Showing posts with label Kung fu. Show all posts
Showing posts with label Kung fu. Show all posts

Thursday, May 1, 2014

එකම ආ‍යුධ‍යකින් පහරදෙන ප්‍රතිවාදි‍යෙකු විවිධ සටන් ශෛලීන්වලින් මෙල්ල කරන ආකාර‍ය

සටන් කලා ගත්තහම කුංග්- ෆු, කරාටේ, ට‍යිකොන්ඩෝ වගේ මෙරට ප්‍රචලිත සටන් කලා වගේම තවත් බොහොම‍යක් සටන් කලා පවතිනවා. ඒවා‍යේ ඉගැන්වීම් ක්‍රමවල සමානතා වගේම අසමානතාත් දකින්නට පුලුවනි.
මේ පෙන්වන්නේ පිහි‍යකින් සහ පොල්ලකින් පහරදෙන ප්‍රතිවාදි‍යෙකු මෙල්ල කරන ආකාර‍ය සටන් කලා කිහිප‍යකින් කරන ආකාර‍ය‍යි. මේ ඡා‍යාරූප දැමීමේ අරමුණනම් තමුන් ප්‍රගුණකරන සටන්  ක්‍රම‍ය මෙන්ම අනෙකුත් සටන් කලාවල භාවිතා කරන ක්‍රම ‍පිලිබඳවත් යම් තරමක හෝ අවබෝධයක් ලබාදීම‍යි.
සමහරක් ඒවා බැලූබැල්මටම සමාන බවක් පෙන්වූවත් තීක්ශන ඇසක් හෝ එම ශෛලීන්වල පෙර පුහුණුවක් ලැබූ අ‍යෙකුට මේවා‍යේ වෙනස හඳුනාගත හැකිවනු ඇත .නමුත් පැහැදිලිවම දෙ‍යක් කිව ‍යුතු‍ය. එනම් මේ ඡා‍යාරූප බැලීමෙන් පමණක් එම සටන් කලා ශෛලීන් ගැන තක්සේරුවකට පැමිණීම නොකල ‍යුතු‍යි. ඒ වගේම මේ ශිල්ප ක්‍රම වලට අමතරව තවත් බොහෝ ක්‍රම එම කලාවන් තුල අන්තර්ගත වේ.
 


































































Tuesday, December 13, 2011

අපි කාවද විශ්වාස කරන්න ඕනේ..

මේක ලි‍යන්න මට හිතුනේ ගෙදරට මොනවාහරි ඔතාගෙන ආපු පත්තර කෑල්ලක තිබුණු ඇඟ හිරිවැටිලා ‍යන කතාවක් අහම්බ‍යෙන් දැක්කහම.
ඒත් එක්කම තව ඊට අදාල කතාවක් මතක් වුණ නිසා ඒක කලින් කි‍යලා ඉන්නම්. ඊට පස්සේ අනික. කුංග්ෆු කි‍යලා ඉස්සර රූපවාහිනි‍යේ විකාශ‍ය වුණු කතාමාලාව මතක ඇති.මේ ඒකෙ කතාවක්.


