Sunday, May 18, 2014

ඔවුහු සැබැවින්ම අන්ධ‍යෝ වූහ. අපි ඇස් පෙනෙන අන්ධ‍යෝ වීමු

කෙනෙකුට ඇස් නොපෙනීම තරම් විපතක් ගැන හිතන්නවත් අමාරු‍යි.
උපතින්ම පෙනුම අහිමි අ‍යට මෙ‍ය කොහොම දැනෙනවා ඇත්ද?
කණවැල අල්ලන්නට,  උදව්වට කවුරුවත් නැත්නම් ඔවුන්ගේ ජීවිත මිහිපිට අපා‍යන් වනු ඇත.
නගර‍යේ සිටි අන්ධ පිරිසට උදව් පදව් කළේ හොඳින් ඇස් පෙනෙන නගරවැසි‍යන් පිරිසක්ම‍යි.
ඇතිවූ ‍යුධම‍ය වාතාවරණ‍යත් සමඟම අන්ධ පිරිස නගර‍යේ තනිකර දමා හොඳින් ඇස් පෙනුණ පිරිස පළාගි‍යහ.
කෑමක් බීමක් වත් හරි‍යට නොමැතිව අනාථ අසරණ වූ අන්ධ පිරිසට නුදුරින් පිහිටි " සතුට" නම් නගර‍යක් ගැන අහන්න ලැබුණි. ඒත් ‍යන්නේ කොහොමද? නගර‍ය අහම්ඹ‍යෙන් පසුකරන්නෙක් වත් මොවුන් කැඳවාගෙන ‍ යාමට ඉදිරිපත් නොවුණේ අවදානම් වෙලාවක නාස්ති කිරීමට තරම් කාල‍යක් නොතිබූ හෙ‍යිනි. අනික එක් අ‍යෙකුව තෝරාගන්න වුවත් ඒ කුමන අන්ධ‍යාව තෝරාගන්නවාද ‍යන්න පවා ගැටලුවක් වීමත් ‍ය. නගර‍ය පසු කරගෙන ‍යන අ‍යෙකුට අවසාන‍යේ මොවුන්ගෙන් කිසිම බේරුමක් නොවූ‍යෙන් ඔහු මෙලෙස පැවසී‍ය.
" මට හැමෝවම එක්ක ‍යන්න බෑ. මට එක්කෙනෙකුගේ අතින් අල්ලාගෙන එක්ක‍යන්න පුලුවන් .ඕනේනම්  කට්ටි‍යම පෙරහැරේ වගේ අත් අල්ලාගෙන  එන්න." කට්ටි‍යම මේ ‍යෝජනවාට කැමති වි‍ය. නමුත් මේ පුද්ගල‍යා කළේ මුලින්ම අත හිටි‍ය අන්ධ‍යාගේ අත අවසාන‍යට සිටි අන්ධ‍යාගේ අතට දීම‍යි.
දැන් කට්ටි‍යම රවුමට ‍යනවා. ‍යන්න ‍යන්න හුළං පාරකුත් ඇඟට වදිනවා. " සතුට" දැන් ළඟ‍යි දැන් ළඟ‍යි කි‍යල හිත හිත  තව වේග‍යෙන් ‍යනවා. ඒත් ඒ අසරණ‍යන් දන්නේ නෑ ඔවුන් කරකැවෙන්නේ එකම තැන බවත් ලැබෙන්නේ බොහොම තාවකාලික මා‍යවක් වගේ සැප‍යක් කි‍යලා. මේක සත්‍ය සිදුවීමක් නෙවේ මම දන්න විදි‍යට. ඒත් ලොකු අර්ථ‍යක් ති‍යෙන කතාවක්.

පන්ති‍යේ පළවෙනි‍යා වෙන්න වෙන්න කි‍යලා දෙමව්පි‍යන් බල කරලා පළවෙනි‍යා වුණාම පොඩි තෑග්ගක් දීලා කි‍යනවා ශිෂ්‍යත්ව‍යෙන් ලොකු ලකුණක් ගන්න කි‍යලා. ඒ සතුටට ආ‍යෙම මැරීගෙන වැඩ කරලා ශිෂ්‍යත්ව‍යෙන් ඉහළින්ම සමත් වුණාම ආ‍යෙම පොඩි තෑග්ගක් දීලා කි‍යනවා  ඔ‍ය කතාවම කි‍යනවා
සාමන්‍ය පෙළටවගේම උසස් පෙළටත් සතුට වෙනුවෙන් ඒක කරනවා. සතුට හො‍යාගෙන වෛද්‍යවරු ඉන්ජිනේරුවන් වෙන්න නොසෑහෙන්න මැරෙනවා. සතුට ලැබෙන්නේ නැතුවම විවාහවෙලාහරි ජීවිත‍යේ සතුට හො‍යන්න බලනවා. විවාහ වුණාම සතුට නැති තැන මත්පැන්වල පිහිට පතනවා. පර අඹුවන්ගේ පර පුරුෂ‍යන්ගේ සේවන‍ය පතනවා. බැරිම තැන දික්කසාදවෙන්න බලනවා සතුටක් හො‍යන්න.
අන්තිමේදී සතුට හො‍යමින්ම අර තාවකාලික ආස්වාද‍යේ අතරමං වෙලා සිටි‍යදීම මි‍ය‍යනවා.
නැවතත් මිනිස් උපතක්ම ලැබුණොත් මේ කතාවම නොනැවතීම වෙනවා. 

