කාර්‍යබහුල උදෑසනක 8.30ට පමණ අවුරුදු අසූගණනක විතර වයසක මහත්මයෙක් ඇඟිල්ලේ දැමූ මැහුම් වගයක් ඉවත් කරගන්න ආවා.
කලින් යොදාගත්ත වැඩක් 9.00ට තියෙන් නිසා ඔහුට ඉක්මණින්ම කාර්‍යකරගන්න හදිස්සි බව කීවා.
ඒ වෙලාවේ ඔහුගේ පෞද්ගලික වෙද්‍යවරයා නොසිටි නිසා වෙන වෙද්‍යවරයෙකු ඔහුව පරීක්ෂාකරලා ඔක්කොම ඉවර කරන්න අඩුම පැයක්වත්
යන බව මුලින් කියපු වෙද්‍යවරයාට තේරුණා.
පෞද්ගලික වෙද්‍යවරයා නොවුණත් ඔහුගේ හදිස්සිය නිසාත් මුලින් කියපු වෙද්‍යවරයාම ඔහුට උදව් කරන්න ඉදිරිපත් වුණා.
අදාල කාර්‍ය කරන ගමන් ඔහුත් සමම්ඟ කතාවට වැටුණා. අන්තිම ටික කරගෙන යද්දී වෙද්‍යවරයාට දැනගන්න ඕනෑ වුණා උදේ වෙද්‍යවරයෙකු හම්බවෙන්න
වෙන්කරගෙන තියෙද්දීත් (අනිවාර්‍යෙන්ම වෙලාව යන බව දැන දැනම) හැම වෙලාවේම ඔරලෝසුව දිහා බලමින් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්න ඊලඟ appointment
මොකක්ද කියලා. එතකොට ඔහු කියනවා 9.00ට තමන්ගේ බිරිඳත් එක්ක උදෑසන ආහාරය ගන්න තිබෙනවා කියලා.
වෙද්‍යවරයාට පුදුමයි. ඔහු අහනවා මේ මහත්මයාගෙන් ඇයට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා.
ප්‍රමාදය නිසා දුක්මුසුවෙලා හිටිය වයසක මහතා ඒවෙලාවේ කඳුලු පිරි දෑසින් යුතුව මෙහෙම කියනවා.
" ඇයට අසනීපයි. දැන් ඇය ඉන්නේ පෞද්ගලික හෙද සාත්තු ආයතනයක නතරකරලා. ඇයට Alzheimer රෝගය (අමතකවීම ඇතිවන රෝගී තත්ත්වයක්)වැළඳිලා.
අවුරුදු 5කින්ම ඇය මාව අඳුනා ගත්තේ නෑ. ඒත් මම කොහොමද ඇයව අමතක කරන්නේවත් ඇයවෙත ප්‍රමාදවෙලා යන්නේවත්. ඇය මාව අඳුනා ගත්තේ නැතත් මම ඇයව අඳුනනවානේ."
අනිත් අය මට වැරදි කරලා තියෙන හින්දා මාත් ඔවුන්ට එහෙම කරනවා. ඔවුන් මට සලකන්නේ නැතිනම් මම මොකටද ඔවුන්ට සලකන්නේ කියලා
අපිට උනත් හිතෙන වෙලාවල් ඕනෑතරම් තියෙනවා.
සමහර අයගේ ජීවිත ගැන අපිට කිසිම සැලකිල්ලක් නෑ වෙන්න පුලුවන්. නමුත් අපි අමතක කරන්න හොඳ නෑ සමහර වෙලාවට
ඔවුන්ට ජීවිතය ගැන තියෙන එකම හෝ අවසානම බලාපොරොත්තුව අපිව වෙන්න පුලුවන්.
කරන සුලු වැරදිවලදී කලබල නොවී, අනෙක් පාර්ශවයේ ප්‍රතිචාරය දිහා බලාගෙනම ඉන්නේ නැතිව මේ වයසක මහත්මයා වගේ හිතන්න පුලුවන්නම්......
Welcome to my blog ! විවිධාකාර මාතෘකා ගැන ලියැවුණු විවිධාකාර ලිපි මෙතන තියෙනවා.මට හිතුන දේවල්, මම හදපු දේවල්. සමහරවිට මේවා කොහෙදි හරි දැකලා තියෙන්නත් පුලුවන්. අන්තර්ජාලයේ සැරිසරනකොටහරි E mailවලින් හරි මට හම්බවුණ බෙදාහදාගන්න වටිනදෙයක් නම් මෙතන ඒක තියෙනවා.
Thursday, December 15, 2011
පැය 12ක makeup හරඹයකට කරන්න බැරි මොනවද?
