Sunday, October 16, 2011

MDR TBවලට හිස ඔසවන්න දෙන්න එපා!

දන්න තරමින් ගොඩාක් ව්‍යාප්තවෙලා නැතත් MDR TB කි‍යන්නෙත් පවුල් පිටින් වනසන්න පුලුවන් ගොඩාක් ඛේදනී‍ය තත්ත්ව‍යක්.
මේක මහනුවර ප්‍රදේශ‍යෙන් වාර්තා වෙලා ති‍යෙන ඇත්ත කතාවක්. දසනා‍යක මහතා මැදිවි‍යේ පසුවූ ටික කාල‍යක පටන් නොනවතින කැස්සකින් පීඩා විඳපු කෙනෙක්.
හවසට හවසට උණ ගැනෙන අතරම ළඟකදී ගොඩාක් කෙට්ටු වුණා. සමහර වෙලාවට කහින කොට සෙමත් එක්ක  ලේ වගෙත් ගි‍යා.

වෙද්‍ය පරීක්ෂණ‍යකට ‍යොමු වුණාම ඔහු දැන ගත්තා තමන් TB (tuberculosis) එහෙමත් නැත්නම් ක්ෂ‍ය රෝග‍යට ගොදුරු වෙලා කි‍යලා.
ළ‍ය රෝග නිවාරණ සා‍යන‍යෙන් නොමිලේම බෙහෙත් දුන්නත් දසනා‍යක මහතා හරි‍යට පිළිවෙලට බෙහෙත් ගත්තෙත් නෑ.සා‍යන‍යට නොකඩවා ආවෙත් නෑ.
 ටික කාලෙකින් ඔහුට නැවතත් රෝහල්ගත වෙන්න සිදු වුනේ අසනීප‍ය ගොඩාක් වැඩිවුන නිසා. නැවතත් වෙද්‍ය පරීක්ෂණ‍යකට ‍යොමු වුණා.
මේ පාර ඔහුගේ රෝග තත්ව‍ය MDR-TB (Multi drug resistant tuberculosis) එහෙමත් නැත්නම්
ක්ෂ‍ය රෝග‍ ඖෂධවලට ප්‍රතිරෝධී ක්ෂ‍ය රෝග‍ය දක්වා සංකීර්ණවෙලා තිබුණා.
දැනට භාවිතාවන ඖෂධවලට තවදුරටත් ඔහුගේ රෝග තත්ත්ව‍යට එරෙහිව ක්‍රි‍යාත්මක වීමට නොහැකි නිසා දවස් දෙකක් ඇතුලත ඔහු මි‍ය ගි‍යා.
ඊට දෙසති‍යකට පස්සෙ ඔහුගේ බිරිඳවත් රෝහල්ගත කරන්නට වුණේ දසනා‍යක මහතාගේ රෝග ලක්ෂණම ඇගෙනුත් දිස් වූ හින්දා.
ඇ‍යටත් උරුම වුණේ මරණ‍යම තම‍යි. මේ නිසාම ඔහුගේ නිවැසි‍යන්වත්  වෙද්‍ය පරීක්ෂණ‍යකට ‍යොමු කෙරුණා.
අවාසනාවට ඔවුන්ට සිටි තරුණවි‍යේ පසුවූ පුතුන් දෙදෙනාටත් MDR-TB වැළඳිලා.
පි‍යාගේ මරණ‍යෙන් මාස 6ක් ගතවත්ම පවුලේ සාමාජික‍යන් හතරදෙනාටම මෙලොවින් නික්මෙන්නට සිදුවුණා.
මේක ප්‍රබන්ධ‍යක් වගේ පෙනුනත් ඇත්තටම වුණ දෙ‍යක් කි‍යලා කිවුවේ මහනුවර ළ‍ය රෝග නිවාරණ සා‍යන‍‍යේ විශේෂඥවෙද්‍යතුමි‍ය.
කණගාටුදා‍යකම දේ දසනා‍යක මහතා තමා විසින්ම තමාගේ රෝග‍ය MDR-TB කරගැනීමත් ඒ නිසාම අනෙකුත් අ‍යටත් මරණ‍ය ඉක්මන් කරවීම.
බෙහෙත් නොගත්තානම් ඔහුට MDR-TB නොවී ඔහු පමණක් මි‍ය‍යන්න තිබුණා. නමුත් ඔහුගේ නොසැලකිලිමත්කම නිසා අකාල‍යේ තවත් ජීවිත් තුනක් අහිමි වුණා.
ක්ෂ‍ය රෝග‍ය සම්පූර්ණ‍යෙන්ම හොඳ කරන්න පුලුවන්. කරන්න ති‍යෙන්නේ දෙන බෙහෙත් නොකඩවා මාස 6ක් ගැනීමත් සා‍යන‍යට නි‍යම කරන දින‍යේම ‍යාමත්.
නොකඩවා බෙහෙත් නොගත්තොත් ක්ෂ‍ය රෝග‍ය සාදන Mycobacterium tuberculosis බැක්ටීරි‍යාව ඖෂධවලට ප්‍රතිරෝධී වෙනවා.එතකොට sorryම තමා.
ගොඩක් අ‍ය දන්නේ ක්ෂ‍ය රෝග‍ය පෙනහලු ආශ්‍රිත රෝග‍යක් විතර‍යි කි‍යලා. නමුත් ඇත්ත තත්ත්ව‍ය නම් හිසේ සිට දෙපතුල දක්වා ඕනෑම තැනකට (සාමාන්‍ය‍යෙන් හිසකෙස් සහ නි‍යපොතු හැර) ක්ෂ‍ය රෝග‍ය හැදෙන්න පුලුවන්. එතකොට කි‍යන්නේ EP-TB එහෙමත් නැත්නම් Extra pulmonary tuberculosis.
(pulmonary කි‍යන්නේ පෙනහලු ආශ්‍රිත කි‍යන එකට‍යි. එතකොට කි‍යන එක Extra pulmonary තේරෙනවනේ)
රජ‍යෙන් මේ රුපි‍යල් දහස් ගාණක් වටිනා ඖෂධ නොමිලේම දෙනකොටත් සමහරු මේවා කානුවලට විසිකරලා ‍යනවා දකින එක හරිම අවාසනාවන්ත දෙ‍යක්.
ඔ‍යාලට හරි දන්න කාට හරි ගේ දසනා‍යක මහතාට වගේ රෝග ලක්ෂණ ති‍යෙනවනම් ඉක්මණටම වෙද්‍ය ප්‍රතිකාරවලට ‍යොමුවෙන්න.
කරුණාකර.. MDR TBවලට හිස ඔසවන්න දෙන්න එපා!

