දුප්පත් මිනිසුන් ගතකරන ජීවිතයේ හැටි උගන්වන්න කියලා ධනවතෙක්, බොහොම සැපට හැදීවැඩුණු තම පුතාව තමුන්ගේම ගොවිපලේ ගොවියොත් එක්ක නතර වෙන්න යැවුවා.
කියපු විදියටම පුතා දවස් 3ක් (රෑත් එක්ක) සම්පූර්ණයෙන්ම ගොවිපලේ ගතකළා.
ආපහු එන ගමන් තාත්තා පුතාගෙන් අත්දැකීම කොහොමදැයි ඇසුවා. පුතා කිව්වා "ඔව්.ඒක හොඳ අත්දැකීමක්" කියලා.
"එතකොට ඔයා මොනවාහරි අලුතින් ඉගෙන ගත්තද?" ආයෙමත් තාත්තාගෙන් ප්‍රශ්නයක්.
"අපොයි ඔව්" පුතා කීවා.
"1.අපිට 1 බල්ලෙක් ඉන්නවා එයාලට 4ක් ඉන්නවා.
2. අපිට රසායනිකද්‍රව්‍ය දාපු වතුර පිරිච්ච ගෙවත්ත විතර ලොකු swimming pool 1ක් තියෙනවා.
එයාලට ගොඩාක් මාලු ජාතියි සත්තුයි ඉන්න, පලිඟු වගේ දිලිසෙන පිරිසිදුම පිරිසිදු වතුර ගලන ගඟක් තියෙනවා
3.අපේ වත්ත එලිය කරන්න විදුලිය තියෙනවා. එයාලට එලිය දෙන්න හඳයි තරුයි තියෙනවා.
4.අපේ ගෙවත්ත තාප්පය ගාවට යනකම් තියෙනවා.එයාලගේ ඉඩම් සිතිජයට යනකම්ම තියෙනවා.
5.අපි කෑම කඩෙන් ගන්නවා. එයාලා තමුන්ගේම ඉඩමේ තමුන්ම වවන දේ උයලා කනවා.
6.අපිට සංගීතය දෙන්නේ CD,DVD. එයාලට කුරුල්ලෝ, පළඟැටියෝ සහ වෙනත් සත්තු සොබාවික පරිසරයෙන්ම...
7.අපි කෑම microwaveවලිනුයි අනිත් ඒවගෙනුයි ඉවුවට, හෙමීට දර ලිපේ ඉදෙන එයලාගේ බත්වලින් එන රස අපේ කෑමවල නෑ.
8.අපිව ආරක්ෂාවෙන්න ආරක්ෂක alarm, තාප්ප තිබුනට, දොර ජනෙල් හොඳට ඇරලා ඉන්න එයාලාගේ ආරක්ෂාවට තියෙන්නේ අසල්වැසියන්ගේ හිත්වත්කමයි.
9.අපේ ජීවිත් රඳාතියෙන්නේ mobile phones, computers, tv වල වුණත් එයාලගේ ජීවිත තියෙන්නේ හිරු, අහස, ගහකොළ, ගොවිපලේ සතුන් සහ පවුලේ සතුට එක්කයි."
පුතාගේ උත්තර අහලා තාත්තා හොඳටම බීරාන්තවෙලා.
"අන්තිමේට තාත්තේ ගොඩාක් ස්තුතියි අපි කොච්චර දුප්පත්ද කියලා මට පෙන්නලා දුන්නට.
අපිට නොමිලේම හම්බවුණ හොඳම තැග්ග වෙච්ච මේ පරිසරයෙන් ඈත්වෙන අපි, දවසෙන් දවස දුප්පත්වෙනවා නේද?"පුතා කතාව අවසන් කළා.
Welcome to my blog ! විවිධාකාර මාතෘකා ගැන ලියැවුණු විවිධාකාර ලිපි මෙතන තියෙනවා.මට හිතුන දේවල්, මම හදපු දේවල්. සමහරවිට මේවා කොහෙදි හරි දැකලා තියෙන්නත් පුලුවන්. අන්තර්ජාලයේ සැරිසරනකොටහරි E mailවලින් හරි මට හම්බවුණ බෙදාහදාගන්න වටිනදෙයක් නම් මෙතන ඒක තියෙනවා.
