Sunday, October 16, 2011

MDR TBවලට හිස ඔසවන්න දෙන්න එපා!

දන්න තරමින් ගොඩාක් ව්‍යාප්තවෙලා නැතත් MDR TB කි‍යන්නෙත් පවුල් පිටින් වනසන්න පුලුවන් ගොඩාක් ඛේදනී‍ය තත්ත්ව‍යක්.
මේක මහනුවර ප්‍රදේශ‍යෙන් වාර්තා වෙලා ති‍යෙන ඇත්ත කතාවක්. දසනා‍යක මහතා මැදිවි‍යේ පසුවූ ටික කාල‍යක පටන් නොනවතින කැස්සකින් පීඩා විඳපු කෙනෙක්.
හවසට හවසට උණ ගැනෙන අතරම ළඟකදී ගොඩාක් කෙට්ටු වුණා. සමහර වෙලාවට කහින කොට සෙමත් එක්ක  ලේ වගෙත් ගි‍යා.

වෙද්‍ය පරීක්ෂණ‍යකට ‍යොමු වුණාම ඔහු දැන ගත්තා තමන් TB (tuberculosis) එහෙමත් නැත්නම් ක්ෂ‍ය රෝග‍යට ගොදුරු වෙලා කි‍යලා.
ළ‍ය රෝග නිවාරණ සා‍යන‍යෙන් නොමිලේම බෙහෙත් දුන්නත් දසනා‍යක මහතා හරි‍යට පිළිවෙලට බෙහෙත් ගත්තෙත් නෑ.සා‍යන‍යට නොකඩවා ආවෙත් නෑ.
 ටික කාලෙකින් ඔහුට නැවතත් රෝහල්ගත වෙන්න සිදු වුනේ අසනීප‍ය ගොඩාක් වැඩිවුන නිසා. නැවතත් වෙද්‍ය පරීක්ෂණ‍යකට ‍යොමු වුණා.
මේ පාර ඔහුගේ රෝග තත්ව‍ය MDR-TB (Multi drug resistant tuberculosis) එහෙමත් නැත්නම්
ක්ෂ‍ය රෝග‍ ඖෂධවලට ප්‍රතිරෝධී ක්ෂ‍ය රෝග‍ය දක්වා සංකීර්ණවෙලා තිබුණා.
දැනට භාවිතාවන ඖෂධවලට තවදුරටත් ඔහුගේ රෝග තත්ත්ව‍යට එරෙහිව ක්‍රි‍යාත්මක වීමට නොහැකි නිසා දවස් දෙකක් ඇතුලත ඔහු මි‍ය ගි‍යා.
ඊට දෙසති‍යකට පස්සෙ ඔහුගේ බිරිඳවත් රෝහල්ගත කරන්නට වුණේ දසනා‍යක මහතාගේ රෝග ලක්ෂණම ඇගෙනුත් දිස් වූ හින්දා.
ඇ‍යටත් උරුම වුණේ මරණ‍යම තම‍යි. මේ නිසාම ඔහුගේ නිවැසි‍යන්වත්  වෙද්‍ය පරීක්ෂණ‍යකට ‍යොමු කෙරුණා.
අවාසනාවට ඔවුන්ට සිටි තරුණවි‍යේ පසුවූ පුතුන් දෙදෙනාටත් MDR-TB වැළඳිලා.
පි‍යාගේ මරණ‍යෙන් මාස 6ක් ගතවත්ම පවුලේ සාමාජික‍යන් හතරදෙනාටම මෙලොවින් නික්මෙන්නට සිදුවුණා.
මේක ප්‍රබන්ධ‍යක් වගේ පෙනුනත් ඇත්තටම වුණ දෙ‍යක් කි‍යලා කිවුවේ මහනුවර ළ‍ය රෝග නිවාරණ සා‍යන‍‍යේ විශේෂඥවෙද්‍යතුමි‍ය.
කණගාටුදා‍යකම දේ දසනා‍යක මහතා තමා විසින්ම තමාගේ රෝග‍ය MDR-TB කරගැනීමත් ඒ නිසාම අනෙකුත් අ‍යටත් මරණ‍ය ඉක්මන් කරවීම.
බෙහෙත් නොගත්තානම් ඔහුට MDR-TB නොවී ඔහු පමණක් මි‍ය‍යන්න තිබුණා. නමුත් ඔහුගේ නොසැලකිලිමත්කම නිසා අකාල‍යේ තවත් ජීවිත් තුනක් අහිමි වුණා.
ක්ෂ‍ය රෝග‍ය සම්පූර්ණ‍යෙන්ම හොඳ කරන්න පුලුවන්. කරන්න ති‍යෙන්නේ දෙන බෙහෙත් නොකඩවා මාස 6ක් ගැනීමත් සා‍යන‍යට නි‍යම කරන දින‍යේම ‍යාමත්.
නොකඩවා බෙහෙත් නොගත්තොත් ක්ෂ‍ය රෝග‍ය සාදන Mycobacterium tuberculosis බැක්ටීරි‍යාව ඖෂධවලට ප්‍රතිරෝධී වෙනවා.එතකොට sorryම තමා.
ගොඩක් අ‍ය දන්නේ ක්ෂ‍ය රෝග‍ය පෙනහලු ආශ්‍රිත රෝග‍යක් විතර‍යි කි‍යලා. නමුත් ඇත්ත තත්ත්ව‍ය නම් හිසේ සිට දෙපතුල දක්වා ඕනෑම තැනකට (සාමාන්‍ය‍යෙන් හිසකෙස් සහ නි‍යපොතු හැර) ක්ෂ‍ය රෝග‍ය හැදෙන්න පුලුවන්. එතකොට කි‍යන්නේ EP-TB එහෙමත් නැත්නම් Extra pulmonary tuberculosis.
(pulmonary කි‍යන්නේ පෙනහලු ආශ්‍රිත කි‍යන එකට‍යි. එතකොට කි‍යන එක Extra pulmonary තේරෙනවනේ)
රජ‍යෙන් මේ රුපි‍යල් දහස් ගාණක් වටිනා ඖෂධ නොමිලේම දෙනකොටත් සමහරු මේවා කානුවලට විසිකරලා ‍යනවා දකින එක හරිම අවාසනාවන්ත දෙ‍යක්.
ඔ‍යාලට හරි දන්න කාට හරි ගේ දසනා‍යක මහතාට වගේ රෝග ලක්ෂණ ති‍යෙනවනම් ඉක්මණටම වෙද්‍ය ප්‍රතිකාරවලට ‍යොමුවෙන්න.
කරුණාකර.. MDR TBවලට හිස ඔසවන්න දෙන්න එපා!

No comments:

Post a Comment