භාවනාව කියන්නේ ටිකක් විතර අත්හැරීමට සම්බන්ධ දෙයක් වගේනේ අපේ ඔලුවට එන්නේ..
එතකොට කොහොමද භාවනා කරොත් රසට කන්න පුලුවන් වෙන්නේ ?
හොඳ ප්‍රශ්නයක් තමා..
මේ ගැන හොඳ විග්‍රහයක් කළා නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයේ උපදේශක උපුල් ගුරුතුමා..
අද උදේට කෑව දේ ඔබට මතක කරන්න පුලුවන්ද? ඔක්කොම ව්‍යාංජන ටිකත් එක්ක..
හොඳයි. එහෙනම් ඊයේ.. ? කලින් දවසේ යාලුවොත් එක්ක ආපනශාලාවකට කන්න ගිය ඒවා..
ලැයිස්තුව මතක් කළත් රස කොයි වගේද මතකද? හරියටම අවංකව ඔබෙන්ම ඇහුවොත් තෙරේවි එහෙම හරියට මතක නැති බව.
දහස් ගාණක වියදම් කරලා අන්තර්ජාලයේ ඡායාරූපත් දාලා ඒත් කරන්න ගිය මූලිකම දේවත් හරියට රස විඳලා නෑ නේද?
වෙන්නේ එක්කෝ යාලුවෝ එක්ක නොයෙකුත් කතාවල ඉන්න ගමන් කන්න ඇති.. එක්කෝ ටෙලිනාට්‍ය දිහා බලාගෙන ඉඳලා කන්න ඇති..
කෑම නම් කාල ඉවරයි. ඒත් ඔබේ " සිහිය" Mindfulness තිබුණේ වෙන තැනක.
භාවනාව ඔබව නිවැරදිව සිහියේ පිහිටුවනවා.
කෑම ගන්න වෙලාවක ඇත්තටම රසට කන්න වුනත් ඉතාම කෙටි වෙලාවක් සිහිය තිබුණත් ඇති.
ගොඩක් වෙලා සිහිය තියෙනවනම් වඩාත් හොඳයි.
මෙහෙම හිතන්න. කෑමක රස අපිට දැනෙන්නේ හරියටම
කෑම ඇනවුම් කරන වෙලාවේ, අතින් අනන වේලවේ, අනපු ආහාර ටික කටට ඇරන් යනකොට,
දිවේ කෑම තැවරෙන, කටේදී මිශ්‍රවෙන, උගුරෙන් ගිලින වෙලාවන් ගෙන් ඇත්තටම මොන වෙලාවේද?
ඇත්තටම මේ වගෙන් දිවේ කෑම තැවරෙන, කටේදී මිශ්‍රවෙන වෙලාවේ විතරනේ.
රසම රස චොකලට් අයිස් ක්‍රීම් එකක් ගැන හිතන්න. නිහඬව මෙනෙහි කරන්න. එහි රසවත් බව.
වෙන කල්පනා අමතක කර එය දිවේ තැවරෙන මොහොතේ එහි රස ගැන අවධානය යොමු කරන්න.
වෙනදාට වඩා එය රසවත් බව ඔබට දැනේවි. වෙනදා යහලුවන්ගේ කතා සිනහ මැද කෑමේ රසය අමතක කර එය ගිල දැමුවත්
අද එය එසේ නොවන බව ඔබට දැනෙනු ඇත.
අජාන් බ්‍රහ්මවන්සෝ ස්වාමීන් වහන්සේත් මේ නිසා තමා වරක් දේශනා කළේ කෑමේ රස වැඩියෙන්ම රස විඳින්න ලැබෙන්නේ හාමුදුරුවරුන්ට බව.
භාවනා කරන්න. " සිහිය " පිහිටුවාගන්න. නිහඬව ආහාරය රස විඳින්න. වෙනදාට වඩා වෙනදා ආහාරයම "අද" රසවත් බව ඔබට දැනේවි.
Welcome to my blog ! විවිධාකාර මාතෘකා ගැන ලියැවුණු විවිධාකාර ලිපි මෙතන තියෙනවා.මට හිතුන දේවල්, මම හදපු දේවල්. සමහරවිට මේවා කොහෙදි හරි දැකලා තියෙන්නත් පුලුවන්. අන්තර්ජාලයේ සැරිසරනකොටහරි E mailවලින් හරි මට හම්බවුණ බෙදාහදාගන්න වටිනදෙයක් නම් මෙතන ඒක තියෙනවා.
Thursday, November 16, 2017
Sunday, July 30, 2017
ජුදාස්ගේ හාදුව
ලොවම කැළඹූ " ජුදාස්ගේ හාදුව " නම් මෙම ඡායාරූපය දැක තිබේද?
මෙහි සිටින්නේ මෙම ගවයාගේ හිමිකරුවාය.
