Tuesday, December 13, 2016

එම සිදුවීම වාසනාවන්තද? අවාසනාවන්තද?

ගොඩ්වින් සමරරත්න මහතා ගැන මම කළින් ලිපියකින් සඳහන් කළා.
එතුමා මෙම චීන බෞද්ධ කතාව භාවනා වැඩසටහනකදී කියන ලද්දකි.
සමහරවිට වෙනත් තැනකදී ඔබ අසා ඇත. නමුත් ජීවිතයට ගතහැකි අරුතක් නම් අනිවාර්යයෙන්ම ඇති. 

එක්තරා ගමක නුවණැති මහල්ලෙක් සිටියා. ඔහු සතුව අශ්වයන් කීපදෙනකු සිටියා.
එක දවසක් බලන කොට ඔහුගේ එක ලස්සන අශ්වයෙක් නැතිවෙලා .
පැනලා ගිහින්.  දැන් මුලු ගමම ඔහු වෙත පැමිණ මෙහෙම කියනවා.
" ඔබ සතුව සිටි හොඳම අශ්වයා නැතිවෙලා. ඔබ බොහොම අවාසනාවන්තයෙක්.  ඒක වුණේ ඔබේ කරුමෙට වෙන්න ඕනේ."  

එහෙම කියන කොට මේ වයසක මිනිසා කියනවා " සිද්ධවෙලා තියෙන්නේ අශ්වයා පැනලා ගිය එක විතරයි.
 ඔබ මේ කියන්නේ අදහසක්. වෙච්ච දේ ගැන ඔබේ විනිශ්චය.   මගේ අශ්වයා පැනලා ගිහින්. එච්චරයි. ඒකට ඍණ ලකුණු දෙන්න අවශ්‍ය නෑ."

ටික දවසකට පස්සේ අශ්වයා තවත් ලස්සන අශ්වයෙක් එක්ක ආපහු එනවා.
දැන් ගමම ආපහු ඔහුට මෙහෙම කියනවා " ඔබ පුදුම වාසනාවන්තයෙක්. නැතිවුණ අශ්වයා වෙනුවට දැන් ඔබට දෙන්නෙක්ම ඉන්නවා."
එතකොට ගැමියා කියනවා " ඕක නවත්තාගන්න. මට දැන් අශ්වයෝ දෙන්නෙක් ඉන්නවා. එච්චරයි .ඒකට ධන ලකුණු දෙන්න ඕනේ නෑ. "
ඔහුගේ පුතා අශ්වයා පුරුදු කරන්න ගිහින් ඇද වැටිලා කකුල කඩාගෙන සදාකලික කොරෙක් වෙනවා.
නැවතත් ගමේම අය ඔහුට කියනවා "  ඔබ බොහොම අවාසනාවන්තයෙක්. ඒකනම් අසුබ නිමිත්තක්"
ඔහුගේ උත්තරය කළින් විදියමයි.
ටික කලකට පස්සේ දරුණු යුද්ධයක් එනවා. ගමේම තරුණයන්ව යුද්ධයට බඳවා ගන්නවා අර තරුණයාව හැර- ඒ ඔහු ආබාධිත නිසා.
යුද්ධය දරුණුවෙනවා. බොහොමයක් දෙනාට නැවත එන්න වාසනාව නැති වෙනවා.

සිදුවන දේ එන විදියට බාර ගන්න. අර වයසක මිනිසාට තිබුණේ නෑ සිදුවිය යුතු හෝ සිදු නොවිය යුතු දේ ගැන ප්‍රශ්නයක්. 
ඒ ගැන කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නෑ.
සිදුවන දේ එලෙසම සිදුවේවි. ඔබ ඒ දෙස බලන විදිය වෙනස් කරගන්න. සතුට සැම විටම ඔබ සතුවේවි.

Wednesday, December 7, 2016

සිත - - සිතුවිලි - - භාවනාව

ගොඩ්වින් සමරරත්න මැතිතුමා මෙරට පහළවූ විශිෂ්ට භාවනාගුරුවරයෙක්. එතුමා අභාවප්‍රාප්තවීමට පෙර පැවත්වූ ධර්ම සාකච්ඡාවක අයෙකු සිතුවිලි සමඟ ගැටීම සහ භාවනාව ගැන හොඳ ප්‍රශ්නයක් අහනවා. මෙය සඳහන් වෙන්නේ එම ධර්ම සාකච්ඡාව ඇසුරෙන් ලියැවුණු " කැඩපතක අසිරිය" කෘතියේ.


