Showing posts with label අජාන් බ්‍රහ්මවන්සො. Show all posts
Showing posts with label අජාන් බ්‍රහ්මවන්සො. Show all posts

Wednesday, June 8, 2016

“Even though you may not be able to cure them, you will always be able to care for them.”-Ajahn Brahm
























“I have been living in Perth as a monk since 1983. Over those years, I have gained the trust and respect of the local Buddhist families to the point where I am regarded as a sort of honorary grandpa to many young men and women. They have grown up coming to my temple and feel comfortable sharing secrets with me that they would never tell their parents!
 
Such a one was the distressed young doctor who came to see me. He had recently begun work as an intern in one of the big hospitals in Perth. The previous day he had lost his first patient in tragic circumstances. A young female patient of his had died. He had to tell her inconsolable husband that his young wife was dead and that his two small kids have no mum any more. The new doctor felt so guilty that he had failed that young family.
 
Of course, he was not to blame. He had done everything for his patient that was medically possible. The reason why he felt he had failed was due to something else, and that is what I spoke to him about.
 
“If you believe that your duty as a doctor is to cure your patient, then you are going to suffer this same failure again and again. During your career, many of your patients will die. But if you accept that your main duty is to care for your patients, then you never need to fail. Even though you may not be able to cure them, you will always be able to care for them.”
 
As he was an intelligent young man, he understood immediately and soon became a much better doctor. His main goal became to care for his patients. If his patients were cured, that was a wonderful bonus, but if they died, then they passed away in the warmth of being cared for.
 
Many of the appalling medical interventions that health professionals inflict on their patients, desperately trying to keep them alive when death is inevitable, occur because our society values curing above caring. Not only would many people’s last moments be more comfortable and peaceful if we emphasized caring more than curing, I think that more patients would be cured as well! “ 
 
-From “Don't Worry, Be Grumpy; Inspiring Stories for Making the Most of Each Moment” by Ven Ajahn Brahm

Sunday, March 22, 2015

"මනස සන්සුන්වීමට අත්හරින්න" -අජාන් බ්‍රහ්මවංසෝ මහතෙර වහන්සේ



" මම මේ ජලය පිරි භාජනය අතට ගෙන එහි ජලය නිශ්චලවන තුරු බලා සිටිමි. කෙනෙක්‌ හොඳට අල්ලාගෙන සිටියත් අත සෙමෙන් හෝ සෙලෙවන නිසා එහි ඇති ජලය නිශ්චල නොවේ. බඳුනේ ඇති ජලය නිශ්චල වීමට නම් අතින් ඉවත් කර යම් තැනක තැබිය යුතුය. අපි බඳුන අල්ලාගෙන සිටින තුරු එහි ජලය නිශ්චල නොවේ. එසේම අපේ මනස සන්සුන්වීමට (නිශ්චල වීමට) අප සියලුදේ අතහැරිය යුතුය. අප අල්ලාගෙන සිටින තන්හාව අත්හල යුතුය. මනස දූෂණය කරන ක්‍රෝධය, මානය, ඊර්ෂ්‍යාව ආදී පාපකර සිතුවිලි හා පාපකාරී ක්‍රියා අත්හල යුතුය. එවිට මනස නිශ්චලවේ. සිත සමාධිගත වේ. එය ධ්‍යාන ලැබීමට, කෙලෙසුන් නැසීමට චතුරාර්ය සත්‍ය අවබෝධකර ගැනීමට හේතුවේ.

වර්තමාන සමාජයේ බොහෝ දෙනකු බුදු දහම ඉගෙනගෙන චතුරාර්ය සත්‍ය හා ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිළිබඳ විෂය කරුණු දන්නෝ වෙති. නමුත් ලැබූ මිනිස්‌ බවෙන් මෙලොව වශයෙන් නිසි ප්‍රයෝජනයක්‌ ලැබීමට නම් චතුරාර්ය සත්‍ය අපි අවබෝධකර ගත යුතුය. ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුව ජීවිතය ක්‍රියාත්මක කර, කෙලෙසුන් නසා මොලොව වශයෙන් සුගතිය උදාකර ගත හැකිය.

