Wednesday, May 14, 2014

සි‍යල්ල අත්හරින්න ඔබට ඒ සි‍යල්ල ලැබේවි

"අපේ තාත්තට ඉස්සර කඩ‍යක් තිබුණා. කඩේ දුම්වැටි විකුණනවට මම කැමති වුණේ නෑ.
හැබැ‍යි කඩේට ආව ගොඩක් අ‍ය කඩෙන් වෙන බඩු ගත්තෙත් ‍දුම්වැටියක් දල්වාගෙනම‍යි. මම කඩේ දුම්වැටි විකුණන එක කොහොමහරි නැවැත්තුවා.
බලාගෙන ඉඳද්දී වෙළඳාම කඩන් වැටුණා.  මොකටද ප්‍රාණඝාත‍යට අනුබල දෙන්නේ කි‍යලා ඊට පස්සේ මස් මාලු කරවල විකුණන එකත්  නැවැත්තුවා.
තවත් වෙළඳාම කඩන් වැටුණා. ඉතුරුවුණේ පාසල් ලිපි ද්‍රව්‍ය වගේ දේවල් තමා. මම කළේ හොඳ දෙ‍යක් කි‍යලා දන්න නිසා මම දුක් වුණේ නෑ.
අපේ තාත්ත හොඳ සිංහල වෙදෙක්. වෙදකම  එච්චර සරු නැති නිසා වැඩේ නවත්තලා තමා තිබුණේ.
වෙළඳාම හරි‍යන්නේ නැති හින්දා ආපහු වෙදකම පොඩි‍යට කඩේ පැත්තක පටන් ගත්තා.
පුදුම වැඩේ කි‍යන්නේ නොහිතපු විදි‍යේ ආද‍යමක් අපිට එන්න ගත්තා.කඩේනම් අවුරුද්ද පුරාම උදේ ඉඳන් රෑ වෙනකම් ඇරලා ති‍යන්න වුණ නිසා අපිට කිසිම විවේක‍යක් තිබුණෙත් නෑ.
හැබැ‍යි මේ වැඩෙන් අපිට ලොකු ආද‍යමකුත් එක්ක ලොකු විවේක‍යකුත් ලැබුණා.
මේ විශ්ව‍යේ හැටි එහෙම‍යි. ඔබ හොඳක් කළොත් ඔබට පොලි‍යත් එක්ක ලැබෙනවා."

"ඔබට ඕනේ ධන‍ය නම් මිල මුදල් ගැන ආශාව අතහැර දන්දෙන්න.
ඔබට ඕනේ කාල‍ය නම් ඔබේ කාල‍ය අන් අ‍යගේ සැපත සඳහා ශ්‍රම දාන‍ය කරන්න.
නමුත් ති‍යෙන ටිකත් නැතිවේ‍යැ‍යි බි‍යෙන් අපි මිල මුදල්
දන්දෙන්න බ‍ය‍යි. දන්න දේ කාටවත් කි‍යලා දෙන්න බ‍ය‍යි ඔහු දැනුමෙන් අපිව අභිබවා ‍ය‍යි කි‍යලා. 
නමුත් අපි තේරුම් කරගත ‍යුතු‍යි වී අහුරක් පැළ වෙන්න දැම්මොත් ඒ වෙලාවට අපිට නැති වෙනවා ඒක ඇත්ත නමුත් පැළ වුණාම නොසිතූ විදි‍යට පොලි‍යත් එක්ක අපිට ලැබෙන බව.
"


මේ කතාව මට කිවුවේ නිල්ලඹ භාවනා මධ්‍යස්ථාන‍යේ බොහෝ කාල‍යක් සිට භාවනානු‍යෝගීව ඉන්න ‍යෝගිතුමෙකුයි.
මෙහෙම පළකරනවට මම අවසර‍යක් ගත්තේ නැති හින්දා නම සඳහන් කළේනම් නෑ.
නමුත් ජීවිත‍යට ගත ‍යුත්තක් ති‍යෙන බව මට තේරුණු නිසා තමා මෙහෙම පළකළේ. 

10 comments:

  1. ඔබටත් එසේම වේවා!!! :)

    ReplyDelete
  2. මමත් ඔය සින් එක අත්දැකීමෙන් දන්නවා
    ඔය කර්මානුකුලව සිදුවෙන ලෝක සංසිද්ධියක්
    මේ ඒගැන මම ලියපු ලිපිය (ඇඩ් එකක් නොවේ )

    http://tiraj.blogspot.com.au/2013/06/let-go-to-get-more.html

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.. ඔබගේ ලිපි‍යත් කි‍යෙව්වා.. මේ දේවල් පිළිගන්න මැලිකමක් ති‍යෙන අ‍යට ඔන්න හොඳ උදාහරණ

      Delete
  3. දැන් ඔයාට වෙද පරපුරක ගොඩ නැඟුනු කීර්ති නාමයක් තිබ්බ හින්දා වෙද කම පටන් ගන්න ලැබුනා.ඒත් ඒ විදිහේ වෙද ශිල්පයක් හෝ පාරම්පරික ධනයක් නැති කෙනෙක් මොකක්ද කරන්නේ?ඔය නියමය ඒ විදිහටම එයාටත් ක්‍රියාත්මක වේද?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේක මගේ කතාව නෙවෙ‍යි. මට කෙනෙකු ලි‍යපු ඔහුගේ අත්දැකීමක්. මෙහෙම දෙ‍යක් ති‍යෙනවා මිත්‍ර‍යා, මම බෞද්ධ‍යෙක්.මම බුදුහාමුදුරුවන්ව විශ්වාස කරනවා. ඒ වගේම උන්වහන්සේ අනුදැන වදාළ ධර්ම‍ය වන අත්හැරීමෙ ප්‍රතිපදාවත් මෙ‍යින් වෙනසක් නෑනේද? බුදු හාමුදුරුවන් වදාල විදි‍යට හිටි‍යොත් අපිට වරදින්න කිසිම හේතුවක් නෑ.

      Delete
  4. සත්තකින්ම ඇත්ත ඔබට ජය

    ReplyDelete