අප සැවොම අයෙකු තව දුරටත් නැතිවිට ඔහුව වර්ණනා කරන්නෙමු. නමුත් සුදුසුකම් අනුව අභිබවා යාම පිළිබදව ප්‍රශ්නයක් ආ විටෙක අප ඔවුන්ව සමතැන්හි නොසලකනවා පමණක් නොව ඔවුන්ව පහත්කොට සලකන්නෙමු- ග්‍රීක පාලක පෙරික්ලීස්
දේවදූතයන් කළින් රැගෙන යන්නේත් හොඳ මිනිසුන් යැයි කියනු ලැබේ.
එහෙම වෙන්නේ ඒ වගේ උතුම් ගතිගුණ තියෙන අයව වටේ ඉන්න පව්කාර අයගෙන් මුදවා ගැනීමට වෙන්න ඕනෙ.
අපේ පව්කාරකමකට මිසක් ඔවුන් මේ ආත්මයේනම් කොහොමටවත් නොකරපු දෙයක් නිසා හෝ ඔවුන් අප අතරින් නික්මෙණවා... ළතැවීම හෙටදිනය යහපත් කරන්නක් නොව එය අද දවස විනාශකිරීමක් පමණක් බව ඇත්ත. ඒ වුනත් පාඩම් ඉගෙනගන්න වගේම අපි මීට වඩා හොඳවෙන්න අතීතය මතක් කරන්නම වෙනවා.
අවුරුදු 13කට පමණ ඉහතදී අපි එක පන්තියේදී හමුවුණෙමු. ඒ 6-D පන්තියේදී 1998දී. එදා ඉඳන් හැමදාම රංගනාත් හිනාවෙලා උදේම Good morning Yapa ! කීවේ අවංකවමයි. සල්ලිහරි පෙනුමහරි උගත්කමහරි කියන්නේ ඔක්කොමනම්නම් ඒ ඔක්කොම ඕනෙවටත් වඩා තිබුණා. බොරු වර්ණනා නෙවි, ඒක සහතික ඇත්ත.නමුත් රංගනාත්ට ඒ මොනවත් ලොකු වුණේ නෑ. පන්තියේ ඔනෑමකෙනෙක් එක්ක හොඳට කතාකරළා හිටියා විතරක් නෙවේ උදව්වක් ඕනේවුණ හැම වෙලාවකම උපරිමයෙන්ම කළා.
එච්චරකරත් අපි ඒදේවල් පේන්නේනැතිගානට හිටියා. පන්තිනායක වෙලා තනියම බර අදිනකොට, පන්තියේ වැරදි හින්දා තනියම ගුටි කනකොට අපි බලන් හිටියා. පන්තිය මෙහෙම පිළිවෙළට තියෙන්නේ කොහොමද කියලා අපිට ගාණක් නැතිවුණේ කොහොමහරි තනියම ඒ ඔක්කොම කරපු හින්දා. කරත් ඒකෙ හොඳනම කවමදාකවත් ගත්තේ නෑ. රංගනාත් නැතිවුණාම පංතිය එකම පිස්සුවක් කුණුගොඩක් වුණාමතමා මට තේරුනේ මේවා කොහොමද වෙලා තිබුණේ කියලා.
අපි අතින් ගොඩාක් වැරදි රංගනාත්ට වුණා. අපිකරපු අම්නකම් ගැන කවදාකවත් අපිට දොස් කීවේවත් ඒ හින්දා අපිට උදව් කරන එක වෙනස්කළේවත් නෑ.තනියම විඳගෙන හිටියා. ඒක මම හොඳටම දන්නවා.ඒ වගේ අහිංසක නිහතමානී අව්‍යාජ චරිතයක් මට තාම හමුවෙලා නෑ. අදට අවුරුදු 11කට කලින් ;හරියටම කියනවනම් 2000 ජූනි 7දා, සදහටම අප අතරින් නික්ම ගියත් මට හැමදාම රංගනාත්ව මතක්වෙනවා. මීට වඩා හොඳට අපිට සලකන්න තිබුණා කියලා මට අනන්තවත් හිතෙනවා. මිනිසෙකුගේ ජීවිතයේ වටිනාකම මට හොඳටම දැනුනේ එදා. මගේ ජීවිතයේ හොඳ පාඩම "ජීවිතයක වටිනාකම" ඉගෙනගත්තේ එදා.
ඒ වගේ හොඳකෙනෙකුට කිසිකෙනෙකුට අඩුමතරමින් උඹ කියලවත් කථා නොකරපු කූඹියෙකුටවත් වරදක් නොකරපු කෙනෙක්ට මෙහෙම ඉරණමක් අත්වුණේ කොහොමද කියන එකනම් තාමත් මට ප්‍රශ්නයක්. අපේ පවුකාරකමකට මිසක් වෙන දෙයක් හින්දානම් වෙන්න බෑ.
පංතියේ රංගනාත් හිටිය ආසනය කාලයත් එක්ක පිරුණා. ඒත් රංගනාත් නැතුව හිස්වුන මගේ හිතේ ඉඩ තාම එහෙමමයි.
අපි යාලුවන් විදියට හිටිය කාලය ගොඩාක් කෙටියි. ඒ ගැන මම අවංකවම දුක්වෙනවා. නමුත් මට සතුටුයි ඒ පොඩි කාලයවත් මට මඟනොහැරීම ගැන.
ඔබේ මිතුරාට නිවන් සුව ප්‍රාර්ථනා කරනව!.
ReplyDeleteජීවිත වල හැටි ඔහොම තමා.අවසානය කොයිමොහොතෙද කියල කාටද කියන්න පුලුවන්.
@ නදී: Thank you very much!
ReplyDelete