Thursday, November 19, 2015

Some birds Can't fly අහස අහිමි කුරුල්ලෝ online බලමු

ටික කාලෙකට ඉස්සර රූපවාහිනියේ විකාශය වුණු Some birds Can't fly චිත්‍රපටය මතකද?
සත්‍ය සිදුවීමක් පාදක කරගත් ලියුකීමියාවට ගොදුරුවූ දැරියක් ගැන කියවෙන මෙය යුගොස්ලෝවේනියානු චිත්‍රපටයක්.IMDB 7.8
අන්තර්ජාලයේ මම කීපවතාවක්ම සෙවුවත් නොලැබුණේ මුල් යුගොස්ලෝවේනියානු නමින් ( Ptice koje ne polete / 1997 )අන්තර්ජාලයට මුදාහැර තිබීම නිසයි.


English subtitles download link

Friday, November 13, 2015

වීදුරු දෙකෙන් මත්පැනට තිත තැබීම.

තදින්ම ඇබ්බැහි වු පුරුද්දකින් අත්මිදීමේ අසීරුකම දන්නේ අත්දැකීම් තියෙන අයම තමයි. මත්පැන් ඇබ්බැහිය ඉන් ප්‍රධානයි. මේ ක්‍රමය මට අහන්න ලැබුණේ කලක් හොඳම බේබද්දෙක් වෙලා හිටිය අද එයින් හොඳටම අත්මිදිලා සාර්ථකවෙලා ඉන්න කෙනෙක් ගෙන්. ඔහුටත් මෙය කියලා තියෙන්නේ ප්‍රථිකාර ගන්න ගිය මනෝ වෛද්‍යතුමා.

හැබැයි මේකට අවංකවම උවමනාවක් තියෙන්න ඕනෙ.
ඔහුට ලැබිලා තියෙන්නේ එක්තරා විදියක අභියෝගයක්. කරන්න කියලා තියෙන්නේ. බොනවානම් වීදුරුවම සම්පූර්ණයෙන්ම බොන්න ඕනේ. හැබැයි බොන්න කලින් ඒ සමානම වීදුරුවක් මූත්‍රාවලින් පුරවලා වෙන කෙනෙක්ට වීදුරු දෙක මාරු කරන්න කියන්න ඕනේ. ඒකරලා ඒ වීදුරුව තමුන් ඉස්සරහා තියාගෙන ඉන්න ඕනේ පැයක් වත්. එතකොට මෙහෙමයි. ඔබ ඉස්සරහා අරක්කු හෝ මූත්‍රා වීදුරුවක් තියනවා හැබැයි මොකක්ද කියලා දන්නේ නෑ. බොන්න හිතුනොත් ගඳ සුවද බලන්න තොලගගා ඉන්න බෑ. එකපාරටම වීදුරුව බීලා ඉවර කරන්න ඕනේ.

මූත්‍රා වීදුරුවක් පෙවෙයි කියන බයටම ඔහු බීලා නෑ. මෙහෙම කරලා අන්තිමේදි ඔහුට අරක්කු වීදුරුවක් දැක දැකත් ඇත්තටම තමාව පාලනය කරගන්න පුලුවන් වුණාලු. මේක හැමෝටම එක විදියටම වලංගු නොවෙන්න පුලුවන්. නමුත් අත්හදා බලන්න වටින ක්‍රමයක් කියලා හිතෙනවා. 

Wednesday, April 8, 2015

"MONEY IS YOURS BUT RESOURCES BELONG TO THE SOCIETY."


Germany is a highly industrialized country. In such a country, many will think its people lead a luxurious life.

When we arrived at Hamburg , my colleagues walked into the restaurant, we noticed that a lot of tables were empty. There was a table where a young couple was having their meal. There were only two dishes and two cans of beer on the table. I wondered if such simple meal could be romantic, and whether the girl will leave this stingy guy.

There were a few old ladies on another table. When a dish is served, the waiter would distribute the food for them, and they would finish every bit of the food on their plates.

As we were hungry, our local colleague ordered more food for us.When we left, there was still about one third of un-consumed food on the table.

When we were leaving the restaurant, the old ladies spoke to us in English, we understood that they were unhappy about us wasting so much food.

"We paid for our food, it is none of your business how much food we left behind," my colleague told the old ladies. The old ladies were furious. One of them immediately took her hand phone out and made a call to someone. After a while, a man in uniform from Social Security organisation arrived. Upon knowing what the dispute was, he issued us a 50 Euro fine. We all kept quiet.

