Saturday, October 6, 2012

20-20ට වඩා වැදගත් 20-20-20 !!!

මේ දවස්වල 20-20 පිස්සුව හොඳටම ගහලා ති‍යෙන එකේ මොකක්ද මේ 20-20-20?
team 3ක් සෙල්ලම් කරන අලුත් විදි‍යේ cricket matchඑකක්ද? එහෙමත් නැත්නම් වෙනම ඕවර 20ක්ද?
tv එක දිහා හරි computer screen එක දිහා හරි එකදිගටම වෙලාව‍ යන එකගැන කිසිම හැඟීමක් නැතුව බලන් ඉන්න කාටත් වැදගත් වෙන මේ
20-20-20 ඒ මොනවත් නෙවෙ‍යි.
මේක මම අහම්බෙන් මහනුවර මහ රෝහලේ අක්ෂි සා‍යන‍යේදී දැකපු පෝස්ටර‍යකින් තමා දැනගත්තේ.
එකම ඉරි‍යව්වකින් ඉන්නකොට සිදුවෙන මස්පිඬුවේදනා ( සමහර වෙලාවට දීර්ඝකාලීනව බලපාන)
,අස්ථි ගෙවීම්වලින් ඇතිවන දුබලතා, වගේම ඇස් පෙනීමට සිදුවෙන හානි‍ය සුලුවෙන් සලකන්න බෑ.
මේ 20-20-20 අදාලවෙන්නේ ඇස්වලට. කරන්න ති‍යෙන්නේ පොඩි වැඩ‍යි.
හැම විනාඩි 20කට වරක්ම පරිගණක තිර‍යෙන් ඇස් ඉවතට අරන් තත්පර 20ක් අඩි 20ක් දුර ති‍යෙන දෙ‍යක් දිහා බලන් ඉන්න.
(20 min - 20 sec - 20 ft)
මේක පොඩි ව්‍යා‍යාම‍යක් වුණාට ඇස්වල පැවැත්මට ගොඩාක් වැදගත් වේවි.

12 comments:

  1. වැදගත් කතාවකි..එය මතක් කර දුන්නාට ස්තූති...

    ReplyDelete
  2. හ්ම්ම්..ස්තුතියි සහෝදරයා..

    ReplyDelete
    Replies
    1. ස්තුති‍යි හිරුහිමාවී..

      Delete
  3. ඇස් දෙක ඇස් දෙක වගේ බලාගන්න ඕනනේ..:) හොඳ දැනුවත් කිරීමක්.

    ReplyDelete