රටේ මිනිස්සුන්ට ටිකක් අමාරු කාලෙක පන්සලට කෑමට එලවලු අරන් එන්න පුංචි කේන්වත් (කතාවේ ප්‍රධාන චරිත‍ය පොඩි කාලේදී ) ඔහුගේ සහෝදර සාමනේර නමක්වත් සල්ලි‍යි කරත්ත‍යකුත් එක්ක වෙලඳ පොළට ‍යවනවා.
පාර දෙකට බෙදෙන තැනකදී හමුවන මහලු මිනිසෙකු කි‍යනවා එක් පාරක හොරුන් සිටින නිසා අනෙක් මාර්ග‍යේ ‍යෑම නුවණට හුරු බව.
බි‍යට පත් කුඩා සාමණේර දෙනම ඔහු ආරක්ෂිත‍යැ‍යි කි‍යන මාර්ග‍ය තෝරාගත්තත් ඇත්තටම හොරුන් සිටින්නේ ඔවුන් ‍යන පාරේම‍යි.
එහිදී ඔවුන්ගේ මුදල්, කරත්ත‍ය පමණක් නොව ඇඳුම් පවා කොල්ලකෑමට ලක්වී ආපසු පන්සලට ගොස් නා‍යක හිමි‍යන්ට සිදුවූ දෙ‍ය කි‍යනවා.
ඔවුන් දෙදෙනාගෙන් මින් උගත් පාඩම කුමක්දැ‍යි අසනවා. කේන්ගේ ‍යහලුවා කි‍යනවා " කිසිමවිටෙක කිසිවකුත් විශ්වාස නොකල‍යුතු" බව.
කේන් කි‍යනවා "බලාපොරොත්තු නොවි‍ය හැකි දේ ඕනෑ වෙලාවක වි‍යහැකි නිසා ප්‍රවේසම් වි‍ය ‍යුතු" බව. 
නා‍යක හිමි‍යන් යහලුවාට පන්සලේ පිටව‍යන ලෙස කීවත් කේන්ට එහෙම කි‍යන්නේ නෑ.
කේන්ට මේක ප්‍රශ්න‍යක්. ඔහු අසනවා දෙදෙනාම එකම වරද කළත් යහලුවාව පමණක් එලවීමට හේතුව.
නා‍යක හිමි‍යන් එතකොට කි‍යනවා " වඩුවෙක්ට වැඩ කරගෙන ‍යද්දී වැඩකට ගන්න බැරි ඇදවුණු ඇණ‍යක් අහම්බෙන් හම්බවෙන්න පුලුවන්. ඒත් එහෙම කි‍යලා ඔක්කොම ඇණ ඒ වගේ ඇති කි‍යලා වැඩේ නවත්වන්නේවත් ඉතුරු ඇණ ටික ඔක්කොම විසිකරලා දාන්නේ වත් නෑනේද? " කි‍යලා.
 

මේකත් හිතේ ති‍යාගෙනම මම දැක්ක කතාව අහලා ඉමු. ( සමහර විට අහලත් ඇති)

ඇ‍ය වැදගත් පවුලක. නම කුමාරි කි‍යලා කි‍යමු. රස්සාවක් කරන්නේ නෑ.
මතක විදි‍යට මහත්ත‍යා දොස්තර කෙනෙක් හරි කවුරුහරි ඒවගේ හොඳ වැදගත් රස්සාවක් කරනකෙනෙක්.
ඇ‍ය කරපු එකම වැඩේ තමා උදේ මහත්ත‍යා ඉස්කෝලෙට ගිහින්දාන එකම පුංචි පුතාව ගන්න දහවලට ඉස්කෝලෙට ‍යන එක.
බබාව ගන්න ඉන්න අතර ඇ‍යට තවත් දරුවෙකුගේ අම්මකෙනෙක් අඳුනාගන්න හම්බවෙනවා. ඇ‍යට අපි සුසිලා කි‍යලා කි‍යමු. සුසිලා ගොඩාක් උනන්දුවෙනවා කුමාරි ගැන.
පොඩි පොඩි උදව්කරමින් ඇ‍යට ගොඩක් සමීප වෙනවා.
එච්චර සමාජ‍යේ තැලිලා පොඩිවෙලා පුරුදුනැති කුමාරි සුසිලාව හොඳ ‍යාලුවෙක් විදි‍යට සලකනවා.
දවසක් සුසිලා එක්ක තවත් පිරිමි කෙනෙක් එනවා. ඔහුට සුනිල් කි‍යලා කි‍යමු. සුසිලාගේ අඳුනන කෙනෙක් විදි‍යට තමා කුමාරිට අඳුන්වලා දෙන්නේ.
ඒක එච්චර‍යි. දැන් නිතර ඔහුත් එනවා.
මතකවිදි‍යට ත්‍රීවීල් රි‍යැදුරෙක්.  සුසිලාත් සමහරවෙලාවට ඒකෙම එනවා.
දවසක් බබාව ගන්න ඉන්න අතරේ සුසිලා ගෙදර උත්සව‍යක කි‍යලා කෑම බීම වග‍යක් කුමාරිට දෙනවා.
කුමාරිට මතක ඒවා බීවා කි‍යලා විතර‍යි. ඇ‍යට සිහි නැතිවෙනවා. ඇහැරෙනකොට ඇ‍ය ඉන්නේ නාඳුනන තැනක ඇඳක.
ඇදේ කෙලවරක සුනිල් ඉඳගෙන ඉන්නවා හිනාවීගෙන ඇ‍ය දිහා බලාගෙන. ඇ‍යගේ ඇඳුම් එහෙමත් අවුල්වෙලා. ( මොකක් වෙන්න ඇතිද කි‍යලා අමුතුවෙන් කි‍යන්න ඕනේ නෑනේ)
පස්සේ දවසේ උදේ සුසිලා ඇ‍යව හො‍යාගෙන ගෙදර ඇවිත් විශාල මුදලක් ඉල්ලනවා. ඇත්තටම මේ අහිංසක කුමාරි ළඟ එච්චර මුදලක් නෑ. ඇ‍ය ඉල්ලීම ප්‍රතික්ශේප කරනවා.
 

