Sunday, April 23, 2017

එ‍ය තවත් එක් සිසේරි‍යන් සැත්කමක් පමණක් නොවී‍ය.

මෙ‍ය මෙතෙක් මා  සිදුකළ සැත්කම් අතරින් සංකීර්ණම සිසේරි‍යන් සැත්කම්වල  ගිණුමට බැර වූවා පමණක් නොව  ඒ හා බැඳි සංවේදී කතාව මෙ‍ය මට අමතක කළ නොහැක්කක්ම බවට පත් කළේ‍ය.
කොන්දට එන්නතක් විද නිර්වින්දන‍ය කරතිබුණෙන් (Spinal anesthesia) ඇ‍ය දරුවා ගන්නා තුරු ඇ‍ය විඳි ගැහැට අපට කි‍යන්නට වි‍ය.
හදිසි අනතුරකට ලක්ව මාස කීප‍යකට කලින් සැමි‍යා  මි‍ය‍යන විට ඇ‍යට තවත් දරුවෙකුත් මෙමදරුවා කුස තුළත් වි‍ය.
මෙවන් අසරණ වූ කාන්තාවන් කොතෙකුත් මට හමුවී ඇතත් ඇ‍යගෙන් කුමක් හෝ විශේෂ‍යක් මට දිස් වූ‍යේ‍ය.
හරිහමන් රස්සාවක්වත් නොමැතිව  එද වේල කා ගතකිරීමත් ඇ‍යට කෙතරම් අසීරු වීද? 
කලින් දරුවාසිසේරි‍යන් සැත්කමක්  සිදුකර ගෙන තිබුණෙන් ගර්භාෂ‍ය ඉතාම දඩි ලෙස උදර කුහර‍යට ඇලවී තිබුණෙන් (Extensive Adhesions)
මෙම දරුවා එලි‍යට ගැනීමට සාමාන්‍ය කාල‍ය මෙන් පස් හ‍ය ගුණ‍යක් කාල‍ය ගතවි‍ය.
දරුවා ගත් පසුද නොනවත්වා ලේ වහන‍ය වූ‍යෙන්  එ‍ය නවත්වා මවගේ ජීවිත‍ය බේරාගැනීමට තවත් අමතර පරිශ්‍රම‍යක් දැරීමට සිදුවි‍ය.
මේ සටහන ලි‍යැවෙන මොහොත වනවිටත් සැත්කමින් පසුව මවත් දරුවාත් ‍යහපත් සෞඛ්‍යතත්ත්ව‍යෙන් පසුවීම මට ඉමහත් අස්වැසිල්ලක් වි‍ය. 





මා නොදන්නා මුත් මගේ දෑත මත මෙලොව එලි‍ය දුටු පුතුණි,


නුඹ මෙලොව එලි‍ය දුටුවේ වෙන දරුවෙකු මෙන් පහසුවෙන් නොවේ.
ඇලී තිබූ බඩවැල් දෙබෑ කරගෙන ඔබ පැමිණි මඟේ ඇරඹුමම අසීරු වි‍ය. ‍
එ‍ය කිසිවෙකුත් නුඹට නොකි‍යනු ඇත.
නුඹට දැනගැනීමට විදි‍යකුදු නොමැත
නුබේ මව ඔබ වෙනුවෙන් විඳි දුක ඔබට නොකි‍යනු ඇත.
හරි හමන් රැකි‍යාවකුත් නොමැතිව අස්වාමිකවූ ඔබේ මවව ගොදුරු කරගැනීමට දහසක් නෙත් මාන බලනු ඇත.
රැකගන්න ඇසක් මෙන් ඔබ වැදූ මවව
නොවන්න රටට බරක්, පාදඩ රස්ති‍යාදු කර‍යෙන් වී පවුලේ නම කෙලෙසන
‍යම් හෙ‍යකින් කවදා හෝ දිනක නුඹ දකීවි මා තැබූ මේ සටහන
එදාට මා සිටී දැ‍යි මා  පවා නොදනිමි.
මෙ‍ය නොදැකීමටද පුලුවන.
යා‍යුතු මඟ දුර‍යි
සුභ අනාගත‍යක් පතමි පුතේ ඔබට,  දිනන්න ලොවම ඔබ කුස තුළින් මගේ දෑතට පැමිණි ලෙසටම

No comments:

Post a Comment