Sunday, July 30, 2017

ජුදාස්ගේ හාදුව

ලොවම කැළඹූ " ජුදාස්ගේ හාදුව " නම් මෙම ඡා‍යාරූප‍ය දැක තිබේද?



මෙහි සිටින්නේ මෙම ගව‍යාගේ හිමිකරුවා‍ය.
ඔහු මේ ගවපොර සඳහා ඇති දැඩිකළේ‍ය. අවසාන‍යේදී උස්මහත් වූ ගව‍යා ගවපොරවලට විකුණා දමන ලදි.
ගවපොර‍යේදී ගව‍යා දැඩිලෙස තුවාල වී ලේ ගලමින් සිටින විට
දහස් ගණනක් ප්‍රේක්ශක‍යන් අතර
තමාව හැදූ වැඩූ තම පෙර ස්වාමි‍යා සිටිනු දකින ගව‍යා ඔහු වෙත දිව ‍යනවා.
ඔහු වෙත ‍යන්නේ මෙහි සිටින්නන් අතුරෙන් තමාව දන්නා එකම පුද්ගල‍යා නිස‍යි.
තව මොහොතකින් තවත් පහරදීම්වලට ලක්ව වධවේදනා විඳ මි‍ය‍යාමට නි‍යමිත බව දැනී
පිහිටක් පතා ඔහු වෙත පැමිණි‍යත් මුල් හිමිකරුවා ගව‍යාට හාදුවක් දීමට වඩා
වෙනත් කිසිදු ආකාර‍යක උදව්වක් කරන්නේ නෑ
මිනිසුන්ගේ කුරිරු බවත් අකෘතඥබවත් පෙන්වූ මෙම සිදුවීමක කැමරා කාච‍යක සටහන් වන අතර
එම ඡා‍යාරූප ශිල්පි‍යා මෙ‍ය " ජුදාස්ගේ හාදුව " Kiss of Judas ලෙස නම් කරනු ලබනවා.


No comments:

Post a Comment