The officer told us in a stern voice, "ORDER WHAT YOU CAN CONSUME, MONEY IS YOURS BUT RESOURCES BELONG TO THE SOCIETY. THERE ARE MANY OTHERS IN THE WORLD WHO ARE FACING SHORTAGE OF RESOURCES. YOU HAVE NO REASON TO WASTE RESOURCES."

The mindset of people of this rich country put all of us to shame. WE REALLY NEED TO REFLECT ON THIS. We are from country which is not very rich in resources. To save face, we order large quantity and also waste food when we give others a treat.
(Courtesy: A friend who is now changed a lot)

THE LESSON IS:- THINK SERIOUSLY ABOUT CHANGING OUR BAD HABITS. Expecting acknowledgment, that u read the message and forward to your contacts.
VERY TRUE -"MONEY IS YOURS BUT RESOURCES BELONG TO THE SOCIETY."


Socrates' Triple Filter Test

Socrates' Triple Filter Test
Next time, If someone starts to spread gossip, please think of this:

In ancient Greece (469 - 399 BC), Socrates was widely lauded for his wisdom. One day the great philosopher came upon an acquaintance who ran up to him excitedly and said, "Socrates, do you know what I just heard about one of your students?"

Wait a moment," Socrates replied. "Before you tell me I'd like you to pass a little test. It's called the Triple Filter Test."

"Triple filter?" "That's right," Socrates continued. "Before you talk to me about my student let's take a moment to filter what you're going to say. The first filter is Truth. Have you made absolutely sure that what you are about to tell me is true?"..."No," the man said, "actually I just heard about it and..."

"All right," said Socrates. "So you don't really know if it's true or not. Now let's try the second filter, the filter of Goodness. Is what you are about to tell me about my student something good?"

"No, on the contrary..."..."So," Socrates continued, "you want to tell me something bad about him, even though you're not certain it's true?"

The man shrugged, a little embarrassed. Socrates continued. "You may still pass the test though, because there is a third filter - the filter of Usefulness. Is what you want to tell me about my student going to be useful to me?"

"No, not really..."..."Well," concluded Socrates, "if what you want to tell me is neither true nor good nor even Useful, why tell it to me at all?"

The man was defeated and ashamed. This is the reason Socrates was a great philosopher and held in such high esteem.

Saturday, March 28, 2015

Disney කාටූන කුමාරියන් ඇත්තටම හිටියානම් මෙහෙම වෙයි

නිර්මාණශීලිත්වය කියන්නේ මහ පුදුමාකාර දෙයක්.. හැමෝම දන්න දෙයක් වෙනස් විදියකට දකින්න හිතපු විවාහ ඡායාරූප ශිල්පී Amrit Grewal ඩිස්නි කාටූන කුමාරියන්ව සජීවිකලේ මෙහෙමයි.

Snow White


Ariel
Ariel
Mulan
Mulan
Jasmine
Disney-Princesses-wearing-Indian-outfits15__880
Rapunzel
Disney-Princesses-wearing-Indian-outfits18__880
Belle
Belle
Aurora
Aurora
Cinderella
Disney-Princesses-wearing-Indian-outfits14__880
Pocahontas
Pocahontas

Sunday, March 22, 2015

"මනස සන්සුන්වීමට අත්හරින්න" -අජාන් බ්‍රහ්මවංසෝ මහතෙර වහන්සේ



" මම මේ ජලය පිරි භාජනය අතට ගෙන එහි ජලය නිශ්චලවන තුරු බලා සිටිමි. කෙනෙක්‌ හොඳට අල්ලාගෙන සිටියත් අත සෙමෙන් හෝ සෙලෙවන නිසා එහි ඇති ජලය නිශ්චල නොවේ. බඳුනේ ඇති ජලය නිශ්චල වීමට නම් අතින් ඉවත් කර යම් තැනක තැබිය යුතුය. අපි බඳුන අල්ලාගෙන සිටින තුරු එහි ජලය නිශ්චල නොවේ. එසේම අපේ මනස සන්සුන්වීමට (නිශ්චල වීමට) අප සියලුදේ අතහැරිය යුතුය. අප අල්ලාගෙන සිටින තන්හාව අත්හල යුතුය. මනස දූෂණය කරන ක්‍රෝධය, මානය, ඊර්ෂ්‍යාව ආදී පාපකර සිතුවිලි හා පාපකාරී ක්‍රියා අත්හල යුතුය. එවිට මනස නිශ්චලවේ. සිත සමාධිගත වේ. එය ධ්‍යාන ලැබීමට, කෙලෙසුන් නැසීමට චතුරාර්ය සත්‍ය අවබෝධකර ගැනීමට හේතුවේ.