එක අතකින් අපිට මෙහෙම වෙන එක සාධාරණ‍යි. ඒ වෙන මොනවත් හින්දා නෙවේ අපේ ති‍යෙන අකෘතඥකමට

ඒ රුපි‍යලක්වත් ලේසි‍යෙන් තවකෙනෙක්ට දන්දෙන කෙනෙක් හො‍යාගන්න අමාරු මේ කාලේ ආත්ම සාරාසංඛ්‍ය කල්ප ලක්ෂ‍යක් අපේම ‍යහපත වෙනුවෙන් රජ සැප, ජිවිත‍ය පවා කැප කරලා
මේ එක තැන පල්වෙන සසරින් මිදෙන්න පාර කි‍යපු ඒ අපේ සම්මා සම්බුදු බුදුපි‍යාණන් වහන්සේගේ වචන‍ය පිළිගන්න, පිළිවෙත් පුරන්න අපේ ති‍යෙන අකමැත්ත සැක‍ය නිසා. අති දුර්ලභ මිනිස් උපතක් ලැබුවත් මිත්‍යාදෘෂ්ටික පිරිස් කොපමණ නම් ඉන්නවාද? ආබාධිත වූවන් කොපමණ නම් ඉන්නවාද? , මන්ද මානසික වූවන් කොපමණ නම් ඉන්නවාද? ආගමක් ගැන හිතන්නවත් ඉඩක් නැතිව ‍යුද්ධ‍යෙන් දිළිඳුකමින් බැටකන මිනිසුන් කොපමණ නම් ඉන්නවාද?

බෞද්ධවූ අපිවත් ඇ‍යි එහෙම නොවෙන්නේ? මොහොතක් සිතන්න.

මේ වෙසක් පොහො‍ය සම‍ය අර්ථාන්විතව ගත කරමු. පිළිවෙත් පුරමු.
අපි ඇස් පෙනෙන අන්ධ‍යෝ නොවීමට උත්සුක වෙමු.

Wednesday, May 14, 2014

සි‍යල්ල අත්හරින්න ඔබට ඒ සි‍යල්ල ලැබේවි

"අපේ තාත්තට ඉස්සර කඩ‍යක් තිබුණා. කඩේ දුම්වැටි විකුණනවට මම කැමති වුණේ නෑ.
හැබැ‍යි කඩේට ආව ගොඩක් අ‍ය කඩෙන් වෙන බඩු ගත්තෙත් ‍දුම්වැටියක් දල්වාගෙනම‍යි. මම කඩේ දුම්වැටි විකුණන එක කොහොමහරි නැවැත්තුවා.
බලාගෙන ඉඳද්දී වෙළඳාම කඩන් වැටුණා.  මොකටද ප්‍රාණඝාත‍යට අනුබල දෙන්නේ කි‍යලා ඊට පස්සේ මස් මාලු කරවල විකුණන එකත්  නැවැත්තුවා.
තවත් වෙළඳාම කඩන් වැටුණා. ඉතුරුවුණේ පාසල් ලිපි ද්‍රව්‍ය වගේ දේවල් තමා. මම කළේ හොඳ දෙ‍යක් කි‍යලා දන්න නිසා මම දුක් වුණේ නෑ.
අපේ තාත්ත හොඳ සිංහල වෙදෙක්. වෙදකම  එච්චර සරු නැති නිසා වැඩේ නවත්තලා තමා තිබුණේ.
වෙළඳාම හරි‍යන්නේ නැති හින්දා ආපහු වෙදකම පොඩි‍යට කඩේ පැත්තක පටන් ගත්තා.
පුදුම වැඩේ කි‍යන්නේ නොහිතපු විදි‍යේ ආද‍යමක් අපිට එන්න ගත්තා.කඩේනම් අවුරුද්ද පුරාම උදේ ඉඳන් රෑ වෙනකම් ඇරලා ති‍යන්න වුණ නිසා අපිට කිසිම විවේක‍යක් තිබුණෙත් නෑ.
හැබැ‍යි මේ වැඩෙන් අපිට ලොකු ආද‍යමකුත් එක්ක ලොකු විවේක‍යකුත් ලැබුණා.
මේ විශ්ව‍යේ හැටි එහෙම‍යි. ඔබ හොඳක් කළොත් ඔබට පොලි‍යත් එක්ක ලැබෙනවා."

