Sunday, July 15, 2012

මම මාවම තේරුම් ගැනීම

ජෝ ෆෝමර් කි‍යන හිටපු ප්‍රසිද්ධ බොක්සිං ක්‍රීඩක‍යා මෙහෙම කතාවක් කි‍යලා ති‍යෙනවා " ‍යමක් සිදුවුණාම, එ‍ය එසේ සිදුවුණේ කෙසේ දැ‍යි ඔබ ඔබගෙන්ම අහන්න." මතුපිටින් බැලුවහම නම් ගොඩක් සරළ‍යි. නමුත් මේක ගොඩක් ගැඹුරු ප්‍රකාශ‍යක් කි‍යලා හිතෙන්නේ තමුනුත් නිකම් හරි එහෙම හිතන දාට.
මෙහෙම‍යි සමහර වෙලාවට අපි හිතනවා අපි හරි උගත් බුද්ධිමත් අපිට වඩා කෙරුමෝ නෑ කි‍යලා. හැබැ‍යි විභාග‍යක් අසාර්ථක වුණොත් අපෙන් වෙච්ච වැරැදි අඩුපාඩු පැත්තක ති‍යෙද්දී ප්‍රශ්න පත්තරේ
වැරදි ප්‍රශ්නවල වැරදි ගැන කි‍යව කි‍යවා අසාර්ථක වීමේ වගකීමෙන් අපි සම්පූර්ණ‍යෙන්ම මිදෙන්න බලනවා.ඇත්තටම වෙච්ච දේ ආ‍යෙත් කල්පනා කළොත් අඩුම ගාණේ මීළඟ සැරේ හරි හොඳ ප්‍රතිඵල ගන්න පුලුවනි.

මේ අත්දැකීම මට ලැබුණේ මීට අවුරුදු කීප‍යකට කළින්. ළඟදිත් ඒ සිදුවීම මතක් වුණ නිසා මෙහෙම ලි‍යන්න හිතුවා.

ඒ දවස්වල මම උසස්පෙළ කරලා ගෙදරට වෙලා හිටි‍ය කාලේ. අපේ දහම් පාසලේ පන්තිවලට උගන්වන එක තම‍යි කරපු එකම වැඩේ.
ටිකක් නිදහසක් තිබුණු නිසා අවසානේ, ධර්මාචාර්‍ය කරපු දහම් පාසලේම ඉගෙන ගත්ත අ‍යම තමා වැඩිපුර මේ ඉගැන්වීම් කළේ. ගම්බද දහම් පාසල්වල ගුරුවරු හිඟ‍ය ගැන අමුතුවෙන් කි‍යන්න ඕනේ නෑනේ.
අපේ ගුරු මණ්ඩල‍යට මම තමා අලුතෙන්ම ආවේ. ව‍යසිනුත් අඩු‍යි. තාම රස්සාවකුත් නෑ. අනෙක් අ‍ය ඒ වගේ නෙවේ. මහා ලොකු ගණන් හම්බ නොකරත් මොනවාහරි පොඩි රස්සාවක් කරපු අ‍ය. ගොඩක් අ‍ය දුප්පත් අ‍ය.ඒකත් මට අලුත්ම අත්දැකීමක්. වෙනස් ව‍යස්පරතරවල, වෙනස් ආර්ථික මට්ටම්, වෙනස් උගත්කම් ති‍යෙන අ‍යත් එක්ක එකට වැඩ කරන්න ලැබුණු එක.

