන් කා‍යික සහ මානසික සංකලන ව්‍යා‍යාම 18ක් ඉගන්වූවා.
උන්වහන්සේ එය Ekikinkyo ලෙස නම් කළා. පසුකාලීනව I-chi-ching, Sha o Lin sur kempo ලෙස වෙනස් වුණා.
ආධ්‍යාත්මික ශක්තිය දි‍යුණුකරගැනීමට මෙන්ම වනසතුන්ගෙන් සොරුන්ගෙන් බේරීමටත් මෙය මහෝපකාරී වුණා.
උන්වහන්සේගේ හොඳම ශිෂ්‍ය‍යා වූ "ලොන්සූ" භික්ෂුව මෙහි ආධාර‍යෙන් සොරුන්ගේ ප්‍රහාර‍යක් ව්‍යර්ථකිරීමට සමත් වුණා.
මේ නිසා ගම්මුන් ආරාමය සමඟ වඩාත් සමීප වුණා.
ගම්මුන් සොරුන්ගෙන් මෙන්ම විවිධ පුද්ගල‍යන්ගෙන් බේරා ගැනීමට මෙය ගම්මුන්ට ඉගැන්වීමට ලොන්සූ භික්ෂුව තීරණය කළා.
මේ සමඟම මූලික අරමුණ වෙනස් වූ අතර සටන්කලාවක් ලෙස ජනතාව පුහුණු වුණා.
පසුකාලීනව එනම් යුවාන් රාජවංශ සම‍යේදී තරුණ ශා ඕ ලින් ශිෂ්‍ය‍යෙකු වූ "යෙන්" භික්ෂුව විසින් මෙය සටන් ආර 72ක් දක්වා වැඩිදි‍යුණු කළා.
සැබැවින්ම මෙම සටන් ආර 72 කුංග්ෆූ මූලය ලෙස සැලකෙනවා.

- බෲස් ලී ගේ The Letters of the Dragon ග්‍රන්ථ‍ය ඇසුරිනි.

Wednesday, June 8, 2011

Ranganath Kumara "ජීවිත‍යක වටිනාකම"


අප සැවොම යෙකු තව දුරටත් නැතිවිට ඔහුව  වර්ණනා කරන්නෙමු. නමුත් සුදුසුකම් අනුව අභිබවායාම පිළිබදව ප්‍රශ්න‍යක් විටෙක අප ඔවුන්ව සමතැන්හි නොසලකනවා පමණක් නොව ඔවුන්ව පහත්කොට සලකන්නෙමු- ග්‍රීක පාලක පෙරික්ලීස්
දේවදූතයන් කළින් රැගෙනයන්නේත් හොඳ මිනිසුන්යැයි කියනු ලැබේ.
එහෙම වෙන්නේ වගේ උතුම් ගතිගුණ තියෙන යව වටේ ඉන්න පව්කාර යගෙන් මුදවා ගැනීමට වෙන්න ඕනෙ.
අපේ පව්කාරකමකට මිසක් ඔවුන් මේ ආත්මයේනම් කොහොමටවත් නොකරපු දෙයක් නිසා හෝ ඔවුන් අප අතරින් නික්මෙණවා... ළතැවීම හෙටදිනයහපත් කරන්නක් නොව අද දවස විනාශකිරීමක් පමණක් බව ඇත්ත. වුනත් පාඩම් ඉගෙනගන්න වගේම අපි මීට වඩා හොඳවෙන්න අතීත මතක් කරන්නම වෙනවා.  

