ශ්‍රී ලංකාවේ රජයේ රෝහල්වල යථාර්ථය බොහෝ විට කටුකය. අධික රෝගීන්, එකම ඇඳ දෙදෙනෙක් බෙදා ගැනීම, සමහර විට රෝගීන් බිමට විවේක ගැනීම – මේ සියල්ල අතර මම දුටුවේ ගෞරවයෙන් පිරුණු සේවාවක අගනා උදාහරණයක් ය.
මගේ ඉන්ටර්න් කාලයේ අධ්යක්ෂවරයා හා පළමු පශ්චාත් උපාධි පුහුණුකරු වූ ගර්භනී හා නාරී රෝග විශේෂඥ වෛද්‍ය සිසිර රණරජ FRCOG, දැන් විශ්‍රාම ගිය වෛද්‍යවරයෙකි. නමුත් ඔහු මට කිසිදින අමතක නොවන පාඩමක් ඉගැන්වීය. ඔහු පුද්ගලිකව සෑම රෝගියෙකුම බැලූවේය—ප්‍රසූතිකාගාරයේ සිට සියලුම ගර්භණී, ප්‍රසූතියෙන් පසු, නාරිවේද වාට්ටුවල රෝගීන් සොයා ගියේය. ඔහු ඔවුන් හා කතා කළා, ප්‍රශ්න කළා, ඔවුන්ගේ සටහන් සහ ඖෂධ පත්‍ර සමාලෝචනය කළා.
එක් දිනක ඔහු මට කිව්වෙයි:
“යාපා, අපේ පද්ධතියේ සමහර ජේෂ්ඨ වෛද්‍යවරුන් පසු ප්රසූතිවාට්ටු රෝගීන්ට සාපේක්ශව අඩු අවධානයක් දෙනවා, දුෂ්කර කොටස අවසන් බව සිතා. නමුත් එසේ නොකළ යුතු හේතු දෙකක් ඇත.”
1️⃣ පැමිණීමෙන් නායකත්වය: VOG යාම නවත්තන විට, middle grade වෛද්යවරුන්ත් එය නවත්වති. පසුව junior වෛද්‍යවරුන්, හෙදියන්, midwives—මෙය එකදිගට පහලට යන්නක්. (Ripple effect) අතිශය හානිකරය.
2️⃣ කරුණාවන්ත අවසානයක්: මේ මව්වරුන් සමහරවිට අවුරුදුගාණක් මදසරු කාලයේ දුක් විද අපෙන් බෙහෙත් අරන්, ගර්භණීවී අද ගෙදර යනවා වෙන්න පුලුවන්. සමහර වෙලාවට හදන අන්තිම බබා හදලා අයෙම අපිගාවට එන්නෙ නෑ වෙන්නත් පුලුවන්. මේ ඔවුන් අපට දැක්ක අවසන් වතාව විය හැක. සමහරුන් පුද්ගලික සේවාවෙන් පැමිණ ඇත්තේ ප්රසවය සඳහා පමණි. ඔවුන්ට ගෞරවයෙන් සමුදීමක් ඕනෑ.
මෙය වෛද්‍ය කාර්ය භාරයක් පමණක් නොවීය—එය සෑම රෝගියෙකුටම ගෞරවය, සාධාරණත්වය සහ මනුෂ්‍යත්වය සමඟ ප්‍රතිකාර ලබාදීම පිළිබඳව වූ පාඩමක් විය.
ස්තුතියි ගුරුතුමණි, සත්‍ය නායකත්වය යනු දැනුමක් පමණක් නොව, කරුණාවක් සහ රෝගියාගේ ගමනේ සෑම පරිච්ඡේදයකටම ගෞරව දැක්වීමක් බවයි.

In Sri Lankan government
hospitals, the reality is often far from ideal—overcrowded wards,
shared beds, and sometimes, patients resting on the floor. Yet amidst
these challenges, I witnessed a profound example of dignity in care.
Dr.
Sisira Ranaraja FRCOG, my internship supervisor and first postgraduate
trainer, now a retired obstetrician and gynaecologist, taught me
something I’ll never forget. He personally visited every patient—from
the labour room to antenatal, postnatal, and gynaecology wards. He spoke
with them, asked questions, reviewed their notes and drug charts. One
day, he told me:
“Yapa, in our setup,
some seniors skip postnatal rounds thinking the hard part is over. But
there are two reasons why we must not.”
1. Leadership by
presence: When consultants stop visiting, middle-grade doctors follow
suit. Then juniors, nurses, and midwives. The ripple effect is
dangerous.
2. Closure with compassion: These mothers may
have journeyed with us from subfertility to conception, delivery, and
family completion. This might be the last time they see us. Some came
from private care just for delivery. We owe them a proper goodbye.
This
wasn’t just about clinical duty—it was about treating every patient
with fairness and respect, regardless of where they came from.
Thank
you, Sir, for showing me that true leadership is not just about
expertise, but about presence, empathy, and honoring every chapter of a
patient’s journey.