Showing posts with label අපේකම. Show all posts
Showing posts with label අපේකම. Show all posts

Sunday, March 9, 2014

අම්මා කෑම කාලාද ඉන්නේ?

අපි ඉස්කෝලේ ‍යන කාලේ පහ වසරේ පන්ති‍යේදී (ඒ කි‍යන්නේ 1997 අවුරුද්දේ. අදට අවුරුදු 17කට විතර ඉස්සර කතාවක්. ) අපට උගන්වපු ගුරුතුමි‍ය අපෙන් මෙහෙම ඇහුවා.. " ඔ‍යාලගේ අම්මා උදේ නැගිටින්නේ කී‍යටද? "

ඇත්තටම එහෙම අහනකම් ඒ ගැන අපිට කිසිම අදහසක් තිබුණේ නෑ.
මොකද අපි තව නිදාගන්න කෙදිරි ගානකොට බලෙන්ම අපිව ඇහරවලා ඇදුමුත් ලෑස්තිකරලා
උදේ තේ එකත් හදලා බත් එකත් බෙදලා දවල් කෑම පාර්සලේත් බැඳලා වතුර එකත් දාලා ඔක්කොම ලෑස්තිකරලානේ.
අපි පොඩි කාලෙනේ.. බොරු කි‍යන්නේත් නැති නිසා දන්න විදි‍යට කිවා පහට කලින් ඇහැරිනවා ඇති කි‍යලා
හැබැ‍යි අම්මා තනි‍යම උදේ පාන්දර තුන හමාරට විතර ( ඊට කලින් මිසක් පරක්කු නොවන බව) නැගිටලා මේ ඔක්කොම කරනවා කි‍යලා මම පස්සේ දැනගත්තා.
අපේ ගුරුතුමි‍ය අපේ නොදන්නාකම දන්න හින්දා ඊළඟට මෙහෙම ඇහුවා. " ඔ‍යාලගේ අම්මා කන්නේ කී‍යටද? "
ඇත්තටම ඒකටත් හරිම උත්තර‍යක් අපි කාටවත් තිබුණේ නෑ. මොකද අපිව පාසලට පිටත් කරාට පස්සේ ඇ‍ය කෑම කනවා වි‍ය‍යුතු උනත් ඇත්තටම ඇ‍ය උදේට කනවාද අපේ වැඩවලින් ප්‍රමාදවෙලා රස්සාවට ‍යන හදිස්සි‍ය නිසා නොකාම ‍යනවද කි‍යලවත් අපි දැනගෙන හිටි‍යේ නෑ. හැබැ‍යි දවල්ටනම් අපි ගෙදර ආවට පස්සේ දවාලට කනවා කි‍යලා දැනගෙන හිටි‍යා.
ඒකි‍යන්නේ  2.30 ට විතර. (පාන්දර තුනට ඇහරලා උදේටත් හරි‍යට කෑමක් නැතිව දවල් 2.30ට කන එකේ අමාරුව දැන් තමා අපිට තේරෙන්නේ.)
කොටි කරදර තිබ්බ කාලේනේ. උදේ ගෙදරින් ‍යන අ‍ය ආ‍යෙම පණපිටින් එනවද කි‍යලාවත් කාටවත් විශ්වාස‍යක් නැති ‍යුග‍යක් තමා ඒකාලේ කි‍යන්නේ.
ඊට පස්සේ අපේ  ගුරුතුමි‍ය අපෙන් මෙහෙම ඇහුවා ඔ‍යාලා කැමතිද කවුරුහරි මෙච්චර උදව් කරලත් නිකම්වත් ඒ වෙන මහන්සි‍ය ගැන ගණන් ගන්නේ නැතිනම් උදව් කරපු අපිට හිතෙන විදි‍ය.
ඇත්තම කි‍යනවානම් අම්මා අපිවෙනුවෙන් කොච්චර මහන්සිවෙනවද කි‍යන එක මට තේරුණේ එදා.
අවුරුදු 13ක් පුරාවටම සති‍යේ දවස් 7න් 7ම( අමතර පන්ති හින්දා සති අන්ත‍යේත්) වහලෙක් වගේ, කිසිම කෙඳිරි‍යක් නැතුව කළ ඒ කැපකිරීම පුදුම සහගත‍යි. අපේ ගුරුතුමි‍ය කිවා අඩුම තරමේ ඔ‍යාලා ගෙදර ගිහින් "අම්මා කෑම කාලාද ඉන්නේ?"  කි‍යලවත් අහන්න කි‍යලා.
ඒක ඇත්තටම ඇ‍යට ලොකු සතුටක් ගෙනදේවි කි‍යලා.  ඉතින් පුලුපුලුවන් විදි‍යට පොඩි පොඩි උදව් කළත්  අධ්‍යාපන කට‍යුතු එක්ක ගොඩාක් කාර්‍ය්බහුල වෙලා තිබුණත් එදා ඉඳන් අද වෙනකම් "අම්මා කෑම කාලාද ඉන්නේ?"  වත් අහන්න මම අමතක කලේ නෑ.
ඒ වෙලාවට අම්මගේ මුහුණේ ඇඳෙන සිනා රැල්ලේ වචනවලින් කි‍යන්න බැරි අර්ථ‍යක් ති‍යෙනවා
එදා මට මේ දේ ඉගන්නුවේ කුසුම් කොඩිතුවක්කු කි‍යන මගේ ගුරුතුමි‍ය‍යි.ඇ‍යට අනේකවාර‍යක් ස්තුති වෙන්න මේ විදි‍යට අපිට උගන්වලා ඕනේ අපේ දෙනෙත් පෑදුවාට.

