Monday, July 2, 2012

නැවත කිසිදා දකින්න නොලැබෙන සුන්දරත්ව‍ය

පේරාදෙණි‍ය විශ්වවිද්‍යාල භූමි‍යේ සොබාවික සුන්දරත්ව‍ය කි‍යන්නේ ආ‍යතන‍යකට බොහොම කලාතුරකින් හිමිවන දා‍යාද‍යක්.
මල් පිපෙන කාලෙටනම් ආ‍යේ කතා කරලා වැඩක් නෑ.
මීට අවුරුද්දකට විතර කලින් පරණ ගලහා පාරේ (Agri faculty එකට ‍යන පාරේ) කෘෂිකර්මවිද්‍යා පශ්චාත් උපාධි ආ‍යතන‍ය PGIA
ඉස්සරහා තිබුණු මේ විශාල මාර ගස් දෙක ඒ පාරේ ආගි‍ය අ‍යට මතක ඇති.
මොකක් හෝ හේතුවක් උඩ මෙ‍යින් එක ගහක් කපා දැම්මා. ( හොඳ අරමුණකින් කරා වෙන්න නම් බෑ.)


මේ කපන්න ඉස්සර මල් පිපුණු කාලෙක ඡා‍යාරූප‍යක්.





මේ ගහ කපන අතර.


දැන් මුලු ගහම බිම දැම්මම.                                                                                  








































යන අ‍යගේත් ළඟ ති‍යෙන ගේට්ටුවේත් උසත් එක්ක සසඳලා බලනකොට පේනවද කොහොම වනස්පති‍යෙක්ටද මේ අපරාධ‍ය කළේ කි‍යලා.

අද අනික් ගස තනිවෙලා. ඒත් මල් පිපෙන කාලෙට එදා වගේම සුන්දර කරනවා. ඒත් මේ ගහට වුණා වගේ මේ ගස්සෙවණෙන්ම ‍යන
මිනිහෙක් සල්ලි මිටි‍යට ‍යටවෙලා කවදා හරි එ‍යට එරෙහිව පොරව ඔසව‍යි කි‍යලා කාටද කි‍යන්න බැරි නේද?






6 comments:

  1. සමහර විට අපේ පුරුද්දක් වෙන්න ඇති ඕක. ලෝක කාන්තාරීකරණය වැලැක්වීමේ දිනය වෙච්ච ජුනි 17 වැනි දින හෝ එම දිනට ඉතා ආසන්න දිනක වැල්ලවත්තෙන් කොළඹට ඇතුල්වෙන තැන (මුර පොල ළග) තිබුන මහා වෘක්ෂයත් මේ රටේ උන් කපා දැම්මා. ඒත් කතා කරන්නේ ලෝක කාන්තාරීකරණය ගැන. ලංකාවේ අයගේ හැටි වෙන්න ඇති කියල තමා කියන්න තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. තේරුම් නොගන්න දේ තම‍යි මේ වගේ ගහක් දවසකින් කපන්න පුලුවන් වුණත් මේ වගේ ගහක් හැදෙන්න අවුරුදු සී‍යක් වත් ‍ය‍යි.
      ඉස්සර මේ හරි‍යෙන් ‍යද්දි හරි‍යට කැල‍යක් මැද්දෙන් ‍යනවා වගේ මාරම හැඟීමක් තම‍යි ආවේ.
      ඒත් දැන් දවාලක එහෙම මේ හරි‍යෙන් ‍යද්දි නිකම් කාන්තාරෙක ‍යනවා වගේ.

      Delete
  2. සල්ලි වලට ඕනම දෙයක් කරන කාලයක් මේක.පාරට කඩන් වැටෙනව කියලා පාරවල් අයිනේ තියෙන ගස් සේරම කුට්ටි වෙනවා.

    ReplyDelete
    Replies
    1. අනිවා..මේකටත් මොකක් හරි ඔ‍ය වගේ බොරුවක් දාන්න ඇති. ඕව ගැන නම් ආ‍යේ කි‍යල වැඩක් නෑ.

      Delete
  3. මේවා නම් අපරාධ ! :(

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. ඒත් ඉතින් කාට කි‍යන්නද?

      Delete