Monday, August 8, 2016

බදු ගෙවන්න පංසල් යාම

" මොකක්ද මේ ආයෙම පංසලේ උත්සවයක්ද? ගිය මාසෙත් මොකක්ද තිබ්බනේ. මෙහෙම සල්ලි දෙන්නනම් ඉතින් සල්ලි ගහක්වත් හිටවන්න වෙයි "
" ඒකනම් තමා ඒ වුණාට මොකද රුපියල් 500ක් දුන්න අපිට වඩා රුපියල් 200ක් දුන්න එහා ගෙදර මිනිහව තමා හාමුදුරුවෝ ලොකු කරගෙන හිටියේ. "
"ඔය කීවට ඉතින් කොච්චර කල් චීවරේ ඉඳී කියල කවුද දන්නේ.."
"ඔයාට මතකද මංදා 2005 අවුරුද්දේ තාත්තගේ පිංකමටත් හාමුදුරුවෝ වැඩි වෙලා හිටියේ නෑනේ. "
"අනේ ඉතින් අපි ඉන්න කම් හොඳා.."

ගෙදර එකම යුද්දයක්. ඇයි මේ? මේ කතාව මට කියන්න කල්පනාවුණේ දවසක් දළදා මාළිගාවේ තිබ්බ
දානයක් අන්තිමේදී ඒ ලොකු හාමුදුරුවෝ දේශනා කරපු දෙයක් හා සම්බන්ධ දෙයක අත්දැකීමක් ලැබුණු නිසයි.
ඇත්තටම එදා අපේ යහලු ආදි ශිෂ්‍යයෝ කීපදෙනෙක් එකතුවෙලා කරපු දානය හිතුවාට වඩා සාර්ථක වුණා. දානයත් මහ ඉහළින් තිබුණා.
සමහර වෙලාවට මේ දේවල් ගැන් උන්වහන්සේට තියෙන අත්දැකීම් නිසා දානයේ ආනිශංස ගැන ධර්ම දේශනයක් කළා.
මේ ගැන අපිට නිතර අහන්න ලැබෙන හින්දා ඒ ගැන මම කියන්න යන්නේ නැතත් උන්වහන්සේ දේශනා කළ එක් කරුණක් මට තදින්ම දැනුණා.

" මහත්තයෝ දන් දෙනවනම් ඒක පිරිසිදු සිතින් කරන්න. නගර සභාවට මාසෙට වරිපනම් ගෙවනවා වගේ පන්සලටත් මාසෙට ගෙවන්න හිතන්න එපා. එතකොට වෙන්නේ පන්සල් යන්නේ බදු ගෙවන්න වගේ"

ඇත්ත අපි අපේ තත්ත්වේ පුරාජේරුව පෙන්නත් එක්ක මහා ලොකුවට කළත් අද තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක එහෙම ලොකු ගණන් දෙන්න අමාරු වෙයි. පන්සල් වලත් අඩු පාඩු කම් බොහොමයි.
අද කාලේ රුපියල් දාහක් ආධාර දුන්නත් මොනවද හරියට කරන්න පුලුවන්.
අනෙක පන්සලේ මොනවත් හැදුවේ නැතත් ගම්වැසියෝ කියන්න බලන් ඉන්නේ
"මේ හාමුදුරුවෝ අපේ දානේ වළදනවා විතරයි හරියට බුදුගෙයක්වත් හදාගන්න උවමනාවක් නෑනේ." කියන්න.

අඩුපාඩු තියෙන්න පුලුවන් නමුත් දෙන දේ පිරිසිදු සිතින් දෙමු.
වැරදි කාගෙත් තියෙන්න පුලුවන්. නමුත් අපි මහා සංඝරත්නයට පූජාකරන්නේ එදා සැරියුත් මුගලන් හිමිවරුන්ගෙන් පැවත එන ඒ ආර්ය සඟ රුවන සිහිකරගෙනයි. චීවරයට නොගැලපෙන දේ කළොත් ඒ දේවල් ඒ අයට ලැබේවි.
දෙයක් දෙන්න ගිහින් ධර්මයත් සංඝයාවහන්සේත් විවේචනය කරලා නැති පවුත් පුරවා ගන්නවනම් ඒක කණගටුවට කාරණයක්.. 