ඔහු මේ ගවපොර සඳහා ඇති දැඩිකළේය. අවසානයේදී උස්මහත් වූ ගවයා ගවපොරවලට විකුණා දමන ලදි.
ගවපොරයේදී ගවයා දැඩිලෙස තුවාල වී ලේ ගලමින් සිටින විට
දහස් ගණනක් ප්‍රේක්ශකයන් අතර
තමාව හැදූ වැඩූ තම පෙර ස්වාමියා සිටිනු දකින ගවයා ඔහු වෙත දිව යනවා.
ඔහු වෙත යන්නේ මෙහි සිටින්නන් අතුරෙන් තමාව දන්නා එකම පුද්ගලයා නිසයි.
තව මොහොතකින් තවත් පහරදීම්වලට ලක්ව වධවේදනා විඳ මියයාමට නියමිත බව දැනී
පිහිටක් පතා ඔහු වෙත පැමිණියත් මුල් හිමිකරුවා ගවයාට හාදුවක් දීමට වඩා
වෙනත් කිසිදු ආකාරයක උදව්වක් කරන්නේ නෑ
මිනිසුන්ගේ කුරිරු බවත් අකෘතඥබවත් පෙන්වූ මෙම සිදුවීමක කැමරා කාචයක සටහන් වන අතර
එම ඡායාරූප ශිල්පියා මෙය " ජුදාස්ගේ හාදුව " Kiss of Judas ලෙස නම් කරනු ලබනවා.

Sunday, April 23, 2017
එය තවත් එක් සිසේරියන් සැත්කමක් පමණක් නොවීය.
මෙය මෙතෙක් මා සිදුකළ සැත්කම් අතරින් සංකීර්ණම සිසේරියන් සැත්කම්වල ගිණුමට බැර වූවා පමණක් නොව ඒ හා බැඳි සංවේදී කතාව මෙය මට අමතක කළ නොහැක්කක්ම බවට පත් කළේය.
කොන්දට එන්නතක් විද නිර්වින්දනය කරතිබුණෙන් (Spinal anesthesia) ඇය දරුවා ගන්නා තුරු ඇය විඳි ගැහැට අපට කියන්නට විය.
හදිසි අනතුරකට ලක්ව මාස කීපයකට කලින් සැමියා මියයන විට ඇයට තවත් දරුවෙකුත් මෙමදරුවා කුස තුළත් විය.
මෙවන් අසරණ වූ කාන්තාවන් කොතෙකුත් මට හමුවී ඇතත් ඇයගෙන් කුමක් හෝ විශේෂයක් මට දිස් වූයේය.
හරිහමන් රස්සාවක්වත් නොමැතිව එද වේල කා ගතකිරීමත් ඇයට කෙතරම් අසීරු වීද?
කලින් දරුවාසිසේරියන් සැත්කමක් සිදුකර ගෙන තිබුණෙන් ගර්භාෂය ඉතාම දඩි ලෙස උදර කුහරයට ඇලවී තිබුණෙන් (Extensive Adhesions)
මෙම දරුවා එලියට ගැනීමට සාමාන්‍ය කාලය මෙන් පස් හය ගුණයක් කාලය ගතවිය.
දරුවා ගත් පසුද නොනවත්වා ලේ වහනය වූයෙන් එය නවත්වා මවගේ ජීවිතය බේරාගැනීමට තවත් අමතර පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.
මේ සටහන ලියැවෙන මොහොත වනවිටත් සැත්කමින් පසුව මවත් දරුවාත් යහපත් සෞඛ්‍යතත්ත්වයෙන් පසුවීම මට ඉමහත් අස්වැසිල්ලක් විය.
මා නොදන්නා මුත් මගේ දෑත මත මෙලොව එලිය දුටු පුතුණි,
නුඹ මෙලොව එලිය දුටුවේ වෙන දරුවෙකු මෙන් පහසුවෙන් නොවේ.
ඇලී තිබූ බඩවැල් දෙබෑ කරගෙන ඔබ පැමිණි මඟේ ඇරඹුමම අසීරු විය.
එය කිසිවෙකුත් නුඹට නොකියනු ඇත.
නුඹට දැනගැනීමට විදියකුදු නොමැත
නුබේ මව ඔබ වෙනුවෙන් විඳි දුක ඔබට නොකියනු ඇත.
හරි හමන් රැකියාවකුත් නොමැතිව අස්වාමිකවූ ඔබේ මවව ගොදුරු කරගැනීමට දහසක් නෙත් මාන බලනු ඇත.
රැකගන්න ඇසක් මෙන් ඔබ වැදූ මවව
නොවන්න රටට බරක්, පාදඩ රස්තියාදු කරයෙන් වී පවුලේ නම කෙලෙසන
යම් හෙයකින් කවදා හෝ දිනක නුඹ දකීවි මා තැබූ මේ සටහන
එදාට මා සිටී දැයි මා පවා නොදනිමි.
මෙය නොදැකීමටද පුලුවන.
