2007 ජනවාරියේ සීතල උදෑසනක වොෂිංටන් මෙට්‍රෝ ස්ටේෂන් එක ඉස්සරහ එක්තරා පුද්ගලයෙක් පැයක් විතර තනියම වයලීනයක් වාදනය කරමින් සිටියා..
මේ වෙලාවේ එතනින් 2000ක් විතර ජනතාව තමුන්ගේ රාජකාරිවලට යනගමන් හිටියේ.
වාදනය ආරම්භ කරලා දැන්
මේ වෙලාවේ එතනින් 2000ක් විතර ජනතාව තමුන්ගේ රාජකාරිවලට යනගමන් හිටියේ.
වාදනය ආරම්භ කරලා දැන්
මිනිත්තු 3 යි. මැදිවියේ මහතෙක් මේක දැක්කා.තත්පර කීපයකට ගමනේ වේගය පොඩ්ඩක් අඩුකරා ආපහු තමන්ගේ ගමන ගියා.
මිනිත්තු 4 යි.වාදකයාට මුල්ම ඩොලරය ලැබුණා. ඒ කාන්තාව ඔහු අසල තිබූ තොප්පියට මුදල විසිකර නතර නොවීම ගියා.
මිනිත්තු 6 යි.තරුණයෙක් මේක අසන්න වගේ ළඟා වුණත් නැවත් ඔරලෝසුව බලා නතර නොවීම ගියා.
මිනිත්තු 10 යි.අවුරුදු 3ක් දරුවෙක් නතර වෙන්න හැදුවත් අම්මා ඔහුව බලෙන්ම ඇදගෙන ගියා.
දරුවා කොච්චර දැඟලුවත් ආපහු හැරිලා බැලුවත් වැඩක් වුණේ නෑ. මේ දෙයම දරුවන් කීපදෙනෙක්ටම වුණා.
මිනිත්තු 45 යි.තාමත් වාදනයේ. ඒත් පොඩ්ඩකට හරි නතර වුණේ 6 දෙනයි. 20 දෙනෙක් සල්ලි දුන්නත් නතර නොවීම ගියා. දැන් ඩොලර් 32ක් තියෙනවා.
පැයයි. වාදනය නතර කළා. කාටවත් ගාණක් නෑ. නරඹන්නන්ගේ අත්පොලසන් නෑ. ආචාරකිරීම් නෑ.

කවුරුවත් දැනගත්තේ නෑ මේ වාදකයේ ලෝකයේ සිටින අග්‍රගණ්‍යම සංගීතවේදියෙක්වන ජෝෂුවා බෙල් Joshua Bell කියලා.
ඔහු වයලීනයෙන් වාදනය කළේ ලෝකයේ මෙතෙක් බිහිවුණා කියලා සැලකෙන ඩොලර් මිලියන 3.5ක් විතර මිලක් නියමකරන අති සංකීර්ණම වාද්‍ය ඛණ්ඩ කිහිපයක්.
ඊට දෙදිනකට කලින් බොස්ටන් වල පැවැත්වූ ඔහුගේ ප්‍රසංගයක ආසනයක් ඩොලර් 100ක් වුණා.
මේක සත්‍ය සිදුවීමක්. Washington Post සංවිධානය කළ මෙයින් බලාපොරොත්තු වුණේ මිනිසුන්ගේ හඳුනාගැනීම, රසඥතාවය සහ ප්‍රමුඛතාවය හැදෑරීමයි.
ප්‍රශ්නය වුනේ පොදු ස්ථානයක, නොගැළපෙන වෙලාවක මිනිසා සුන්දරත්වය ප්‍රත්‍යක්ෂ කරගන්නවාද? එය අගය කරනවාද? යන්නයි.
ඉතින් අන්තිමේට ආව නිගමයක් වුණේ, ලෝකයේ සිටින අග්‍රගණ්‍යම වාදකයෙක්, එදා මෙදාතුර බිහිවූ හොඳම වාද්‍ය ඛණ්ඩයක්, හොඳම සංගීත භාණ්ඩයකින් වාදනය කරද්දීත් අපිට පොඩ්ඩකට නතරවෙලා අහන්න බැරිනම් ජීවිතයේදී කොච්චර සුන්දර වගේම වටිනා දේවල් අපි මඟ ඇරගන්නවාද කියන එකයි.
ඇත්තටම අපි කාර්ය බහුල බව, ඉවසිල්ලක් නැති බව නිසා කොතරම් දේවල් අහිමි කරගන්නවාද?
ReplyDeleteසහතික ඇත්ත කතාවක් මිත්‍රය... තරගෙට දුවන එක නිසා අපිට ගොඩක් දේවල් මඟ ඇරෙනව
ReplyDeleteමමනම් හිතන්නෙ ඒ නිගමනය වැරදියි කියලයි. මිනිහෙක් මොනව වුණත් ඔය වගේ වෙලාවක මුල් තැන දෙන්නෙ රස්සාවට යන එකට නේද?
ReplyDeleteහැබැයි ඉතිං මිනිස්සු එක එක වැඩකට නැති සීමාවල් දාගෙන සුන්දර දේවල් ගොඩක් නැති කරගන්න එක නම් ඇත්තක් :D
මටත් හිතෙන්නේ නිගමනය ඇත්ත කියලා. අපි සමහර වෙලාවට ඉන්න තියෙන හොඳම කාලේ තේරුමක් නැති දේ හින්දා නාස්ති කරගන්නවා. අන්තිමේදී නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ වගේ තමා.ඒ දවස්වල මට නොතේරුණාට ඉස්කෝලේ ගිය කාලේ කොච්චර සුන්දරද කියල තේරෙන්නේ දැන්.ජීවිතය තියෙන්නේ විඳින්න මිසක් විඳවන්න නෙවේ කියන්නේ සහතික ඇත්ත..
ReplyDeletehare :-) කියන දේත් ඇත්තක් තියෙනවා. ඒත් මේවගේ විදියට නැතුව මේ පරීක්ෂණය කරන්න විදියකුත් නෑනේ.
මෙහෙම දේකුත් තියෙනවා.සුන්දරන්වය විදින වේළාවක් තැනක් තියෙනවා.කාර්යය බහුල වේළාවන් වලදි,මිනිස් සිත් කලබල වේළාවලදි සුන්දරත්වය ග්‍රහනය නොවන තත්වයක් තියෙනවා. මන්ද අවශ්‍යතාවය වැඩි දෙයට ප්‍රමුඛත්ත්වය දෙන්න සිද්ධ වන නිසා. මට හැගෙන විදියට මෙම පරීක්ෂණයේ අනාවරණය එයයි.
ReplyDeleteමෙහෙම කියමනකුත් තියෙනවනේ "හැම දෙයකටම වේළාවක් කළාවක් තියෙනවා" කියලා.