Friday, June 10, 2016

රෝග රැසකට සුව දෙන "බුද්ධ බෙහෙත"

මේ ගැන මම මුලින්ම ඇහුවේ "මහ රහතුන් වැඩි මඟ ඔස්සේ" පොතක ඒ ස්වාමීන් වහන්සේගෙන්.
පිළිකාවළට වගේම රෝගාබාධ රැසකටම මෙම ප්‍රතිකාරය බුදුහාමුදුරුවෝ සූත්‍රවල දේශනාකරා කියල තමා තියෙන්නේ.
මේ ගැන ලියැවුණු පොතක් තියෙනවා උ. ධම්මජීව හාමුදුරුවෝ ලියපු "බුද්ධ බේත" නමින්.

බලංගොඩ මෛත්‍රිය නායක හාමුදුරුවන්ගේ අත්දැකීම් වලින් ලියැවුනු මෙම ලිපිය මතුගම මහින්ද විජේතිලක මහතා ලියන ලද්දකි. මේ ගැන නැවත අහන්න ලැබීමට සැලැස්වීම ගැන නිසලවිල භාවනා මධ්‍යස්ථානයේ යෝගී දීප්ති ගුරුතුමන්ට ස්තුතිය.

මාරාන්තික රෝගවලට පවා අත්දුටු අමරෝලි ප්‍රතිකාරය

අග්ග මහා පණ්ඩිත ආනන්ද මෛත්‍රෙය මහ නාහිමි දේශිත ප්‍රතිකාර විධියක්

මේ වන විට රට පුරා ශීඝ්‍රයෙන් පැතිර යන පිළිකා, දියවැඩියා, වකුගඩු, හෘදය හා රුධිර ධාවන රෝග සඳහා තවමත් බටහිර විද්‍යාවෙන් නිත්‍ය ප්‍රතිකාර සොයා ගෙන නැති අතර, ‍ෙම් මාරාන්තික රෝගවලට පමණක් නොව සාමාන්‍ය රෝගවලට පවා සුදුසු ප්‍රතිකාරයක් වශයෙන් බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද “පූතිමුත්ත භේසජ්ජය” කෙරෙහි දැන් දැන් ජනතාවගේ අවධානය යොමු වෙමින් පවතී.

ප්‍රතිමූත්ත භේසජ්ජය යන්නෙහි “පූති” යන වචනයේ ඇති ගඳගහන, නරක් වූ, හිරිකිත යන අරුත මෙතෙක් භාවිත කළ ද ඊට හාත්පසින් වෙනස් වූ අරුතක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එච්.එම්. ගුණතිලක මහතා විසින් අප වෙත දන්වා ඇත. එසේ ම බටහිර ගැති බොහෝ දෙනා ස්වමුනු අපද්‍රව්‍යයන් ලෙස ප්‍රතික්ෂේප කරන නමුත්, සමහර ප්‍රධාන පෙළේ විශේෂඥ වෛද්‍යවරුන් පවා දැන් මෙම ප්‍රතිකාරයේ විස්මිත ගුණය නිර්භයව ප්‍රකාශ කිරීම සතුටට කරුණක්ව ඇත.

මහාචාර්ය එච්.එම්. ගුණතිලක මහතා අප වෙත එවූ ලිපියේ මෙම අමරෝලි ප්‍රතිකාරයේ ඇති ආධ්‍යාත්මික ශක්ති වර්ධනය ද රෝග සුවතාවට බලපාන ආකාරය ද විස්තර කැර ඇත.

“බුදු රජාණන් වහන්සේ එක වචනයක්වත් අනවශ්‍ය පරිදි භාවිත කළ කෙනෙක් නොවෙයි. “පූතිමූණ” වචන යෙදීමේ විශේෂ අර්ථයක් තිබිය යුතුයි. බුදු රජාණන් වහන්සේ “පූතිමුත්ත” යැයි දේශනා කළ යෙදුමේ “පූති” කියන වචනයට ආප්තේ ගේ සංස්කෘත ඉංග්‍රිසි අකාරාදියේ Purification (පවිත්‍රීකරණය) යන වචනයක් දී ඇත. ඒ නිසා මගේ අදහස නම් “අපවිත්‍ර මූත්‍ර” කියනවාට වඩා “පවිත්‍ර මූත්‍ර” යන අර්ථය ගැළපෙන බවයි. එහි පවිත්‍ර කියන්නේ මුලයි අගයි අතහැර පවිත්‍ර වුණු මුත්‍ර කියන එක යැයි සිතන්නට පුළුවනි. ’’