යායුතු මඟ දුරයි
සුභ අනාගතයක් පතමි පුතේ ඔබට, දිනන්න ලොවම ඔබ කුස තුළින් මගේ දෑතට පැමිණි ලෙසටම

Thursday, April 20, 2017
උන්ගේ වාහන උන්ගේ පාර
මේක ටික කාලෙකට කලින් වුණ දෙයක් . ඒකාලේ අපේ ගමට වැඩිය වාහන තිබුණේ නෑ. ත්‍රීවීල් වුනත් අද වගේ නෑ. ගෙවල් වලට හැරෙන හන්දියේ ඉදන් කිලෝමීටර ගාණකටම තිබුනේ අපේ වෑන් එකයි.
තව ගෙදරක වෑන් එකකකුත් වැඩිම වුණොත් ත්‍රීවීල් 1ක් හෝ 2ක්. අපේ ගෙදර වෑන් එක වුනත් ඒක නිකම් "ගමේ වෑන්" එක වගේ තමා කට්ටය බස් එකක් එනකම් පාරේ ඉන්නවනම් ඉන්න ඔක්කොම පටවගෙන යන්නේ. අනිත් වාහන දෙක තුනත් ඔහොමම තමා.
පාරනම් නම් අන්තිමයි. වලවල්ම විතරයි. එකක්වත් ඒපාරේ එන්න කැමති නෑ පාර සවුත්තු හින්දා.
කොච්චර වගකිවයුත්තන්ට කීවත් පාර හැදෙන්නෙත් නෑ.
ඉතින් ගමේ කාටවත් කරදරයක් වුණොත් ඉතින් මේ වාහන දෙක තුනෙන් එකකම පිහිටම තමා. පාර කැඩිලා හින්දා ටයර් shock-absorbers, mounts, brake pads ඔක්කොම ටික කාලෙකින්ම සවුත්තු වෙනවා. වාහන නඩත්තු වියදමුත් සැරයි.
කියලා කියලා අන්තිමේදි ඔන්න පාරට කොන්ක්‍රීට් දැම්මා.
පාර හදලා ඉවර වුණාම ඒ ඉන්ජිනේරු මහත්තයා කියලා තියෙනවා
"හම්බවෙච්ච ගාණට මීට වඩා කරන්න අමාරුයි ගමේ කට්ටියට පුලුවන් විදියට තමුන්ගේ ගෙවල් ඉස්සරහ ටිකවත් පාර දෙපැත්ත පස් දාල පුරවගන්න"
ඒ හින්දා ඉතින් පිටින් පස් ගෙනල්ලා පිරවීමක් වුනෙත් නෑ.
අනික ඉතින් කිලෝමීරට ගානක් පස් පුරවනවා කියන්නේ ලේසි වැඩකුත් නෙවෙයිනේ.
පාර හරි. හැබැයි දැන් පොඩි අවුලක් පාර කලින් මට්ටමට වඩා අඟල් 6ක් විතර උසයි. පාර දෙපැත්තෙන්ම ලොකු ගැට්ටවල් දෙකක්.
ඉස්සරහින් වාහනයක් ආවොත් අයින් කරන්න ආපහු යන්න වෙනවා සෑහෙන දුරක්.
පාර වංගු පල්ලම් වැඩි හින්දා පාරම brakeකරකර යන්න ඕනි. ඉඩ නැතුව අයින් කරන්න ගිහින් වාහනවලට අලාභ හානිත් වෙලා.
ශ්‍රමදානයක් වත් දායි නේ කියල හිතුවත් වැඩේ වෙනපාටක් නෑ. හන්දියේ ත්‍රීවීල් වලටත් මේකේ වගේ වගක් නෑ මොකද එයාලට වඩා පාර පාවිච්චි කරන්නේ අපි වීමත් ත්‍රීවීල් එකකට ලොකු වාහනයක ගැටලු ඇති නොවීමත් නිසා. කරන්නම දෙයක් නැති තැන අප්පච්චි අපිවත් එක්කගෙන ගිහින් පුලු පුලුවන් තැන්වලින් පාර අයින පුරවන්න පටන් ගත්තා.
අපිත් ඉතින් පොඩියි. හයේ හතේ වගේ ඇති.
දැන් මේක බලන් ඉන්න අය අපි ගිනි අවුවේ කරගැට දාගෙන දාඩිය පෙරාගෙන වැඩ කරද්දි පස් ටිකක්වත් ඇදලා දෙනවා වෙනුවට
" ආ පාර පුරවනවා වගේ ... වාහනේ යන්නත් අමාරුයි නේද? හොඳ වෙලාවට අපිනම් තාම බස් එකේ යන්නේ " වගේ කතා කිය කියා යනවා.