කාන්තාවගේ ඇත්ත පෙනුම කොහොම උනත් වේෂ නිරූපනශිල්පියන්ට පින් සිද්ධවෙන්න මේ ඉන්න අයට නම් ඒක ප්‍රශ්නයක් වෙන එකක් නෑ. 2008 ජූනිවල තිබූ මෙම තරඟයට ඉදිරිපත් වූ කාන්තාවන්ව, දන්නා වැඩ ඔක්කොම දාල ලස්සන කරන්න වේෂ නිරූපනශිල්පියන්ට ලැබුණේ පැය 12ක් විතරයි.. ලෝකෙ වෙන රැවටිලි ගැන තව මොන කතාද?
Tuesday, December 13, 2011
අපි කාවද විශ්වාස කරන්න ඕනේ..
මේක ලියන්න මට හිතුනේ ගෙදරට මොනවාහරි ඔතාගෙන ආපු පත්තර කෑල්ලක තිබුණු ඇඟ හිරිවැටිලා යන කතාවක් අහම්බයෙන් දැක්කහම.
ඒත් එක්කම තව ඊට අදාල කතාවක් මතක් වුණ නිසා ඒක කලින් කියලා ඉන්නම්. ඊට පස්සේ අනික. කුංග්ෆු කියලා ඉස්සර රූපවාහිනියේ විකාශය වුණු කතාමාලාව මතක ඇති.මේ ඒකෙ කතාවක්.
රටේ මිනිස්සුන්ට ටිකක් අමාරු කාලෙක පන්සලට කෑමට එලවලු අරන් එන්න පුංචි කේන්වත් (කතාවේ ප්‍රධාන චරිතය පොඩි කාලේදී ) ඔහුගේ සහෝදර සාමනේර නමක්වත් සල්ලියි කරත්තයකුත් එක්ක වෙලඳ පොළට යවනවා.
පාර දෙකට බෙදෙන තැනකදී හමුවන මහලු මිනිසෙකු කියනවා එක් පාරක හොරුන් සිටින නිසා අනෙක් මාර්ගයේ යෑම නුවණට හුරු බව.
බියට පත් කුඩා සාමණේර දෙනම ඔහු ආරක්ෂිතයැයි කියන මාර්ගය තෝරාගත්තත් ඇත්තටම හොරුන් සිටින්නේ ඔවුන් යන පාරේමයි.
එහිදී ඔවුන්ගේ මුදල්, කරත්තය පමණක් නොව ඇඳුම් පවා කොල්ලකෑමට ලක්වී ආපසු පන්සලට ගොස් නායක හිමියන්ට සිදුවූ දෙය කියනවා.
ඔවුන් දෙදෙනාගෙන් මින් උගත් පාඩම කුමක්දැයි අසනවා. කේන්ගේ යහලුවා කියනවා " කිසිමවිටෙක කිසිවකුත් විශ්වාස නොකලයුතු" බව.
කේන් කියනවා "බලාපොරොත්තු නොවිය හැකි දේ ඕනෑ වෙලාවක වියහැකි නිසා ප්‍රවේසම් විය යුතු" බව.
නායක හිමියන් යහලුවාට පන්සලේ පිටවයන ලෙස කීවත් කේන්ට එහෙම කියන්නේ නෑ.
කේන්ට මේක ප්‍රශ්නයක්. ඔහු අසනවා දෙදෙනාම එකම වරද කළත් යහලුවාව පමණක් එලවීමට හේතුව.
නායක හිමියන් එතකොට කියනවා " වඩුවෙක්ට වැඩ කරගෙන යද්දී වැඩකට ගන්න බැරි ඇදවුණු ඇණයක් අහම්බෙන් හම්බවෙන්න පුලුවන්. ඒත් එහෙම කියලා ඔක්කොම ඇණ ඒ වගේ ඇති කියලා වැඩේ නවත්වන්නේවත් ඉතුරු ඇණ ටික ඔක්කොම විසිකරලා දාන්නේ වත් නෑනේද? " කියලා.
මේකත් හිතේ තියාගෙනම මම දැක්ක කතාව අහලා ඉමු. ( සමහර විට අහලත් ඇති)
ඇය වැදගත් පවුලක. නම කුමාරි කියලා කියමු. රස්සාවක් කරන්නේ නෑ.
මතක විදියට මහත්තයා දොස්තර කෙනෙක් හරි කවුරුහරි ඒවගේ හොඳ වැදගත් රස්සාවක් කරනකෙනෙක්.
ඇය කරපු එකම වැඩේ තමා උදේ මහත්තයා ඉස්කෝලෙට ගිහින්දාන එකම පුංචි පුතාව ගන්න දහවලට ඉස්කෝලෙට යන එක.