මෙම ඇල්ලකන්ද වනගත සෙනසුන භූමියේ මීට පෙර පින්වත් රහතන් වහන්සේලා භික්‍ෂුන් වහන්සේලා භික්‍ෂුණීන් වහන්සේලා වැඩවසන්නට ඇති. එසේම එවැනි අය වර්තමානයේද අනාගතයේද මෙම පින්වත් භූමියෙන් පහළවනු ඇත. මගේ මෙවර ශ්‍රී ලංකා සංචාරයේදී මෙම ස්‌ථානයට පැමිණ ධර්මදේශනයක්‌ පැවැත්වීමට ලැබීම සතුටට කරුණකි. එයට මග සැලසූ සියලු දෙනාටම පිං දෙමි.

වර්තමාන ලෝකය තුළ නවීන විද්‍යාවෙන් හා පරිගණක තාක්‍ෂණයෙන් භෞතික වශයෙන් කොතෙක්‌ දියුණු වූවත් ජනතාව තුළ සතුටක්‌ නැහැ. ලොව පරම සත්‍ය දේශනා කළේ තථාගතයන් වහන්සේය. එම ධර්මය අවබෝධකර ගැනීම තුළින් ලැබූ මිනිස්‌කමෙන් උපරිම ඵල ලැබීමට හැකිය. අද ලොව බොහෝ දෙනා ධන සම්පත් අතින් කෙනෙක්‌ පොහොසත් වුවත් ඔවුන් තුළ සතුට නැත. අසහනය මනසේ රජකරයි. එවිට ඇති එකම පිළිතුර බුදු දහම අනුව ජීවත්වීමයි. මේ නිසා අද බටහිර බොහෝ දෙනා බුදු දහම කෙරෙහි අවධානය කර තිබෙනවා. භාවනාව කෙරෙහි සිත යොමු කරනවා.

මේ අතර සමහර පුද්ගලයන් ශීලය වැදගත් නැතැයි ද භාවනාව වැදගත්වන බවද පවසනවා.

නමුත් භාවනා කිරීමට පෙර පංෙච්න්ද්‍රිය සංසුන්කර ගැනීම වැදගත් වෙනවා. ශීලය රැකීම නිසා ඉන්ද්‍රිය සංවරයක්‌ ඇතිවෙනවා. හික්‌මීමක්‌ ඇතිවෙනවා. කල්පනා ශක්‌තිය දියුණු වෙනවා. මෙහිදී ඔබගේ වචනය හා ක්‍රියාව පිරිසිදු නැතිනම් සිල්වතෙකු වන්නේ නැහැ. මෙහිදී අද ලොව ජීවත්වන ඕනෑම අයෙකුට, ආගම්, ජාති, කුල භේදයෙන් තොරව, දුප්පත් හා පොහොසත්කමින් තොරව පංච ශීලය රැකීමට හැකිය.

අද ලොව සිටින ලොකුම පොහොසතා තුළ වුවද සතුට නැත. නමුත් පන්සිල් රකින පුද්ගලයා තුළ සතුට ඇත.

මා සිල් රකිනවා - ඒ නිසා මා සැහැල්ලුවෙන් සතුටින් සිටිනවා. ඒ නිසා මට සිනාසෙන සුදු හාමුදුරුවෝ කියලා බොහෝ දෙනා පවසනවා.

ඩේවිල්සන් නමැති ඇමෙරිකානු මහාචාර්යවරයාද පවසන්නේ පන්සිල් රකින පුද්ගලයා ඉතා සැහැල්ලුවෙන් සතුටින් පසුවන බවය. අද ලොව පාලකයන් හා ජනතාව පන්සිල් රකිනවානම් ඔවුන්ගේ පුද්ගලික හැදියාව දියුණු වෙනවා. ලොව අපරාධ අඩුවෙනවා. ලොවට සාමය උදාවෙනවා.

මේ අනුව අප බුදුන් වහන්සේ විසින් වදාළ ධර්ම මාර්ගයේ ගමන් කිරීමට ක්‍රියාකළ යුතුයි.