හැබයි මේ මිනිස්සුම තමා මහ රෑත් එක්ක ලෙඩ්ඩු ගෙනියන්න අපේ ගෙවල්වලට අවේ කියල අමතක වෙලා වෙන්න ඇති.වැඩේ සෑහෙන්න ඉවර වුණාම අපිට මහන්සියි. අප්පච්චිට හිතට හරි නෑ. පුංචි අපිවත් වැඩට දාගෙන කරද්දි ගමේ මිනිස්සු කියපු කතාවලට.
මේක ඉතින් පස්සේ දවසක ගෙදර ආව අපේ හිතවතෙක්ට කිවා. එයා කිව්ව දේ තමා
" අයියා ඔයාලා මේ කරේ හොඳ වැඩක් . හොඳ වැඩක් කරලා හිත නරක් කරගන්න එපා ඔය වගේ කතා අහලා. ඔයාල කරපු දේට ඔයාලට හොඳ හම්බවෙයි. එයලාට දැන්මම පල දීල තියෙන්නේ.
වාහනවල කැඩෙන කැලි අපේ රටේ හදනවා නෙවේ. ඕව පිට රටින් ගෙන්නන්න ඕනේ. ඒවට සල්ලි ගන්නේ අපේම බදු සල්ලි. ඒකටත් බදු ගෙවන්න ඕනේ. බදු අපි හැමෝම ගෙවන්න ඕනේ.
පාර කබල් වුනාම අවුරුද්දක් දුවන්න තිබ්බ shock-absorber, brake pad මාස හයෙන් ගෙන්නන්න වෙයි.
ඒ බදු ගානත් ගෙවන්න වෙන්නේ රටේම සල්ලි. අපි සල්ලි දීල ගන්න වුනත් රජයට වෙනවා ඕව ගෙන්නන්න. නාස්ති වෙන්නේ අපේම සල්ලි. අන්තිමේදි අපේම බඩුමිලතමා වැඩිවෙන්නේ.
ඔයාලා වාහනවල යනගමන් බදු ගෙවුවා. උන් පයින් යනගමන් ඔයලගේ වාහනවලට බදු ගෙවුවා. "
තව කෙනෙකුට කරදරයක් වුණාම අපිට නෙවේ වගේ අහක බලන් හිටියහම සමහර වෙලාවට අපිට නොදැනීම ඒ හානිය අපිටම එන්න පුලුවන්.

Labels:
අත්දැකීම්,
මගේ කතා,
මට හිතෙන හැටි
Location:
Mawanella, Sri Lanka
Friday, March 17, 2017
කෲරත්වය හමුවේ පරව ගිය මිතුදමේ සුවඳ කුසුම- බලන්න වටින චිත්‍රපටයක්
බෲනෝ, සැමුවෙල් හා කටුකම්බි වැට
"ඈත කඳුවැටියට උඩින් හඳ තැටිය මා දිහා බලාගෙන ඉන්නව. මම ඉන්නෙ අපේ ගෙදර ආලින්දයේ උසට තියන කණුවකට පිටදීල වාඩිවෙලා. එන්න එන්නම කථවර වැඩි වේගන එනව. මම කල්පනා කළේ මගේ යාථවො ගැන. ඒ යාථවො සේරම දාල මට මේ පාථ කතරට එන්න වුණා තාත්ත හින්ද. මගේ තාත්ත ඉස්‌ටේසන් මාස්‌ටර් කෙනෙක්. රස්‌සාවෙ හැටියට කියපු තැනකට යන්න වෙනව කියලයි තාත්ත කිව්වෙ.
ඉත්sන් අපි ගෙදර සේරම බඩුමුට්‌ටු පොදි බැඳ ගෙන මෙහාට ආව. මම ඉතින් කෝච්චි දිහා බල බල ඉන්නව.
මට එකපාරටම කවුරු හරි උගුර පාදනව වගේ ඇහුණ. හරි පුදුමයක්‌නේ අපේ ගෙදර මිදුලට ටිකක් ඈතින් තියන මාර ගහ යට ළමයෙක් වාඩි වෙලා ඉන්නව. ඒයා මගේ වයසෙම වගේ කෙනෙක්. එයාගේ මුහුණ නම් ඒතරම් හොඳ නෑ. බොහොම කණගාටුවෙන් වගේ ඉන්නෙ. ඇඳගෙන ඉන්නෙ සුදු ඉරි වැටුණු පිජාමා ඇඳුමක්. එයාගේ හිස සහමුලින්ම මුඩු කරල.
ඔහ්, එයාගේ ඉස්‌සරහින් වැටක්. උස කම්බි වැටක්. මම මීට කලින් මේ වගේ වැටක් මෙතැන තියනව දැකල නෑ. හරි පුදුමයි. දැනුයි දැක්‌කෙ. වැටට එහා පැත්තෙ තවත් ළමයෙක් වාඩිවෙලා ඉන්නව. එයා අර ළමයට වඩා සහමුලින්ම වෙනස්. හොඳ කමීසයක් නිල් පාට කොට කලිසමක් ඇඳල පාවහන් දෙකකුත් දාල. කොණ්‌ඩෙත් හොඳට පීරල එහෙම. ඒ ගොල්ල කතා කරනව. මම නැගිටලා මාර ගහට ටිකක් ඈතින් තිබුණු ගල උඩින් වාඩි වෙල අහගෙන හිටිය.
