කාර්‍යබහුල උදෑසනක 8.30ට පමණ අවුරුදු අසූගණනක විතර වයසක මහත්මයෙක් ඇඟිල්ලේ දැමූ මැහුම් වගයක් ඉවත් කරගන්න ආවා.
කලින් යොදාගත්ත වැඩක් 9.00ට තියෙන් නිසා ඔහුට ඉක්මණින්ම කාර්‍යකරගන්න හදිස්සි බව කීවා.
ඒ වෙලාවේ ඔහුගේ පෞද්ගලික වෙද්‍යවරයා නොසිටි නිසා වෙන වෙද්‍යවරයෙකු ඔහුව පරීක්ෂාකරලා ඔක්කොම ඉවර කරන්න අඩුම පැයක්වත්
යන බව මුලින් කියපු වෙද්‍යවරයාට තේරුණා.
පෞද්ගලික වෙද්‍යවරයා නොවුණත් ඔහුගේ හදිස්සිය නිසාත් මුලින් කියපු වෙද්‍යවරයාම ඔහුට උදව් කරන්න ඉදිරිපත් වුණා.
අදාල කාර්‍ය කරන ගමන් ඔහුත් සමම්ඟ කතාවට වැටුණා. අන්තිම ටික කරගෙන යද්දී වෙද්‍යවරයාට දැනගන්න ඕනෑ වුණා උදේ වෙද්‍යවරයෙකු හම්බවෙන්න
වෙන්කරගෙන තියෙද්දීත් (අනිවාර්‍යෙන්ම වෙලාව යන බව දැන දැනම) හැම වෙලාවේම ඔරලෝසුව දිහා බලමින් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්න ඊලඟ appointment
මොකක්ද කියලා. එතකොට ඔහු කියනවා 9.00ට තමන්ගේ බිරිඳත් එක්ක උදෑසන ආහාරය ගන්න තිබෙනවා කියලා.
වෙද්‍යවරයාට පුදුමයි. ඔහු අහනවා මේ මහත්මයාගෙන් ඇයට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා.
ප්‍රමාදය නිසා දුක්මුසුවෙලා හිටිය වයසක මහතා ඒවෙලාවේ කඳුලු පිරි දෑසින් යුතුව මෙහෙම කියනවා.
" ඇයට අසනීපයි. දැන් ඇය ඉන්නේ පෞද්ගලික හෙද සාත්තු ආයතනයක නතරකරලා. ඇයට Alzheimer රෝගය (අමතකවීම ඇතිවන රෝගී තත්ත්වයක්)වැළඳිලා.
අවුරුදු 5කින්ම ඇය මාව අඳුනා ගත්තේ නෑ. ඒත් මම කොහොමද ඇයව අමතක කරන්නේවත් ඇයවෙත ප්‍රමාදවෙලා යන්නේවත්. ඇය මාව අඳුනා ගත්තේ නැතත් මම ඇයව අඳුනනවානේ."
අනිත් අය මට වැරදි කරලා තියෙන හින්දා මාත් ඔවුන්ට එහෙම කරනවා. ඔවුන් මට සලකන්නේ නැතිනම් මම මොකටද ඔවුන්ට සලකන්නේ කියලා
අපිට උනත් හිතෙන වෙලාවල් ඕනෑතරම් තියෙනවා.
සමහර අයගේ ජීවිත ගැන අපිට කිසිම සැලකිල්ලක් නෑ වෙන්න පුලුවන්. නමුත් අපි අමතක කරන්න හොඳ නෑ සමහර වෙලාවට
ඔවුන්ට ජීවිතය ගැන තියෙන එකම හෝ අවසානම බලාපොරොත්තුව අපිව වෙන්න පුලුවන්.
කරන සුලු වැරදිවලදී කලබල නොවී, අනෙක් පාර්ශවයේ ප්‍රතිචාරය දිහා බලාගෙනම ඉන්නේ නැතිව මේ වයසක මහත්මයා වගේ හිතන්න පුලුවන්නම්......
Welcome to my blog ! විවිධාකාර මාතෘකා ගැන ලියැවුණු විවිධාකාර ලිපි මෙතන තියෙනවා.මට හිතුන දේවල්, මම හදපු දේවල්. සමහරවිට මේවා කොහෙදි හරි දැකලා තියෙන්නත් පුලුවන්. අන්තර්ජාලයේ සැරිසරනකොටහරි E mailවලින් හරි මට හම්බවුණ බෙදාහදාගන්න වටිනදෙයක් නම් මෙතන ඒක තියෙනවා.
Thursday, December 15, 2011
පැය 12ක makeup හරඹයකට කරන්න බැරි මොනවද?
කාන්තාවගේ ඇත්ත පෙනුම කොහොම උනත් වේෂ නිරූපනශිල්පියන්ට පින් සිද්ධවෙන්න මේ ඉන්න අයට නම් ඒක ප්‍රශ්නයක් වෙන එකක් නෑ. 2008 ජූනිවල තිබූ මෙම තරඟයට ඉදිරිපත් වූ කාන්තාවන්ව, දන්නා වැඩ ඔක්කොම දාල ලස්සන කරන්න වේෂ නිරූපනශිල්පියන්ට ලැබුණේ පැය 12ක් විතරයි.. ලෝකෙ වෙන රැවටිලි ගැන තව මොන කතාද?