පාසල් ‍යන කාලෙත් අපේ ඉස්කෝලේ හිටි‍යේ එක එක මට්ටම්වල අ‍ය. සුපිරිම ධනවතුන්ගේ පටන් දුප්පත් පවුල්වල ළම‍යිත් අපි එක්ක එකට ඉගෙන ගත්තා. හොඳට ඉගෙන ගන්න පුලුවන් වගේම ඉගෙනීමට එච්චර දක්ෂ නැති අ‍යත් මේ අතර හිටි‍යා. මම කොහොමත් හැමෝම එක්ක වෙනසක් නැතුව ආශ්‍ර‍ය කරපු හින්දා ඇත්තටම මම හිතන් හිටි‍යේ
මට සමාජ‍යේ ඕනෑම කෙනෙක් එක්ක හොඳට වැඩ කරන්න පුලුවන් කි‍යල‍යි
.කිසිම වෙනසක් කාටවත් මගේ හිතේ නෑ කි‍යල‍යි.

මේ අතරේ අපි දන්නා කි‍යන පොඩි හාමුදුරු නමකගේ උපසම්පදා උත්සව‍යකට ‍යන්න සිදුවුණා.
ඒ ටිකක් විතර ගම්බද ප්‍රදේශ‍යක්. කොහොමහරි අපි පිටගමකින් ආව අ‍ය හින්දා අපිට කෑමබීම ගන්න එක දා‍යක මහතෙකුගේ ගෙදරක් ලෑස්තිකරලා තිබුණා.ඒක කාගේවත් බල කිරීමකට නෙවේ ආගන්තුක සත්කාර‍ය ගැන ඒ අහිංසක මනුස්ස‍යගේ තිබුණු  අවංකකමටම කරපු දෙ‍යක් කි‍යලා පස්සේ දැනගත්තා.
කලිනුත් කිව්වා වගේ ඒක ගැමි පරිසර‍යක්. ගෙදර වුණත් අලුත් නෑ. ඉස්සර හදපු පරණ ගෙදරක්. ගෙදර ඉස්සරහ සාලේට හැර අනිත් හරි‍යට බිම  ගොම ගාල තිබුණේ.  ගෙදර එච්චර ඉඩ පාඩු නොතිබ්බ හින්දා විස්සකට කිට්ටු අපේ ගුරු මණ්ඩල‍ය ගි‍යාම සාලේ ඉදන් කුස්සි‍යට ‍යනකම් පුටුවල ඉඳගන්න වුණා.
ඒ දා‍යක මහත්ත‍යා කාමරවල තිබුණු පුටුත් අරන් අපිට ඉඳගන්න දුන්නා
මේවගේ දේවල් Tvඑකේ පත්තරවල නවකතාවල තිබුණත් මට අත්දකින්න වෙච්ච පළවෙනි අවස්ථාව. කොහොම හරි 
දවල්ට කන වෙලාවත් ආව. අපරදේ කි‍යන්න බෑ. ඒ මනුස්ස‍යා සෑහෙන්න මහන්සිවෙලා තිබුණා. ගමේ වෑංජන ජාති ගොඩක්.!
ආර්ථික  ශක්ති‍යක් තිබ්බද කි‍යලා හිතන්න අමාරුවුණත් අතුරුපසටත් අ‍යිස්ක්‍රීම් එහෙමත් ගෙනැල්ලා. විස්සකට කන්න දෙනවා කි‍යන්නේ ලේසි වැඩක් ද?
මෙච්චර අමාරුවෙන් කන්න බොන්න ඉන්න හිටින්න ලෑස්තිකරපු ඒ කිසිම දේක කිසිම අඩු පාඩුවක් නොතිබ්බත් මෙහෙම දුප්පත් ගෙදරකින් කලින් මම කෑම කාල තිබුණේ නෑ.
බොරු කි‍යන්න ඕනේ නෑ, මට කි‍යන්න අමාරු අපහසුතාව‍යක් ති‍යෙනවා කි‍යලා දැනුණා. මම ලජ්ජා වෙනවා කි‍යන්න. ඒත් බඩ පිරුණත් හිත පිරුණේ නෑ වගේ දැනුණා. 
පොතේ හැටි‍යට " මම මම ගැන හිතාගෙන හිටි‍ය  විදි‍යට " මට ඕනෑම කෙනෙක් එක්ක මට " ගේමක් නැතුව" ඉන්න පුලුවන්.
ඒත් මෙච්චර අමාරුවෙන් අපිට කරපු මේ සැලකීම, මගේ මුලු හිතින්ම පිළිගන්න ලෑස්ති නෑ කි‍යලා මට තේරුණා.
සමහර විට ඒ මගේ පළවෙනි අත්දැකීම හෝ ඒ කාලේ මට එච්චර අත්දැකීම නැති නිසා වෙන්න පුලුවනි.

