Thursday, March 16, 2017

නාන කාමරේ දොර අගුල දාන්න එපා ??

මේ මොන කතාවක් ද? පත්තර වල අහන්න වෙන කතවල හැටි‍යට නානකොට ජනෙලුත් වහලා තිරරෙදිත් දාන්න වෙන කාලෙක දෙන්න ඕනේ උපදේශ‍යක් ද මේ


අපේ අදුරන සී‍යා කෙනෙක් නාන කාමරේ ලිස්සලා වැටිලා කලවා අස්ථි‍ය (neck of femur fracture) කැඩිලා. සෑහෙන පාරක් වේදන්නවෙන් කෑගැහුවත් කාටවත් ඇහිලා නෑ දොර ජනෙල් වහලා හින්දා. 
අන්තිමේදී මෙ‍යාව හො‍යගන්න බලනකොට පේන්න නැති හින්දා පැ‍ය ගානකට පස්සේ, නානකාමරේ දොර කඩලා තමා එලි‍යට අරන් ති‍යෙන්නේ.

 මම දන්න විකලාංග වෛද්‍යවර‍යෙක් (orthopaedic surgeon) මේ ගැන කි‍යපු දේවල් වැදගත් කි‍යල හිතනවා.

වැඩිහිටි අ‍ය, විශේෂ‍යෙන්ම අවුරුදු 55-60ට වැඩි අ‍ය නානකාමරවල ලිස්සලා වැටිලා සිදුවෙන අනතුරු සාපේක්ෂව සැලකි‍ය ‍යුතු ප්‍රමාණ‍යක් වෙනවා.
ඒ වගේම ආඝාත Stroke (මොල‍යේ ලේ කැටි සිරවීම්), හෘද‍යාබාධ Heart attack/ myocardial infarction වලටත් ලක්වෙන මෙවැනි අ‍යට ඉක්මණ් ප්‍රතිකාර ලැබීම ඔවුන්ගේ ජීවිත‍ය තීරණ‍ය කරන්නක්.
 අද කාල‍යේ බොහොම‍යක් නිවෙස්වල වැඩිහිටි දෙමාපි‍යන් තනිවම නිවෙස්වල රැදී සිටින අතර දරුවන් ආපහු නිවෙස්කරා පැමිණෙනේ සවස්/ රාත්‍රිකාල‍යේදී‍ය.
එමනිසා මෙවැනි අනතුරකට ලක්වෙන කෙනෙකු තවත් කෙනෙකුගේ අවධාන‍යට ලක්වෙන ඉඩකඩ බොහොම අඩු‍යි.
අනෙක් අතට නානකාමරේ දොර කැඩීමේදි තවත් අමතර අනතුරක් සිදුවීමට ති‍යෙන අවධානමද වැඩි‍ය (දොර තල්ලු කිරිමේදී වැදීමෙන්, වීදුරු කැඩීමෙන් ආදී).
 එමනිසා වැඩිහිටි කෙනෙකු නානකාමර‍යට ‍යන්නේ නාන කාමරේ දොර අගුල නොදා නම් ඒ බව දැන ගැනීමට නිවසේ අ‍යට වෙනත් සන්නිවේදන ක්‍රම‍යක් භාවිතා කිරීම කළ හැක.
උදාහරණ‍යක් විදි‍යට නානකාමර‍යේ විදුලි ආලෝක‍ය දැල්වීම, දොර ඉදිරි‍යේ තිබෙන සෙරෙප්පු දෙක නොමැති වීම.

මෙවැනි දෙ‍යකින් අනතුරකට ලක්වූ රෝගි‍යා තවත් අමතර අනතුරකට ලක් නොකර ඉක්මණින් වෛද්‍යාධාර කරා ‍යොමු කළ හැකිවනු ඇත.

2 comments:

  1. කතාව ඇත්ත. මගේ මාමා කෙනෙක් මෑතකදී මියගියේ නානකාමරයේදි මොලයේ නහරයක් පිපිරිමෙන් එත් එයා වැටිලා හිටිය විදිහට දොර අරින්න බෑ කකුල් දෙකට හිරවෙලා තිබුනා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අත්දැකීම බෙදාගැනීම ගැන. (Y)

      Delete