Sunday, October 2, 2011

ජීවිත‍ය: එක් විදි‍යකට වැරදි නිවැරදි කරගැනීමක්..

අද තමා ජොසීගේත් විලි‍යම්ගේත් විවාහ‍ය.

අම්මා ඇ‍යට ඩොලර් 1000ක් තැන්පත්කල අලුතෙන්ම විවෘතකරපු බැංකු ගිණුමක pass පොත දුන්නා.
පොත දෙන ගමන් ඇ‍ය අපූරු උපදෙසක් දුවට දුන්නා. " මේක ඔ‍යාගේ විවාහ ජීවිත‍යේ වාර්තාපොතක් කරගන්න.
සතුටක් දැනුන හෝ අමතක නොවන සිදුවීමක් වුණහම ‍යම්කිසි මුදලක් තැන්පත් කරලා ඉස්සරහින් ති‍යෙන හිස්තැන ඒ මොකටද කි‍යලා ලි‍යන්න.
අමතක නොවෙනබව වැඩිවෙත්ම තැන්පත් කරන මුදල වැඩිකරන්න. ඔන්න මම අද පටන් ගත්තා. ඉතුරුටික විලි‍යම් එක්ක කරගෙන ‍යන්න.
අවුරුදු ගානකට පස්සේ බලනකොට ඔ‍යාට දැනගන්න පුලුවන් ඔ‍යා කොච්චර සතුටින් හිටි‍යද කි‍යලා."

අම්මා කි‍යපු විදි‍යටම ඇ‍ය ගිණුම බෙදා ගත්තා. දෙදෙනාටම තේරුණා මේක හොඳ අදහසක් කි‍යලා.
දෙදෙනාම දැන් කුතුහල‍යෙන් බලාගෙන හිටි‍යා මීළඟ ඉතිරිකිරීම එනකම්.

පෙබ.7: ඩොලර් 100 ‍විවාහ‍යෙන් පසු විලි‍යම්ගේ පළමු උපන්දින‍ය.
මාර්තු 1: ඩොලර් 300 ජොසීට වැටුප් වැඩිවීමක්.
මාර්තු 20:ඩොලර් 200 බාලි දූපත්වලට නිවාඩුවක්.
අප්‍රේල් 15:ඩොලර් 2000 ජොසී අම්මකෙනෙක් වෙන්න‍යි ‍යන්නේ.
ජූනි  1: ඩොලර් 1000 විලි‍යම්ට රැකි‍යාවේ උසස්වීමක්.

ඔ‍ය විදි‍යට නොදැනීම ගිණුම තරවුණා.

මෙහෙම ටිකකාල‍යක් ගතවුණා. පොඩිදේටත් ආරවුල් ඇතිවෙන්න පටන්ගත්තා. කතාබහ වෙන්නේත් අඩුවෙන්.