"මම ඉන්නෙ වැටෙන් මෙහා පැත්තේ තියන ගේක. මගේ නම බෲනෝ" හොඳට ඇඳ පැළඳ සිටි ළමයා කිය.
"මම සැමුවෙල්" අනිත් පැත්තෙ සිටි ළමයා කිSවේය.
"ඔයා මගේ වයසේම කෙනෙක් නේද? මට නම් දැන් අවුරුදු 9 යක් වෙනව 1934 අප්‍රෙල් 15 තමයි ඉපදිලා තියෙන්නෙ"
"පුදුමයි. මගේ වයසත් 9 යයි නෙ. උපන්නෙත් 1934 අප්‍රේල් 15 දාමයි. ඔයා කෙහේ ඉඳල ආව කෙනෙක්‌ද?"
"මම ආවෙ බර්ලින් නුවර ඉඳල. ඔයා ජර්මනියේ කෙනෙක් නෙවිද?"
"නැහැ. මම පෝලන්තයෙ කෙනෙක්."
"එහෙ ජර්මනිය තරම් හොඳ නැතුව ඇති"
"ඒ මොකද?" සැමුවෙල් ඇසීය.
"අපේ තාත්ත කියන්නේ සේරම රටවලට වඩා ජර්මනිය ශ්‍රේෂ්ඨ ය කියලයි එයා මෙහේ අණ දෙන නිලධාරි නෙ"
සැමුවෙල් සිනාසුණා මිස කිසිවක් කීවේ නැත.
"ඒත් දැන් ඔයා ඉන්නේ පෝලන්තයෙ" සැමුවෙල් ටික වේලාවකට පසු කීවේය.
"මට ඔයාගෙන් යමක් අහන්න පුථවන්ද?"
"අහන්න"
"අර තරම් විශාල සෙනගක් කොටුකරල වැටෙන් එහා පැත්තෙ ඉන්නෙ ඇයි? ඔයාල මොනවද එතන කරන්නෙ?"
"ඔයා කොහොමද දන්නෙ?" සැමුවෙල් ඇසීය.
"මම දැක්‌කා. අපේ ගෙදර උඩු මහලේ මගේ කාමරය තියෙන්නෙ. ජනේලයෙන් බැලුවාම මට පෙනුණා"
ටික වේලාවක් නිහඬව කල්පනා සහිතව සිටි සැමුවෙල් කතා කළේය.
"අපි මෙහාට එන්න කලින් හිටියෙ පුංචි මහල් නිවාසයක. මගේ අම්ම තාත්ත මල්ලි ජෝසප් අපි සේරම. තාත්ත කළේ ඔර්ලොසු හදන එක. එයා මට ලස්‌සන ඔර්ලෝසුවක් දුන්නා....,
"ඉතින් ඒක කෝ?"
"එක එයාල උදුර ගත්තා"
"කවුද එයාල කියන්නෙ?"
"වෙන කවුද සොල්දාදුවො මිසක්"
ඔහොම ඉන්න කොට සේරම වෙනස් වෙන්න පටන් ගත්ත. අම්මා අපට අත්පටි මහලා දුන්න. ඒවා අපි කවුරුත් පැළැඳ සිටිය යුතු වුණා. මාස කීපයක්‌ම අපි එහෙම හිටියා. දවසක් අපට ස්sදු වුණා ක්‍රැකෝ නගරයේ උස තාප්පයක් බැඳපු තැනකට යන්න. තවත් පවුල් තුනක් එක්‌ක අපි සේරම හිටියේ එකම කාමරේ.
ඒක මහ ජරා පැත්තක්. හැම තිaස්‌සෙම සද්දේ සද්දේ. ඔහොම ඉන්න කොට දවසක් සොල්දාදුවො ඇවිත් අපි ලොකු ට්‍රක් එකකට පැටෙව්ව. සමහර කෙනෙක් හැංගුනා යන්න බැහැ කියල. ඒත් ඒ හැම කෙනෙක්‌ම අල්ලාගෙන ට්‍රක් එකට දැම්මා.
ඊට පස්‌සෙ ට්‍රක් එක කෝච්චියක් නවත්තපු තැනකට අරගෙන ගියා....... සැමුවෙල් කතාව නවතා නිහඬව සිටියේය.