ඒ වගේ ම මේ අමරෝලි ප්‍රතිකාරය පිළිබඳ මගේ හිතවතුන් කීප දෙනෙකුට ම දැනුම් දුන් අතර දියවැඩියාව - හෘදයාබාධ වැනි බටහිර ප්‍රතිකාරවලින් සුව නොවුණු රෝගවලින් පෙළුණු ඒ අය එයින් සුවපත් වූ බව දැනුම් දෙන්නේ සතුටිනි.

විශේෂයෙන් ම ඒ අය මහායානික බෞද්ධ ප්‍රතිපත්තිවල යෙදෙන අය නිසා ඔවුන්ට ස්වමුත්‍ර පිළිබඳ පිළිකුල් හැඟීමක් ඇති වන්නේ ද නැත. ඒ අය එදිනෙදා ජීවිතයටත් මහායාන ක්‍රම භාවිත කරන බැවින් ජීවිතයේ ගැඹුරු තැන දකින නිසා ඔවුන් මේ ප්‍රතිකාරය එක් හිතින් ම පිළිගෙන ඇත.

එසේ ම බෞද්ධ ප්‍රතිපත්තිවල සීලයට ප්‍රධාන තැනක් හිමි වන අතර මහ බෝසතාණන් වහන්සේ ද සමාදන් වූ ආජීව අට්ඨමක සීලය සමාදන් වූ රෝගියා ගේ එයින් ගොඩ නැගෙන මානසික ශක්තිය කායික රෝග මර්දනයට හේතුවන බව පැහැදිලියි. සීලයේ ඇති වැදගත්කම මේ ප්‍රතිකාරයට අත්‍යවශ්‍ය හා වැදගත් නිසාම මෙය බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට නියම කළා විය යුතුයි. එහෙත් ප්‍රතිපත්ති ගරුක ගිහියන්ට ද මෙයින් ප්‍රතිඵල ලැබීමට හැකිය.

‍ඒ වගේ ම මේ ප්‍රතිකාරයේ සඳහන් “උපවාසය” ද දිගින් දිගට මානසික හා කායික සුවය ලබා දෙන ක්‍රමයකි. මහාචාර්යවරයා අදහස් දක්වා ඇත.

මිනිසාට යමක් කරන්නට හෝ කියන්නට මනසට සිතෙයි. සිතෙන ක්ෂණයේ ම ශරීරයේ ඇති රූප (කාය විඤ්ඤත්ති - වාචී විඤ්ඤත්ති) වහා ක්‍රියාත්මකව ඊට අදාළ ක්‍රියාව කරවයි. වචන ප්‍රකාශ කරවයි. මේ මානසික ක්‍රියාවකි. ඒ මානසිකත්වය මැනවින් ක්‍රියාත්මක කරන්නේ ආධ්‍යාත්මීය සංවර්ධනතාව මත බව අභිධර්මයට අනුව පැහැදිලි කළ හැකිය. කය වචන සංවර වූ පුද්ගලයා තුළ වැඩෙන මෙත්‍රී, කරුණා. මුදිතා, උපේක්ෂා ගුණ මහා බලසම්පන්න ශක්තීන් ය. රූපී - අරූපී - බ්‍රහ්ම තලවලට පවා යැවිය හැකි ශක්තීන් ය.

මාරාන්තික රෝගවලට පවා මේ අමරෝලි ප්‍රතිකාරය අත්දුටු බෙහෙතක් බවට කොළඹ මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (හිටපු) විශේෂඥ වෛද්‍ය රාණි ප්‍රනාන්දු මහත්මියට මීතිරිගල තිස්සරණ වන සේනාසනාධිකාරී පූජ්‍ය උඩ ඊරියගම ධම්මජීව මාහිමිපාණන් වහන්සේ මෙම අමරෝලි (ස්වමුත්‍ර) ප්‍රතිකාරය පිළිබඳ පැරැණි තොරතුරක් පවසා තිබුණි. එම තොරතුර මම ද දුරකතනයෙන් එතුමිය අමතා තහවුරු කැර ගතිමි. ඒ සිද්ධිය මෙසේ ය.

