සමාජය මේ වගේ දේවල් ගැන එළිපිටම කතා කරන්න අදිමදි කරත් මේ කියවෙන කතාව සිෆිලිස් නිසා වෙච්ච් ඉතාමත්ම අනුවේදනීය කතාවක්.
මේක මට කියපු ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෙද්‍යතුමිය කීවේ පුලුවන් හැමෝවම මේ ගැන දැනුවත් කරලා අනාගතයේවත් මේ වගේ කතා ඇහෙන එක වළක්වන්න කියලයි.
ඔන්න මම ඒ දේ කළා. ඔයාලත් පුලුවන් විදියට මේකට දායක වෙන්න.
සිෆිලිස් කියන්නේ මොකක්ද කියලා දන්නවනේ. දන්නේ නැති අයට සරලවම කියනවනම් සිෆිලිස් කියන්නේ ලිංගාශ්‍රිත රෝගයක් /සමාජ රෝගයක්.
මේ කථාවටට සම්බන්ධ කිසිමකෙනෙකුගේවත් නම් ගම් මෙතන නෑ.
හදිසියේවත් සමානකමක් තිබුනොත්නම් ඒ සම්පූර්ණයෙන්ම අහම්ඹයෙන් වෙච්ච දෙයක් කියලම කතාව කියලම පටන් ගනිමු.
අපි ඔහුට සමන් කියලා කියමු. සමන් හොඳ හැදියාවක් තියෙන පරිසරයක හැදිලා වැඩුණු ධනවත් පවුලක එකම දරුවා. හොඳ කඩවසම්. පාසල් ඉගෙනීම ඉවරකරලා
උසස් අධ්‍යාපන ආයතනයක ඔහු පාඨමාලාවක් හැදෑරුවා. බොහොම සාර්ථකව ඔහු නිමා කළා.
මේ කාලේදීවත් ඔහු කිසිම වැරද්දකට පෙළඹුනේ නෑ. කොටින්ම මත්පැන් දුම්වැටි කොහොමටවත් පාවිච්චි කරලා නෑ.
ඔන්න පාඨමාලාවේ අන්තිම දවසත් ආවා. දැන් අදින් පස්සේ යාලුවෝ විසිරිලා යනවා. උපාධියත් හරි රස්සාවකුත් හරි. කට්ටියම මේක සමරන්න සෙට් වුණා.
මේ පාඨමාලාව හැදෑරුව ඔක්කොම කොල්ලෝ.
ඒක හින්දා පාටිය " ඉහලින්ම" සමරන්න උපරිමයෙන්ම විනෝද වෙන්න යාලුවෝ තරුණියන් කිහිපදෙනෙක්වත් ( මේ කියන්නේ කා ගැනද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ) ගෙන්නා ගත්තා.
දැන් පාටිය හොඳටම නැගලා යනවා. කට්ටියගෙන් බොන්න කියලා සමන්ට හොඳටම පොරේ. බේරිල්ලක්ම නෑ. ඒත් සමන් නෙවේ බීවේ.
ටිකක් මෙහෙම යද්දී යාලුවෝ එකතුවෙලා ගෙනාපු බෝතලයක් සමන්ගේ ඔලුවේ ඉඳන් හළලා බලෙන්ම පෙවුවා.
ඊට පස්සේ වෙච්ච කිසිම දෙයක් සමන්ට මතක නැතිලු. හොඳ සිහියට පස්සේ දවසේ ආවම යාලුවෝ කියලා තියෙනවා ඔහු අර ගෙනාව තරුණියක් සමඟ ගතකරා කියලා.
සමන්ට ඒ වෙද්දී වයස අවුරුදු 23 යි.
මෙන්න ටික දවසක් යද්දී පොඩි තුවාල වගයක් ඔහුගේ ලිංගික අවයවවල. කැක්කුමක් වේදනාවකුත් නෑ. හැබැයි බෙහෙත් මොනවත් නැතුවම සනීපවුණා.
ආයේමත් ටික කාලේකින් අර වගේම ලක්ෂණ පහළවුණා. සමන්ට වෙච්ච දේ කියන්නත් බෑ ලැජ්ජයි. ඒක හින්දා වෙද්‍යවරයෙකුට පෙන්නුවේත් නෑ.