Sunday, November 18, 2012
Saturday, October 6, 2012
20-20ට වඩා වැදගත් 20-20-20 !!!
මේ දවස්වල 20-20 පිස්සුව හොඳටම ගහලා තියෙන එකේ මොකක්ද මේ 20-20-20?
team 3ක් සෙල්ලම් කරන අලුත් විදියේ cricket matchඑකක්ද? එහෙමත් නැත්නම් වෙනම ඕවර 20ක්ද?
tv එක දිහා හරි computer screen එක දිහා හරි එකදිගටම වෙලාව යන එකගැන කිසිම හැඟීමක් නැතුව බලන් ඉන්න කාටත් වැදගත් වෙන මේ
20-20-20 ඒ මොනවත් නෙවෙයි.
මේක මම අහම්බෙන් මහනුවර මහ රෝහලේ අක්ෂි සායනයේදී දැකපු පෝස්ටරයකින් තමා දැනගත්තේ.
එකම ඉරියව්වකින් ඉන්නකොට සිදුවෙන මස්පිඬුවේදනා ( සමහර වෙලාවට දීර්ඝකාලීනව බලපාන)
,අස්ථි ගෙවීම්වලින් ඇතිවන දුබලතා, වගේම ඇස් පෙනීමට සිදුවෙන හානිය සුලුවෙන් සලකන්න බෑ.
මේ 20-20-20 අදාලවෙන්නේ ඇස්වලට. කරන්න තියෙන්නේ පොඩි වැඩයි.
හැම විනාඩි 20කට වරක්ම පරිගණක තිරයෙන් ඇස් ඉවතට අරන් තත්පර 20ක් අඩි 20ක් දුර තියෙන දෙයක් දිහා බලන් ඉන්න.
(20 min - 20 sec - 20 ft)
මේක පොඩි ව්‍යායාමයක් වුණාට ඇස්වල පැවැත්මට ගොඩාක් වැදගත් වේවි.

Saturday, September 15, 2012
Saturday, September 8, 2012
Sunday, August 19, 2012
සැමියාගේ පිහිපහරින් මරු තුරුළට ගිය තරුණ බිරිය: ජීවිතයට මනෝ වෛද්‍ය විද්‍යාව:1
.
මනෝ වෛද්‍ය විද්‍යාව ගැන තියෙන දුර්මත සහ අනවබෝධය නිසා පහසුවෙන්ම සමාජයේ වළක්වාගතහැකි හානි එන්න එන්නම වැඩි වෙනවා.
හොඳ ලිපි කීපයක් ලියන්න අදහස් ගොඩක් ඔලුවේ තිබුණත් වෙලාව නැතිකම හරිම ප්‍රශ්නයක්. මේ දවස්වල හුස්මක් ගන්නවත් වෙලාවක් නැති තරමට වැඩ හින්දා මගේම කියලා "මගේ බ්ලොග් එකේදී" ලිපිවලින් හම්බවෙන්න බැරි එක ගැන මට ගොඩක් කණගාටුයි.
කාලෙකට ඉස්සර විදුසර පත්තරේ ගිය ලිපි පෙළකින් තමයි මේ ගත්තේ.
(බුද්ධිමය දේපල හොරකම් කරනවානම් නෙවේ. මේකේ සමාජමය වටිනාකම හින්දාම කරන හොඳ දෙයක් විදියට හිතාගන්න.) මේකට අදහස් දක්වලා තියෙන්නේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ මහතා. මේ ලිපිවල වැදගත්කමක් තියේවි කියලා මට හිතෙනවා. ඒහින්දා මේ ලිපි පෙළේ ඉතිරියත් පළකරන්න හිතාගෙන ඉන්නවා. ඒ ගැන ඔබගේ අදහස් වටිනවා. පුලුවන් ඉක්මණින් මගේම ලිපිවලින් නැවතත් හමුවෙමු.