ඒ කෝච්චිය මහ එපා කරපු එකක්. කෝච්චියේ පෙට්‌ටිවල ඕනවටත් වඩා තද කරල මිනිස්‌සු පැටෙව්වා. සුළගක් කියා දෙයක් නැහැ. හුස්‌ම ගත්තෙත් හරි අමාරුවෙන්. ඒ වගේම උහුලන්න බැරි තරමට ගඳයි. කෝච්චියේ දොරවල් අරින්න බැරි විදියට ලෑලි ගසා තදකර ඇණ ගසා වහලා. අන්තිමට අපි දරා ගන්න බැරි තරමේ සීතල තැනකට ආවා. කෝච්චියෙන් බැහැලා පයින් යන්නත් වුණා ගොඩක් දුර. ඒගොල්ල මගේ මමා අපෙන් වෙන් කළා. තාත්තවයි මායි මල්ලියි වෙන තැනකට ගිහින් දැම්මා." කියූ සැමුවෙල් මෙසේ ඇසුවේය.
"ඔයා ළග කෑම හෙම මොකුත් තියෙනවද? මට හරි බඩගිනියි."
"නැහැ ගෙදර නම් චොකලට් වගයක් තියෙනවා. ගේන්න අමතක වුණා"
"ඔය පාන් වගේ දෙයක් නැද්ද?
සැණකින් අඳුරු වී දර්ශනය මාරු විය.
", මම අද ටිකක් පරක්‌කු වුණා. මට සමාවෙන්න" බෲනෝ තමා රැගෙන ආ පාන්a හා චොකලට් කම්බිවැට අතරින් සැමුවෙල් වෙත තල්ලු කරමින් කීය.
"මම මාරියා එක්‌ක කතා කළා. " ගිජු ලෙස පාන් ගිල දමන සැමුවෙල් දෙස බලමින් බෲනෝ කීය.
"කවුද මාරියා කියන්නෙ?"
"එයා අපේ ගෙදර සේවිකාව නෙ. එයා හරි හොඳයි. එත් කතා කරන්න හරි බයයි. අපේ ගෙදර ඉන්නවා පවෙල් කියලා කෙනෙක් එයා වයසක කෙනෙක් එයා තමයි ගෙදර කෑම මේසය සූදානම් කරන්නෙ.
දවසක් මම ඔංචිල්ලාවෙන් වැටිලා කකුල තුවාල වුණාම එයා තමයි බේත් දැම්මෙ දොස්‌තර කෙනෙක් වගෙ. මෙහාට එන්න කලින් එයා දොස්‌තර කෙනෙක් කිව්වම මට හිනා යන්නත් ආව. මම ඒක මාරියාගෙන් ඇහුව. ඒක ඇත්ත. එයා මෙහාට එන්න කලින් පෝලන්තයෙ දොස්‌තර කෙනෙකු විදියට වැඩ කරල තියෙනවා. ඒත් දැන් එයා දොස්‌තර කෙනෙක් නෙවි. එයා දැන් අපේ කුස්‌සියෙ කැරට් කපනවා.
එයාට මෙහේදී දොස්‌තරකම කරන්න ඉඩ දීල නැහැ. සොල්දාදුවන් කැමති නැහැ මිනිස්‌සු හොඳින් ඉන්නවා දකින්න. ඒත් වෙන රටවල නම් හොඳ සොල්දාදුවන් එහෙම නැහැ"
"හොඳ සොල්දාදුවන් කියලා ජාතියක් නැහැ. " සැමුවෙල් වහා කීය.
"ඔයා ඒ මනුස්‌සයා අ\qනනවද? බොහොම වයසක කෙනෙක්. රෑ කෑම මේසෙ වැඩ කරන කොට සුදු ජැකට් එකක් ඇඳන් ඉන්නෙ. එයා තමයි පවෙල්.
"නෑ මම එහෙම කෙනෙක් ගැන දන්නෙ නැහැ. ඔය වගේ කොච්චර අය මෙහාට පෝලන්තයෙන් ඇවිත් ඉන්නවද? අපි මෙහේ දහස් ගණනක් ඉන්නවා. ඒ වගේම වෙනත් රටවලින් ආපු අයත් ඉන්නවා. චෙකොච්ලෝවේකියාව වගේ."
"මට ඔයාගෙන් කාරණාවක් අහන්න තියෙනව."
"එ මොකක්‌ද?"
"ඇයි ඔයා හැම වේලෙම ඔය ඉරි දාපු පිජාමා එකම අඳින්නෙ? උදේට වෙනත් ඇඳුමක් අඳින්නේ නැත්තෙ ඇයි?"
"මට වෙන ඇඳුම් නෑ. මම මෙහාට ආවට පස්‌සෙ අපේ ඇඳුම් ඒ ගොල්ල ගලව ගත්ත. මේ පිජාමා එක තමයි හැම තිස්‌සෙම ඇඳන් ඉන්නෙ."
මීදුමක් වැනි දුමාරයක් ඔවුන් වසා ගෙන යන්නට විය. ඊට පසු දිස්‌වූයේ පිරිමි ළමයෙකු හා ගැහැනු ළමයෙකු සිටින කාමරයකි. ගැහැනු ළමයා බෲනෝගේ සොයුරිය ග්‍රේටල් ය.