Tuesday, December 13, 2011
අපි කාවද විශ්වාස කරන්න ඕනේ..
මේක ලියන්න මට හිතුනේ ගෙදරට මොනවාහරි ඔතාගෙන ආපු පත්තර කෑල්ලක තිබුණු ඇඟ හිරිවැටිලා යන කතාවක් අහම්බයෙන් දැක්කහම.
ඒත් එක්කම තව ඊට අදාල කතාවක් මතක් වුණ නිසා ඒක කලින් කියලා ඉන්නම්. ඊට පස්සේ අනික. කුංග්ෆු කියලා ඉස්සර රූපවාහිනියේ විකාශය වුණු කතාමාලාව මතක ඇති.මේ ඒකෙ කතාවක්.
රටේ මිනිස්සුන්ට ටිකක් අමාරු කාලෙක පන්සලට කෑමට එලවලු අරන් එන්න පුංචි කේන්වත් (කතාවේ ප්‍රධාන චරිතය පොඩි කාලේදී ) ඔහුගේ සහෝදර සාමනේර නමක්වත් සල්ලියි කරත්තයකුත් එක්ක වෙලඳ පොළට යවනවා.
පාර දෙකට බෙදෙන තැනකදී හමුවන මහලු මිනිසෙකු කියනවා එක් පාරක හොරුන් සිටින නිසා අනෙක් මාර්ගයේ යෑම නුවණට හුරු බව.
බියට පත් කුඩා සාමණේර දෙනම ඔහු ආරක්ෂිතයැයි කියන මාර්ගය තෝරාගත්තත් ඇත්තටම හොරුන් සිටින්නේ ඔවුන් යන පාරේමයි.
එහිදී ඔවුන්ගේ මුදල්, කරත්තය පමණක් නොව ඇඳුම් පවා කොල්ලකෑමට ලක්වී ආපසු පන්සලට ගොස් නායක හිමියන්ට සිදුවූ දෙය කියනවා.
ඔවුන් දෙදෙනාගෙන් මින් උගත් පාඩම කුමක්දැයි අසනවා. කේන්ගේ යහලුවා කියනවා " කිසිමවිටෙක කිසිවකුත් විශ්වාස නොකලයුතු" බව.
කේන් කියනවා "බලාපොරොත්තු නොවිය හැකි දේ ඕනෑ වෙලාවක වියහැකි නිසා ප්‍රවේසම් විය යුතු" බව.
නායක හිමියන් යහලුවාට පන්සලේ පිටවයන ලෙස කීවත් කේන්ට එහෙම කියන්නේ නෑ.
කේන්ට මේක ප්‍රශ්නයක්. ඔහු අසනවා දෙදෙනාම එකම වරද කළත් යහලුවාව පමණක් එලවීමට හේතුව.
නායක හිමියන් එතකොට කියනවා " වඩුවෙක්ට වැඩ කරගෙන යද්දී වැඩකට ගන්න බැරි ඇදවුණු ඇණයක් අහම්බෙන් හම්බවෙන්න පුලුවන්. ඒත් එහෙම කියලා ඔක්කොම ඇණ ඒ වගේ ඇති කියලා වැඩේ නවත්වන්නේවත් ඉතුරු ඇණ ටික ඔක්කොම විසිකරලා දාන්නේ වත් නෑනේද? " කියලා.
මේකත් හිතේ තියාගෙනම මම දැක්ක කතාව අහලා ඉමු. ( සමහර විට අහලත් ඇති)
ඇය වැදගත් පවුලක. නම කුමාරි කියලා කියමු. රස්සාවක් කරන්නේ නෑ.
මතක විදියට මහත්තයා දොස්තර කෙනෙක් හරි කවුරුහරි ඒවගේ හොඳ වැදගත් රස්සාවක් කරනකෙනෙක්.
ඇය කරපු එකම වැඩේ තමා උදේ මහත්තයා ඉස්කෝලෙට ගිහින්දාන එකම පුංචි පුතාව ගන්න දහවලට ඉස්කෝලෙට යන එක.
බබාව ගන්න ඉන්න අතර ඇයට තවත් දරුවෙකුගේ අම්මකෙනෙක් අඳුනාගන්න හම්බවෙනවා. ඇයට අපි සුසිලා කියලා කියමු. සුසිලා ගොඩාක් උනන්දුවෙනවා කුමාරි ගැන.
පොඩි පොඩි උදව්කරමින් ඇයට ගොඩක් සමීප වෙනවා.
එච්චර සමාජයේ තැලිලා පොඩිවෙලා පුරුදුනැති කුමාරි සුසිලාව හොඳ යාලුවෙක් විදියට සලකනවා.
දවසක් සුසිලා එක්ක තවත් පිරිමි කෙනෙක් එනවා. ඔහුට සුනිල් කියලා කියමු. සුසිලාගේ අඳුනන කෙනෙක් විදියට තමා කුමාරිට අඳුන්වලා දෙන්නේ.
ඒක එච්චරයි. දැන් නිතර ඔහුත් එනවා.
මතකවිදියට ත්‍රීවීල් රියැදුරෙක්. සුසිලාත් සමහරවෙලාවට ඒකෙම එනවා.