වර්තමාන සමාජයේ බොහෝ දෙනකු බුදු දහම ඉගෙනගෙන චතුරාර්ය සත්‍ය හා ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිළිබඳ විෂය කරුණු දන්නෝ වෙති. නමුත් ලැබූ මිනිස්‌ බවෙන් මෙලොව වශයෙන් නිසි ප්‍රයෝජනයක්‌ ලැබීමට නම් චතුරාර්ය සත්‍ය අපි අවබෝධකර ගත යුතුය. ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුව ජීවිතය ක්‍රියාත්මක කර, කෙලෙසුන් නසා මොලොව වශයෙන් සුගතිය උදාකර ගත හැකිය.

මෙම ඇල්ලකන්ද වනගත සෙනසුන භූමියේ මීට පෙර පින්වත් රහතන් වහන්සේලා භික්‍ෂුන් වහන්සේලා භික්‍ෂුණීන් වහන්සේලා වැඩවසන්නට ඇති. එසේම එවැනි අය වර්තමානයේද අනාගතයේද මෙම පින්වත් භූමියෙන් පහළවනු ඇත. මගේ මෙවර ශ්‍රී ලංකා සංචාරයේදී මෙම ස්‌ථානයට පැමිණ ධර්මදේශනයක්‌ පැවැත්වීමට ලැබීම සතුටට කරුණකි. එයට මග සැලසූ සියලු දෙනාටම පිං දෙමි.

වර්තමාන ලෝකය තුළ නවීන විද්‍යාවෙන් හා පරිගණක තාක්‍ෂණයෙන් භෞතික වශයෙන් කොතෙක්‌ දියුණු වූවත් ජනතාව තුළ සතුටක්‌ නැහැ. ලොව පරම සත්‍ය දේශනා කළේ තථාගතයන් වහන්සේය. එම ධර්මය අවබෝධකර ගැනීම තුළින් ලැබූ මිනිස්‌කමෙන් උපරිම ඵල ලැබීමට හැකිය. අද ලොව බොහෝ දෙනා ධන සම්පත් අතින් කෙනෙක්‌ පොහොසත් වුවත් ඔවුන් තුළ සතුට නැත. අසහනය මනසේ රජකරයි. එවිට ඇති එකම පිළිතුර බුදු දහම අනුව ජීවත්වීමයි. මේ නිසා අද බටහිර බොහෝ දෙනා බුදු දහම කෙරෙහි අවධානය කර තිබෙනවා. භාවනාව කෙරෙහි සිත යොමු කරනවා.

මේ අතර සමහර පුද්ගලයන් ශීලය වැදගත් නැතැයි ද භාවනාව වැදගත්වන බවද පවසනවා.

නමුත් භාවනා කිරීමට පෙර පංෙච්න්ද්‍රිය සංසුන්කර ගැනීම වැදගත් වෙනවා. ශීලය රැකීම නිසා ඉන්ද්‍රිය සංවරයක්‌ ඇතිවෙනවා. හික්‌මීමක්‌ ඇතිවෙනවා. කල්පනා ශක්‌තිය දියුණු වෙනවා. මෙහිදී ඔබගේ වචනය හා ක්‍රියාව පිරිසිදු නැතිනම් සිල්වතෙකු වන්නේ නැහැ. මෙහිදී අද ලොව ජීවත්වන ඕනෑම අයෙකුට, ආගම්, ජාති, කුල භේදයෙන් තොරව, දුප්පත් හා පොහොසත්කමින් තොරව පංච ශීලය රැකීමට හැකිය.

අද ලොව සිටින ලොකුම පොහොසතා තුළ වුවද සතුට නැත. නමුත් පන්සිල් රකින පුද්ගලයා තුළ සතුට ඇත.

මා සිල් රකිනවා - ඒ නිසා මා සැහැල්ලුවෙන් සතුටින් සිටිනවා. ඒ නිසා මට සිනාසෙන සුදු හාමුදුරුවෝ කියලා බොහෝ දෙනා පවසනවා.

