Thursday, July 31, 2014

තෙල් බඩ නැතිවෙන්න කෑම වට්ටෝරුවක්

කොච්චර කෑමෙන් පරිස්සම්වුණත් අද කාලේ අවුරුදු 20-25 වෙද්දි කෙට්ටු කෙනෙක්ට වුණත් පොඩි පහේ " තෙල් බඩක්" එන එක ප්‍රශ්නයක්.විවාහය ළඟ එනකොට තරුණියෝ කෑම කන එකත් නවත්තලා පුදුම දුකක් විඳින්නේ ඇඟේ හැඩය තියාගන්න.













මගේ යාලුවෙක්ටත් මේ ප්‍රශ්නය තිබුණ නිසා පෝෂණවේදී විෂේශඥයෙක්ගෙන් (nutritionist) උපදෙස් අරන් සති 3-4ක් ඇතුළත් කිසිම අමතර ව්‍යායාමයක් නැතුව වේල් 3ම බඩ පිරෙන්න කන ගමන් බර කිලෝ 8ක් ( 68 60ට අඩුකරගෙනා අඩුකරගෙන තිබුණා තෙල් බඩත් නැති කරගෙනම.


මෙන්න මෙහෙමයි කෑම වේල

පොල් කිරි/ පොල් තෙල් කෑමට එකතු කිරීම සපුරා තහනම්. කෑම මිරිසට උයන්නවෙනවා.
උදේට කඩල/ කව්පි පීරිසියක්. ඒ කියන්නේ බත් පිඟානක් වගේ ගොඩාක්ම නෙවේ. සාමාන්‍ය ප්‍රමාණයක්.
10ට විතර තේ එක්ක බිස්කට් කිහිපයක් ගත්තට වරදක් නෑ. ( කිරි තේ එපාද කියලා විශේෂයෙන් කියලා නෑ)
දවල්ට බත් කන්න පුලුවන්. හැබැයි බත් අඩුවෙන්. එළවලු වැඩිපුර. ඒ කියන්නේ පිඟානෙන් වැඩිපුර තියෙන්න ඕනේ එළවලු.
මේත් එක්ක මස් කෑල්ලක් මාලු කෑල්ලක් කන්න පුලුවන්
4 ට විතර ඕනේනම් තේ එක්ක බිස්කට් කිහිපයක් ගත්තට වරදක් නෑ.
රෑට සැහැල්ලු ආහාරයක්. ඉඳි ආප්ප 6-8ක් වගේ.

short-eats කන්න බෑ
කොස්, දෙල් , දූරියන් කන්න එපා කිව්වලු. 

ගෙදර ඉඳන්ම කන බොන අයට මෙහෙම කෑම හදාගන්න එක  පහසුවුණත් නවාතැන්පලවල්වල ඉඳලා වැඩට යන එන කඩෙන්ම කන බොන අයට නම් මේක ටිකක් අමාරුවෙයි.ඒත් කමක් නෑ. පොඩි උත්සාහයක් හරි දරන්න බලන්න.

මේ දේ හැමෝටම හරියන්නේ නැතිවෙන්න පුලුවන් වගේම මේක සම්පූර්ණ ලිපියකුත් නෙවේ. 
හැබැයි හරියටම වැඩකරපු කෙනෙක්ගේ අත්දැකීමක් නිසා බෙදාගන්න හිතුවා
මේ ගැන වැඩි විස්තර ලිපියක් ළඟදීම ලියන්න බලාපොරොත්තු වෙනවා.