මේ "මගේ බ්ලොග් එකේ" 50වෙනි ලිපියයි.
මේ ලියන වෙලාව වෙනකොට 10080 කියවලා තිබෙනවා කියලා දැක්කම නිහතමානි සතුටක් දැනෙනවා.
traffic බලාගෙන ලීවානම් Facebook..Twitterවගේ සමාජ වෙබඩවිවල shareකරලා කියවූ ගණන ගොඩක් වැඩිකරගන්න තිබුණත්
ඇත්තටම මේක පාඨක ප්‍රමාණය ඉලක්කකරගෙන ලියපු දෙයක් නෙවේ.
මට හිතුන දේ, දන්න දේ, දැක්ක අහපු බෙදාහදා ගන්න හොඳ දේ ඔක්කොම ලීවා.
වෙන කෙනෙකුට ලිපි 50ක් කියන්නේ මහ දෙයක්ද views10000ක් කියන්නේ මහ දෙයක්ද කියලා හිතෙන්න පුලුවන් .
ඒත් ලකුණු 35ක් අරන් විභාගය සමත්වෙන එක කොච්චර අමාරුද කියලා දුර්වල ශිෂ්‍යයෙක් හොඳට දන්නවා.
එහෙම බලද්දී කොච්චර කාර් ය බහුල වුණත් හම්බවෙන අතරින් පතර විවේකයේ පුලුවන් විදියට හරි ලිපි පළකරපු මටත් සාධාරණ හේතුවක් තියෙනවා මෙහෙම ලියන්න..
එක අතකට බලන කොට බ්ලොග් ලිවීමත් අමුතුම කලාවක්. ඒවගේම හොඳ අත්දැකීමක්.අලුත්ම අලුත් හොඳ යාලුවෝ කිහිපදෙනෙක්ම හඳුනාගන්නත් ලැබුණා.
විද්‍යුත් රසායනික ශ්‍රේණිය ගැන මම හදපු පින්තූරය පළකරන්න වෙබ් අඩවියක් නොතිබූ නිසාම බිහිවූ "මගේ බ්ලොග් එක"
අඩුම තරමින් කිහිපදෙනෙකුටවත් වැදගත් වෙලාතියෙන බව ලැබුණු ප්‍රතිචාර වලින් දැන ගන්න ලැබීම ඉතාමත්ම සතුටට කරුණක්.
ඒ වගේම සමහර ලිපිවලින් සමහර අයගේ සිත් රිදීම/ අපහසුතාවයට පත්වීම ගැන කණගාටුයි. නමුත් සමාජය විවෘතව කතා නොකිරීම හින්දා වෙන දේවල්ගැන
මෙහෙම හරි සංවාදයක් ඇති කළයුතුයි කියන මතයේ මම ඉන්නවා.
"මගේ බ්ලොග් එක" කියවන්න, ප්‍රතිචාර දක්වන්න කාලය මිඩංගුකළ, followersවෙමින් නිත්‍ය පාඨකයන්වෙලා කරන දිරිගැන්වීම්වලට මගේ හද පිරි ස්තුතිය.
ඉතින්, වඩාත් ඵලදායි ලිපි පෙළක් සදහා තියෙන යෝජනා චෝදනා (විශේෂයෙන්ම භාෂාව සිංහල විතරක් ද,
ලියන භාෂාවෙන්ද කතාකරන භාෂාවෙන්ද, මොන මොන ක්ෂේත්‍ර ගැනද.......) සියල්ලටම මෙන්න ඉඩ.
නැවත වාරයක්, ආ ගිය ඔබ සැමට තුති..
Welcome to my blog ! විවිධාකාර මාතෘකා ගැන ලියැවුණු විවිධාකාර ලිපි මෙතන තියෙනවා.මට හිතුන දේවල්, මම හදපු දේවල්. සමහරවිට මේවා කොහෙදි හරි දැකලා තියෙන්නත් පුලුවන්. අන්තර්ජාලයේ සැරිසරනකොටහරි E mailවලින් හරි මට හම්බවුණ බෙදාහදාගන්න වටිනදෙයක් නම් මෙතන ඒක තියෙනවා.
Saturday, June 30, 2012
Friday, June 22, 2012
Sunday, June 10, 2012
උදව්කරන්න ඕනේ කෙළගහනවා වගේ
.ළඟදි දවසක ගමනක් යද්දී මනුස්සයෙක් ජංගම දුරකතනයෙන් කාටදෝ හොඳටම බණිනවා.
" ඔය මිනිහට අරකට සල්ලි දුන්නේ මම. එදා කවුරුවත් නෑ.
අද මට කතාකළෙත් නෑ. අහවල් වැඩේට සම්පූර්ණයෙන්ම උදව් කළේ මම.එහෙම නොකළානම් මිනිහ ඔතන නෑ.මිනිහට වගකීමක් තියෙනවා තමුන්ට උදව් කළේ කවුද කියලා මතක තියාගන්න. අරකට මෙච්චරක් මම සල්ලි දුන්නා. අනිකට මෙච්චරක් මම සල්ලි දුන්නා."
මෙකී නොකී විදියට මට පැය ගාණක් යනකම් මේ විකාරය අහන් ඉන්න සිද්දවුණා. පේන දෙයක් නම් ඇස් වහගෙන හරි ඉන්න තිබ්බත් ඇහෙන දේකට මොනවා කරන්නද?