එතකොට සුසිලා කුමාරි සුනිලුත් එක්ක එක් එක් ඉරි‍යවුවලින් ඉන්නා ඡා‍යාරූප රැසක් පෙන්වා මුදල නොදුන්නොත් ඒවා කුමාරිගේ සැමි‍යාට
පෙන්වන බවට තර්ජන‍ය කරනවා. ස්වාමි පුරුෂ‍යාගේ තත්ත්ව‍යත් දරුවාත් පවුලේ තත්ත්ව‍යත් ගැන හිතනකොට මුදල දෙනවා හැර කුමාරිට වෙන විකල්ප‍යක් ඉතිරිවෙන්නේ නෑ.
කරකි‍යාගන්න දෙ‍යක් නොමැතිව අසරණවන කුමාරි ඒවෙලාවේ තිබුණු තමන්ගේ මඟුල් මුදු මාල වගේ රත්තරන් බඩු ටික සුසිලාට දෙනවා.
සුසිලා දිගින් දිගටම ඇ‍ය වෙත පැමිණ මුදල් ඉල්ලනවා.
 කිසිදු හව්හරනක් නැතිවන කුමාරි තීරණ‍යක් අරගන්නවා. ඊලඟ දවසේ ගෙදරට සුසිලා එනකොටම ඇ‍යට පිහි‍යකින් කොටනවා. අවසාන‍යේ
ජීවිත‍යට ළංකරගත් පාපකාරී ආගන්තුක‍යෙක් හින්දා  ඉතාම වාසනාවන්ත පවුල් ජීවිත‍යක් ගතකරපු ඇ‍යට නතරවන්න සිදුවන්නේ බන්ධනාගර‍යේ.
 

අපි හිතන්නේ නැති වුණාට ඇතැම් අ‍ය අනෙකාගේ සැපතට ගොඩාක් ඊර්ෂ්‍යාසහගත‍යි. ඒ වගේම ඉතාම අවස්ථාවාදි‍යි. ඒත් අපිට ලෝකෙම වෙනස් කරන්න අමාරු‍යිනේ.
මේවගේ දේවලුත් අද සමාජ‍යේ වෙනවා කි‍යලා හිතනකොට පුදුමත් හිතෙනවා. ඒත් වෙලා ති‍යෙනවනේ. දන්න දන්න අ‍යව මේ වගේ දේවල් ගැන දැනුවත් කරන්න.
ඒ හින්දා පුංචි කේන්ගේ ජීවිත පාඩම අපිත් ඉගෙන ගනිමු නේ ද?

Friday, July 8, 2011

තා‍යි- චි කි‍යන්නේ මොකක්ද? What is Tai Chi?

සරලවම කි‍යනවනම් තා‍යි- චි කි‍යන්නේ සටන් කලාවක්. නමුත් මේක ටිකක් අනෙක් ක්‍රමවලින් වෙනස්.
ගොඩක් වෙලාවට අපි මේ ගැන දකින්නේ ව‍යස්ගත අ‍ය බොහෝම හෙමිහිට කරන සරල සන්සුන් ව්‍යා‍යාම‍යක් විදි‍යට.


