Tuesday, July 22, 2014

මඩවල උපාලි හිමියන්ගේ "භාවනා අත්පොත" නොමිලේම කියවමු..Bhawana Athpotha (Handbook of Meditation)-Madawala Upali Thera-free-ebook download

"ආශ්‍රමයේ භික්ෂූන් විසින් මා ආදරයෙන් පිළිගනු ලැබිණි. කුටියට රැගෙන ගිය මා එහි ටික වේලාවක් නිශ්ශබ්දව විවේකයෙන් සිටිය යුතුයැයි ඔවුහු යෝජනා කළහ. ඝෝෂාව ඉවසිය නොහැකි තරම් විය. බල්ලෝ නොන්වත්වාම උඩු බිරුලූහ. කපුටෝ ඉගිලෙන විටත් විශාල ඝෝෂාවක් කළහ. රැන්ගුන් ගුවන් තොටුපළට යන රථවාහන වල ඝෝෂාවත් යාබද වෙළඳ පලේ ශබ්දයත් නිසා පසුව මම නිශ්ශබ්දවත් ශාන්තවත් විවේකගැනීම නවත්වා භික්ෂූන්වහන්සේගේ කුටි අතරින් වැටී ඇති පාරවල් දිගේ ඇවිද්දෙමි. විවෘතව තිබූ සමහරෙක දොරතුලින් මම එබී බැලුවෙමි. එරමිණියා ගොතාගත් භික්ෂූහු ගල් ගැසුණු  සේ භාවනාවේ යෙදී සිටියහ.
ඔවුනට කිසිවක් නෑසුණහ. ඔවුහු කිසිවක් නොදුටුවෝය. බල්ලන්ගේ බිරීම්, කපුටන්ගේ කෑගැසීම් සහ අනෙක් ඝෝෂා මධ්‍යයේ ඔවුහු සියල්ල නිශ්චලව පවතින මානසික ලෝකයක පසුවූහ."

මෙතනින් පොතම ගන්න.

Bhawana Athpotha (Handbook of Meditation)-Madawala Upali Thera-free-ebook download

ධර්ම දානයක්ම වේවා!! තෙරුවන් සරණයි!!!

2 comments: