අද තමා ජොසීගේත් විලියම්ගේත් විවාහය.
අම්මා ඇයට ඩොලර් 1000ක් තැන්පත්කල අලුතෙන්ම විවෘතකරපු බැංකු ගිණුමක pass පොත දුන්නා.
පොත දෙන ගමන් ඇය අපූරු උපදෙසක් දුවට දුන්නා. " මේක ඔයාගේ විවාහ ජීවිතයේ වාර්තාපොතක් කරගන්න.
සතුටක් දැනුන හෝ අමතක නොවන සිදුවීමක් වුණහම යම්කිසි මුදලක් තැන්පත් කරලා ඉස්සරහින් තියෙන හිස්තැන ඒ මොකටද කියලා ලියන්න.
අමතක නොවෙනබව වැඩිවෙත්ම තැන්පත් කරන මුදල වැඩිකරන්න. ඔන්න මම අද පටන් ගත්තා. ඉතුරුටික විලියම් එක්ක කරගෙන යන්න.
අවුරුදු ගානකට පස්සේ බලනකොට ඔයාට දැනගන්න පුලුවන් ඔයා කොච්චර සතුටින් හිටියද කියලා."
අම්මා කියපු විදියටම ඇය ගිණුම බෙදා ගත්තා. දෙදෙනාටම තේරුණා මේක හොඳ අදහසක් කියලා.
දෙදෙනාම දැන් කුතුහලයෙන් බලාගෙන හිටියා මීළඟ ඉතිරිකිරීම එනකම්.
පෙබ.7: ඩොලර් 100 විවාහයෙන් පසු විලියම්ගේ පළමු උපන්දිනය.
මාර්තු 1: ඩොලර් 300 ජොසීට වැටුප් වැඩිවීමක්.
මාර්තු 20:ඩොලර් 200 බාලි දූපත්වලට නිවාඩුවක්.
අප්‍රේල් 15:ඩොලර් 2000 ජොසී අම්මකෙනෙක් වෙන්නයි යන්නේ.
ජූනි 1: ඩොලර් 1000 විලියම්ට රැකියාවේ උසස්වීමක්.
ඔය විදියට නොදැනීම ගිණුම තරවුණා.
මෙහෙම ටිකකාලයක් ගතවුණා. පොඩිදේටත් ආරවුල් ඇතිවෙන්න පටන්ගත්තා. කතාබහ වෙන්නේත් අඩුවෙන්.
ඔවුන් දෙදෙනා කොහෙත්ම නොගැලපෙනවා කියලා හිතහිතා දෙන්නාම පසුතැවුණා.
අන්තිමේදී දිනක් ජොසී අම්මාට කියනවා ඇයට කොහෙත්ම මේ විවාහය තවදුරටත් ඉවසන්න බැරිබවත් එදා ඔවුන් දෙදෙනා කැමතිවුණේ ඇයි කියලා හිතාගන්නවත්
බෑ කියලා. දැන් ඇයට ඔහුගෙන් දික්කසාද වෙන්න ඕනෑ.
අම්මා ඇයට කියනවා "ඔව් ඔයාට ඉවසන්න බැරිමනම් හොඳයි කියලා හිතෙන දෙයක් කරන්න. ඒත් ඊට කලින් අර බැංකු ගිණුමේ සල්ලි ඔක්කොම වියදම් කරලා දාන්න.
මොකද ඔය වගේ සවුත්තු විවාහයක තියෙන අන්තිම සාක්කියත් එතකොට නැතිවුණාම ජීවිතය අලුතෙන්ම පටන්න් ගන්න පුලුවන්නේ" කියලා.
ඒක ඇත්ත කියලා ජොසීට තේරුණා. ඇය බැංකු පොතත් අරගෙන බැංකුවට ගියා ගිණුම වසාදාන්න. පෝලිමේ ඉන්න අතරේ ඇය සෙමින් පිටු පෙරලුවා.