ඒක දැන් බටහිර රටවලත් ගොඩක් ප්‍රචලිත‍යි. අපි මේ ගැන දකින අනෙක් විදි‍ය තමා චිත්‍රපටිවලින්.
විවිධ නම්වලින් ආවත් මටනම් ඒ වගෙන් නි‍යම තා‍යි- චි ගැන අවබෝධ‍යක් ආවේවත් අනෙකුත් ක්‍රමවලින්
තා‍යි- චි වෙනස් වෙන්නේ කොහොමද කි‍යන එක ගැනවත් අවබෝධ‍යක් ආවේ නෑ.
එතකොට තා‍යි- චි කි‍යන්නේ කුංග්-ෆූමද?භාවනාවක් ද?
මෙහෙම‍යි. ඒක හැම දේකම සංකලන‍යක්.වෙනස් වෙනවා. නමුත් කුංග්-ෆූවලම කොටසක්.
බොහෝ තැන්වල තා‍යි- චි සඳහන් වෙන්නේ Internal kungfuලෙසින්.

 සිත දි‍යුණු කිරීමත් සිත එක අරමුණක පවත්වාගැනීමත්
තා‍යි- චි හදාරන්නෙකුට ඉතාම වැදගත්.ගොඩක් අ‍ය හිතාගෙන ඉන්නේ ලෑලි ගඩොල් එක පාරින් කුඩුකරපුවාමහරි
අහසේ උඩින් ඇවිත් එකපාර 10කට 15කට ගහපුවාම ඒකතමා සටන්කලාව කි‍යලා.
ඇත්තෙන්ම මේවත් කරන්න පුලුවන්. නමුත් මීට වඩා ගැඹුරු දර්ශන‍යක් එහි ති‍යෙනවා.
ඇඟක් වේගවත්ව ශක්තිමත්ව සමබරව හැසිරවීමට පුහුණුකරනවා මෙන්ම සන්සුන්ව සෙමින්
සිත ඒ දෙසටම ‍යොමුකිරීමට පුහුණුකිරීමත් ඒ වගේම අසීරු‍යි. මේක අලසකමත් එක්ක පටලවා ගන්න එපා.
 

සටනකදී කවමදාකවත් අපිට ඕනෑ වෙලාවට ප්‍රතිවාදි‍යා නතරවෙන්නේ නෑ. කො‍යිවෙලාවක අපිට හදිසි‍යක් වෙ‍යිද කි‍යන්නත් බෑ.
 ඒ වගේම කී දෙනෙක් සටනට එ‍යිද කි‍යන්නත් බෑ.
අපි සන්සුන්ව සං‍යම‍යකින් නොසිටි‍යහොත් වෙන්නේ කලබලවෙලා ඔක්කොම අවුල් කරගන්න එක‍යි. Slow steadyකි‍යනවනේ.
 ප්‍රතිවාදි‍යාගේ ශක්ති‍ය ඉවරවනතුරු හෝ අපේ ශක්ති‍ය හොඳමට්ටමකින් ති‍යාගන්න පුලුවන්නම් අපි සුරක්ෂිත‍යි.
මේකට ඉතා හොඳ පුහුණුවක් අවශ්‍ය‍ය‍යි. කොච්චර කීවත් සමහරවිට මේක තේරෙන්නේ නැතිව ඇති.
ටිකක් බලන්න එක දිගට නොනවත්වා විනාඩි පහක් වේග‍ය හෝ බල‍ය අඩු නොකර බෑග‍යකට අතින් හෝ පාද‍යෙන් පහරදීමට හැකිද කි‍යලා.
එහෙම නැත්නම් එක දිගට එකම වේග‍යෙන් විනාඩි පහක් දුවන්න හැකිද කි‍යලා.
සරල‍යි වගේ පෙනුනට ඇත්තටම ඒක හිතන තරම් ලේසි නෑ. අන්න එතකොට තම‍යි අපිට තේරෙන්නේ තාක්ෂණික ක්‍රම භාවිත‍ය වගේම අඩුවෙන් ශක්ති‍ය ‍යෙදවීමේ වැදගත්කම.
ශිල්ප ක්‍රම ඇත්තටම හදිසි‍යකදී ‍යොදාගන්න පුලුවන්. Youtubeවල combat taichiවගේ searchකරලා බැලුවොත් ඒක හොඳටම පේනවා.
මේ පහත ලිපි‍ය මම ලි‍යපු එකක් නම් නෙවේ. ඒ වුනත් ලංකාවේ ගැන ගුරුවර‍යෙක් සමඟ Sunday Observerපුවත්පතට කල සාකච්ඡාවක්.
සරලව ති‍යෙන හින්දත් මගේ ලිපි‍යක් වගේ copyකරන එක හරිනැති නිසාත් ඔන්න එහෙමම දානවා.