ටික කාලයක් යද්දී සමන්ට තේරුණා ඔහුගේ ඇස් පෙනීම ටිකක් දුර්වල වෙනවා කියලා. ටිකක් බොඳවෙලා වගේ.
දැන් අම්මලත් හැමතැනම තමන්ගේ එකම ආදරණීය පුතාව රටවටේම එක්කරගෙන යනවා ඇස් පෙන්වන්න. හැබැයි ඒ කවුරුවත්ම එදා පාටියේ වුණා වගේ දේවල්ගැන අහන්න උනන්දු වුනේත් නෑ. සමන් කීවේත් නෑ.
දොස්තරලත් ඇස් පරීක්ෂාකරලා එක කේ බෙහෙත් දුන්නත් පෙනීම එන්න එන්නම අඩුවෙනවා.
අන්තිමේදී එක දොස්තරකෙනෙක් මේ ගැන සැක කරලා කෝකටත් කියලා මම කලින් කියපු ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෙද්‍යතුමියවෙතට යොමුකරලා තියෙනවා.
දැන් සමන්ට වයස අවුරුදු 27 යි. මේ දොස්තරනෝනව හම්බවෙන්න කිලෝමීටර දෙසීයක් විතර ගෙවාගෙන ආවා. මෙතනදී නම් සමන්ට එදා වෙච්ච දේවල් කියන්න වෙලා තියෙනවා.
පරීක්ෂණ වගයක් කරන්න නියමකළා. පරීක්ෂණවාර්තා ටික අරගෙන සමන් ඊළඟ පාර අවේ ඇස් දෙකම අන්ධවෙලා දෙමව්පියන්ගේ අත්වාරුවෙන්.
වෙද්‍යතුමිය කීවේ සමන් මීට කලින් ආවනම් ඇස් දෙකම් බේරාගන්නතිබුණා කියලා.
ලිංගික හර්පීස් වගේ නෙවේ සිෆිලිස් සම්පූර්ණයෙන්ම හොඳකරන්න පුලුවන්.
ඇත්තටම සිෆිලිස්වල පසු අවධිවලදී රුධිර වාහිනී ආශ්‍රිතවත් මේ කථාවේ වගේ ස්නායු ආබාධ ලෙස රෝග ලක්ෂණ පහළවෙන්න පුලුවන්.
(මේ ගැන මේ ලිපියෙන් කථාකරන්න ගියොත් ගොඩක් කියන්න වෙනවා)
නමුත් අද මේ වගේ පසුකාලීන අවධි ගොඩක් දුලභවෙලා තියෙන්නේ මුල් අවධිවලම රෝගය හඳුනාගෙන ප්‍රතිකාර කරන නිසා.
දැන් සමන්ට එදා බලෙන් පොවපු යාලුවෝ කවුරුවත් අද නෑ. ඉතාම දීප්තිමත් අනාගතයක් තිබුන ඔහුගේ ජීවිතයම උඩුයටිකුරු කරන්න එක රැයකට පුලුවන් වුණා.
දෙමවුපියන්වත්බලාගෙන ඉන්න හිටපු ඔහු දැන් අසරණයි. දැන් ඒ අහිංසක අම්මව තාත්තව වයසට ගියාම බලාගන්නේ කවුද? සමන්ව බලාගන්නේ කවුද ?
මේ කථාව මෙහෙම blogකරපු එක මම නම් වැරැද්දක් විදියට දකින්නේ නෑ.
මේක කියවන ඔයාලට මේ ගැන විවිධ අදහස් තියෙන්න පුලුවන්. අදහස් දක්වන්න.
එලි පිට මේ දේ ගැන කථාකරන්න සුදුසු කතිකාවතක් තාම අපේ සමාජයේ නෑනේ. මේ වගේ ලෙඩරෝග ගැන දැනුවත් කරන්න කෝටිගාණක් වියදම් කරලා පාසල්වලට නොමිලේ දුන්නු පොත්
ඇතම් පාසල්වල විදුහල්පතිවරු එක්කෝ ගුරුවරු සිසුන් අතර බෙදා නොදී තමුන්ම තියාගෙන තියෙන්නේ මේවා ළමයි කියවලා නරක් වෙයි /අසභ්‍ය දේවල් කියලලු.
අවසානඵලය තමා මේ වගේ හෙළිනොවුණු ඉතාම දුක්බර අනාගත උරුමකරමින් වටිනා ජීවිත විනාශවීම.