දවසක් බබාව ගන්න ඉන්න අතරේ සුසිලා ගෙදර උත්සවයක කියලා කෑම බීම වගයක් කුමාරිට දෙනවා.
කුමාරිට මතක ඒවා බීවා කියලා විතරයි. ඇයට සිහි නැතිවෙනවා. ඇහැරෙනකොට ඇය ඉන්නේ නාඳුනන තැනක ඇඳක.
ඇදේ කෙලවරක සුනිල් ඉඳගෙන ඉන්නවා හිනාවීගෙන ඇය දිහා බලාගෙන. ඇයගේ ඇඳුම් එහෙමත් අවුල්වෙලා. ( මොකක් වෙන්න ඇතිද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ)
පස්සේ දවසේ උදේ සුසිලා ඇයව හොයාගෙන ගෙදර ඇවිත් විශාල මුදලක් ඉල්ලනවා. ඇත්තටම මේ අහිංසක කුමාරි ළඟ එච්චර මුදලක් නෑ. ඇය ඉල්ලීම ප්‍රතික්ශේප කරනවා.
එතකොට සුසිලා කුමාරි සුනිලුත් එක්ක එක් එක් ඉරියවුවලින් ඉන්නා ඡායාරූප රැසක් පෙන්වා මුදල නොදුන්නොත් ඒවා කුමාරිගේ සැමියාට
පෙන්වන බවට තර්ජනය කරනවා. ස්වාමි පුරුෂයාගේ තත්ත්වයත් දරුවාත් පවුලේ තත්ත්වයත් ගැන හිතනකොට මුදල දෙනවා හැර කුමාරිට වෙන විකල්පයක් ඉතිරිවෙන්නේ නෑ.
කරකියාගන්න දෙයක් නොමැතිව අසරණවන කුමාරි ඒවෙලාවේ තිබුණු තමන්ගේ මඟුල් මුදු මාල වගේ රත්තරන් බඩු ටික සුසිලාට දෙනවා.
සුසිලා දිගින් දිගටම ඇය වෙත පැමිණ මුදල් ඉල්ලනවා.
කිසිදු හව්හරනක් නැතිවන කුමාරි තීරණයක් අරගන්නවා. ඊලඟ දවසේ ගෙදරට සුසිලා එනකොටම ඇයට පිහියකින් කොටනවා. අවසානයේ
ජීවිතයට ළංකරගත් පාපකාරී ආගන්තුකයෙක් හින්දා ඉතාම වාසනාවන්ත පවුල් ජීවිතයක් ගතකරපු ඇයට නතරවන්න සිදුවන්නේ බන්ධනාගරයේ.
අපි හිතන්නේ නැති වුණාට ඇතැම් අය අනෙකාගේ සැපතට ගොඩාක් ඊර්ෂ්‍යාසහගතයි. ඒ වගේම ඉතාම අවස්ථාවාදියි. ඒත් අපිට ලෝකෙම වෙනස් කරන්න අමාරුයිනේ.
මේවගේ දේවලුත් අද සමාජයේ වෙනවා කියලා හිතනකොට පුදුමත් හිතෙනවා. ඒත් වෙලා තියෙනවනේ. දන්න දන්න අයව මේ වගේ දේවල් ගැන දැනුවත් කරන්න.
ඒ හින්දා පුංචි කේන්ගේ ජීවිත පාඩම අපිත් ඉගෙන ගනිමු නේ ද?

Sunday, November 20, 2011
මුහුණ අල්ලන්නේ නැතුව ඉන්න..
නිතර මූණ අල්ලන්න නිකටට කම්මුලට අතතියාගෙන ඉන්න අපි ගොඩාක් දෙනෙක් පූරුදුවෙලා ඉන්නේ.
මේවගේ එක ලිපියකින් අවුරුදු ගාණක් තිස්සේ නොදැනීම පුරුදු කරගත්ත දෙයක් අත්හරින්න අමාරුවෙයි. ඒත් හිතනවානම් කාටද බැරි?
කොච්චර සෞඛ්‍යසම්පන්නව සිටියත් අපිට ලෙඩ නැතිව ඉන්න ( විශේෂයෙන්ම බෝවන ආසාදිත රෝගවලින්) හරිම අමාරුයි.
ඇසට නොපෙනෙන මේ ඉතාම කුඩා රෝගකාරක අප අවට පැතිරෙන්න වගේම
අපේ ඇඟට ඇතුලුවෙලා ඇඟේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය රවට්ටන්නත් හරිම දක්ෂයි.
ලෙඩ හදන මේ රෝගකාරකයෝ අප අවට තියෙන වාතය මගින්, අපිරිසිදු ආහාර, රුධිරය වගේ ගොඩක් ක්‍රමවලින් පැතිරෙන්න පුලුවන්.
නිතර හැදෙන සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ අමාරු වගේ ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග වගේම
වාතය හරහා ව්‍යාප්තවෙන රෝගකාරක වලට අපේ දෑත් දෙන්නේ ඉතා විශාල සහයෝගයක් කියලා දැනගෙන හිටියාද?
ඇත්තටම වාතය හරහා ව්‍යාප්තවෙන වෙන ලෙඩ ප්‍රමාණය 50%කට වඩා සිදුවෙන්නේ අත් හරහා (hand transmission) කියලයි දැන් කියන්නේ.
