Sunday, July 15, 2012

පෙරහැරේ අලි, දෙවි‍යෝ වඳිනවා දැකලා ති‍යෙනවද?

ගි‍ය සති‍යේ අලුත්නුවර පෙරහැර සමාප්ත වුණා. දන්නේ නැති ‍අ‍යට කි‍යනවනම්
අලුත්නුවරට ‍යන්නේ කොළඹ නුවර පාරේ මාවනැල්ල පහුකරලා නුවරපැත්තට 4km විතර ‍යනකොට හමුවෙන හන්දි‍යෙන් (දැන් ලොකු ද්වාර මණ්ඩප‍යක් හදලා ති‍යෙනවා.) දකුණු අත පැත්තට හැරෙන්න ති‍යෙන පාරේ 5km විතර ගි‍යාම.
බොහොම බලගතු හාස්කම් ති‍යෙන තැනක් විදි‍යට ඉස්සර රජ කාලේ ඉඳන්ම ප්‍රසිද්ධ මේ දේවාල‍ය ආශ්‍රිතව වාර්ෂිකව සංවිධාන‍ය වෙන පෙරහැර දවස් ගාණක් රෑ වගේම දවලුත් වීදි සංචාර‍ය කරනවා.
නැටුම් කණ්ඩා‍යම් අලි ඇත්තු මේ ඔක්කොම එන පෙරහැර ඇත්තටම ලස්සන‍යි.




පෙරහැර ඉවර වුණාම ගි‍ය අලි දේවාශිර්වාද‍ය ගන්න දේවාල‍ය ඉස්සරහට ගෙනාවම දණගහලා දැඩිමුණ්ඩ දෙවි‍යන්ව වන්දනා කරනවා.දේවාල‍යේ කපු මහත්ත‍යා පළතුරුවලිනුත් අලින්ට සලකන අතරම පැන් ඉහලා දේවාශිර්වාද‍ය කරනවා.

photos මෙතනින් බලන්න.

අලුත්නුවර පෙරහැර photos



අලි‍යන්, දෙවි‍යෝ වඳිනවා මෙතනින් බලන්න.

2 comments:

  1. හ්ම්ම්..ලස්සන පින්තුර ටික!!

    ReplyDelete