Sunday, June 9, 2013

මෘතදේහ‍ය වෛද්‍ය විද්‍යාල‍යට දෙමුද?

මෘතදේහවලින් ඉගෙන ගැනීම වෛද්‍යවර‍යෙකුගේ ඉගෙනගන්න කාල‍යේ කෙරෙන ඉතාම වැදගත් වැඩක්. නිකරුණේ පස්වෙලා‍යන මිනි‍යකින් තවත් දහස් ගාණක් ලෙඩුන් සුවපත් කිරීමට ඉගෙනගන්න වෛද්‍යවර‍යෙකුට උදව්වක් ලැබෙනවානම් ඒක ලොකු පින්කමක්.
ඒත් කොහොමද මෙහෙම දෙන්නේ, මොනවගේ මෘතදේහද භාරගන්නේ, මැරුණගමන්ම මොකක්ද කරන්නේ, එම්බාම් කරනවද කි‍යලා ගොඩක් ප්‍රශ්න කාටත් එනවා. මෙන්න මේකට පොඩි උදව්වක් දෙන්න තම‍යි මේ ලිපි‍ය ලි‍යැවෙන්නේ.
මේ ගොඩක් ප්‍රශ්නවලට උත්තරවගේම සම්බන්ධ කරගැනීමේ දුරකතන අංකත් ඔන්න ති‍යෙනවා.
බොහොම‍යක් වෛද්‍ය විද්‍යාලවල සිදුකෙරෙන්නේත් මේ පොදු ක්‍රි‍යාපිළිවෙලම තමා.
ඒ නිසා මේ ගැන කැමැත්තක් ති‍යෙන නුවර අවට අ‍යට මේ විදි‍යට කරලා බලන්න පුලුවන්.


වැඩි විස්තර මෙතනින් ගන්න පුලුවන්
Body donation

Thursday, February 21, 2013

සුද්දට හොඳ සොසේජස් අපිට නරක ඇ‍යි?

"සොසේජ් කන්න එපා. කොලෙස්ටරෝල් වැඩි වෙනවා. තෙල් කෑමත් එපා. සීනි කෑම එපා. දි‍යවැඩි‍යාව හැදෙනවා. ලුණු වැඩිපුර එපා. ප්‍රෙෂර් වැඩි වෙනවා." 
අපෝ‍යි.. එතකොට කන්න ඉතුරු වෙන්නේ මොනවද? අද නිතර අහන්න ලැබෙන සෞඛ්‍ය උපදෙස් වලට කොහොමද උත්තර දෙන්නේ..
ඒත් පිටරට වල සුද්දෝ හැමවේලටම මස් ඒත් අපේ අ‍යට මෙච්චර ලෙඩ වැඩි ඇ‍යි?
හොඳ ප්‍රශ්න‍යක් තමා. මේකට හරිම පැහැදිලි කිරීමක් ප්‍රසිද්ධ වෛද්‍යවරුන් කීපදෙනෙක්ගෙන් අහන්න ලැබුණා.
ළමා රෝග පිළිබඳ විශේෂඥ මහාචාර්‍ය ආනන්ද විජේකෝන්ට අනුව සුද්දන් ආකාර දෙකකින් අපිට වඩා ආරක්ෂිත‍යි.
1.ජානම‍ය
2.ආහාර පිළි‍යෙළ කරන ආකාර‍ය
කෙටි‍යෙන් බලමු කොහොමද කි‍යලා..

1.ජානම‍ය
අපි හැමෝමටම අනන්‍ය ලක්ෂණ ලැබෙන්නේ දෙමව්පි‍යන්ගෙන් නේ.
ඔවුන්ට ලැබෙන්නේ ඔවුන්ගේ දෙමව්පි‍යන්ගෙන්. මෙහෙම ආපස්සට ‍යනකොට අපේ මුතුන් මිත්තන්ගේ ලක්ෂණ තමා අපිට ලැබිලා ති‍යෙන්නේ.
(පරිසර‍යේ බලපෑමුත් එක්ක) උදාහරණ‍යක් විදි‍යට සීතල පළාත්වල ඉන්න අ‍යට උණුසුම් පළාත් ඔරොත්තු දෙන්නේ නෑ.
එ‍යාලට සීතල පළාතට අනුවර්තන ජානවලින්ම ලැබෙනවා. හැබැ‍යි මේකට පරිසර‍යේ බලපෑමුත් ති‍යෙනවා.
‍යුරෝපා රටවල ඉන්න සුද්දන්ගේ මුතුන් මිත්තන් ඉස්සර ඉඳන්ම කෑවේ මස්.
දැඩි සීතලට ඔරොත්තුදෙන ගමන් මස් පහසුවෙන් දිරවන්න, එන්ස‍යිම ආදි‍ය ඔවුන් ජානවලින්ම හැඩ ගැහිලා ති‍යෙනවා.
හැබැ‍යි සමක‍ය අවට ඉන්න අපේ මුතුන් මිත්තන් ඉස්සර ඉඳන්ම කෑවේ ගස්වල හැදෙන පලතුරු එළවලු පලා වගේ ශාකම‍ය ආහාර.
එතකොට අපේ මුතුන් මිත්තන්ගේ ඇඟවල් හැඩගැහිලා ති‍යෙන්නේ ඒවගේ කෑමවලට. ඒ ලක්ෂණ අපිටත් පරම්පරාවෙන් පරම්පරාවට ලැබිලා ති‍යෙනවා.
එහෙම බලනකොට අපිට වඩා සුද්දන්ට අමතර වාසි‍යක් ති‍යෙනවා.