ඒක වෙන්නේ මෙහෙමයි වාතයේ පාවෙලා ආව විෂබීජයක් කොහේ හරි පතිත වෙලා තියෙනවා කියලා හිතමු.
අපි කොහේහරි යනකොට මේක අතේ ගෑවෙනවා. නිතර මූණ අල්ලන හරි පිහදානහරි කෙනෙක් අතින් මේක නිකම්ම මූණට යනවා.
එතනින් නාසය හරහා හෝ කට ඇඟට ඇතුලුවෙන එකත් එක්කෝ අපි අතින් නොදැනීම වෙන්නත් පුලුවනි (නහය අවට කැසීමක් වගේ)
එහෙමත් නැත්නම් මෙච්චර දුරක් ආව ඒකට විෂබීජය මගින්ම වෙන්නත් පුලුවනි.
නිකම් හිතලා බලන්න සෙම්ප්‍රතිශ්‍යාව හැදුන ගොඩක් අය ලේන්සු පාවිච්චිකරනවානේ. ඒත් ඒක සොටුවලින් පෙඟුණත් අතේම ගුලිකරගෙන ඉන්නවා.
ලේන්සුව අතින් අතට මාරුකරනවා. දැන් කොහේහරි ( මේසයක් පුටුවක් වගේ) අල්ලනවා.
ඔක්කොම දැන් පුටුවේ. මෙතනින් යන කවුරුහරි මේසය අල්ලනවා. ඔන්න දැන් ටික එයාගේ අතේ.ටික වෙලාවක් යද්දි ඔහු නිකටේ අත තියාගෙන කල්පනා කරනවා.
එක්කෝ නහය පිහදානවා.කලින් කතාවම තමා. විෂබීජය සාමාන්‍යයෙන් වාතය හරහා යායුතු වුවත් නොදැනීම අත් හරහා අපි ලෙඩේ බෝකරගන්නවා.
අනිත් දේ තමා කිවිසීම. ගොඩාක් අය කිවිසුමක් යද්දි කට අතින් වහගෙන යවනවා. එක්කෝ ලේන්සුවකින් කට වහනවා.
හොඳයි. කාගේවත් මුහුණට කෙළ විසිවෙන්නේත් නෑ තමා. ඒත් ඊට පස්සේ කරන්නේත් කලින් කියපු දේම නේද?
මේ හින්දා දැන් කියන්නේ කිවිසුමක් යනකොට තමුන්ගේ වැලමිට නවලා ඇතුලු පැත්තෙන් මුඛය ආවරණය කරගන්න කියලා.
මොකද එතන අපි අතින් නැවත නැවත අල්ලන්නේ නැති හින්දා.
මේ ලිපියෙන් ප්‍රයෝජනයක් වුණාකියලා මම හිතනවා. ඉතින් දැන් ඉඳන්වත් මුහුණ අල්ලන්නේ නැතුව ඉන්න..

Sunday, November 6, 2011
සීල් පැටවු මරණ ක්‍රීඩාව..
හරක් මැරීම ඇතුලු සත්ව ඝාතන ගැන අපේ රටේත් දැන් ලොකු කතිකාවතක් හැදිලා තියෙනවා. කලින් ලිපි කීපයකින්
මමත් ලංකාවේ වෙන ගව ඝාතන ගැන වගේම ඩෙන්මාර්කයේ වෙන ඩොල්ෆින් සංහාරය ගැන කතා කලා.
වෙන මොනවත් හින්දා නෙවේ මේවගේ තියෙන අමානුෂිකකම හින්දා.
මේ දේ අපිට හරි අපේ හිතවතෙකුට වෙනවනම් අපි කැමති නෑ වගේම මේ අහිංසක සත්තුත් හිතනවා ඇති.
මේ කතාව ආරංචිවෙන්නේ නොර්වේ සහ කැනඩා රටවල පවතින සංචාරක
ව්‍යාපාරික ක්‍රමයක් විදියටයි.
වැඩේ තමයි පොඩි සීල් පැටවුන්ව මරන ක්‍රීඩාව.
මරන්නේ බොහොම අමානුෂික විදියට පහර දීලා. සීල් මළකඳන් වලින් ලේවලින් සුදු හිම රතු වෙලා.
මේවාගේ අපරාධ කරන්නේ මොන හිතකින්ද කියලා මටනම් හිතාගන්නවත් බෑ.
ඒත් දිගටම වෙනවා. කරන්න පුලුවන් දෙයක් තියෙනවනම් මේ අහිංසකයන් වෙනුවෙන් කරන්න.
මේ වගේ වැඩවලට කොහෙත්ම අනුබල දෙන්න එපා....

Sunday, October 16, 2011
MDR TBවලට හිස ඔසවන්න දෙන්න එපා!
දන්න තරමින් ගොඩාක් ව්‍යාප්තවෙලා නැතත් MDR TB කියන්නෙත් පවුල් පිටින් වනසන්න පුලුවන් ගොඩාක් ඛේදනීය තත්ත්වයක්.
මේක මහනුවර ප්‍රදේශයෙන් වාර්තා වෙලා තියෙන ඇත්ත කතාවක්. දසනායක මහතා මැදිවියේ පසුවූ ටික කාලයක පටන් නොනවතින කැස්සකින් පීඩා විඳපු කෙනෙක්.
