මේවගේ එක ලිපියකින් අවුරුදු ගාණක් තිස්සේ නොදැනීම පුරුදු කරගත්ත දෙයක් අත්හරින්න අමාරුවෙයි. ඒත් හිතනවානම් කාටද බැරි?
කොච්චර සෞඛ්‍යසම්පන්නව සිටියත් අපිට ලෙඩ නැතිව ඉන්න ( විශේෂයෙන්ම බෝවන ආසාදිත රෝගවලින්) හරිම අමාරුයි.
ඇසට නොපෙනෙන මේ ඉතාම කුඩා රෝගකාරක අප අවට පැතිරෙන්න වගේම
අපේ ඇඟට ඇතුලුවෙලා ඇඟේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය රවට්ටන්නත් හරිම දක්ෂයි.
ලෙඩ හදන මේ රෝගකාරකයෝ අප අවට තියෙන වාතය මගින්, අපිරිසිදු ආහාර, රුධිරය වගේ ගොඩක් ක්‍රමවලින් පැතිරෙන්න පුලුවන්.
නිතර හැදෙන සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ අමාරු වගේ ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග වගේම
වාතය හරහා ව්‍යාප්තවෙන රෝගකාරක වලට අපේ දෑත් දෙන්නේ ඉතා විශාල සහයෝගයක් කියලා දැනගෙන හිටියාද?
ඇත්තටම වාතය හරහා ව්‍යාප්තවෙන වෙන ලෙඩ ප්‍රමාණය 50%කට වඩා සිදුවෙන්නේ අත් හරහා (hand transmission) කියලයි දැන් කියන්නේ.
ඒක වෙන්නේ මෙහෙමයි වාතයේ පාවෙලා ආව විෂබීජයක් කොහේ හරි පතිත වෙලා තියෙනවා කියලා හිතමු.
අපි කොහේහරි යනකොට මේක අතේ ගෑවෙනවා. නිතර මූණ අල්ලන හරි පිහදානහරි කෙනෙක් අතින් මේක නිකම්ම මූණට යනවා.
එතනින් නාසය හරහා හෝ කට ඇඟට ඇතුලුවෙන එකත් එක්කෝ අපි අතින් නොදැනීම වෙන්නත් පුලුවනි (නහය අවට කැසීමක් වගේ)
එහෙමත් නැත්නම් මෙච්චර දුරක් ආව ඒකට විෂබීජය මගින්ම වෙන්නත් පුලුවනි.
නිකම් හිතලා බලන්න සෙම්ප්‍රතිශ්‍යාව හැදුන ගොඩක් අය ලේන්සු පාවිච්චිකරනවානේ. ඒත් ඒක සොටුවලින් පෙඟුණත් අතේම ගුලිකරගෙන ඉන්නවා.
ලේන්සුව අතින් අතට මාරුකරනවා. දැන් කොහේහරි ( මේසයක් පුටුවක් වගේ) අල්ලනවා.
ඔක්කොම දැන් පුටුවේ. මෙතනින් යන කවුරුහරි මේසය අල්ලනවා. ඔන්න දැන් ටික එයාගේ අතේ.ටික වෙලාවක් යද්දි ඔහු නිකටේ අත තියාගෙන කල්පනා කරනවා.
එක්කෝ නහය පිහදානවා.කලින් කතාවම තමා. විෂබීජය සාමාන්‍යයෙන් වාතය හරහා යායුතු වුවත් නොදැනීම අත් හරහා අපි ලෙඩේ බෝකරගන්නවා.
අනිත් දේ තමා කිවිසීම. ගොඩාක් අය කිවිසුමක් යද්දි කට අතින් වහගෙන යවනවා. එක්කෝ ලේන්සුවකින් කට වහනවා.
හොඳයි. කාගේවත් මුහුණට කෙළ විසිවෙන්නේත් නෑ තමා. ඒත් ඊට පස්සේ කරන්නේත් කලින් කියපු දේම නේද?
මේ හින්දා දැන් කියන්නේ කිවිසුමක් යනකොට තමුන්ගේ වැලමිට නවලා ඇතුලු පැත්තෙන් මුඛය ආවරණය කරගන්න කියලා.
මොකද එතන අපි අතින් නැවත නැවත අල්ලන්නේ නැති හින්දා.
මේ ලිපියෙන් ප්‍රයෝජනයක් වුණාකියලා මම හිතනවා. ඉතින් දැන් ඉඳන්වත් මුහුණ අල්ලන්නේ නැතුව ඉන්න..
No comments:
Post a Comment