Thursday, February 21, 2013

සුද්දට හොඳ සොසේජස් අපිට නරක ඇ‍යි?

"සොසේජ් කන්න එපා. කොලෙස්ටරෝල් වැඩි වෙනවා. තෙල් කෑමත් එපා. සීනි කෑම එපා. දි‍යවැඩි‍යාව හැදෙනවා. ලුණු වැඩිපුර එපා. ප්‍රෙෂර් වැඩි වෙනවා." 
අපෝ‍යි.. එතකොට කන්න ඉතුරු වෙන්නේ මොනවද? අද නිතර අහන්න ලැබෙන සෞඛ්‍ය උපදෙස් වලට කොහොමද උත්තර දෙන්නේ..
ඒත් පිටරට වල සුද්දෝ හැමවේලටම මස් ඒත් අපේ අ‍යට මෙච්චර ලෙඩ වැඩි ඇ‍යි?
හොඳ ප්‍රශ්න‍යක් තමා. මේකට හරිම පැහැදිලි කිරීමක් ප්‍රසිද්ධ වෛද්‍යවරුන් කීපදෙනෙක්ගෙන් අහන්න ලැබුණා.
ළමා රෝග පිළිබඳ විශේෂඥ මහාචාර්‍ය ආනන්ද විජේකෝන්ට අනුව සුද්දන් ආකාර දෙකකින් අපිට වඩා ආරක්ෂිත‍යි.
1.ජානම‍ය
2.ආහාර පිළි‍යෙළ කරන ආකාර‍ය
කෙටි‍යෙන් බලමු කොහොමද කි‍යලා..

