Tuesday, December 9, 2025

බීජ බැංකුවක් Seed bank එංගලන්තයෙන් පාඩමක්

බීජ බැංකු එහෙම නැත්තං Seed bank




ගෙවතු වගා ක්‍රම දිරිමත් කිරීම සඳහා ස්වේච්ඡාවෙන්ම Guildford නගරයේ වැසියන් විසින් පවත්වාගෙන යන්න ලබන මෙම ක්‍රම අපගේ රටවලටත් කරන්න පුළුවන් නං ඉතාම වටින දෙයක්. මේක බොහොම සරලයි. ඔබේ වත්තේ ඔබ ගාව   වගා කරලා අතිරික්තයක් වශයෙන් තිබෙන ඇට පැකට් මෙතනින් තියෙනවා. මේ ක්‍රමය යටතේ වියදමකින් තොරව, ඒ වගේම අවශ්‍ය කෙනෙක් තමුන්ට අවශ්‍ය දෙය අරගෙන තමන්ගෙ වත්තෙ වගාවක් කරගන්න පුළුවන්.  

මේ වගේ දේවල් ලට ඉතාමත් ලොකු පිරිවැයක් යන්නෙ නෑ. 

කුඩා පරිමාණයෙන් වුණත් තමන්ගෙන් ගම හා නගරය  ප්‍රජා ස්ථාන අදාල කරගෙන සමාජය දායකත්වය කර මේ වගේ කරන්න පුළුවන්  

මේකෙන් ලැබෙන සහයෝගය ඉමහත්.මම එංගලන්තෙ හිටියෙ කාලේ දැකගන්න තිබුණ දෙයක් තමා මේ රටවල් වල ඉතාමත් පොඩි දේ ගැන වුණත් හිතනවා වගේම තව කෙනෙක් ගැන හිතනවා.


හැබැයි ඉතින් මෙහෙම කරන්න පුරවැසියන්ගේ ආකල්පවල දියුණුවක්වුනත් තියෙන්න ඕනෙ . හොරෙන් ඔක්කොම අරන් විකුණලා කීයක් හරි හොයන්න ගියොත්, ඕනෙ වෙනකෙනෙක්ට වුනත් නැතිව යනවා. ඒ වගේ දේවල් අනුමත කරන්න බෑ .



No comments:

Post a Comment