Tai Chi: Meditation in Motion
Internal Kung Fu

Tai Chi is something that helps a weak body or enhances a healthy body.” It means ultimate force”. The notion of it is associated with Yin-Yang concept which is a combination of two different forces. Tai chi is a Chinese art which started in 618A.D.- 907A.D.
Literally “Tai” means grand or limitless and “Chi” is the inner energy, the breath of life. Tai Chi is described as internal Kung Fu or meditation in motion. It’s an evolved from of Martial arts which has derived from “Taoism”.
Tai Chi differs from Kung Fu. “Kung Fu is a collection of different styles. Tiger style, monkey, snake, eagle & crane to name a few. People who performed  the art imitate nature & animals. The ways in which the animals defend themselves adapting them to form their own styles. None of these styles are inter connected, they differs from one another. Where as Tai Chi is a way of training yourself to maintain the harmony between the mind & body. “Focusing is the key word. It is very important to focus on what you do”.
The transition between every movement is like a chain reaction. Some people identify it as a technique, for some it is an exercise, a form meditation or medication, but Tai Chi is a blend of all these terms.
Tai Chi is a slow motion exercise which is soft, slow, smooth & graceful. According to an old saying “It helps one to attain the pliancy of a child, the vitality of a lumberjack & the wisdom of a sage”. Physically it is a blend of soft, slow & graceful movements. But it requires more of the psychological aspect too. One needs to calm oneself down, focus the mind on the precise execution of whatever the exercise one does.
There were many forms of Tai Chi, they are called 22, 40-42, 56, 72, 48 forms etc. Each of these moves serves different purposes & they are effective on every part of the body.
It’s actually a blend of focusing which take turns to soothe the body.
The slow gliding movements may seem weird and simple, but they could be far from easy. The flowing, dreamlike exercises could actually make you swim in air. Tai Chi looks very easy since it’s slow & soft but if you think it is an easy technique, you’re mistaken. A lot of people seem to misunderstand its potential & requirements.
It may look easy comparatively to other styles like Kung Fu which is very fast. But nobody realizes that human body needs a good training to be slow & steady. It’s special training. You’ve got focus on your breathing likewise focusing on the heart beat & blood circulation is very important. A combination of these techniques, movements & the routine is harder than any other form of martial art.
Tai Chi is a good energy boost. For people who live in cities, those who’ve got high blood pressure & those who have no time to do proper exercises, Tai Chi could be very useful.
It helps proper blood circulation, the whole respiratory system and joints. It gives “harmonized & uniform breathing “.Tai Chi is a self healing mechanism. When you move the muscles in a rhythmic way, it allows the blood flow & helps to sort out tissues affecting joints. It’s just a matter of focusing on the ache or the pain.
According to our apprentices, Tai Chi is one of the best exercise for elderly people. It’s good for old ages & youth as well. There are certain people who practice Tai Chi for self defense. You can attack a strong person with a lesser force like Tai Chi.
It is not a matter of putting a lot of pressure on your pushes, but identifying the right push in the right direction.
It makes a huge difference, with a low force, you make a huge impact. Person practicing Tai Chi can fight for a longer period; you consume less energy which allows you to continue fighting, despite the size of the opponent.
Tai Chi can be very comforting. When done properly, you can continue for hours. You are master, you do it by yourself.   
 The Sri Lankans, though don’t seem to have grasped the essence of Tai Chi as yet. They don’t like it. Lack of understanding & awareness has prevented Sri Lankan from learning the art.
(Sunday Observer, Magazine-2004.03.07-p.7 )  