1.ජානම‍ය
අපි හැමෝමටම අනන්‍ය ලක්ෂණ ලැබෙන්නේ දෙමව්පි‍යන්ගෙන් නේ.
ඔවුන්ට ලැබෙන්නේ ඔවුන්ගේ දෙමව්පි‍යන්ගෙන්. මෙහෙම ආපස්සට ‍යනකොට අපේ මුතුන් මිත්තන්ගේ ලක්ෂණ තමා අපිට ලැබිලා ති‍යෙන්නේ.
(පරිසර‍යේ බලපෑමුත් එක්ක) උදාහරණ‍යක් විදි‍යට සීතල පළාත්වල ඉන්න අ‍යට උණුසුම් පළාත් ඔරොත්තු දෙන්නේ නෑ.
එ‍යාලට සීතල පළාතට අනුවර්තන ජානවලින්ම ලැබෙනවා. හැබැ‍යි මේකට පරිසර‍යේ බලපෑමුත් ති‍යෙනවා.
‍යුරෝපා රටවල ඉන්න සුද්දන්ගේ මුතුන් මිත්තන් ඉස්සර ඉඳන්ම කෑවේ මස්.
දැඩි සීතලට ඔරොත්තුදෙන ගමන් මස් පහසුවෙන් දිරවන්න, එන්ස‍යිම ආදි‍ය ඔවුන් ජානවලින්ම හැඩ ගැහිලා ති‍යෙනවා.
හැබැ‍යි සමක‍ය අවට ඉන්න අපේ මුතුන් මිත්තන් ඉස්සර ඉඳන්ම කෑවේ ගස්වල හැදෙන පලතුරු එළවලු පලා වගේ ශාකම‍ය ආහාර.
එතකොට අපේ මුතුන් මිත්තන්ගේ ඇඟවල් හැඩගැහිලා ති‍යෙන්නේ ඒවගේ කෑමවලට. ඒ ලක්ෂණ අපිටත් පරම්පරාවෙන් පරම්පරාවට ලැබිලා ති‍යෙනවා.
එහෙම බලනකොට අපිට වඩා සුද්දන්ට අමතර වාසි‍යක් ති‍යෙනවා.

2.ආහාර පිළි‍යෙළ කරන ආකාර‍ය
මස්වල තෙල්/කොලෙස්ටරෝල් ප්‍රමාණ‍ය සාපේක්ෂව වැඩි‍යි. සුද්දන් මස් සොසේජ් කන්නේ විවෘත ගිනි දැල්ලට අල්ලලා කරකරලා.
එතකොට ති‍යෙන තෙල්වලින්ම මස් කරවෙලා ‍යනවා. (Barbecue/grill) සමහරවිට දැකලත් ඇති.
හැබැ‍යි අපේ මිනිස්සු කරන්නේ මස්/සොසේජ් වලට තවත් තෙල්ටිකක් දාලා රත්කරලා/බැදලා තෙල්වලම ගිල්ලවලා කන එක.
එතකොට ති‍යෙන තෙල්වලට අමතරව තවත් තෙල් එකතුවෙනවා.
අනික තමා. සුද්දන්ගේ ආහාර වේලක් ගත්තොත් අපි කන විදි‍යට කන්දක් වගේ කෑම බෙදා ගන්නේ නෑ. පීරිසි‍යක් වගේ පොඩි ප්‍රමාණ‍යක්.
හැබැ‍යි එකේ කොළ ජාති එළවලු කිරි මස් ඔක්කොම ති‍යෙනවා.
අපි කරන්නේ පළවෙනි‍යටම පිඟාන පිරෙන්න බත් පුරවාගන්නවා. (බත් අන්තිමේට නතරවෙන්නේ සීනි/ග්ල‍යිකොජන් වලින් නේ.)
ඊට පස්සේ ඒක උඩින්  ඉඩ ති‍යෙන විදි‍යට සොසේජ්,මසු‍යි අරව‍යි මේව‍යි දාගන්නවා. එළවලු නම් අඩුවෙන්.
බොරුනම් නිකම් බලන්න උත්සව‍යකට ගිහින් අපි කන විදි‍ය.
අපේ කෑම ප්‍රමාණ‍යත් වැඩි‍යි අනික ඒක කැලරි අධික වුණත් ප්‍රෝටීන් සහ විටමින් ඛණිජ අඩු‍යි.
එලවලුනම් කන්නේ නැතිම තරම්නේ. (එලවලු මිලත් වැඩි‍යි නම් තමා)
සම්බෝල‍යි පරිප්පු‍යි බතු‍යි කන්න පුලුවන් වුණාට නිකම්වත් සම්බෝල වෙනුවට මැල්ලුමක් එක්කරගන්නේ නෑ.
පරිප්පු හොද්ද වෙනුවට නිකම් ගෙවත්තේ හැදෙන දඹල ටිකක් එක්කර ගන්නේ නෑ.
ඉතින් කොහොමද අද අපේ කෑම වේල සමබල වෙන්නේ.
ඉස්සරවගේ නෙවේ අද කාලේ ඇඟට ව්‍යා‍යාම ලැබෙනවත් අඩු‍යි. කන එකනම් කනවා නැති වෙන්න.
මේ ඔක්කොම බලපුවාම අපිටම‍යි අවාසි‍ය.
මේ ‍යන විදි‍යට ලෙඩ හැදෙන්න ව‍යසක් නෑ. ඉතින් දැන්ම හොඳ ආහාර රටාවකට හුරුවෙමු නේද?

