මෙය මෙතෙක් මා සිදුකළ සැත්කම් අතරින් සංකීර්ණම සිසේරියන් සැත්කම්වල ගිණුමට බැර වූවා පමණක් නොව ඒ හා බැඳි සංවේදී කතාව මෙය මට අමතක කළ නොහැක්කක්ම බවට පත් කළේය.
කොන්දට එන්නතක් විද නිර්වින්දනය කරතිබුණෙන් (Spinal anesthesia) ඇය දරුවා ගන්නා තුරු ඇය විඳි ගැහැට අපට කියන්නට විය.
හදිසි අනතුරකට ලක්ව මාස කීපයකට කලින් සැමියා මියයන විට ඇයට තවත් දරුවෙකුත් මෙමදරුවා කුස තුළත් විය.
මෙවන් අසරණ වූ කාන්තාවන් කොතෙකුත් මට හමුවී ඇතත් ඇයගෙන් කුමක් හෝ විශේෂයක් මට දිස් වූයේය.
හරිහමන් රස්සාවක්වත් නොමැතිව එද වේල කා ගතකිරීමත් ඇයට කෙතරම් අසීරු වීද?
කලින් දරුවාසිසේරියන් සැත්කමක් සිදුකර ගෙන තිබුණෙන් ගර්භාෂය ඉතාම දඩි ලෙස උදර කුහරයට ඇලවී තිබුණෙන් (Extensive Adhesions)
මෙම දරුවා එලියට ගැනීමට සාමාන්‍ය කාලය මෙන් පස් හය ගුණයක් කාලය ගතවිය.
දරුවා ගත් පසුද නොනවත්වා ලේ වහනය වූයෙන් එය නවත්වා මවගේ ජීවිතය බේරාගැනීමට තවත් අමතර පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.
මේ සටහන ලියැවෙන මොහොත වනවිටත් සැත්කමින් පසුව මවත් දරුවාත් යහපත් සෞඛ්‍යතත්ත්වයෙන් පසුවීම මට ඉමහත් අස්වැසිල්ලක් විය.
මා නොදන්නා මුත් මගේ දෑත මත මෙලොව එලිය දුටු පුතුණි,
නුඹ මෙලොව එලිය දුටුවේ වෙන දරුවෙකු මෙන් පහසුවෙන් නොවේ.
ඇලී තිබූ බඩවැල් දෙබෑ කරගෙන ඔබ පැමිණි මඟේ ඇරඹුමම අසීරු විය.
එය කිසිවෙකුත් නුඹට නොකියනු ඇත.
නුඹට දැනගැනීමට විදියකුදු නොමැත
නුබේ මව ඔබ වෙනුවෙන් විඳි දුක ඔබට නොකියනු ඇත.
හරි හමන් රැකියාවකුත් නොමැතිව අස්වාමිකවූ ඔබේ මවව ගොදුරු කරගැනීමට දහසක් නෙත් මාන බලනු ඇත.
රැකගන්න ඇසක් මෙන් ඔබ වැදූ මවව
නොවන්න රටට බරක්, පාදඩ රස්තියාදු කරයෙන් වී පවුලේ නම කෙලෙසන
යම් හෙයකින් කවදා හෝ දිනක නුඹ දකීවි මා තැබූ මේ සටහන
එදාට මා සිටී දැයි මා පවා නොදනිමි.
මෙය නොදැකීමටද පුලුවන.
යායුතු මඟ දුරයි
සුභ අනාගතයක් පතමි පුතේ ඔබට, දිනන්න ලොවම ඔබ කුස තුළින් මගේ දෑතට පැමිණි ලෙසටම
Welcome to my blog ! විවිධාකාර මාතෘකා ගැන ලියැවුණු විවිධාකාර ලිපි මෙතන තියෙනවා.මට හිතුන දේවල්, මම හදපු දේවල්. සමහරවිට මේවා කොහෙදි හරි දැකලා තියෙන්නත් පුලුවන්. අන්තර්ජාලයේ සැරිසරනකොටහරි E mailවලින් හරි මට හම්බවුණ බෙදාහදාගන්න වටිනදෙයක් නම් මෙතන ඒක තියෙනවා.
Sunday, April 23, 2017
Thursday, April 20, 2017
උන්ගේ වාහන උන්ගේ පාර
මේක ටික කාලෙකට කලින් වුණ දෙයක් . ඒකාලේ අපේ ගමට වැඩිය වාහන තිබුණේ නෑ. ත්‍රීවීල් වුනත් අද වගේ නෑ. ගෙවල් වලට හැරෙන හන්දියේ ඉදන් කිලෝමීටර ගාණකටම තිබුනේ අපේ වෑන් එකයි.
තව ගෙදරක වෑන් එකකකුත් වැඩිම වුණොත් ත්‍රීවීල් 1ක් හෝ 2ක්. අපේ ගෙදර වෑන් එක වුනත් ඒක නිකම් "ගමේ වෑන්" එක වගේ තමා කට්ටය බස් එකක් එනකම් පාරේ ඉන්නවනම් ඉන්න ඔක්කොම පටවගෙන යන්නේ. අනිත් වාහන දෙක තුනත් ඔහොමම තමා.
පාරනම් නම් අන්තිමයි. වලවල්ම විතරයි. එකක්වත් ඒපාරේ එන්න කැමති නෑ පාර සවුත්තු හින්දා.
කොච්චර වගකිවයුත්තන්ට කීවත් පාර හැදෙන්නෙත් නෑ.