බබාව ගන්න ඉන්න අතර ඇයට තවත් දරුවෙකුගේ අම්මකෙනෙක් අඳුනාගන්න හම්බවෙනවා. ඇයට අපි සුසිලා කියලා කියමු. සුසිලා ගොඩාක් උනන්දුවෙනවා කුමාරි ගැන.
පොඩි පොඩි උදව්කරමින් ඇයට ගොඩක් සමීප වෙනවා.
එච්චර සමාජයේ තැලිලා පොඩිවෙලා පුරුදුනැති කුමාරි සුසිලාව හොඳ යාලුවෙක් විදියට සලකනවා.
දවසක් සුසිලා එක්ක තවත් පිරිමි කෙනෙක් එනවා. ඔහුට සුනිල් කියලා කියමු. සුසිලාගේ අඳුනන කෙනෙක් විදියට තමා කුමාරිට අඳුන්වලා දෙන්නේ.
ඒක එච්චරයි. දැන් නිතර ඔහුත් එනවා.
මතකවිදියට ත්‍රීවීල් රියැදුරෙක්. සුසිලාත් සමහරවෙලාවට ඒකෙම එනවා.
දවසක් බබාව ගන්න ඉන්න අතරේ සුසිලා ගෙදර උත්සවයක කියලා කෑම බීම වගයක් කුමාරිට දෙනවා.
කුමාරිට මතක ඒවා බීවා කියලා විතරයි. ඇයට සිහි නැතිවෙනවා. ඇහැරෙනකොට ඇය ඉන්නේ නාඳුනන තැනක ඇඳක.
ඇදේ කෙලවරක සුනිල් ඉඳගෙන ඉන්නවා හිනාවීගෙන ඇය දිහා බලාගෙන. ඇයගේ ඇඳුම් එහෙමත් අවුල්වෙලා. ( මොකක් වෙන්න ඇතිද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ)
පස්සේ දවසේ උදේ සුසිලා ඇයව හොයාගෙන ගෙදර ඇවිත් විශාල මුදලක් ඉල්ලනවා. ඇත්තටම මේ අහිංසක කුමාරි ළඟ එච්චර මුදලක් නෑ. ඇය ඉල්ලීම ප්‍රතික්ශේප කරනවා.
එතකොට සුසිලා කුමාරි සුනිලුත් එක්ක එක් එක් ඉරියවුවලින් ඉන්නා ඡායාරූප රැසක් පෙන්වා මුදල නොදුන්නොත් ඒවා කුමාරිගේ සැමියාට
පෙන්වන බවට තර්ජනය කරනවා. ස්වාමි පුරුෂයාගේ තත්ත්වයත් දරුවාත් පවුලේ තත්ත්වයත් ගැන හිතනකොට මුදල දෙනවා හැර කුමාරිට වෙන විකල්පයක් ඉතිරිවෙන්නේ නෑ.
කරකියාගන්න දෙයක් නොමැතිව අසරණවන කුමාරි ඒවෙලාවේ තිබුණු තමන්ගේ මඟුල් මුදු මාල වගේ රත්තරන් බඩු ටික සුසිලාට දෙනවා.
සුසිලා දිගින් දිගටම ඇය වෙත පැමිණ මුදල් ඉල්ලනවා.
කිසිදු හව්හරනක් නැතිවන කුමාරි තීරණයක් අරගන්නවා. ඊලඟ දවසේ ගෙදරට සුසිලා එනකොටම ඇයට පිහියකින් කොටනවා. අවසානයේ
ජීවිතයට ළංකරගත් පාපකාරී ආගන්තුකයෙක් හින්දා ඉතාම වාසනාවන්ත පවුල් ජීවිතයක් ගතකරපු ඇයට නතරවන්න සිදුවන්නේ බන්ධනාගරයේ.
අපි හිතන්නේ නැති වුණාට ඇතැම් අය අනෙකාගේ සැපතට ගොඩාක් ඊර්ෂ්‍යාසහගතයි. ඒ වගේම ඉතාම අවස්ථාවාදියි. ඒත් අපිට ලෝකෙම වෙනස් කරන්න අමාරුයිනේ.
මේවගේ දේවලුත් අද සමාජයේ වෙනවා කියලා හිතනකොට පුදුමත් හිතෙනවා. ඒත් වෙලා තියෙනවනේ. දන්න දන්න අයව මේ වගේ දේවල් ගැන දැනුවත් කරන්න.
ඒ හින්දා පුංචි කේන්ගේ ජීවිත පාඩම අපිත් ඉගෙන ගනිමු නේ ද?

Subscribe to:
Posts (Atom)