ගොඩ්වින් සමරරත්න මහතා ගැන මම කළින් ලිපියකින් සඳහන් කළා.
එතුමා මෙම චීන බෞද්ධ කතාව භාවනා වැඩසටහනකදී කියන ලද්දකි.
සමහරවිට වෙනත් තැනකදී ඔබ අසා ඇත. නමුත් ජීවිතයට ගතහැකි අරුතක් නම් අනිවාර්යයෙන්ම ඇති.
එක්තරා ගමක නුවණැති මහල්ලෙක් සිටියා. ඔහු සතුව අශ්වයන් කීපදෙනකු සිටියා.
එක දවසක් බලන කොට ඔහුගේ එක ලස්සන අශ්වයෙක් නැතිවෙලා .
පැනලා ගිහින්. දැන් මුලු ගමම ඔහු වෙත පැමිණ මෙහෙම කියනවා.
" ඔබ සතුව සිටි හොඳම අශ්වයා නැතිවෙලා. ඔබ බොහොම අවාසනාවන්තයෙක්. ඒක වුණේ ඔබේ කරුමෙට වෙන්න ඕනේ."
එහෙම කියන කොට මේ වයසක මිනිසා කියනවා " සිද්ධවෙලා තියෙන්නේ අශ්වයා පැනලා ගිය එක විතරයි.
ඔබ මේ කියන්නේ අදහසක්. වෙච්ච දේ ගැන ඔබේ විනිශ්චය. මගේ අශ්වයා පැනලා ගිහින්. එච්චරයි. ඒකට ඍණ ලකුණු දෙන්න අවශ්‍ය නෑ."
ටික දවසකට පස්සේ අශ්වයා තවත් ලස්සන අශ්වයෙක් එක්ක ආපහු එනවා.
දැන් ගමම ආපහු ඔහුට මෙහෙම කියනවා " ඔබ පුදුම වාසනාවන්තයෙක්. නැතිවුණ අශ්වයා වෙනුවට දැන් ඔබට දෙන්නෙක්ම ඉන්නවා."
එතකොට ගැමියා කියනවා " ඕක නවත්තාගන්න. මට දැන් අශ්වයෝ දෙන්නෙක් ඉන්නවා. එච්චරයි .ඒකට ධන ලකුණු දෙන්න ඕනේ නෑ. "
ඔහුගේ පුතා අශ්වයා පුරුදු කරන්න ගිහින් ඇද වැටිලා කකුල කඩාගෙන සදාකලික කොරෙක් වෙනවා.
නැවතත් ගමේම අය ඔහුට කියනවා " ඔබ බොහොම අවාසනාවන්තයෙක්. ඒකනම් අසුබ නිමිත්තක්"
ඔහුගේ උත්තරය කළින් විදියමයි.
ටික කලකට පස්සේ දරුණු යුද්ධයක් එනවා. ගමේම තරුණයන්ව යුද්ධයට බඳවා ගන්නවා අර තරුණයාව හැර- ඒ ඔහු ආබාධිත නිසා.
යුද්ධය දරුණුවෙනවා. බොහොමයක් දෙනාට නැවත එන්න වාසනාව නැති වෙනවා.
සිදුවන දේ එන විදියට බාර ගන්න. අර වයසක මිනිසාට තිබුණේ නෑ සිදුවිය යුතු හෝ සිදු නොවිය යුතු දේ ගැන ප්‍රශ්නයක්.
ඒ ගැන කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නෑ.
සිදුවන දේ එලෙසම සිදුවේවි. ඔබ ඒ දෙස බලන විදිය වෙනස් කරගන්න. සතුට සැම විටම ඔබ සතුවේවි.
Welcome to my blog ! විවිධාකාර මාතෘකා ගැන ලියැවුණු විවිධාකාර ලිපි මෙතන තියෙනවා.මට හිතුන දේවල්, මම හදපු දේවල්. සමහරවිට මේවා කොහෙදි හරි දැකලා තියෙන්නත් පුලුවන්. අන්තර්ජාලයේ සැරිසරනකොටහරි E mailවලින් හරි මට හම්බවුණ බෙදාහදාගන්න වටිනදෙයක් නම් මෙතන ඒක තියෙනවා.
Tuesday, December 13, 2016
Wednesday, December 7, 2016
සිත - - සිතුවිලි - - භාවනාව
ගොඩ්වින් සමරරත්න මැතිතුමා මෙරට පහළවූ විශිෂ්ට භාවනාගුරුවරයෙක්. එතුමා අභාවප්‍රාප්තවීමට පෙර පැවත්වූ ධර්ම සාකච්ඡාවක අයෙකු සිතුවිලි සමඟ ගැටීම සහ භාවනාව ගැන හොඳ ප්‍රශ්නයක් අහනවා. මෙය සඳහන් වෙන්නේ එම ධර්ම සාකච්ඡාව ඇසුරෙන් ලියැවුණු " කැඩපතක අසිරිය" කෘතියේ.
Subscribe to:
Posts (Atom)