හවසට හවසට උණ ගැනෙන අතරම ළඟකදී ගොඩාක් කෙට්ටු වුණා. සමහර වෙලාවට කහින කොට සෙමත් එක්ක ලේ වගෙත් ගියා.

වෙද්‍ය පරීක්ෂණයකට යොමු වුණාම ඔහු දැන ගත්තා තමන් TB (tuberculosis) එහෙමත් නැත්නම් ක්ෂය රෝගයට ගොදුරු වෙලා කියලා.
ළය රෝග නිවාරණ සායනයෙන් නොමිලේම බෙහෙත් දුන්නත් දසනායක මහතා හරියට පිළිවෙලට බෙහෙත් ගත්තෙත් නෑ.සායනයට නොකඩවා ආවෙත් නෑ.
ටික කාලෙකින් ඔහුට නැවතත් රෝහල්ගත වෙන්න සිදු වුනේ අසනීපය ගොඩාක් වැඩිවුන නිසා. නැවතත් වෙද්‍ය පරීක්ෂණයකට යොමු වුණා.
මේ පාර ඔහුගේ රෝග තත්වය MDR-TB (Multi drug resistant tuberculosis) එහෙමත් නැත්නම්
ක්ෂය රෝග ඖෂධවලට ප්‍රතිරෝධී ක්ෂය රෝගය දක්වා සංකීර්ණවෙලා තිබුණා.
දැනට භාවිතාවන ඖෂධවලට තවදුරටත් ඔහුගේ රෝග තත්ත්වයට එරෙහිව ක්‍රියාත්මක වීමට නොහැකි නිසා දවස් දෙකක් ඇතුලත ඔහු මිය ගියා.
ඊට දෙසතියකට පස්සෙ ඔහුගේ බිරිඳවත් රෝහල්ගත කරන්නට වුණේ දසනායක මහතාගේ රෝග ලක්ෂණම ඇගෙනුත් දිස් වූ හින්දා.
ඇයටත් උරුම වුණේ මරණයම තමයි. මේ නිසාම ඔහුගේ නිවැසියන්වත් වෙද්‍ය පරීක්ෂණයකට යොමු කෙරුණා.
අවාසනාවට ඔවුන්ට සිටි තරුණවියේ පසුවූ පුතුන් දෙදෙනාටත් MDR-TB වැළඳිලා.
පියාගේ මරණයෙන් මාස 6ක් ගතවත්ම පවුලේ සාමාජිකයන් හතරදෙනාටම මෙලොවින් නික්මෙන්නට සිදුවුණා.
මේක ප්‍රබන්ධයක් වගේ පෙනුනත් ඇත්තටම වුණ දෙයක් කියලා කිවුවේ මහනුවර ළය රෝග නිවාරණ සායනයේ විශේෂඥවෙද්‍යතුමිය.
කණගාටුදායකම දේ දසනායක මහතා තමා විසින්ම තමාගේ රෝගය MDR-TB කරගැනීමත් ඒ නිසාම අනෙකුත් අයටත් මරණය ඉක්මන් කරවීම.
බෙහෙත් නොගත්තානම් ඔහුට MDR-TB නොවී ඔහු පමණක් මියයන්න තිබුණා. නමුත් ඔහුගේ නොසැලකිලිමත්කම නිසා අකාලයේ තවත් ජීවිත් තුනක් අහිමි වුණා.
ක්ෂය රෝගය සම්පූර්ණයෙන්ම හොඳ කරන්න පුලුවන්. කරන්න තියෙන්නේ දෙන බෙහෙත් නොකඩවා මාස 6ක් ගැනීමත් සායනයට නියම කරන දිනයේම යාමත්.
නොකඩවා බෙහෙත් නොගත්තොත් ක්ෂය රෝගය සාදන Mycobacterium tuberculosis බැක්ටීරියාව ඖෂධවලට ප්‍රතිරෝධී වෙනවා.එතකොට sorryම තමා.
ගොඩක් අය දන්නේ ක්ෂය රෝගය පෙනහලු ආශ්‍රිත රෝගයක් විතරයි කියලා. නමුත් ඇත්ත තත්ත්වය නම් හිසේ සිට දෙපතුල දක්වා ඕනෑම තැනකට (සාමාන්‍යයෙන් හිසකෙස් සහ නියපොතු හැර) ක්ෂය රෝගය හැදෙන්න පුලුවන්. එතකොට කියන්නේ EP-TB එහෙමත් නැත්නම් Extra pulmonary tuberculosis.
(pulmonary කියන්නේ පෙනහලු ආශ්‍රිත කියන එකටයි. එතකොට කියන එක Extra pulmonary තේරෙනවනේ)
රජයෙන් මේ රුපියල් දහස් ගාණක් වටිනා ඖෂධ නොමිලේම දෙනකොටත් සමහරු මේවා කානුවලට විසිකරලා යනවා දකින එක හරිම අවාසනාවන්ත දෙයක්.
ඔයාලට හරි දන්න කාට හරි ගේ දසනායක මහතාට වගේ රෝග ලක්ෂණ තියෙනවනම් ඉක්මණටම වෙද්‍ය ප්‍රතිකාරවලට යොමුවෙන්න.