"අක්‌කේ. මට දැනගන්න ඕන අර කම්බිවැට ගැන. මොන එකකටද ඒක ගහලා තියෙනනෙ කියලා මට දැනගන්න ඕන"
"ඇයි ඔයා ඒ ගැන දන්නෙ නැද්ද?"
" මට තේරෙන්නෙ නැහැ අපිට ඒ පැත්තට යන්න දෙන්නෙ නැත්තෙ ඇයි කියල. ඒ පැත්තට ගිහිල්ලා සෙල්ලම් කරාම ඇති වැරැද්ද මොකක්‌ද?"
"බෲනෝ, ඒ වැට තියෙන්නෙ අපි ඒ පැත්තට යන එක නවත්තන්න නෙවි. ඒ පැත්තෙ අය මෙහාට එන එක නවත්තන්නයි. ඒගොල්ල එකට තියන්න ඕන නිසා. "
"ඒ කියන්නේ "
"ඒ කියන්නෙ ඒ ගොල්ලන්ගෙ ජාතියෙ කට්‌ටිය එකට තියන්න ඕන නිසා"
"ඒ ගොල්ලන්ගෙ ජාතියෙ කට්‌ටිය කිව්වේ?"
"ඒ ගොල්ල යුදෙව්වො ඒ අයට අපිත් එක්‌ක එකට ඉන්න බැහැ"
"අපි යුදෙව්වො නෙවිද"
"නැහැ." ගැහැනු ළමයා තදින් කීය. ඇගෙ මුහුණේ වූයේ කෝපයක් හා පිළිකුලකි.
"එහෙනම් අපි කවුද?" බෲනෝ ඇසීය.
"ඒක මම දන්නෙ නැහැ. කොහොම උනත් අපට එවුන් එක්‌ක එකට ඉන්න බැහැ"
"මට තේරෙනවා, යුදෙව්වො වැටෙන් එහි පැත්තෙ විරුද්ධ කට්‌ටිය වැටෙන් මෙහා පැත්තෙ"
"හරියට හරි"
යළිත් පැමිණි මීදුමකින් වැසී දර්ශන තලය මාරු වි ගියේය. නැවතත් බෲනෝ හා සැමුවෙල් කම්බිවැට දෙපැත්තේ ඉඳගෙන සිටිනු දක්‌නට ලැබුණි. ටික වේලාවක් කතාකරමින් සිටි බෲනෝ මෙසේ ඇස්‌ය.
" මටත් බැරිද ඔය පැත්තට එන්න. එතකොට අපට සෙල්ලම් කළ හැකිනෙ. බලන්නකො තාත්ත මගේ හිස බූ ගෑව නෙ උකූණෝ බෝවෙල කියල. මාත් දැන් ඔයා වගෙයි. "
"ඒක ඇත්ත මම වගේම තමයි. ඒත් කොහොමද ඔයා මේ පැත්තට ගන්නෙ?"
"මටත් ඔය වගේ ඇඳුමක් තියෙනව නම් වැඩේ හරි. මට මේ වැටෙන් රිංගල එන්න පුථවන් නෙ"
"හරි මම බලන්නම් කො ඇඳුමක් ගේන්න පුථවන්ද කියල"
යළිත් දර්ශනය මාරු විය. මීදුම පහව ගිය පසු ළමයි දෙදෙනා පැහැදිලිව දිස් විය. සැමුවෙල් අතෙහි කුඩා පොදියක් විය.
"මෙන්න මම ඇඳුම් ගෙනාවා දැන් ඉක්‌මණට ඇඳ ගන්න."
බෲනෝ තම ඇඳුම් ගලවා ඉරි සහිත පිජාමාව ඇඳගනී. පාවහන් ගලවා පසෙකින් තබයි. සැමුවෙල් කමිබිපොට ඔසවා ගෙන සිටී බෲනෝ ඉතා අපහසුවෙන් බිම දිගේ ඇදී එයින් රිංගා අනිත් පැත්තට පැන ගනී.
"හරි ඔන්න මං ආවා" බෲනෝ තම මිතුරාගේ අත් අල්ලා ප්‍රීතියෙන් කියයි. අනතුරුව දෙදෙනාම කඳවුරේ ඈතට දිව ගොස් නොපෙනී යතිs. "
ඉන්පසු මට පෙනුනේ කිසියම් ගුහාවකට ඇතුථ වන මිනිස් පේළියක්. ඔවුන් පේළියට එයට අතූථ වනු පෙනිණ. බෲනෝ හා සැමුවෙල් ඒ අතර විය. ඉන්පසූ දොර වැසිණ. අනතරුව ගුහාව මුදුනේ වූ කවුථවෙන් දුම්රැලි නැගිණ. ඒ දුම් ගොබ අතරේ මා දුටුවේ දුම් වැදී පිලිස්‌සී ගිය බෲනෝ හා සැමුවෙල්ගේ මුහුණු දෙකය,
මහත් සේ බියට පත් වූ මට ඉබේටම කෑගැසිණ. අම්මා නිවසේ සිට මා දෙසට දුව එනු මට යාන්තමට පෙනිණ.
