භාවනාව කියන්නේ ටිකක් විතර අත්හැරීමට සම්බන්ධ දෙයක් වගේනේ අපේ ඔලුවට එන්නේ..
එතකොට කොහොමද භාවනා කරොත් රසට කන්න පුලුවන් වෙන්නේ ?
හොඳ ප්‍රශ්නයක් තමා..
මේ ගැන හොඳ විග්‍රහයක් කළා නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයේ උපදේශක උපුල් ගුරුතුමා..
අද උදේට කෑව දේ ඔබට මතක කරන්න පුලුවන්ද? ඔක්කොම ව්‍යාංජන ටිකත් එක්ක..
හොඳයි. එහෙනම් ඊයේ.. ? කලින් දවසේ යාලුවොත් එක්ක ආපනශාලාවකට කන්න ගිය ඒවා..
ලැයිස්තුව මතක් කළත් රස කොයි වගේද මතකද? හරියටම අවංකව ඔබෙන්ම ඇහුවොත් තෙරේවි එහෙම හරියට මතක නැති බව.
දහස් ගාණක වියදම් කරලා අන්තර්ජාලයේ ඡායාරූපත් දාලා ඒත් කරන්න ගිය මූලිකම දේවත් හරියට රස විඳලා නෑ නේද?
වෙන්නේ එක්කෝ යාලුවෝ එක්ක නොයෙකුත් කතාවල ඉන්න ගමන් කන්න ඇති.. එක්කෝ ටෙලිනාට්‍ය දිහා බලාගෙන ඉඳලා කන්න ඇති..
කෑම නම් කාල ඉවරයි. ඒත් ඔබේ " සිහිය" Mindfulness තිබුණේ වෙන තැනක.
භාවනාව ඔබව නිවැරදිව සිහියේ පිහිටුවනවා.
කෑම ගන්න වෙලාවක ඇත්තටම රසට කන්න වුනත් ඉතාම කෙටි වෙලාවක් සිහිය තිබුණත් ඇති.
ගොඩක් වෙලා සිහිය තියෙනවනම් වඩාත් හොඳයි.
මෙහෙම හිතන්න. කෑමක රස අපිට දැනෙන්නේ හරියටම
කෑම ඇනවුම් කරන වෙලාවේ, අතින් අනන වේලවේ, අනපු ආහාර ටික කටට ඇරන් යනකොට,
දිවේ කෑම තැවරෙන, කටේදී මිශ්‍රවෙන, උගුරෙන් ගිලින වෙලාවන් ගෙන් ඇත්තටම මොන වෙලාවේද?
ඇත්තටම මේ වගෙන් දිවේ කෑම තැවරෙන, කටේදී මිශ්‍රවෙන වෙලාවේ විතරනේ.
රසම රස චොකලට් අයිස් ක්‍රීම් එකක් ගැන හිතන්න. නිහඬව මෙනෙහි කරන්න. එහි රසවත් බව.
වෙන කල්පනා අමතක කර එය දිවේ තැවරෙන මොහොතේ එහි රස ගැන අවධානය යොමු කරන්න.
වෙනදාට වඩා එය රසවත් බව ඔබට දැනේවි. වෙනදා යහලුවන්ගේ කතා සිනහ මැද කෑමේ රසය අමතක කර එය ගිල දැමුවත්
අද එය එසේ නොවන බව ඔබට දැනෙනු ඇත.
අජාන් බ්‍රහ්මවන්සෝ ස්වාමීන් වහන්සේත් මේ නිසා තමා වරක් දේශනා කළේ කෑමේ රස වැඩියෙන්ම රස විඳින්න ලැබෙන්නේ හාමුදුරුවරුන්ට බව.
භාවනා කරන්න. " සිහිය " පිහිටුවාගන්න. නිහඬව ආහාරය රස විඳින්න. වෙනදාට වඩා වෙනදා ආහාරයම "අද" රසවත් බව ඔබට දැනේවි.