කරුණාකර.. MDR TBවලට හිස ඔසවන්න දෙන්න එපා!
Sunday, October 2, 2011
ජීවිතය: එක් විදියකට වැරදි නිවැරදි කරගැනීමක්..
අද තමා ජොසීගේත් විලියම්ගේත් විවාහය.
අම්මා ඇයට ඩොලර් 1000ක් තැන්පත්කල අලුතෙන්ම විවෘතකරපු බැංකු ගිණුමක pass පොත දුන්නා.
පොත දෙන ගමන් ඇය අපූරු උපදෙසක් දුවට දුන්නා. " මේක ඔයාගේ විවාහ ජීවිතයේ වාර්තාපොතක් කරගන්න.
සතුටක් දැනුන හෝ අමතක නොවන සිදුවීමක් වුණහම යම්කිසි මුදලක් තැන්පත් කරලා ඉස්සරහින් තියෙන හිස්තැන ඒ මොකටද කියලා ලියන්න.
අමතක නොවෙනබව වැඩිවෙත්ම තැන්පත් කරන මුදල වැඩිකරන්න. ඔන්න මම අද පටන් ගත්තා. ඉතුරුටික විලියම් එක්ක කරගෙන යන්න.
අවුරුදු ගානකට පස්සේ බලනකොට ඔයාට දැනගන්න පුලුවන් ඔයා කොච්චර සතුටින් හිටියද කියලා."
අම්මා කියපු විදියටම ඇය ගිණුම බෙදා ගත්තා. දෙදෙනාටම තේරුණා මේක හොඳ අදහසක් කියලා.
දෙදෙනාම දැන් කුතුහලයෙන් බලාගෙන හිටියා මීළඟ ඉතිරිකිරීම එනකම්.
පෙබ.7: ඩොලර් 100 විවාහයෙන් පසු විලියම්ගේ පළමු උපන්දිනය.
මාර්තු 1: ඩොලර් 300 ජොසීට වැටුප් වැඩිවීමක්.
මාර්තු 20:ඩොලර් 200 බාලි දූපත්වලට නිවාඩුවක්.
අප්‍රේල් 15:ඩොලර් 2000 ජොසී අම්මකෙනෙක් වෙන්නයි යන්නේ.
ජූනි 1: ඩොලර් 1000 විලියම්ට රැකියාවේ උසස්වීමක්.
ඔය විදියට නොදැනීම ගිණුම තරවුණා.
මෙහෙම ටිකකාලයක් ගතවුණා. පොඩිදේටත් ආරවුල් ඇතිවෙන්න පටන්ගත්තා. කතාබහ වෙන්නේත් අඩුවෙන්.
ඔවුන් දෙදෙනා කොහෙත්ම නොගැලපෙනවා කියලා හිතහිතා දෙන්නාම පසුතැවුණා.
අන්තිමේදී දිනක් ජොසී අම්මාට කියනවා ඇයට කොහෙත්ම මේ විවාහය තවදුරටත් ඉවසන්න බැරිබවත් එදා ඔවුන් දෙදෙනා කැමතිවුණේ ඇයි කියලා හිතාගන්නවත්
බෑ කියලා. දැන් ඇයට ඔහුගෙන් දික්කසාද වෙන්න ඕනෑ.
අම්මා ඇයට කියනවා "ඔව් ඔයාට ඉවසන්න බැරිමනම් හොඳයි කියලා හිතෙන දෙයක් කරන්න. ඒත් ඊට කලින් අර බැංකු ගිණුමේ සල්ලි ඔක්කොම වියදම් කරලා දාන්න.
මොකද ඔය වගේ සවුත්තු විවාහයක තියෙන අන්තිම සාක්කියත් එතකොට නැතිවුණාම ජීවිතය අලුතෙන්ම පටන්න් ගන්න පුලුවන්නේ" කියලා.
ඒක ඇත්ත කියලා ජොසීට තේරුණා. ඇය බැංකු පොතත් අරගෙන බැංකුවට ගියා ගිණුම වසාදාන්න. පෝලිමේ ඉන්න අතරේ ඇය සෙමින් පිටු පෙරලුවා.
සටහන් දුටු ඇයට අවබෝධවුණා ඔවුන් කොච්චරනම් සන්තෝෂයෙන් සිටියද කියලා. එදා සොඳුරු මතක මැවී පෙනෙන්න පටන්ගත්තා. දෑසම කඳුලින් තෙත්වුණා.
තවදුරටත් එතන රැදීසිටීමට තරම් ඇයට ශක්තියක් නොතිබුණ නිසා ගිණුම වසන්නේ නැතිවම ගෙදර ඇවිත් විලියම්ට පොත දීල කිවුවා ගිණුමා වසාදාන්න කියලා.
පසුවදා විලියම් ඇයට පොත ආපහු බාර දුන්නා. ඇය දුටුවා අලුතින් බැරකරන ලද ඩොලර් 5000කුත් ඊට ඉදිරියෙන් ලියපු මේ සටහනත් "පසුගිය කාලයටම මම ඔයාට
කොච්චර ආදරයෙන් හිටියද කියලා මට තේරුණු දවසත්, ඔයා මට කොච්චර සතුටක් ගෙනත් දුන්නද කියලා දැනගත්ත දවසත්"
තවත් ඉවසාගන්න බැරිවූ දෙදෙනාටම හැඬුම් ආවා. එකිනෙකා තුරුලුකරගත්තා. නැවතත් බැංකු පොත සුරක්ෂිතව තැන්පත් කළා.