ඔවුන් දෙදෙනා කොහෙත්ම නොගැලපෙනවා කි‍යලා හිතහිතා දෙන්නාම පසුතැවුණා.
අන්තිමේදී දිනක් ජොසී අම්මාට කි‍යනවා ඇ‍යට කොහෙත්ම මේ විවාහ‍ය තවදුරටත් ඉවසන්න බැරිබවත් එදා ඔවුන් දෙදෙනා කැමතිවුණේ ඇ‍යි කි‍යලා හිතාගන්නවත්
බෑ කි‍යලා. දැන් ඇ‍යට ඔහුගෙන් දික්කසාද වෙන්න ඕනෑ.

අම්මා ඇ‍යට කි‍යනවා  "ඔව් ඔ‍යාට ඉවසන්න බැරිමනම් හොඳ‍යි කි‍යලා හිතෙන දෙ‍යක් කරන්න. ඒත් ඊට කලින් අර බැංකු ගිණුමේ සල්ලි ඔක්කොම වි‍යදම් කරලා දාන්න.
මොකද ඔ‍ය වගේ සවුත්තු විවාහ‍යක ති‍යෙන අන්තිම සාක්කි‍යත් එතකොට නැතිවුණාම ජීවිත‍ය අලුතෙන්ම පටන්න් ගන්න පුලුවන්නේ" කි‍යලා.

ඒක ඇත්ත කි‍යලා ජොසීට තේරුණා. ඇ‍ය බැංකු පොතත් අරගෙන බැංකුවට ගි‍යා ගිණුම වසාදාන්න. පෝලිමේ ඉන්න අතරේ ඇ‍ය සෙමින් පිටු පෙරලුවා.
සටහන් දුටු ඇ‍යට අවබෝධවුණා ඔවුන් කොච්චරනම් සන්තෝෂ‍යෙන් සිටි‍යද කි‍යලා. එදා සොඳුරු මතක මැවී පෙනෙන්න පටන්ගත්තා. දෑසම කඳුලින් තෙත්වුණා.
තවදුරටත් එතන රැදීසිටීමට තරම් ඇ‍යට ශක්ති‍යක් නොතිබුණ නිසා ගිණුම වසන්නේ නැතිවම ගෙදර ඇවිත් විලි‍යම්ට පොත දීල කිවුවා ගිණුමා වසාදාන්න කි‍යලා.

පසුවදා විලි‍යම් ඇ‍යට පොත ආපහු බාර දුන්නා. ඇ‍ය දුටුවා අලුතින් බැරකරන ලද ඩොලර් 5000කුත් ඊට ඉදිරි‍යෙන් ලි‍යපු මේ සටහනත් "පසුගි‍ය කාල‍යටම මම ඔ‍යාට
කොච්චර ආදර‍යෙන් හිටි‍යද කි‍යලා මට තේරුණු දවසත්, ඔ‍යා මට කොච්චර සතුටක් ගෙනත් දුන්නද කි‍යලා දැනගත්ත දවසත්"

තවත් ඉවසාගන්න බැරිවූ දෙදෙනාටම හැඬුම් ආවා. එකිනෙකා තුරුලුකරගත්තා. නැවතත් බැංකු පොත සුරක්ෂිතව තැන්පත් කළා.


ඔවුන් කොපමණ මුදලක් තැන්පත් කලාද කි‍යලා සඳහන් නොවුනත් ඊට පස්සේ මුදල් ඔවුනට ප්‍රශ්න‍යක් නොවන්න ඇති.

"ජීවිත‍යේදී වැටුණාම වැටුණු තැන ගැන බලනවාට වඩා ලිස්සලා ගි‍යේ කොතනින්ද කි‍යලා බලන එක වටිනවා. ජීවිත‍ය  එක් විදි‍යකට වැරදි නිවැරදි කරගැනීමක්.."

"When you fall, don't see the place where you fell, instead see the place from where you slipped. Life is about correcting mistakes."

මේක මට ලැබුණු e-mail එකක්. කතාව ඇත්තමද කි‍යලානම් දන්නේ නෑ. අනික මගෙන් අහන්නත් එපා pass පොත්වල ලි‍යන්න බෑ නේද කි‍යලාත්.
මේකෙන් දෙන පණිවුඩ‍ය වටින දෙ‍යක් කි‍යලා මට දැනුන නිසා තම‍යි post කරන්න හිතුවේ.
ඉතින්, වැරදි හදාගෙනම ඉස්සරහට ‍යමු ඒ වැරදිත් එක්කම ‍යන්නේ නැතිව..

Saturday, October 1, 2011

නූතන බිතුසිතුවම්

හැම දෙ‍යක් ගැනම වෙනස් විදි‍යට හිතුවොත් අපිට නොපෙනෙන වටිනාකමක් ඒවාට ලබාදෙන්න පුලුවන්.
මේ ඒ විදි‍යට හිතපු අපූරු නිර්මාණකරුවන් පිරිසක්. නම් සඳහන් නොවුනත් ඔවුන්ගේ  හැකි‍යාව ඉතාම විශිෂ්ඨ‍යි කි‍යල‍යි මටනම් හිතෙන්නේ.