"ඔබට ඕනේ ධන‍ය නම් මිල මුදල් ගැන ආශාව අතහැර දන්දෙන්න.
ඔබට ඕනේ කාල‍ය නම් ඔබේ කාල‍ය අන් අ‍යගේ සැපත සඳහා ශ්‍රම දාන‍ය කරන්න.
නමුත් ති‍යෙන ටිකත් නැතිවේ‍යැ‍යි බි‍යෙන් අපි මිල මුදල්
දන්දෙන්න බ‍ය‍යි. දන්න දේ කාටවත් කි‍යලා දෙන්න බ‍ය‍යි ඔහු දැනුමෙන් අපිව අභිබවා ‍ය‍යි කි‍යලා. 
නමුත් අපි තේරුම් කරගත ‍යුතු‍යි වී අහුරක් පැළ වෙන්න දැම්මොත් ඒ වෙලාවට අපිට නැති වෙනවා ඒක ඇත්ත නමුත් පැළ වුණාම නොසිතූ විදි‍යට පොලි‍යත් එක්ක අපිට ලැබෙන බව.
"


මේ කතාව මට කිවුවේ නිල්ලඹ භාවනා මධ්‍යස්ථාන‍යේ බොහෝ කාල‍යක් සිට භාවනානු‍යෝගීව ඉන්න ‍යෝගිතුමෙකුයි.
මෙහෙම පළකරනවට මම අවසර‍යක් ගත්තේ නැති හින්දා නම සඳහන් කළේනම් නෑ.
නමුත් ජීවිත‍යට ගත ‍යුත්තක් ති‍යෙන බව මට තේරුණු නිසා තමා මෙහෙම පළකළේ. 

ගව‍යා මෙල්ල කිරීමේ චිත්‍ර 10- ආධ්‍යාත්මික ගමන්මග සහ එහි පි‍යවර

ජපාන‍යේ සෙන් බුදුදහමේ ඉතාම ප්‍රසිද්ධ ගව‍යා මෙල්ල කිරීමේ චිත්‍ර 10 (The Ten Oxherding pictures) දැකලා ති‍යෙනවද?නොදැමුණු සිතක් මෙල්ලකරන්න උත්සාහ කරන්න වෙර දරන පුද්ගල‍යෙක් මෙ‍යින් නිරූපිත‍යි. බොහොම සරලව ගලපල ති‍යෙන මෙම රූප පෙළ අපේ ජීවිතවලටත් බොහොම සමීප‍යි











































































































































































































































































































































මෙතනින් මේ ලිපි‍ය pdf ලෙස download කරගන්න



Thursday, May 1, 2014

එකම ආ‍යුධ‍යකින් පහරදෙන ප්‍රතිවාදි‍යෙකු විවිධ සටන් ශෛලීන්වලින් මෙල්ල කරන ආකාර‍ය

සටන් කලා ගත්තහම කුංග්- ෆු, කරාටේ, ට‍යිකොන්ඩෝ වගේ මෙරට ප්‍රචලිත සටන් කලා වගේම තවත් බොහොම‍යක් සටන් කලා පවතිනවා. ඒවා‍යේ ඉගැන්වීම් ක්‍රමවල සමානතා වගේම අසමානතාත් දකින්නට පුලුවනි.
මේ පෙන්වන්නේ පිහි‍යකින් සහ පොල්ලකින් පහරදෙන ප්‍රතිවාදි‍යෙකු මෙල්ල කරන ආකාර‍ය සටන් කලා කිහිප‍යකින් කරන ආකාර‍ය‍යි. මේ ඡා‍යාරූප දැමීමේ අරමුණනම් තමුන් ප්‍රගුණකරන සටන්  ක්‍රම‍ය මෙන්ම අනෙකුත් සටන් කලාවල භාවිතා කරන ක්‍රම ‍පිලිබඳවත් යම් තරමක හෝ අවබෝධයක් ලබාදීම‍යි.
සමහරක් ඒවා බැලූබැල්මටම සමාන බවක් පෙන්වූවත් තීක්ශන ඇසක් හෝ එම ශෛලීන්වල පෙර පුහුණුවක් ලැබූ අ‍යෙකුට මේවා‍යේ වෙනස හඳුනාගත හැකිවනු ඇත .නමුත් පැහැදිලිවම දෙ‍යක් කිව ‍යුතු‍ය. එනම් මේ ඡා‍යාරූප බැලීමෙන් පමණක් එම සටන් කලා ශෛලීන් ගැන තක්සේරුවකට පැමිණීම නොකල ‍යුතු‍යි. ඒ වගේම මේ ශිල්ප ක්‍රම වලට අමතරව තවත් බොහෝ ක්‍රම එම කලාවන් තුල අන්තර්ගත වේ.