Sunday, August 5, 2012
Photo ගන්නේ මෙන්න මේ නිසයි
ඡායාරූපයක් ගන්නේ ඇයි කියලා ඇහුවොත් දෙන්න නොයෙක් විදියේ උත්තර තියෙන්න පුලුවනි.
සමහර ඒවාගේ ඡායාරූපමය කිසිම වටිනාකමක් නැති වුණත් මේ විදියට බැලුවොත් ඒවට තියෙන වටිනාකම කියලා නිමකරන්න පුලුවන්ද?
.
සමහර ඒවාගේ ඡායාරූපමය කිසිම වටිනාකමක් නැති වුණත් මේ විදියට බැලුවොත් ඒවට තියෙන වටිනාකම කියලා නිමකරන්න පුලුවන්ද?
.
Sunday, July 15, 2012
පෙරහැරේ අලි, දෙවියෝ වඳිනවා දැකලා තියෙනවද?
ගිය සතියේ අලුත්නුවර පෙරහැර සමාප්ත වුණා. දන්නේ නැති අයට කියනවනම්
අලුත්නුවරට යන්නේ කොළඹ නුවර පාරේ මාවනැල්ල පහුකරලා නුවරපැත්තට 4km විතර යනකොට හමුවෙන හන්දියෙන් (දැන් ලොකු ද්වාර මණ්ඩපයක් හදලා තියෙනවා.) දකුණු අත පැත්තට හැරෙන්න තියෙන පාරේ 5km විතර ගියාම.
බොහොම බලගතු හාස්කම් තියෙන තැනක් විදියට ඉස්සර රජ කාලේ ඉඳන්ම ප්‍රසිද්ධ මේ දේවාලය ආශ්‍රිතව වාර්ෂිකව සංවිධානය වෙන පෙරහැර දවස් ගාණක් රෑ වගේම දවලුත් වීදි සංචාරය කරනවා.
නැටුම් කණ්ඩායම් අලි ඇත්තු මේ ඔක්කොම එන පෙරහැර ඇත්තටම ලස්සනයි.
පෙරහැර ඉවර වුණාම ගිය අලි දේවාශිර්වාදය ගන්න දේවාලය ඉස්සරහට ගෙනාවම දණගහලා දැඩිමුණ්ඩ දෙවියන්ව වන්දනා කරනවා.දේවාලයේ කපු මහත්තයා පළතුරුවලිනුත් අලින්ට සලකන අතරම පැන් ඉහලා දේවාශිර්වාදය කරනවා.
photos මෙතනින් බලන්න.
අලුත්නුවර පෙරහැර photos
අලියන්, දෙවියෝ වඳිනවා මෙතනින් බලන්න.

මම මාවම තේරුම් ගැනීම
මෙහෙමයි සමහර වෙලාවට අපි හිතනවා අපි හරි උගත් බුද්ධිමත් අපිට වඩා කෙරුමෝ නෑ කියලා. හැබැයි විභාගයක් අසාර්ථක වුණොත් අපෙන් වෙච්ච වැරැදි අඩුපාඩු පැත්තක තියෙද්දී ප්‍රශ්න පත්තරේ
වැරදි ප්‍රශ්නවල වැරදි ගැන කියව කියවා අසාර්ථක වීමේ වගකීමෙන් අපි සම්පූර්ණයෙන්ම මිදෙන්න බලනවා.ඇත්තටම වෙච්ච දේ ආයෙත් කල්පනා කළොත් අඩුම ගාණේ මීළඟ සැරේ හරි හොඳ ප්‍රතිඵල ගන්න පුලුවනි.
මේ අත්දැකීම මට ලැබුණේ මීට අවුරුදු කීපයකට කළින්. ළඟදිත් ඒ සිදුවීම මතක් වුණ නිසා මෙහෙම ලියන්න හිතුවා.