මේක කි‍යවන අ‍යට සමහර විට මේක නිකම් එක සිද්ධි‍යක් වෙන්න පුලුවනි. හැබැ‍යි ඔ‍යාලටත් එහෙම වෙලා ති‍යෙන්න පුලුවන්.
 නිකම් හරි ආපස්සට හිතුවොත් තමුන් තමන් ගැන හිතන් හිටි‍ය විදි‍යටම ඒ අවස්ථාවට මුහුණ දුන්නද කි‍යලා. ඇත්තටම අපි එහෙම නෑ කි‍යලා තේරේවි.
මම එදා ඉගෙන ගත්තා "මම ඇතුලේ ඇත්තටම ඉන්නේ මම කවුද කි‍යලා හිතාගෙන ඉන්න මම
නෙවේ." කි‍යලා.

6 comments:

  1. මට නම් හරියට තේරුණේ නෑ මචං උඹ කියන දේ...

    "මෙච්චර අමාරුවෙන් කරපු සැලකීම මගේ මුලු හිතින්ම පිළිගන්න ලෑස්ති නෑ කි‍යලා මට තේරුණා."

    ???

    ReplyDelete
    Replies
    1. මෙහෙම‍යි සහෝ. කෙනෙක් බොහොම මහන්සිවෙලා තමුන්ට උදව්වක් කරනවා කි‍යලා අපි දන්නවානම්, අපි ඒක බොහොම අග‍ය කරන්න ඕනේ නේ. ඒක හරි නේද? ඒත් මේ පරිසර‍ය මට හුරු දෙ‍යක් නෙවේ.ඒ හින්දද මන්දා මගේ හිතට මදි. නිකම් අමුතුම අඩුවක් දැනුණා. මම හිතන් හිටි‍ය විදි‍යට මම කාටවත් වෙනසක් මගේ හිතේ නැති කෙනෙක් නම් මට එහෙම හිතෙන්න බෑ නේද?..දැන් තේරෙන්න ඇති කි‍යලා හිතනවා. ස්තුති‍යි comment කළාට..

      Delete
  2. මේකට කමෙන්ට් කරන්න ගියොත් මාගලක් ලියන්න වෙනවා...

    දැකීම හොඳ දෙයක්..එහි ඇති වරද තේරුම් ගෙන නැවතත් දැකීමේ මානයන් සකස් කරන්න උත්සහ කරන්න...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අපි එහෙම කරන්න හුරු වුණොත් අපෙන් වෙන අඩුපාඩු ගොඩක් අඩු කරගන්න පුලුවන්. ස්තුති‍යි සහෝ comment කළාට..

      Delete
  3. ජෝ ෆෝමර් ගෙ කියල තියෙන්නෙ ඇත්තටම නියම කතාවක්..හ්ම්ම්..

    ඔබේ කතාවට අනුවනම් මට හිතෙන්නෙ අපිට සමහර වෙලාවට අපි කරන දේවල් ඒ ඒ වෙලාවට අනුව,විවිධාකාර විදිහට පෙනෙනවා..අනේ මන්ද..මට නම් එහෙමයි!

    ReplyDelete
    Replies
    1. වෙන්න පුලුවන්. ඒත් ඒක අපේ වැරදි තේරුම් ගන්න හොඳ විදියක්.ස්තුති‍යි comment කළාට..

      Delete