ඕනෑම පුද්ගලයෙකු පන්සිල් රකිනවිට ඔහුගේ මනස භාවනාවකට සූදානමින් සිටිනවා. එසේ නොමැතිව සමහරු බලෙන් හුස්‌ම ඉහළ පහළ යැම මෙනෙහි කරමින් භාවනා කිරීමට තැත් කරනවා. එවිට යහපත් ප්‍රතිඵලයක්‌ ලැබෙන්නේ නැත.

ශීලය හා භාවනාවේ යම් ප්‍රගතියක්‌ ඇති පුද්ගලයාට සම්මා දිට්‌ඨිය හෙවත් යහපත් දැකීමක්‌ මනසේ පහල වෙනවා. දුකක්‌ ඇතිවූ විට අසහනයට පත්වෙන්නේ නැහැ. දුකට හේතුව මෙනෙහි කරනවා. භාවනාව තුළින් සිත සමාධිගත වෙනවා. ඇත්ත ඇති සැටියෙන් දැකීමට පුරුදුවෙනවා.

පුද්ගලයකුගේ සිතුවිලි වැවක ඇති දිය රැලිවලට සමානය, සිත විවිධ කල්පනා ඔස්‌සේ ගසාගෙන යන තත්ත්වයක්‌ ඇත. වැවක දිය, දියරැලි ඇති නොවී නිශ්චල තත්ත්වයක ඇත්නම්, එහි වැව් පතුල, ජලය විනිවිදව හොඳින් පෙනෙන නිසා බලාගත හැකිය. නිශ්චල සිත වනාහී මනස සමාධිගත වීමකි. සමාධිය යනු ඇත්ත ඇති සැටියෙන් දැකීමය. සත්‍ය මෙනෙහි කිරීමය.
  

මා පුංචි කතාන්දරයක්‌ කියන්නම්, එක්‌තරා රජ මාලිගයකට රජු නැති අවස්‌ථාවක සියලු ආරක්‍ෂක බැමි කඩාගෙන බලගතු යක්‍ෂයකු පැමිණ රාජාසනයේ වාඩිවුණා. රාජපුරුෂයින් හා සියලුම මැති ඇමැතිවරු පැමිණ රාජාසනයෙන් ඉවත්වන ලෙස යක්‍ෂයාට බැණ වැදුණා. යක්‍ෂයාට බනින්න බනින්න, යක්‍ෂයා දරුණු වුණා. යක්‍ෂයා විශාලවුණා. මේ අතර රජු පැමිණියා රජු යක්‍ෂයාට කරුණාවෙන් කථා කළා. තේ කෝප්පයක්‌ද දී යක්‍ෂයාට සංග්‍රහ කළා. යක්‍ෂයා කුඩා වුණා. යක්‍ෂයාගේ බලය අඩුවුණා. යක්‍ෂයා නැගිට යන්නට ගියා. මේ අනුව වෛරය නැසුමට ලොව ඇති හොඳම ආයුධය කරුණාවය. කිසිවිට වෛරය සමඟ' සටන් කිරීමෙන් ජයගත නොහැකිය. කිසිවිට යුද්ධ කිරීමෙන් කිසිවෙකුට ජය අත්නොවේ. මෙහිදී රජු ප්‍රඥවන්තව කටයුතු කළේය.

පළමුව ඔබේ මනසට ඔබ කරුණාවන්ත වන්න. එවිට ඔබ සමඟ මනස කාලය ගතකිරීමට කැමැතිය. මෙහිදී පිං සිතුවිලි පහලවේ. සිතට සැහැල්ලුවක්‌ දැනේ. එමගින් කෙලෙස්‌ පලවා හැරීමට හේතුවේ. යථාර්ථය අවබෝධවේ. මමය, මාගේය කියා කිසිවක්‌ නොමැතිබව තමාට වැටහේ. මෙසේ සමාධිය ලැබූ තැනැත්තා තන්හාවේ එල්ලි එල්ලී පසුවන්නේ නැත. ඔහු සරල ජීවිතයකට පුරුදුවේ.