පසු සටහන -- මේ දරුවන් දෙදෙනා පිළිබඳ කිසිම තොරතුරක් ඉන් පසු අසන්නට ලැබුණේ නැත. බෲනෝගේ මව දරුවා ආපසු එතැයි සිතා කලක් එහි නැවතී සිට යළි බර්ලිනයට ගියේ පුතා එහි ගොස් ඇතැයි සිතාය. එහෙත් ඔහු එහි නොවීය. අණදෙන නිලධාරී බෘනෝගේ පියා දරුවා ගැන සිතමින් පසුව සිහි විකල්ව මිය ගියේය.
මෙය නිර්මාණයක් වුවද මෙවැනි ඛේදවාචකයන් කොතෙක් එකල සිදුවෙන්නට ඇත්ද? නිර්මාණය හැමවිටම සැග වූ සත්‍යය මතුපිටට ගෙන දක්‌වන බැවිනි.
ලීලානන්ද වික්‍රමසිංහ මහතා දිවයිනට ලියූ ලිපියකි

Thursday, March 16, 2017
නාන කාමරේ දොර අගුල දාන්න එපා ??
මේ මොන කතාවක් ද? පත්තර වල අහන්න වෙන කතවල හැටියට නානකොට ජනෙලුත් වහලා තිරරෙදිත් දාන්න වෙන කාලෙක දෙන්න ඕනේ උපදේශයක් ද මේ
අපේ අදුරන සීයා කෙනෙක් නාන කාමරේ ලිස්සලා වැටිලා කලවා අස්ථිය (neck of femur fracture) කැඩිලා. සෑහෙන පාරක් වේදන්නවෙන් කෑගැහුවත් කාටවත් ඇහිලා නෑ දොර ජනෙල් වහලා හින්දා.
අන්තිමේදී මෙයාව හොයගන්න බලනකොට පේන්න නැති හින්දා පැය ගානකට පස්සේ, නානකාමරේ දොර කඩලා තමා එලියට අරන් තියෙන්නේ.
මම දන්න විකලාංග වෛද්‍යවරයෙක් (orthopaedic surgeon) මේ ගැන කියපු දේවල් වැදගත් කියල හිතනවා.
වැඩිහිටි අය, විශේෂයෙන්ම අවුරුදු 55-60ට වැඩි අය නානකාමරවල ලිස්සලා වැටිලා සිදුවෙන අනතුරු සාපේක්ෂව සැලකිය යුතු ප්‍රමාණයක් වෙනවා.
ඒ වගේම ආඝාත Stroke (මොලයේ ලේ කැටි සිරවීම්), හෘදයාබාධ Heart attack/ myocardial infarction වලටත් ලක්වෙන මෙවැනි අයට ඉක්මණ් ප්‍රතිකාර ලැබීම ඔවුන්ගේ ජීවිතය තීරණය කරන්නක්.
අද කාලයේ බොහොමයක් නිවෙස්වල වැඩිහිටි දෙමාපියන් තනිවම නිවෙස්වල රැදී සිටින අතර දරුවන් ආපහු නිවෙස්කරා පැමිණෙනේ සවස්/ රාත්‍රිකාලයේදීය.
එමනිසා මෙවැනි අනතුරකට ලක්වෙන කෙනෙකු තවත් කෙනෙකුගේ අවධානයට ලක්වෙන ඉඩකඩ බොහොම අඩුයි.
අනෙක් අතට නානකාමරේ දොර කැඩීමේදි තවත් අමතර අනතුරක් සිදුවීමට තියෙන අවධානමද වැඩිය (දොර තල්ලු කිරිමේදී වැදීමෙන්, වීදුරු කැඩීමෙන් ආදී).
එමනිසා වැඩිහිටි කෙනෙකු නානකාමරයට යන්නේ නාන කාමරේ දොර අගුල නොදා නම් ඒ බව දැන ගැනීමට නිවසේ අයට වෙනත් සන්නිවේදන ක්‍රමයක් භාවිතා කිරීම කළ හැක.
උදාහරණයක් විදියට නානකාමරයේ විදුලි ආලෝකය දැල්වීම, දොර ඉදිරියේ තිබෙන සෙරෙප්පු දෙක නොමැති වීම.
මෙවැනි දෙයකින් අනතුරකට ලක්වූ රෝගියා තවත් අමතර අනතුරකට ලක් නොකර ඉක්මණින් වෛද්‍යාධාර කරා යොමු කළ හැකිවනු ඇත.

Subscribe to:
Posts (Atom)