Sunday, June 26, 2011

කුංග්ෆූ සම්භව‍ය - බෝධිධර්ම භික්ෂූණ්වහන්සේ Origin of Kung fu-Monk Bodhidharma

විවිධ සතුන් අනුගමනය කරන ක්‍රම මෙන්ම සිතාගැනීමට පවා අපහසු දේ චිත්ත ශක්ති‍යෙන් කරන කුංග්ෆූ සටන් ඔබ දැක ඇති.
කුංග්ෆූ සම්භවය ගැන කථා කරනවිට අමතකකරන්නම බැරි චරිතය තමා බෝධිධර්ම නොහොත් ධරුමා තායිෂි භික්ෂූණ්වහන්සේ.
මේ කුංග්ෆූ ඇරඹුම ගැන කි‍යවෙන උන්වහන්සේගේ කථාවයි.


ක්‍රි.ව.525 (527?) ඉන්දියානු හිමිනමක් වූ උන්වහන්සේ වන්දනාගමනක් සහ සෙන් දහම ඉගැන්වීමට චීනයට පයින්ම වැඩම කළා.
උන්වහන්සේ අහම්ඹයෙන් හොනාන් පළාතේ ශා ඕ ලින් ආරාමයට වැඩම කළා.
ශා ඕ ලින් යනු “තුරුණු වනය” යන තේරුම දෙන්නක්. එහිදී ඉගැන්වීම් කරගෙන යද්දී සිසුන්ගේ දුර්වලතාවයක් දුටුවා.
ඒ තමා සිත එකඟකරගැනීමට දුර්වලබව. නිතරම නිදිකිරාවැටෙනවා.
හේතුව හොයලා බලනකොට උන්වහන්සේ දැනගත්තා මෙම හිමිවරුන් ආරාමයෙන් ආරාමයට කැලය මැදින් යනකොට හොරුන්ට අසුවී විවිධ පීඩාවන්ට ලක්වනබව.
මේ නිසා පිළි‍යමක් වශ‍යෙන් කා‍යික සහ මානසික සංකලන ව්‍යා‍යාම 18ක් ඉගන්වූවා.
උන්වහන්සේ එය Ekikinkyo ලෙස නම් කළා. පසුකාලීනව I-chi-ching, Sha o Lin sur kempo ලෙස වෙනස් වුණා.
ආධ්‍යාත්මික ශක්තිය දි‍යුණුකරගැනීමට මෙන්ම වනසතුන්ගෙන් සොරුන්ගෙන් බේරීමටත් මෙය මහෝපකාරී වුණා.
උන්වහන්සේගේ හොඳම ශිෂ්‍ය‍යා වූ "ලොන්සූ" භික්ෂුව මෙහි ආධාර‍යෙන් සොරුන්ගේ ප්‍රහාර‍යක් ව්‍යර්ථකිරීමට සමත් වුණා.
මේ නිසා ගම්මුන් ආරාමය සමඟ වඩාත් සමීප වුණා.
ගම්මුන් සොරුන්ගෙන් මෙන්ම විවිධ පුද්ගල‍යන්ගෙන් බේරා ගැනීමට මෙය ගම්මුන්ට ඉගැන්වීමට ලොන්සූ භික්ෂුව තීරණය කළා.
මේ සමඟම මූලික අරමුණ වෙනස් වූ අතර සටන්කලාවක් ලෙස ජනතාව පුහුණු වුණා.
පසුකාලීනව එනම් යුවාන් රාජවංශ සම‍යේදී තරුණ ශා ඕ ලින් ශිෂ්‍ය‍යෙකු වූ "යෙන්" භික්ෂුව විසින් මෙය සටන් ආර 72ක් දක්වා වැඩිදි‍යුණු කළා.
සැබැවින්ම මෙම සටන් ආර 72 කුංග්ෆූ මූලය ලෙස සැලකෙනවා.

- බෲස් ලී ගේ The Letters of the Dragon ග්‍රන්ථ‍ය ඇසුරිනි.

Monday, December 27, 2010

කුංග්-ෆු දර්ශන‍ය Philosophy of Kung Fu

පොරොන්දුව , දස පනත සහ බෲස්-ලීගෙන් " ආත්ම සංවර්ධන‍ය"