ඔවුන් කොපමණ මුදලක් තැන්පත් කලාද කියලා සඳහන් නොවුනත් ඊට පස්සේ මුදල් ඔවුනට ප්‍රශ්නයක් නොවන්න ඇති.
"ජීවිතයේදී වැටුණාම වැටුණු තැන ගැන බලනවාට වඩා ලිස්සලා ගියේ කොතනින්ද කියලා බලන එක වටිනවා. ජීවිතය එක් විදියකට වැරදි නිවැරදි කරගැනීමක්.."
"When you fall, don't see the place where you fell, instead see the place from where you slipped. Life is about correcting mistakes."
මේක මට ලැබුණු e-mail එකක්. කතාව ඇත්තමද කියලානම් දන්නේ නෑ. අනික මගෙන් අහන්නත් එපා pass පොත්වල ලියන්න බෑ නේද කියලාත්.
මේකෙන් දෙන පණිවුඩය වටින දෙයක් කියලා මට දැනුන නිසා තමයි post කරන්න හිතුවේ.
ඉතින්, වැරදි හදාගෙනම ඉස්සරහට යමු ඒ වැරදිත් එක්කම යන්නේ නැතිව..
Saturday, October 1, 2011
නූතන බිතුසිතුවම්
හැම දෙයක් ගැනම වෙනස් විදියට හිතුවොත් අපිට නොපෙනෙන වටිනාකමක් ඒවාට ලබාදෙන්න පුලුවන්.
මේ ඒ විදියට හිතපු අපූරු නිර්මාණකරුවන් පිරිසක්. නම් සඳහන් නොවුනත් ඔවුන්ගේ හැකියාව ඉතාම විශිෂ්ඨයි කියලයි මටනම් හිතෙන්නේ.

Sunday, September 11, 2011
පුදුමාකාර අපේ සිත..
2007 ජනවාරියේ සීතල උදෑසනක වොෂිංටන් මෙට්‍රෝ ස්ටේෂන් එක ඉස්සරහ එක්තරා පුද්ගලයෙක් පැයක් විතර තනියම වයලීනයක් වාදනය කරමින් සිටියා..
මේ වෙලාවේ එතනින් 2000ක් විතර ජනතාව තමුන්ගේ රාජකාරිවලට යනගමන් හිටියේ.
වාදනය ආරම්භ කරලා දැන්

මිනිත්තු 3 යි. මැදිවියේ මහතෙක් මේක දැක්කා.තත්පර කීපයකට ගමනේ වේගය පොඩ්ඩක් අඩුකරා ආපහු තමන්ගේ ගමන ගියා.
මිනිත්තු 4 යි.වාදකයාට මුල්ම ඩොලරය ලැබුණා. ඒ කාන්තාව ඔහු අසල තිබූ තොප්පියට මුදල විසිකර නතර නොවීම ගියා.
මිනිත්තු 6 යි.තරුණයෙක් මේක අසන්න වගේ ළඟා වුණත් නැවත් ඔරලෝසුව බලා නතර නොවීම ගියා.
මිනිත්තු 10 යි.අවුරුදු 3ක් දරුවෙක් නතර වෙන්න හැදුවත් අම්මා ඔහුව බලෙන්ම ඇදගෙන ගියා.
දරුවා කොච්චර දැඟලුවත් ආපහු හැරිලා බැලුවත් වැඩක් වුණේ නෑ. මේ දෙයම දරුවන් කීපදෙනෙක්ටම වුණා.
මිනිත්තු 45 යි.තාමත් වාදනයේ. ඒත් පොඩ්ඩකට හරි නතර වුණේ 6 දෙනයි. 20 දෙනෙක් සල්ලි දුන්නත් නතර නොවීම ගියා. දැන් ඩොලර් 32ක් තියෙනවා.
පැයයි. වාදනය නතර කළා. කාටවත් ගාණක් නෑ. නරඹන්නන්ගේ අත්පොලසන් නෑ. ආචාරකිරීම් නෑ.

කවුරුවත් දැනගත්තේ නෑ මේ වාදකයේ ලෝකයේ සිටින අග්‍රගණ්‍යම සංගීතවේදියෙක්වන ජෝෂුවා බෙල් Joshua Bell කියලා.
ඔහු වයලීනයෙන් වාදනය කළේ ලෝකයේ මෙතෙක් බිහිවුණා කියලා සැලකෙන ඩොලර් මිලියන 3.5ක් විතර මිලක් නියමකරන අති සංකීර්ණම වාද්‍ය ඛණ්ඩ කිහිපයක්.
ඊට දෙදිනකට කලින් බොස්ටන් වල පැවැත්වූ ඔහුගේ ප්‍රසංගයක ආසනයක් ඩොලර් 100ක් වුණා.
මේක සත්‍ය සිදුවීමක්. Washington Post සංවිධානය කළ මෙයින් බලාපොරොත්තු වුණේ මිනිසුන්ගේ හඳුනාගැනීම, රසඥතාවය සහ ප්‍රමුඛතාවය හැදෑරීමයි.
