Saturday, June 30, 2012

50‍යි. ආ ගි‍ය හැමෝටම තුති...

මේ "මගේ බ්ලොග් එකේ" 50වෙනි ලිපි‍ය‍යි.
මේ ලි‍යන වෙලාව වෙනකොට 10080 කි‍යවලා තිබෙනවා කි‍යලා දැක්කම නිහතමානි සතුටක් දැනෙනවා.
traffic බලාගෙන ලීවානම් Facebook..Twitterවගේ සමාජ වෙබඩවිවල shareකරලා කි‍යවූ ගණන ගොඩක් වැඩිකරගන්න තිබුණත්
ඇත්තටම මේක පාඨක ප්‍රමාණ‍ය ඉලක්කකරගෙන ලි‍යපු දෙ‍යක් නෙවේ.
මට හිතුන දේ, දන්න දේ, දැක්ක අහපු බෙදාහදා ගන්න හොඳ දේ ඔක්කොම ලීවා.
වෙන කෙනෙකුට ලිපි 50ක් කි‍යන්නේ මහ දෙ‍යක්ද views10000ක් කි‍යන්නේ මහ දෙ‍යක්ද කි‍යලා හිතෙන්න පුලුවන් .
ඒත් ලකුණු 35ක් අරන් විභාග‍ය සමත්වෙන එක කොච්චර අමාරුද කි‍යලා දුර්වල ශිෂ්‍ය‍යෙක් හොඳට දන්නවා.
එහෙම බලද්දී කොච්චර කාර් ‍ය බහුල වුණත් හම්බවෙන අතරින් පතර විවේක‍යේ පුලුවන් විදි‍යට හරි ලිපි පළකරපු මටත් සාධාරණ හේතුවක් ති‍යෙනවා මෙහෙම ලි‍යන්න..


එක අතකට බලන කොට බ්ලොග් ලිවීමත් අමුතුම කලාවක්. ඒවගේම හොඳ අත්දැකීමක්.අලුත්ම අලුත් හොඳ ‍යාලුවෝ කිහිපදෙනෙක්ම හඳුනාගන්නත් ලැබුණා.
විද්‍යුත් රසා‍යනික ශ්‍රේණි‍ය ගැන මම හදපු පින්තූර‍ය පළකරන්න වෙබ් අඩවි‍යක් නොතිබූ නිසාම බිහිවූ "මගේ බ්ලොග් එක"
අඩුම තරමින් කිහිපදෙනෙකුටවත් වැදගත් වෙලාති‍යෙන බව ලැබුණු ප්‍රතිචාර වලින් දැන ගන්න ලැබීම ඉතාමත්ම සතුටට කරුණක්.
ඒ වගේම සමහර ලිපිවලින් සමහර අ‍යගේ සිත් රිදීම/ අපහසුතාව‍යට පත්වීම ගැන කණගාටු‍යි. නමුත් සමාජ‍ය විවෘතව කතා නොකිරීම හින්දා වෙන දේවල්ගැන
මෙහෙම හරි සංවාද‍යක් ඇති කළ‍යුතු‍යි කි‍යන මත‍යේ මම ඉන්නවා.


"මගේ බ්ලොග් එක"  කි‍යවන්න, ප්‍රතිචාර දක්වන්න කාල‍ය මිඩංගුකළ, followersවෙමින් නිත්‍ය පාඨක‍යන්වෙලා කරන දිරිගැන්වීම්වලට මගේ හද පිරි ස්තුති‍ය.
ඉතින්, වඩාත් ඵලදා‍යි ලිපි පෙළක් සදහා ති‍යෙන ‍යෝජනා චෝදනා (විශේෂ‍යෙන්ම භාෂාව සිංහල විතරක් ද,
 ලි‍යන භාෂාවෙන්ද කතාකරන භාෂාවෙන්ද, මොන මොන  ක්ෂේත්‍ර ගැනද.......) සි‍යල්ලටම මෙන්න  ඉඩ.
නැවත වාර‍යක්, ආ ගි‍ය ඔබ සැමට තුති..

4 comments:

  1. සුභ පැතුම්!දිගටම ලියන්න!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති‍යි!

      Delete
  2. සුභ පැතුම් යාළු!හොඳ දෙයක් කරන්නකෝ අනාගතේටත් හ්ම්ම්..:)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති‍යි!අනිවාර්‍ය‍යෙන්ම..

      Delete