ඒ දවස්වල මම උසස්පෙළ කරලා ගෙදරට වෙලා හිටිය කාලේ. අපේ දහම් පාසලේ පන්තිවලට උගන්වන එක තමයි කරපු එකම වැඩේ.
ටිකක් නිදහසක් තිබුණු නිසා අවසානේ, ධර්මාචාර්‍ය කරපු දහම් පාසලේම ඉගෙන ගත්ත අයම තමා වැඩිපුර මේ ඉගැන්වීම් කළේ. ගම්බද දහම් පාසල්වල ගුරුවරු හිඟය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.
අපේ ගුරු මණ්ඩලයට මම තමා අලුතෙන්ම ආවේ. වයසිනුත් අඩුයි. තාම රස්සාවකුත් නෑ. අනෙක් අය ඒ වගේ නෙවේ. මහා ලොකු ගණන් හම්බ නොකරත් මොනවාහරි පොඩි රස්සාවක් කරපු අය. ගොඩක් අය දුප්පත් අය.ඒකත් මට අලුත්ම අත්දැකීමක්. වෙනස් වයස්පරතරවල, වෙනස් ආර්ථික මට්ටම්, වෙනස් උගත්කම් තියෙන අයත් එක්ක එකට වැඩ කරන්න ලැබුණු එක.
පාසල් යන කාලෙත් අපේ ඉස්කෝලේ හිටියේ එක එක මට්ටම්වල අය. සුපිරිම ධනවතුන්ගේ පටන් දුප්පත් පවුල්වල ළමයිත් අපි එක්ක එකට ඉගෙන ගත්තා. හොඳට ඉගෙන ගන්න පුලුවන් වගේම ඉගෙනීමට එච්චර දක්ෂ නැති අයත් මේ අතර හිටියා. මම කොහොමත් හැමෝම එක්ක වෙනසක් නැතුව ආශ්‍රය කරපු හින්දා ඇත්තටම මම හිතන් හිටියේ
මට සමාජයේ ඕනෑම කෙනෙක් එක්ක හොඳට වැඩ කරන්න පුලුවන් කියලයි.කිසිම වෙනසක් කාටවත් මගේ හිතේ නෑ කියලයි.
මේ අතරේ අපි දන්නා කියන පොඩි හාමුදුරු නමකගේ උපසම්පදා උත්සවයකට යන්න සිදුවුණා.
ඒ ටිකක් විතර ගම්බද ප්‍රදේශයක්. කොහොමහරි අපි පිටගමකින් ආව අය හින්දා අපිට කෑමබීම ගන්න එක දායක මහතෙකුගේ ගෙදරක් ලෑස්තිකරලා තිබුණා.ඒක කාගේවත් බල කිරීමකට නෙවේ ආගන්තුක සත්කාරය ගැන ඒ අහිංසක මනුස්සයගේ තිබුණු අවංකකමටම කරපු දෙයක් කියලා පස්සේ දැනගත්තා.
කලිනුත් කිව්වා වගේ ඒක ගැමි පරිසරයක්. ගෙදර වුණත් අලුත් නෑ. ඉස්සර හදපු පරණ ගෙදරක්. ගෙදර ඉස්සරහ සාලේට හැර අනිත් හරියට බිම ගොම ගාල තිබුණේ. ගෙදර එච්චර ඉඩ පාඩු නොතිබ්බ හින්දා විස්සකට කිට්ටු අපේ ගුරු මණ්ඩලය ගියාම සාලේ ඉදන් කුස්සියට යනකම් පුටුවල ඉඳගන්න වුණා.
ඒ දායක මහත්තයා කාමරවල තිබුණු පුටුත් අරන් අපිට ඉඳගන්න දුන්නා
මේවගේ දේවල් Tvඑකේ පත්තරවල නවකතාවල තිබුණත් මට අත්දකින්න වෙච්ච පළවෙනි අවස්ථාව. කොහොම හරි
දවල්ට කන වෙලාවත් ආව. අපරදේ කියන්න බෑ. ඒ මනුස්සයා සෑහෙන්න මහන්සිවෙලා තිබුණා. ගමේ වෑංජන ජාති ගොඩක්.!