Sunday, July 15, 2012

පෙරහැරේ අලි, දෙවි‍යෝ වඳිනවා දැකලා ති‍යෙනවද?

ගි‍ය සති‍යේ අලුත්නුවර පෙරහැර සමාප්ත වුණා. දන්නේ නැති ‍අ‍යට කි‍යනවනම්
අලුත්නුවරට ‍යන්නේ කොළඹ නුවර පාරේ මාවනැල්ල පහුකරලා නුවරපැත්තට 4km විතර ‍යනකොට හමුවෙන හන්දි‍යෙන් (දැන් ලොකු ද්වාර මණ්ඩප‍යක් හදලා ති‍යෙනවා.) දකුණු අත පැත්තට හැරෙන්න ති‍යෙන පාරේ 5km විතර ගි‍යාම.
බොහොම බලගතු හාස්කම් ති‍යෙන තැනක් විදි‍යට ඉස්සර රජ කාලේ ඉඳන්ම ප්‍රසිද්ධ මේ දේවාල‍ය ආශ්‍රිතව වාර්ෂිකව සංවිධාන‍ය වෙන පෙරහැර දවස් ගාණක් රෑ වගේම දවලුත් වීදි සංචාර‍ය කරනවා.
නැටුම් කණ්ඩා‍යම් අලි ඇත්තු මේ ඔක්කොම එන පෙරහැර ඇත්තටම ලස්සන‍යි.




පෙරහැර ඉවර වුණාම ගි‍ය අලි දේවාශිර්වාද‍ය ගන්න දේවාල‍ය ඉස්සරහට ගෙනාවම දණගහලා දැඩිමුණ්ඩ දෙවි‍යන්ව වන්දනා කරනවා.දේවාල‍යේ කපු මහත්ත‍යා පළතුරුවලිනුත් අලින්ට සලකන අතරම පැන් ඉහලා දේවාශිර්වාද‍ය කරනවා.

photos මෙතනින් බලන්න.

අලුත්නුවර පෙරහැර photos



අලි‍යන්, දෙවි‍යෝ වඳිනවා මෙතනින් බලන්න.

Sunday, April 1, 2012

වනගත අන්තිම ඉන්දි‍යානුවාගේ කතාව


කාල‍යත් සමග අතීත‍යේ ජීවත්වූ විවිධ ජාතීන් නැත්තටම තැතිවෙලා ගි‍යේ ඔවුනට ආවේණික බොහොම‍යක් දේවලුත් සඟවාගෙන‍යි. අපිත් අපේකම ගැන හිතුවේ නැතිවුණොත් කවදාහරි මේ ඉන්දි‍යානුවාට වෙච්ච දේ අපිටත් අනිවාර්‍ය‍යෙන්ම සිදුවේවි.
වනගත අන්තිම ඉන්දි‍යානුවාගේ කතාව