මෙම රෝගි කාන්තාව මට අදටත් පැහැදිලිව මතකයි. මම මාව වීරයෙකු ලෙස හෝ අසාධාරණ අවදානමක් ගත් කෙනෙකු ලෙස හඳුන්වන්නේදැයි නොදන්නා නමුත්, ලෝකයේ මේ කොටසෙහි බොහෝ ශල්‍ය වෛද්‍යවරුන් දෛනිකව මුහුණ දෙන යථාර්ථය මෙයයි.
කලින් සේවය කරනොමැති නව ප්‍රධාන රෝහලක මා නාරිපිළිකා විශේෂඥ ශල්‍යවෛද්‍යවරයෙකු ලෙස වැඩ ආරම්භ කළ මාස දෙකක් පමණක් ගතව තිබියදී, දුප්පත් කාන්තාවක් මගේ සායනයට පැමිණියේ මගේ සායනික පිළිකාරෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් ලියුමක් රැගෙනයි.
“ඇයට රසායනික ප්‍රතිකාරවලට ප්‍රතිචාර නොදක්වන පිළිකා රෝගයක් ඇත. ඔබට පිළිකාව නැවත පැමිණ ඇතැයි සැකකරන කුද්දෙටි ඉවත් කළ හැකිද? එසේ නොහැකි නම් අවසාන විකල්පය ලෙස සැනසිලි ප්‍රතිකාර ආරම්භ කරන්න ද?”
ඇගේ වයස අවුරුදු 8ක් වූ දරුවා සායනය පිටත බලා සිටියේය.
ඇය ඉතාම සංකීර්ණ පිළිකා ශල්‍යකර්මයකට ලක්ව පිළිකාව පැතිර තිබූ කුද්දෙටි ඉවත් කර තිබූ අයෙක්. —මෙම සැත්කම අතිශය සංකීර්ණ ශල්‍යකර්මවලින් එකක්. මෙහි අත්වැරදීමකට ඇති ඉඩ තිබුණේ මිලිමීටරයකටත් අඩුවෙන්ය. කුඩා අත්වැරදීමක්, තත්පර කිහිපයකින් ලෙඩා සැත්කම කරන මොහොතේම ලේ විලක ගිලී ජීවිතය වුවද අහිමි විය හැක. පෙර ශල්‍යකර්මයක් කර ඇති රෝගියෙකුගේ ශරීර ව්‍යුහය හඳුනාගත නොහැකි තරමට වෙනස් වී තිබේ.
ඇයට හඳුනාගත් කාරුණික වෛද්‍යවරයෙකු තම පුද්ගලික මුදලින් ඇගේ CT ස්කෑනය සඳහා මුදල් ගෙවා තිබුණා. මම සියලු විකල්ප පැහැදිලි කළෙමි. ඇය ශල්‍යකර්මයට එකඟ විය.
ශල්‍යකර්මය ආරම්භ කළ විට සියල්ලම කොන්ක්‍රීට් දැම්මාක් මෙන් ඇලී ගොස් තිබුණා—බඩවැල් සෑම තැනකම ඇලී, පැහැදිලි ව්‍යුහයක් කිසිවක් නොපෙනුණි. මගේ අත්දැකීම් සහිත සහකාර ශල්‍ය වෛද්‍යවරයා මෘදු හඬකින් කිව්වා: “සර්, ශල්‍යකර්මය කල නොහැකි එකක් වගේ.” යාබද ශල්‍යාගාරයේ සිටි සිටි විශේෂඥ වෛද්‍යවරයෙකු ද නරඹමින් “මෙය විවෘත කර වසා දමන ශල්‍යකර්මයක් වගේ” කියා පැවසුවා. දැනටමත් තීරණ දෙකක්.
දියුණු රටවල මෙන් Bookwalter හෝ Omnitract වැනි නවීන retractors, bipolar ශල්‍ය කතුරු, හෙමොස්ටැටික් ද්‍රව්‍ය අපට තිබුණේ නැහැ. මට තිබුණේ vessel clips කිහිපයක්, monopolar diathermy, සහ සුළු ශල්‍ය කතුරු පමණයි. නමුත් මට තිබුණේ—ලෝක මට්ටමේ ගුරුවරුන්ගෙන් ලැබුණු පුහුණුව.
“නවතා දමන්නද? නැත්නම් ඉදිරියට යන්නද?” ඒ මොහොතේ මට ඇගේ මුහුණත්—ඇගේ දරුවාත්—පෙනුණා. මම තීරණය කළා: “මට කළ හැකි උපරිමය මම කරන්නම්.”
මිලිමීටරයෙන් මිලිමීටරයට මම ඉදිරියට ගියෙමි. සාමාන්‍යයෙන් ගතවන කාලයට වඩා තුන් ගුණයක් පමණ මෙම ශල්‍යකර්මයට ගතවුණා. දින තුනකින් ඇය ගෙදර ගියා. සුවය හොඳින් සිදුවුණා.
සති කිහිපයකට පසු ඇය නැවත පැමිණියේ—ඇගේ වාර්තාවත් සමඟයි.
ලෝකයේ මේ කොටසෙහි බොහෝ ශල්‍ය වෛද්‍යවරුන් සෑම දිනකම ධෛර්යය සහ අවදානම අතර තද තීරුවක් මත ගමන් කරති. බොහෝවිට ඔවුන් නොසැලකිළිමත් නොවේ. —ඔවුන් නිර්භීතයි. ඔවුන් ගන්නා සෑම අතිරේක “අවදානමක්”ම හටගන්නේ රෝගීන් ගැන කරුණාවෙන්, ධෛර්යයෙන්, සහ රෝගී සත්කාරයට ගෞරවය රැගෙන යාමේ අධිෂ්ඨානයෙන්ය. අපව පවත්වාගෙන යන්නේ කුසලතාව පමණක් නොව, සෑම තීරණයකටම පසුබිම වන මනුෂ්‍ත්වය පිළිබද කතාය—මව, දරුවා, බලාපොරොත්තුව.
අපිටනම් කරන්න දෙයක් නෑ කියා අතපිසදා ගනුවෙනුවට "අපි පුලුවන් විදියට මෙහෙම හරි කරලා බලමු" ලෙසින් ඔබට ඇසෙන්නේ එනිසාය.
විවේචනය වෙනුවට, අපගේ ජනතාවට සියලු අභියෝග මැද ලෝක මට්ටමේ ප්‍රතිකාර ලබාදීමට මිලිමීටරයෙන් මිලිමීටරයට සටන් කරන ඔවුන්ට ගෞරවය, සංවේදනාව සහ සහාය පිරිනමමු.
No comments:
Post a Comment