ආර්ථික ශක්තියක් තිබ්බද කියලා හිතන්න අමාරුවුණත් අතුරුපසටත් අයිස්ක්‍රීම් එහෙමත් ගෙනැල්ලා. විස්සකට කන්න දෙනවා කියන්නේ ලේසි වැඩක් ද?
මෙච්චර අමාරුවෙන් කන්න බොන්න ඉන්න හිටින්න ලෑස්තිකරපු ඒ කිසිම දේක කිසිම අඩු පාඩුවක් නොතිබ්බත් මෙහෙම දුප්පත් ගෙදරකින් කලින් මම කෑම කාල තිබුණේ නෑ.
බොරු කියන්න ඕනේ නෑ, මට කියන්න අමාරු අපහසුතාවයක් තියෙනවා කියලා දැනුණා. මම ලජ්ජා වෙනවා කියන්න. ඒත් බඩ පිරුණත් හිත පිරුණේ නෑ වගේ දැනුණා.
පොතේ හැටියට " මම මම ගැන හිතාගෙන හිටිය විදියට " මට ඕනෑම කෙනෙක් එක්ක මට " ගේමක් නැතුව" ඉන්න පුලුවන්.
ඒත් මෙච්චර අමාරුවෙන් අපිට කරපු මේ සැලකීම, මගේ මුලු හිතින්ම පිළිගන්න ලෑස්ති නෑ කියලා මට තේරුණා.
සමහර විට ඒ මගේ පළවෙනි අත්දැකීම හෝ ඒ කාලේ මට එච්චර අත්දැකීම නැති නිසා වෙන්න පුලුවනි.
මේක කියවන අයට සමහර විට මේක නිකම් එක සිද්ධියක් වෙන්න පුලුවනි. හැබැයි ඔයාලටත් එහෙම වෙලා තියෙන්න පුලුවන්.
නිකම් හරි ආපස්සට හිතුවොත් තමුන් තමන් ගැන හිතන් හිටිය විදියටම ඒ අවස්ථාවට මුහුණ දුන්නද කියලා. ඇත්තටම අපි එහෙම නෑ කියලා තේරේවි.
මම එදා ඉගෙන ගත්තා "මම ඇතුලේ ඇත්තටම ඉන්නේ මම කවුද කියලා හිතාගෙන ඉන්න මමම නෙවේ." කියලා.
Monday, July 2, 2012
නැවත කිසිදා දකින්න නොලැබෙන සුන්දරත්වය
පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමියේ සොබාවික සුන්දරත්වය කියන්නේ ආයතනයකට බොහොම කලාතුරකින් හිමිවන දායාදයක්.
මල් පිපෙන කාලෙටනම් ආයේ කතා කරලා වැඩක් නෑ.
මීට අවුරුද්දකට විතර කලින් පරණ ගලහා පාරේ (Agri faculty එකට යන පාරේ) කෘෂිකර්මවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය PGIA
ඉස්සරහා තිබුණු මේ විශාල මාර ගස් දෙක ඒ පාරේ ආගිය අයට මතක ඇති.
මොකක් හෝ හේතුවක් උඩ මෙයින් එක ගහක් කපා දැම්මා. ( හොඳ අරමුණකින් කරා වෙන්න නම් බෑ.)
මේ කපන්න ඉස්සර මල් පිපුණු කාලෙක ඡායාරූපයක්.
මේ ගහ කපන අතර.
දැන් මුලු ගහම බිම දැම්මම.
යන අයගේත් ළඟ තියෙන ගේට්ටුවේත් උසත් එක්ක සසඳලා බලනකොට පේනවද කොහොම වනස්පතියෙක්ටද මේ අපරාධය කළේ කියලා.