ඉතින් ගමේ කාටවත් කරදරයක් වුණොත් ඉතින් මේ වාහන දෙක තුනෙන් එකකම පිහිටම තමා. පාර කැඩිලා හින්දා ටයර් shock-absorbers, mounts, brake pads ඔක්කොම ටික කාලෙකින්ම සවුත්තු වෙනවා. වාහන නඩත්තු වියදමුත් සැරයි.
කියලා කියලා අන්තිමේදි ඔන්න පාරට කොන්ක්‍රීට් දැම්මා.
පාර හදලා ඉවර වුණාම ඒ ඉන්ජිනේරු මහත්තයා කියලා තියෙනවා
"හම්බවෙච්ච ගාණට මීට වඩා කරන්න අමාරුයි ගමේ කට්ටියට පුලුවන් විදියට තමුන්ගේ ගෙවල් ඉස්සරහ ටිකවත් පාර දෙපැත්ත පස් දාල පුරවගන්න"
ඒ හින්දා ඉතින් පිටින් පස් ගෙනල්ලා පිරවීමක් වුනෙත් නෑ.
අනික ඉතින් කිලෝමීරට ගානක් පස් පුරවනවා කියන්නේ ලේසි වැඩකුත් නෙවෙයිනේ.
පාර හරි. හැබැයි දැන් පොඩි අවුලක් පාර කලින් මට්ටමට වඩා අඟල් 6ක් විතර උසයි. පාර දෙපැත්තෙන්ම ලොකු ගැට්ටවල් දෙකක්.
ඉස්සරහින් වාහනයක් ආවොත් අයින් කරන්න ආපහු යන්න වෙනවා සෑහෙන දුරක්.
පාර වංගු පල්ලම් වැඩි හින්දා පාරම brakeකරකර යන්න ඕනි. ඉඩ නැතුව අයින් කරන්න ගිහින් වාහනවලට අලාභ හානිත් වෙලා.
ශ්‍රමදානයක් වත් දායි නේ කියල හිතුවත් වැඩේ වෙනපාටක් නෑ. හන්දියේ ත්‍රීවීල් වලටත් මේකේ වගේ වගක් නෑ මොකද එයාලට වඩා පාර පාවිච්චි කරන්නේ අපි වීමත් ත්‍රීවීල් එකකට ලොකු වාහනයක ගැටලු ඇති නොවීමත් නිසා. කරන්නම දෙයක් නැති තැන අප්පච්චි අපිවත් එක්කගෙන ගිහින් පුලු පුලුවන් තැන්වලින් පාර අයින පුරවන්න පටන් ගත්තා.
අපිත් ඉතින් පොඩියි. හයේ හතේ වගේ ඇති.
දැන් මේක බලන් ඉන්න අය අපි ගිනි අවුවේ කරගැට දාගෙන දාඩිය පෙරාගෙන වැඩ කරද්දි පස් ටිකක්වත් ඇදලා දෙනවා වෙනුවට
" ආ පාර පුරවනවා වගේ ... වාහනේ යන්නත් අමාරුයි නේද? හොඳ වෙලාවට අපිනම් තාම බස් එකේ යන්නේ " වගේ කතා කිය කියා යනවා.
හැබයි මේ මිනිස්සුම තමා මහ රෑත් එක්ක ලෙඩ්ඩු ගෙනියන්න අපේ ගෙවල්වලට අවේ කියල අමතක වෙලා වෙන්න ඇති.වැඩේ සෑහෙන්න ඉවර වුණාම අපිට මහන්සියි. අප්පච්චිට හිතට හරි නෑ. පුංචි අපිවත් වැඩට දාගෙන කරද්දි ගමේ මිනිස්සු කියපු කතාවලට.
මේක ඉතින් පස්සේ දවසක ගෙදර ආව අපේ හිතවතෙක්ට කිවා. එයා කිව්ව දේ තමා
" අයියා ඔයාලා මේ කරේ හොඳ වැඩක් . හොඳ වැඩක් කරලා හිත නරක් කරගන්න එපා ඔය වගේ කතා අහලා. ඔයාල කරපු දේට ඔයාලට හොඳ හම්බවෙයි. එයලාට දැන්මම පල දීල තියෙන්නේ.
වාහනවල කැඩෙන කැලි අපේ රටේ හදනවා නෙවේ. ඕව පිට රටින් ගෙන්නන්න ඕනේ. ඒවට සල්ලි ගන්නේ අපේම බදු සල්ලි. ඒකටත් බදු ගෙවන්න ඕනේ. බදු අපි හැමෝම ගෙවන්න ඕනේ.
පාර කබල් වුනාම අවුරුද්දක් දුවන්න තිබ්බ shock-absorber, brake pad මාස හයෙන් ගෙන්නන්න වෙයි.
ඒ බදු ගානත් ගෙවන්න වෙන්නේ රටේම සල්ලි. අපි සල්ලි දීල ගන්න වුනත් රජයට වෙනවා ඕව ගෙන්නන්න. නාස්ති වෙන්නේ අපේම සල්ලි. අන්තිමේදි අපේම බඩුමිලතමා වැඩිවෙන්නේ.
ඔයාලා වාහනවල යනගමන් බදු ගෙවුවා. උන් පයින් යනගමන් ඔයලගේ වාහනවලට බදු ගෙවුවා. "
තව කෙනෙකුට කරදරයක් වුණාම අපිට නෙවේ වගේ අහක බලන් හිටියහම සමහර වෙලාවට අපිට නොදැනීම ඒ හානිය අපිටම එන්න පුලුවන්.

Labels:
අත්දැකීම්,
මගේ කතා,
මට හිතෙන හැටි
Location:
Mawanella, Sri Lanka
Subscribe to:
Posts (Atom)