අවුරුදු 13කට පමණ ඉහතදී අපි එක පන්තියේදී හමුවුණෙමු. 6-D පන්ති‍යේදී 1998දී. එදා ඉඳන් හැමදාම රංගනාත් හිනාවෙලා උදේම Good morning Yapa ! කීවේ අවංකවමයි. සල්ලිහරි පෙනුමහරි උගත්කමහරි කියන්නේ ඔක්කොමනම්නම් ඔක්කොම ඕනෙවටත් වඩා තිබුණා. බොරු වර්ණනා නෙවි, ඒක සහතික ඇත්ත.නමුත් රංගනාත්ට මොනවත් ලොකු වුණේ නෑ. පන්තියේ ඔනෑමකෙනෙක් එක්ක හොඳට කතාකරළා හිටි‍යා විතරක් නෙවේ උදව්වක් ඕනේවුණ හැම වෙලාවකම උපරිම‍යෙන්ම කළා.
එච්චරකරත් අපි ඒදේවල් පේන්නේනැතිගානට හිටියා. පන්තිනායක වෙලා තනියම බර අදිනකොට, පන්තියේ වැරදි හින්දා තනියම ගුටි කනකොට අපි බලන් හිටියා. පන්ති මෙහෙම පිළිවෙළට තියෙන්නේ කොහොමද කියලා අපිට ගාණක් නැතිවුණේ කොහොමහරි තනියම ඔක්කොම කරපු හින්දා. කරත් ඒකෙ හොඳනම කවමදාකවත් ගත්තේ නෑ. රංගනාත් නැතිවුණාම පංති‍ය එකම පිස්සුවක් කුණුගොඩක් වුණාමතමා මට තේරුනේ මේවා කොහොමද වෙලා තිබුණේ කි‍යලා.   
අපි අතින් ගොඩාක් වැරදි රංගනාත්ට වුණා. අපිකරපු අම්නකම් ගැන කවදාකවත් අපිට දොස් කීවේවත් ඒ හින්දා අපිට උදව් කරන එක වෙනස්කළේවත් නෑ.තනි‍යම විඳගෙන හිටි‍යා. ඒක මම හොඳටම දන්නවා.ඒ වගේ අහිංසක නිහතමානී අව්‍යාජ චරිත‍යක් මට තාම හමුවෙලා නෑ. අදට අවුරුදු 11කට කලින් ;හරි‍යටම කි‍යනවනම් 2000 ජූනි 7දා, සදහටම අප අතරින් නික්ම ගි‍යත් මට හැමදාම රංගනාත්ව මතක්වෙනවා. මීට වඩා හොඳට අපිට සලකන්න තිබුණා කි‍යලා මට අනන්තවත් හිතෙනවා. මිනිසෙකුගේ ජීවිත‍යේ වටිනාකම මට හොඳටම දැනුනේ එදා. මගේ ජීවිත‍යේ හොඳ පාඩම "ජීවිත‍යක වටිනාකම" ඉගෙනගත්තේ එදා. 
ඒ වගේ හොඳකෙනෙකුට කිසිකෙනෙකුට අඩුමතරමින් උඹ කි‍යලවත් කථා නොකරපු කූඹි‍යෙකුටවත් වරදක් නොකරපු කෙනෙක්ට මෙහෙම ඉරණමක් අත්වුණේ කොහොමද කි‍යන එකනම් තාමත් මට ප්‍රශ්න‍යක්. අපේ පවුකාරකමකට මිසක් වෙන දෙ‍යක් හින්දානම් වෙන්න බෑ.
පංති‍යේ රංගනාත් හිටි‍ය ආසන‍ය කාල‍යත් එක්ක පිරුණා. ඒත් රංගනාත් නැතුව හිස්වුන මගේ හිතේ ඉඩ තාම එහෙමම‍යි.
අපි ‍යාලුවන් විදි‍යට හිටි‍ය කාල‍ය ගොඩාක් කෙටි‍යි. ඒ ගැන මම අවංකවම දුක්වෙනවා. නමුත් මට සතුටු‍යි ඒ පොඩි කාල‍යවත් මට මඟනොහැරීම ගැන. 
අපි වාසනාවන්තනම් මීළග ආත්ම‍යේදීවත් අපි එකට උපදීවි. නමුත් එවන් අකල් ඛේදනී‍ය ඉරණමක්නම් කොහමටවත් අත්වෙන්න එපා.  
මිතුර, ඔබට නිවන් සුව !