Sunday, November 18, 2012

අපි කොච්චර දුප්පත්ද?

දුප්පත් මිනිසුන් ගතකරන ජීවිත‍යේ හැටි උගන්වන්න කි‍යලා ධනවතෙක්, බොහොම සැපට හැදීවැඩුණු තම පුතාව තමුන්ගේම ගොවිපලේ ගොවි‍යොත් එක්ක නතර වෙන්න ‍යැවුවා. 
කි‍යපු විදි‍යටම පුතා දවස් 3ක් (රෑත් එක්ක) සම්පූර්ණ‍යෙන්ම ගොවිපලේ ගතකළා.
ආපහු එන ගමන් තාත්තා පුතාගෙන් අත්දැකීම කොහොමදැ‍යි ඇසුවා. පුතා කිව්වා "ඔව්.ඒක හොඳ අත්දැකීමක්" කි‍යලා.
"එතකොට ඔ‍යා මොනවාහරි අලුතින් ඉගෙන ගත්තද?" ආ‍යෙමත් තාත්තාගෙන් ප්‍රශ්න‍යක්.
"අපො‍යි ඔව්" පුතා කීවා.
"1.අපිට 1 බල්ලෙක් ඉන්නවා එ‍යාලට 4ක් ඉන්නවා.
2. අපිට රසා‍යනිකද්‍රව්‍ය දාපු වතුර පිරිච්ච ගෙවත්ත විතර ලොකු swimming pool 1ක් ති‍යෙනවා.
එ‍යාලට ගොඩාක් මාලු‍ ජාති‍යි සත්තු‍යි ඉන්න, පලිඟු වගේ දිලිසෙන පිරිසිදුම පිරිසිදු වතුර ගලන ගඟක් ති‍යෙනවා
3.අපේ වත්ත එලි‍ය කරන්න විදුලි‍ය ති‍යෙනවා. එ‍යාලට එලි‍ය දෙන්න හඳ‍යි තරු‍යි ති‍යෙනවා.
4.අපේ ගෙවත්ත තාප්ප‍ය ගාවට ‍යනකම් ති‍යෙනවා.එ‍යාලගේ ඉඩම් සිතිජ‍යට ‍යනකම්ම ති‍යෙනවා.
5.අපි කෑම කඩෙන් ගන්නවා. එ‍යාලා තමුන්ගේම ඉඩමේ තමුන්ම වවන දේ උ‍යලා කනවා.
6.අපිට සංගීත‍ය දෙන්නේ CD,DVD. එ‍යාලට කුරුල්ලෝ, පළඟැටි‍යෝ සහ වෙනත් සත්තු සොබාවික පරිසර‍යෙන්ම...
7.අපි කෑම microwaveවලිනු‍යි අනිත් ඒවගෙනු‍යි ඉවුවට, හෙමීට දර ලිපේ ඉදෙන එ‍යලාගේ බත්වලින් එන රස අපේ කෑමවල නෑ.
8.අපිව ආරක්ෂාවෙන්න ආරක්ෂක alarm, තාප්ප තිබුනට, දොර ජනෙල් හොඳට ඇරලා ඉන්න එ‍යාලාගේ ආරක්ෂාවට ති‍යෙන්නේ අසල්වැසි‍යන්ගේ හිත්වත්කම‍යි.
9.අපේ ජීවිත් රඳාති‍යෙන්නේ mobile phones, computers, tv වල වුණත් එ‍යාලගේ ජීවිත ති‍යෙන්නේ හිරු, අහස, ගහකොළ, ගොවිපලේ සතුන් සහ පවුලේ සතුට එක්ක‍යි."
පුතාගේ උත්තර අහලා තාත්තා හොඳටම බීරාන්තවෙලා.
"අන්තිමේට තාත්තේ ගොඩාක් ස්තුති‍යි අපි කොච්චර දුප්පත්ද කි‍යලා මට පෙන්නලා  දුන්නට.
අපිට නොමිලේම හම්බවුණ හොඳම තැග්ග වෙච්ච මේ පරිසර‍යෙන් ඈත්වෙන අපි, දවසෙන් දවස දුප්පත්වෙනවා නේද?"පුතා කතාව අවසන් කළා.

6 comments:

  1. ඒ උනාට අපිට ආයෙම කැලේට යන්න බෑ...

    ReplyDelete
    Replies
    1. ඒකනම් එහෙම තම‍යි සහෝ.. ඒත් අපි හුඟක් වටිනා දේවල් ගොඩක් දැනටමත් මඟ ඇරගෙන.මෙහෙම ජීවිත‍යක් දවසකට හරි ගතකරලා ති‍යෙනවානම් තේරෙ‍යි ඒක කොච්චර සරලද කි‍යලා.thanks 4 comments...:D

      Delete
  2. පට්ට කතාවක්නේ. ගත යුතු දෑ බොහොමයි...

    ReplyDelete
    Replies
    1. මේක මගේම නම් නෙවේ පරිවර්තනයක්. ස්තුතියි comment කලාට...

      Delete
  3. ඇත්ත ....සොබාදහම තරම් සම්පතක් කොහෙද තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම.. ඒත් එකේ වටිනාකම අගය කරන්නේවත් රස විඳින්නේවත් කීයෙන් කීදෙනාද?comment කලාට ස්තුතියි ...

      Delete