ප්‍රශ්නය වුනේ පොදු ස්ථානයක, නොගැළපෙන වෙලාවක මිනිසා සුන්දරත්වය ප්‍රත්‍යක්ෂ කරගන්නවාද? එය අගය කරනවාද? යන්නයි.
ඉතින් අන්තිමේට ආව නිගමයක් වුණේ, ලෝකයේ සිටින අග්‍රගණ්‍යම වාදකයෙක්, එදා මෙදාතුර බිහිවූ හොඳම වාද්‍ය ඛණ්ඩයක්, හොඳම සංගීත භාණ්ඩයකින් වාදනය කරද්දීත් අපිට පොඩ්ඩකට නතරවෙලා අහන්න බැරිනම් ජීවිතයේදී කොච්චර සුන්දර වගේම වටිනා දේවල් අපි මඟ ඇරගන්නවාද කියන එකයි.
Saturday, September 10, 2011
2 Way mirror: කණ්ණාඩියක්ද දෙපැත්තම පේන වීදුරුවක්ද?
ඇඳුම් මාරුකරන්න කියලා අපි හෝටල්වල, bathroomවල, රෙදිකඩවල ඇඳුම් මාරු කරන කාමරවලට යනවනේ.
ඒත් අපි කණ්ණඩියක් කියලා හිතාගෙන යන්නේ කවුරුහරි හිතාමතාම සවිකරපු කැමරාවක් හෝ ව්‍යාජ කණ්ණාඩියක් (2-Way Glass)
ඉස්සරහටනම් පෞද්ගලිකත්වයට වෙන්න පුලුවන් හානිය සුලුපටු වෙයි කියලා හිතන්න බෑ.
2 way glass එහෙමත් නැත්නම් 2 way mirror කියලා හඳුන්වන මේගැන සමහරවිට දන්නේ නැතුව ඇති.
පස්සේ කාලෙක පොලීසිවල, සමහර web siteවල photo, videoවැටිලා චාටර් වෙන්න කලින් දැනුවත් වෙලා ඉන්න එක කෝකටත් හොඳයිනේ.
මේවා ලංකාවෙත් තියෙනවද කියලා මමනම් හරියටම දන්නේ නෑ. ඒත් මේවා අඳුනාගන්න ලේසියෙන්ම පුලුවන්.
ඇඟිල්ලේ නියපොත්ත වීදුරුවට තියන්න.
අපිට පේන ප්‍රතිබිම්භයත් ඇඟිල්ලෙ නියපොත්තත් අතර පරතරයක් තියෙනවනම් ඒක ඇත්තම කණ්ණාඩියක්.
හේතුව මේකයි. ඇත්ත කණ්ණාඩිවල රසදිය හෝ රිදී ආලේපය තියෙන්නේ වීදුරුවේ පිටුපසින්. ඒක හින්දා "පරතරයක්" නියපොතු අතර පේනවා.
2 way mirrorවල ආලේපය තියෙන්නේ වීදුරුව මතුපිට හින්දා "පරතරයක්" නියපොතු අතර පේන්නේ නෑ.
තත්පර ගානක් විතරක් යන මේ පොඩි වැඩෙන් අනවශ්‍ය ප්‍රශ්න ඇතිවෙන එකක් නෑ.
ප්‍රයෝජනයක් වුණානම් හැමෝවම දැනුවත් කරන්න.
"No Space, Leave the Place"
This is a really good thing to do. The reason there is a gap on a real mirror, is because the silver is on the back of the mirror UNDER the glass.. Whereas with a two-way mirror, the silver is on the surface. Keep it in mind! Make sure and check every time you enter in hotel rooms.
Ladies:
Share this with your friends.
Men:
Share this with your sisters, wives, daughters, friends, colleagues, etc.
Pass this message to all Ur friends.

How to determine if a mirror is 2 way or not ? (Not a Joke!)
Not to scare you, but to make sure that you aware. Many of the Hotels and Textile showrooms cheat the customers this way.
HOW TO DETECT A 2-WAY MIRROR?
When we visit toilets, bathrooms, hotel rooms, changing rooms, etc., How many of you know for sure that the seemingly ordinary mirror hanging on the wall is a real mirror, or actually a 2-way mirror I.e., they can see you, but you can't see them.
There have been many cases of people installing 2-way mirrors in female changing rooms or bathroom or bedrooms. It is very difficult to positively identify the surface by just looking at it. So, how do we determine with any amount of certainty what type of mirror we are looking at?
CONDUCT THIS SIMPLE TEST:
Place the tip of your fingernail against the reflective surface and if there is a GAP between your fingernail and the image of the nail, then it is a GENUINE mirror.
However, if your fingernail DIRECTLY TOUCHES the image of your nail, then BEWARE, IT IS A 2-WAY MIRROR! (There may be someone seeing you from the other side). So remember, every time you see a mirror, do the 'fingernail test.' It doesn't cost you anything. It is simple to do.

Saturday, September 3, 2011
බබාගේ කාමරය
හැමෝම එකවගේ නෑනේ. කැමැත්ත තියෙන්නේ එක එක දේට. පුංචිම බබාලත් එහෙමයි. එයාල කැමතිම විදියට කාමරය සැරසුවොත්.. මේ Themes හොඳද බලන්න.
Subscribe to:
Posts (Atom)