ඩේවිල්සන් නමැති ඇමෙරිකානු මහාචාර්යවරයාද පවසන්නේ පන්සිල් රකින පුද්ගලයා ඉතා සැහැල්ලුවෙන් සතුටින් පසුවන බවය. අද ලොව පාලකයන් හා ජනතාව පන්සිල් රකිනවානම් ඔවුන්ගේ පුද්ගලික හැදියාව දියුණු වෙනවා. ලොව අපරාධ අඩුවෙනවා. ලොවට සාමය උදාවෙනවා.

මේ අනුව අප බුදුන් වහන්සේ විසින් වදාළ ධර්ම මාර්ගයේ ගමන් කිරීමට ක්‍රියාකළ යුතුයි.

ඕනෑම පුද්ගලයෙකු පන්සිල් රකිනවිට ඔහුගේ මනස භාවනාවකට සූදානමින් සිටිනවා. එසේ නොමැතිව සමහරු බලෙන් හුස්‌ම ඉහළ පහළ යැම මෙනෙහි කරමින් භාවනා කිරීමට තැත් කරනවා. එවිට යහපත් ප්‍රතිඵලයක්‌ ලැබෙන්නේ නැත.

ශීලය හා භාවනාවේ යම් ප්‍රගතියක්‌ ඇති පුද්ගලයාට සම්මා දිට්‌ඨිය හෙවත් යහපත් දැකීමක්‌ මනසේ පහල වෙනවා. දුකක්‌ ඇතිවූ විට අසහනයට පත්වෙන්නේ නැහැ. දුකට හේතුව මෙනෙහි කරනවා. භාවනාව තුළින් සිත සමාධිගත වෙනවා. ඇත්ත ඇති සැටියෙන් දැකීමට පුරුදුවෙනවා.

පුද්ගලයකුගේ සිතුවිලි වැවක ඇති දිය රැලිවලට සමානය, සිත විවිධ කල්පනා ඔස්‌සේ ගසාගෙන යන තත්ත්වයක්‌ ඇත. වැවක දිය, දියරැලි ඇති නොවී නිශ්චල තත්ත්වයක ඇත්නම්, එහි වැව් පතුල, ජලය විනිවිදව හොඳින් පෙනෙන නිසා බලාගත හැකිය. නිශ්චල සිත වනාහී මනස සමාධිගත වීමකි. සමාධිය යනු ඇත්ත ඇති සැටියෙන් දැකීමය. සත්‍ය මෙනෙහි කිරීමය.
  

මා පුංචි කතාන්දරයක්‌ කියන්නම්, එක්‌තරා රජ මාලිගයකට රජු නැති අවස්‌ථාවක සියලු ආරක්‍ෂක බැමි කඩාගෙන බලගතු යක්‍ෂයකු පැමිණ රාජාසනයේ වාඩිවුණා. රාජපුරුෂයින් හා සියලුම මැති ඇමැතිවරු පැමිණ රාජාසනයෙන් ඉවත්වන ලෙස යක්‍ෂයාට බැණ වැදුණා. යක්‍ෂයාට බනින්න බනින්න, යක්‍ෂයා දරුණු වුණා. යක්‍ෂයා විශාලවුණා. මේ අතර රජු පැමිණියා රජු යක්‍ෂයාට කරුණාවෙන් කථා කළා. තේ කෝප්පයක්‌ද දී යක්‍ෂයාට සංග්‍රහ කළා. යක්‍ෂයා කුඩා වුණා. යක්‍ෂයාගේ බලය අඩුවුණා. යක්‍ෂයා නැගිට යන්නට ගියා. මේ අනුව වෛරය නැසුමට ලොව ඇති හොඳම ආයුධය කරුණාවය. කිසිවිට වෛරය සමඟ' සටන් කිරීමෙන් ජයගත නොහැකිය. කිසිවිට යුද්ධ කිරීමෙන් කිසිවෙකුට ජය අත්නොවේ. මෙහිදී රජු ප්‍රඥවන්තව කටයුතු කළේය.

පළමුව ඔබේ මනසට ඔබ කරුණාවන්ත වන්න. එවිට ඔබ සමඟ මනස කාලය ගතකිරීමට කැමැතිය. මෙහිදී පිං සිතුවිලි පහලවේ. සිතට සැහැල්ලුවක්‌ දැනේ. එමගින් කෙලෙස්‌ පලවා හැරීමට හේතුවේ. යථාර්ථය අවබෝධවේ. මමය, මාගේය කියා කිසිවක්‌ නොමැතිබව තමාට වැටහේ. මෙසේ සමාධිය ලැබූ තැනැත්තා තන්හාවේ එල්ලි එල්ලී පසුවන්නේ නැත. ඔහු සරල ජීවිතයකට පුරුදුවේ.