මේ ආකාරයෙන් අපට මේ භවයේදීම උත්සාහය නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධකර ගත හැකිය, අප කිසිවිට පින් හා කුසල් කිරීමට කම්මැලි නොවිය යුතුය. කල් නොදැමිය යුතුය. ජීවිතයේ අනිත්‍යබව නිතර වටහාගෙන තථාගත ධර්මය අනුව ජීවිතය ගොඩනැගිය යුතුය. ඒ සඳහා අප නිතර ධර්මය අවබෝධකර ගත යුතුය. එය ක්‍රියාත්මක කළ යුතුය. එවිට සැමට යහපතක්‌ උදාවෙනවා." 

 
අජාන් බ්‍රහ්මවංසෝ මහතෙර වහන්සේ
මාතර, කැකනදුර ඇල්ලකන්ද සෙනසුන භූමියේදී ධර්ම දේශනය 
========
1951 වසරේ එංගලන්තයේ ලන්ඩන් නුවර කතෝලික දිලිඳු පවුලක පීටර් බෙට්‌ නමින් උපත ලබා 17 වැනි වියේදී බුදු දහම වැළඳ ගත්තේය. කේම්බ්‍රිඡ් විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා උපාධිධාරියෙකි. බුදුදහම හා භාවනාව ගැන උන්දුවක්‌ දැක්‌වූ මොහු වසරක්‌ පමණ ගුරුවරයකු වශයෙන් සේවය කිරීමෙන් පසු වයස අවුරුදු 23 දී තායිලන්තයට ගොස්‌ සාකෙන් වන අරණේ අධිපති මාර්ගඵලලාභී අජාන් චා මහතෙර වෙතින් පැවිද්ද ලබා ගත්තේය. ඊට පසු අජාන් චා හිමිගේ මගපෙන්වීම යටතේ බුදුදහම හා භාවනාව ගැඹුරින් හැදැරුවේය. ඊට පසු 1983 ඕස්‌ටේ්‍රලියාවට සැපත්ව පර්ත් නුවර බෝධියාන වනගත සෙනසුනේ ආරාමාධිපති ලෙස පත්වන සේක. තායිලන්තයේ ගුරුවරයා යන ගරු නාමය වෙනුවට භාවිතා කරන අජාන් පදය නමට මුලින් භාවිත කරනවා හැර කිසිදු ගරු නමක්‌, රටක නමක්‌, භාවිත කරන මෙම ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයාණෝ දැනට ඕස්‌ටේ්‍රලියාවේ වෙසෙතත්, වස්‌ කාලයෙන් පසු ලොව පුරා රටවල්වල ධර්මය දේශනා කරමින් උත්තරීතර ධර්ම දූත මෙහෙවරක යෙදෙන සේක.

සිනාසෙන සුදු හාමුදුරුවෝ යනුවෙන් ප්‍රචලිත අජාන් හිමිපාණන් වහන්සේ විසින් දේශනා කරන ධර්මය සරල බසින් විග්‍රහ කෙරේ. කාලීන උදාහරණ දක්‌වමින්, පුංචි කථා බණට ඔබින ලෙස පවසමින් කාටත් වැටහෙන අයුරින් ඉංග්‍රීසි බසින් ධර්මය දේශනා කරති. කෙනෙක්‌ ලොව නවීන විද්‍යාවෙන් හා තාක්‍ෂණයෙන් භෞතික වශයෙන් දියුණු වුවත් ලෝක ජනතාව තුළ වර්තමානයේ පවත්නා මානසික ආතතිය හා අසහනය වැඩි සමයක, විනෝදයෙන් සතුටින් ජනතාව ධර්මය ඇසීමට යොමුකර ගනී. එමනිසා අන්‍යාගමික ජනතාවද මේ මා හිමියන්ගේ ධර්ම දේශනා කැමැත්තෙන් අසති. මේ වනවිට විවිධ රටවල ලක්‍ෂ සංඛ්‍යාත ජනකායක්‌ ධර්මය අසා ඇත.


උපුටා ගැනීමකි