අනික හැතම්ම ගාණක් දුරට ඇහෙන සද්දෙන් කෑගහද්දී.
මට තේරුණ විදියට මේ මනුස්සයා කාටහරි ගොඩක් කල් ගොඩක් උදව් කරලා තිබුණත් යම් හේතුවක් නිසා අදාළ පුද්ගලයාඒ මනුස්සයා සෑහීමකට පත්වෙන විදියට ප්‍රති උපකාරයක් හෝ මොකක් හෝ සැලකීමක් කරලා නෑ.මේක හිතාමතාම කරපු දෙයක් හෝ අහම්බෙන් වුණදෙයක් කියලා හිතමුකෝ. ඒත් මොකටද මෙහෙම හැසිරෙන්නේ?
එතකොට මට මතක් වුණේ අපේ පන්සලේ පොඩි හාමුදුරුවෝ බණකට දේශනා කළ කතාවක්. උන්වහන්සේ සඳහන් කළේ ( මතක් විදියට පාලි පාඨයත් එක්කම ) උදව්කරන්න ඕනේ කෙළගහනවා වගේ.
ඒ කියන්නේ අපි කෙළ ගැහුවම ඒක එතනින් ඉවරයි. ආයේ ඒක ගැන කිසිම සිතීමක් නෑ.කොච්චරක් කෙළ ගැහුවද, කොතනදීද, කොයි වගේද මේ මුකුත් අපි හිතන්නේත් නෑ.අපිට මතකත් නෑ.
අපි කෙළගහලා පිරිසිදු වුණා එච්චරයි. මේකෙන් කියන්නේ නෑ කෙළගහන්න වගේ අගෞරවයෙන් කරන්න කියලා.
උන්වහන්සේට අනුව අපේ සිත් : අපි කොච්චර නෑ කියලා හිතුවත් කොච්චර පිළිගන්න අකමැති වුණත් තාමත් තණ්හාවෙන් බරවෙලා තියෙන්නේ.ඉතින් අපි දන් දෙන්න ඕනේ මේ තණ්හාවෙන් සිත පිරිසිදු කරගන්න. ආයේ ඒක ගැන හිතනවා නම් පොඩි උදව්වකවත් සැබෑ වටිනාකම නැතිව යනවා.
උදව්වක් කළා එච්චරයි. ප්‍රති උපකාරයක් කිරීම හෝ නොකිරීම එයාලගේ වැඩක්.කරපු උදව්ව ගැන හිතලා අපිට මැරෙන මොහොතේ හරි සතුටු වෙන්න පුලුවනි.
දැන් බලන්න අර මනුස්සයා තමුන්ගේ වටිනා කාලය වගේම අදාළ නැති තවත් කෙනෙකුගේ වටිනා කාලය පැය ගාණක් නිකම් නාස්ති කළා. ආයේ සැලකිය යුතුවෙලාවක් යනකම් අනෙක් පුද්ගලයටත් හිත එකඟ කරගෙන තමන්ගේ වැඩක් කරන්න අමාරුයි. තමුන්ගේ දුරකතන බිලත් පැය ගානක් නාස්තිකරගත්තා. තමුන්ගේ ඇඟේ ලේ පුච්චාගෙන ඒ මදිවට වටේ හිටිය කොහෙත්ම අදාළනැති අපි වගේ තවත් සැහෙන දෙනෙක්ට අප්‍රසන්න අත්දැකීමක් ගෙනාවා මිසක් වෙච්ච වෙන දෙයක් නෑ.
මේක අහම්බයෙන් වුණ අත්වැරදීමක් කියලා හිතමු.දුරකතනයෙන් අමතපු පුද්ගලයා දැන් අදාළ පුද්ගලයාට මේ මනුස්සයා මෙහෙම කීවා කියලා කේළමක් කිවනම් මේ උදවු ඔක්කොමත් ඉවරයි. ඒකේ වටිනාකමත් ඉවරයි.යාලු කමත් ඉවරයි.
ඉතින් අපි කොහොමද උදව් කරන්න ඕනේ?..

Saturday, June 9, 2012
දේවදූතයෝ අඩියවත් නොතියනකොට මෝඩයෝ කරණම් ගහනවලු..
මේක හැමෝටම කරන්න නම් කොහෙත්ම බැරි දෙයක්. සෑහෙන නිර්භීතකමකුත් හොඳ හැකියාවකුත් නැත්නම් හිතන්නවත් බෑ.
ඒ අතින් නම් මේ ක්‍රියාව ඇත්තටම අගය කරන්න ඕනේ.
මේ තැන කොහෙද කියලා සඳහන් නොවුණනත්
පොඩ්ඩක් එහෙ මෙහෙ වුණොත් කෑලි සවලකින් තියා vacuum cleaner එකකින් වත් ඇහිඳින්න බැරි
මේ වැඩේ නම් අතිශයින්ම අනතුරුදායකයි කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.
මෙයාලට හෙල්මට් කෙසේවෙතත් පැරචුට් එකක්නම් ප්‍රයෝජනවත් වෙයි.
ඒ හින්දා මේ කරන වැඩේ අගය කරනවද නොකරනවද කියලා හිතාගන්න එක ඔබට බාරයි.

Subscribe to:
Posts (Atom)