මේ ආකාරයෙන් අපට මේ භවයේදීම උත්සාහය නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධකර ගත හැකිය, අප කිසිවිට පින් හා කුසල් කිරීමට කම්මැලි නොවිය යුතුය. කල් නොදැමිය යුතුය. ජීවිතයේ අනිත්‍යබව නිතර වටහාගෙන තථාගත ධර්මය අනුව ජීවිතය ගොඩනැගිය යුතුය. ඒ සඳහා අප නිතර ධර්මය අවබෝධකර ගත යුතුය. එය ක්‍රියාත්මක කළ යුතුය. එවිට සැමට යහපතක්‌ උදාවෙනවා." 

 
අජාන් බ්‍රහ්මවංසෝ මහතෙර වහන්සේ
මාතර, කැකනදුර ඇල්ලකන්ද සෙනසුන භූමියේදී ධර්ම දේශනය 
========
1951 වසරේ එංගලන්තයේ ලන්ඩන් නුවර කතෝලික දිලිඳු පවුලක පීටර් බෙට්‌ නමින් උපත ලබා 17 වැනි වියේදී බුදු දහම වැළඳ ගත්තේය. කේම්බ්‍රිඡ් විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා උපාධිධාරියෙකි. බුදුදහම හා භාවනාව ගැන උන්දුවක්‌ දැක්‌වූ මොහු වසරක්‌ පමණ ගුරුවරයකු වශයෙන් සේවය කිරීමෙන් පසු වයස අවුරුදු 23 දී තායිලන්තයට ගොස්‌ සාකෙන් වන අරණේ අධිපති මාර්ගඵලලාභී අජාන් චා මහතෙර වෙතින් පැවිද්ද ලබා ගත්තේය. ඊට පසු අජාන් චා හිමිගේ මගපෙන්වීම යටතේ බුදුදහම හා භාවනාව ගැඹුරින් හැදැරුවේය. ඊට පසු 1983 ඕස්‌ටේ්‍රලියාවට සැපත්ව පර්ත් නුවර බෝධියාන වනගත සෙනසුනේ ආරාමාධිපති ලෙස පත්වන සේක. තායිලන්තයේ ගුරුවරයා යන ගරු නාමය වෙනුවට භාවිතා කරන අජාන් පදය නමට මුලින් භාවිත කරනවා හැර කිසිදු ගරු නමක්‌, රටක නමක්‌, භාවිත කරන මෙම ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයාණෝ දැනට ඕස්‌ටේ්‍රලියාවේ වෙසෙතත්, වස්‌ කාලයෙන් පසු ලොව පුරා රටවල්වල ධර්මය දේශනා කරමින් උත්තරීතර ධර්ම දූත මෙහෙවරක යෙදෙන සේක.

සිනාසෙන සුදු හාමුදුරුවෝ යනුවෙන් ප්‍රචලිත අජාන් හිමිපාණන් වහන්සේ විසින් දේශනා කරන ධර්මය සරල බසින් විග්‍රහ කෙරේ. කාලීන උදාහරණ දක්‌වමින්, පුංචි කථා බණට ඔබින ලෙස පවසමින් කාටත් වැටහෙන අයුරින් ඉංග්‍රීසි බසින් ධර්මය දේශනා කරති. කෙනෙක්‌ ලොව නවීන විද්‍යාවෙන් හා තාක්‍ෂණයෙන් භෞතික වශයෙන් දියුණු වුවත් ලෝක ජනතාව තුළ වර්තමානයේ පවත්නා මානසික ආතතිය හා අසහනය වැඩි සමයක, විනෝදයෙන් සතුටින් ජනතාව ධර්මය ඇසීමට යොමුකර ගනී. එමනිසා අන්‍යාගමික ජනතාවද මේ මා හිමියන්ගේ ධර්ම දේශනා කැමැත්තෙන් අසති. මේ වනවිට විවිධ රටවල ලක්‍ෂ සංඛ්‍යාත ජනකායක්‌ ධර්මය අසා ඇත.


උපුටා ගැනීමකි