අද අනික් ගස තනිවෙලා. ඒත් මල් පිපෙන කාලෙට එදා වගේම සුන්දර කරනවා. ඒත් මේ ගහට වුණා වගේ මේ ගස්සෙවණෙන්ම යන
මිනිහෙක් සල්ලි මිටියට යටවෙලා කවදා හරි එයට එරෙහිව පොරව ඔසවයි කියලා කාටද කියන්න බැරි නේද?

Saturday, June 30, 2012
50යි. ආ ගිය හැමෝටම තුති...
මේ "මගේ බ්ලොග් එකේ" 50වෙනි ලිපියයි.
මේ ලියන වෙලාව වෙනකොට 10080 කියවලා තිබෙනවා කියලා දැක්කම නිහතමානි සතුටක් දැනෙනවා.
traffic බලාගෙන ලීවානම් Facebook..Twitterවගේ සමාජ වෙබඩවිවල shareකරලා කියවූ ගණන ගොඩක් වැඩිකරගන්න තිබුණත්
ඇත්තටම මේක පාඨක ප්‍රමාණය ඉලක්කකරගෙන ලියපු දෙයක් නෙවේ.
මට හිතුන දේ, දන්න දේ, දැක්ක අහපු බෙදාහදා ගන්න හොඳ දේ ඔක්කොම ලීවා.
වෙන කෙනෙකුට ලිපි 50ක් කියන්නේ මහ දෙයක්ද views10000ක් කියන්නේ මහ දෙයක්ද කියලා හිතෙන්න පුලුවන් .
ඒත් ලකුණු 35ක් අරන් විභාගය සමත්වෙන එක කොච්චර අමාරුද කියලා දුර්වල ශිෂ්‍යයෙක් හොඳට දන්නවා.
එහෙම බලද්දී කොච්චර කාර් ය බහුල වුණත් හම්බවෙන අතරින් පතර විවේකයේ පුලුවන් විදියට හරි ලිපි පළකරපු මටත් සාධාරණ හේතුවක් තියෙනවා මෙහෙම ලියන්න..
එක අතකට බලන කොට බ්ලොග් ලිවීමත් අමුතුම කලාවක්. ඒවගේම හොඳ අත්දැකීමක්.අලුත්ම අලුත් හොඳ යාලුවෝ කිහිපදෙනෙක්ම හඳුනාගන්නත් ලැබුණා.
විද්‍යුත් රසායනික ශ්‍රේණිය ගැන මම හදපු පින්තූරය පළකරන්න වෙබ් අඩවියක් නොතිබූ නිසාම බිහිවූ "මගේ බ්ලොග් එක"
අඩුම තරමින් කිහිපදෙනෙකුටවත් වැදගත් වෙලාතියෙන බව ලැබුණු ප්‍රතිචාර වලින් දැන ගන්න ලැබීම ඉතාමත්ම සතුටට කරුණක්.
ඒ වගේම සමහර ලිපිවලින් සමහර අයගේ සිත් රිදීම/ අපහසුතාවයට පත්වීම ගැන කණගාටුයි. නමුත් සමාජය විවෘතව කතා නොකිරීම හින්දා වෙන දේවල්ගැන
මෙහෙම හරි සංවාදයක් ඇති කළයුතුයි කියන මතයේ මම ඉන්නවා.
"මගේ බ්ලොග් එක" කියවන්න, ප්‍රතිචාර දක්වන්න කාලය මිඩංගුකළ, followersවෙමින් නිත්‍ය පාඨකයන්වෙලා කරන දිරිගැන්වීම්වලට මගේ හද පිරි ස්තුතිය.
ඉතින්, වඩාත් ඵලදායි ලිපි පෙළක් සදහා තියෙන යෝජනා චෝදනා (විශේෂයෙන්ම භාෂාව සිංහල විතරක් ද,
ලියන භාෂාවෙන්ද කතාකරන භාෂාවෙන්ද, මොන මොන ක්ෂේත්‍ර ගැනද.......) සියල්ලටම මෙන්න ඉඩ.
නැවත වාරයක්, ආ ගිය ඔබ සැමට තුති..

Friday, June 22, 2012
Subscribe to:
Posts (Atom)