සටහන් දුටු ඇයට අවබෝධවුණා ඔවුන් කොච්චරනම් සන්තෝෂයෙන් සිටියද කියලා. එදා සොඳුරු මතක මැවී පෙනෙන්න පටන්ගත්තා. දෑසම කඳුලින් තෙත්වුණා.
තවදුරටත් එතන රැදීසිටීමට තරම් ඇයට ශක්තියක් නොතිබුණ නිසා ගිණුම වසන්නේ නැතිවම ගෙදර ඇවිත් විලියම්ට පොත දීල කිවුවා ගිණුමා වසාදාන්න කියලා.
පසුවදා විලියම් ඇයට පොත ආපහු බාර දුන්නා. ඇය දුටුවා අලුතින් බැරකරන ලද ඩොලර් 5000කුත් ඊට ඉදිරියෙන් ලියපු මේ සටහනත් "පසුගිය කාලයටම මම ඔයාට
කොච්චර ආදරයෙන් හිටියද කියලා මට තේරුණු දවසත්, ඔයා මට කොච්චර සතුටක් ගෙනත් දුන්නද කියලා දැනගත්ත දවසත්"
තවත් ඉවසාගන්න බැරිවූ දෙදෙනාටම හැඬුම් ආවා. එකිනෙකා තුරුලුකරගත්තා. නැවතත් බැංකු පොත සුරක්ෂිතව තැන්පත් කළා.
ඔවුන් කොපමණ මුදලක් තැන්පත් කලාද කියලා සඳහන් නොවුනත් ඊට පස්සේ මුදල් ඔවුනට ප්‍රශ්නයක් නොවන්න ඇති.
"ජීවිතයේදී වැටුණාම වැටුණු තැන ගැන බලනවාට වඩා ලිස්සලා ගියේ කොතනින්ද කියලා බලන එක වටිනවා. ජීවිතය එක් විදියකට වැරදි නිවැරදි කරගැනීමක්.."
"When you fall, don't see the place where you fell, instead see the place from where you slipped. Life is about correcting mistakes."
මේක මට ලැබුණු e-mail එකක්. කතාව ඇත්තමද කියලානම් දන්නේ නෑ. අනික මගෙන් අහන්නත් එපා pass පොත්වල ලියන්න බෑ නේද කියලාත්.
මේකෙන් දෙන පණිවුඩය වටින දෙයක් කියලා මට දැනුන නිසා තමයි post කරන්න හිතුවේ.
ඉතින්, වැරදි හදාගෙනම ඉස්සරහට යමු ඒ වැරදිත් එක්කම යන්නේ නැතිව..
නියම කතාවක් මචෝ... පට්ට
ReplyDeletethank u සාතන්
ReplyDeleteයාලු කලින් අහල තියෙන කතාවක්... ඒත් තව පාරක් ආසාවෙන් බැලුවා..
ReplyDeleteජය..
@Gayan:මටත් මේක ඇවිල්ලා ටිකක් කල්. නියම කතාවක් වුණත් වෙලාවක් තිබුණේ නැති නිසා තමයි post කරන්න පරක්කු වුණේ. ස්තුතියි comment කළාට
ReplyDeleteහරිම ලස්සන කතාවක්. ඇත්ත තමයි ආදරේ කරලා විවාහවෙන අය පස්සෙ වෙන් වෙන්නේ එයාලට තමන් ආදරය කරපු විදිහ මතක නැතිවෙලා වෙන්න ඇති නේද? හැමෝටම මේ වගේ බැංකු පොතක් දෙමු.
ReplyDelete"ජීවිතයේදී වැටුණාම වැටුණු තැන ගැන බලනවාට වඩා ලිස්සලා ගියේ කොතනින්ද කියලා බලන එක වටිනවා. ජීවිතය එක් විදියකට වැරදි නිවැරදි කරගැනීමක්.."
ReplyDeleteමේ කොටස නම් හරිම වැදගත්. නියමයි. ජය!!!!!