මේවගේ අවදානම් හැසිරීම්වලට කොහොමටවත් යොමුවෙන්න එපා. අපේ රටේ ඇස්තමේන්තුගත HIV/AIDSරෝගීන් ගණන 3000-4000අතර ගණනක් වුණත් රෝගීන් ලෙස හඳුනාගෙන ඇත්තේ 1300-1700අතර ප්‍රමාණයක්.
ඒ කියන්නේ 50%ක් විතරම හඳුනානොගත්ත ඒත් රෝග බෝකරන්නන් විදියට ක්‍රියා කරන අය /වාහකයන් සමාජයේ සැරිසරනවා කියන එකයි.
ඒ හින්දා කරන දෙයක් පරිස්සමෙන්.

වින්දනය තාවකාලිකයි විඳවීම සදාකාලිකයි.
බයවෙන්න එපා මේ වගේ ප්‍රශ්නතියෙනවනම් සුදුසුකම් සහිත වෙද්‍යවරයෙක් හම්බවෙලා ඇත්තම කියන්න. කොච්චර පෞද්ගලිකවුණත් ඒක ප්‍රතිකාරවලට ඉතාම වැදගත්.
ඔවුන් මොනම වෙලාවකවත් ඔබව අමාරුවේ දාන්නේ නෑ.

වැදගත්ම දේ තමා මේ සිදුවීම ගැන සමාජය පුලුවන් විදියට දැනුවත් කරලා තවත් එක අහිංසක ජීවිතයක්වත් අකාලයේ කාළකණ්ණි වෙන එක වළක්වන පිනට දායක වෙන එක.
වැදගත් ලිපියක්. වර්තමාන සමාජයේ බොහෝ දෙනෙක් මේ වගේ ක්ෂණික සම්බන්ධතාවලට යොමුවෙනවා. පස්සෙ තමයි තේරෙන්නේ මොකක්ද කලේ කියලා. එතකොට පරක්කු වැඩි වෙන්න පුලුවන්..
ReplyDelete@..ChAnDiKa..:සමාජය දැන්වත් මේ දේවල් ගැන හරියට දැනුවත් වෙනවානම් ඉස්සරහටවත් මෙහෙම කථා අහන්න ලැබෙන එකක් නෑ.. Thank u for comments...
ReplyDeleteabout post - godak watinawaa danuwath kirima gana sathuthi
ReplyDeleteහොඳ පෝස්ට් එකක්. ගොඩක් ස්තුතියි මේ වගේ මාතෘකාවක් ගැන ලිව්වාට
ReplyDeleteහැමෝටම ස්තුතියි comment කළාට.. මේ පණිවිඩය යම්තරමකටහරි සමාජයට යවන්න පුලුවන් වුණා කියලා comments බලද්දී තේරෙනවා. ගොඩාක් සතුටුයි..
ReplyDeleteගොඩක් වටින පෝස්ට් එකක්.ස්තූතියි දැනුවත් කිරීමට.
ReplyDeleteස්තූතියි දැනුවත් කලාට..
ReplyDeleteවටිනා ලිපියක්. අපි සංස්කෘතියට, සභ්‍යත්වයට මුවා වෙලා ලිංගිකත්වය අසභ්‍ය කරගෙන තියෙන්නේ.
ReplyDeleteපහල තියෙන සම්බන්ධකයෙ තියෙන ලිපියත් වැදගත් වෙයි කියල හිතෙනවා.
http://bit.ly/mQKGFK
aththa! kawadawath ganikawak enna nidiyanna hoda na sahodara waruni! madhawa eeka anumatha karanne na! eeth oonima nam aniwama condom 1k ho ekak udin thawath dekak wath dagena wadeta bahinna! jivithee aduru karaganna ooni na ashawan walata wahal wela! :(
ReplyDelete@මාධව: මාත් එකඟයි. හැබැයි සහෝදරයා ඔබ දන්නවාද එකවර කොන්ඩම 2ක් පැලදීම, කොන්ඩම ස්නේහක ලෙස තෙල් ආලේප කිරීම මගින් කොන්ඩම පිපිරීම සිදුවෙනවා කියලා. ඒ හින්දා ඒ වගේ ක්‍රමවලට යන්න එපා.
ReplyDelete