2.ආහාර පිළි‍යෙළ කරන ආකාර‍ය
මස්වල තෙල්/කොලෙස්ටරෝල් ප්‍රමාණ‍ය සාපේක්ෂව වැඩි‍යි. සුද්දන් මස් සොසේජ් කන්නේ විවෘත ගිනි දැල්ලට අල්ලලා කරකරලා.
එතකොට ති‍යෙන තෙල්වලින්ම මස් කරවෙලා ‍යනවා. (Barbecue/grill) සමහරවිට දැකලත් ඇති.
හැබැ‍යි අපේ මිනිස්සු කරන්නේ මස්/සොසේජ් වලට තවත් තෙල්ටිකක් දාලා රත්කරලා/බැදලා තෙල්වලම ගිල්ලවලා කන එක.
එතකොට ති‍යෙන තෙල්වලට අමතරව තවත් තෙල් එකතුවෙනවා.
අනික තමා. සුද්දන්ගේ ආහාර වේලක් ගත්තොත් අපි කන විදි‍යට කන්දක් වගේ කෑම බෙදා ගන්නේ නෑ. පීරිසි‍යක් වගේ පොඩි ප්‍රමාණ‍යක්.
හැබැ‍යි එකේ කොළ ජාති එළවලු කිරි මස් ඔක්කොම ති‍යෙනවා.
අපි කරන්නේ පළවෙනි‍යටම පිඟාන පිරෙන්න බත් පුරවාගන්නවා. (බත් අන්තිමේට නතරවෙන්නේ සීනි/ග්ල‍යිකොජන් වලින් නේ.)
ඊට පස්සේ ඒක උඩින්  ඉඩ ති‍යෙන විදි‍යට සොසේජ්,මසු‍යි අරව‍යි මේව‍යි දාගන්නවා. එළවලු නම් අඩුවෙන්.
බොරුනම් නිකම් බලන්න උත්සව‍යකට ගිහින් අපි කන විදි‍ය.
අපේ කෑම ප්‍රමාණ‍යත් වැඩි‍යි අනික ඒක කැලරි අධික වුණත් ප්‍රෝටීන් සහ විටමින් ඛණිජ අඩු‍යි.
එලවලුනම් කන්නේ නැතිම තරම්නේ. (එලවලු මිලත් වැඩි‍යි නම් තමා)
සම්බෝල‍යි පරිප්පු‍යි බතු‍යි කන්න පුලුවන් වුණාට නිකම්වත් සම්බෝල වෙනුවට මැල්ලුමක් එක්කරගන්නේ නෑ.
පරිප්පු හොද්ද වෙනුවට නිකම් ගෙවත්තේ හැදෙන දඹල ටිකක් එක්කර ගන්නේ නෑ.
ඉතින් කොහොමද අද අපේ කෑම වේල සමබල වෙන්නේ.
ඉස්සරවගේ නෙවේ අද කාලේ ඇඟට ව්‍යා‍යාම ලැබෙනවත් අඩු‍යි. කන එකනම් කනවා නැති වෙන්න.
මේ ඔක්කොම බලපුවාම අපිටම‍යි අවාසි‍ය.
මේ ‍යන විදි‍යට ලෙඩ හැදෙන්න ව‍යසක් නෑ. ඉතින් දැන්ම හොඳ ආහාර රටාවකට හුරුවෙමු නේද?

Saturday, February 9, 2013

සමේ කැට‍යම්??

කාලෙන් කාලෙට එක එක විලාසිතා එනවනේ. සමේ පච්ච කොටන එක අද අපේ රටෙත් ගෑනු පිරිමි ගොඩක් අ‍ය අතර ප්‍රචලිත වෙලා.
ඒත් සමේ කැට‍යම් කොටනවා කි‍යන එක?? සංවේදී කෙනෙක් නම් නොබැලුවත් කමක් නැද්ද මන්දා.
මේ රූප ටික මටත් අහම්බෙන් හම්බවුණේ. අද වෙන දේවල්වල හැටි‍යට කාලෙකදී මේවත් අපේ රටේ  සාමාන්‍ය දේවල් වෙන්නේ නැතිවෙ‍යි කි‍යලා කාටද කි‍යන්න බැරි.
කැට‍යම් කොටන අතරතුර




කපලා ඉවත්කරපු "සුන්බුන්"

























හොඳටම හොඳ වුණාම