“මගේ සීයා ගේ නම ජෝර්ජ් පෙ‍ෙර්රා කුරුණේරු. පදිංචිව සිටියේ මාගාල්ලේ. සීයා අවුරුදු 106ක් ජීවත් වුණා. 1981 දීය මිය ගියේ. මේ සිද්ධිය 1925 පමණ සීයා තරුණ කාලේ සිද්ධ වූ දෙයක්. මා සමඟ පැවසුවේ සීයා ම ය. සීයා රැකියාව වශයෙන් කළේ විදේශ වෙ‍ෙළඳාම, රේන්ද, රන් රිදියෙන් හා කැස්බෑ ලෙලිවලින් නිෂ්පාදනය කළ අරුමෝසම් බඩු රැගෙන නැව් මඟින් සිංගප්පූරුව, මැලේසියාව, පීනෑං, සැන්සිබාරය වගේ රටවලට ගොස් වෙළෙඳාම් කළා. දකුණේ අය ඒ කාලෙ ගාලු වරායෙන් නැව් නැග පිටරටවලට ගොස් මේ වගේ වෙළඳාම් කළා.

ඉතින් එක වතාවක් මේ වගේ මුහුදු ගමනක යෙදෙන කොට නැවේ සිටිය කෙනෙකුට වසූරිය රෝගය වැලඳිලා ඔහුගෙන් මගේ සීයාටත් බෝ වෙලා. මේ මාරාන්තික රෝගය නැව පුරා බෝ වුණොත් සියලු දෙනා ම මැරෙනවා. නැවේ කපිතාන්වරයා ඒ නැවේ ගමන් කළ අයත් නැවේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාත් රැස් කොට උපදෙස් දී තිබෙනා. ඒක උපදෙසකට වඩා තද අවවාදයක්. නියෝගයක්.

මේ නැවේ සිටින හැම කෙනෙක් ම මේ මොහොතේ පටන් තමන් විසින් පිට කරනු ලබන තමන්ගේ ම මුත්‍ර බිඳුවක් පවා ඉවත නොදා තමන් ම පානය කළ යුතුයි. එසේ නොකරන කෙනෙක් සිටිනවා නම් ඔහු අල්ලා මුහුදට දමන බවටත් දැඩි ලෙස අවවාද කැර තිබුණා. වසූරිය එයින් ම සුව වුණා. තවත් කිසි කෙනෙකුට බෝ වුණෙත් නැහැ.” කියා මගේ සීයා මා සමඟ කීවා යැයි ද රාණි ප්‍රනාන්දු මහත්මිය කීවා ය.

මේ ස්වමුත්‍ර පානයේ ඖෂධීය ගුණය 1925 වන විටත් විදේශීය නැව් සමාගම්වල කපිතාන්වරු පවා දැනුවත්ව සිටි රහස් ඖෂධයක් බව එයින් පැහැදිලි වෙයි.

බටහිර වෛද්‍ය ක්‍රමය උගත් එසේ ම ශ්‍රී ලංකාවේ මහා රෝග්‍යශාලාවේ අධ්‍යක්ෂවරියක ලෙස සේවය කරමින් වෛද්‍ය රාණි ප්‍රනාන්දු මහත්මිය නොපැකිළව, අවංකව, මෙසේ ප්‍රකාශ කිරීම පිළිබඳ ගෞරව කරමු. ඒ ධර්මයේ ආනුභාවයයි.

නාවල රාජගිරිය පාරේ විසූ ඇම්. අඹේපිටිය මහතා ස්වමුත්‍ර ප්‍රතිකාරය පිළිබඳ “සුබසෙත” පත්‍රයට 2000 වර්ෂයේ සැපයූ ලිපි පෙළකින් ඒඩ්ස් රෝගය පවා සුව කළ හැකි බව සනාථ කරයි.

ප්‍රතිශක්ති ඌනතාව යනුවෙන් හැඳින්වෙන ඒඩ්ස් රෝගය මේ සියවසේ ලෝකයට එල්ල වූ පිළිකාව වැනි ම තවත් බරපතළ තර්ජනයකි. ප්‍රතිශක්ති වර්ධනය කිරීමේ විස්මිත ශක්තියක් ස්වමුත්‍ර වලින් ගොඩනැ‍ඟෙන බව මාතා ක්‍රිස්ටර් නමැති විද්වතෙක් විද්‍යාත්මක පරියේෂණයකින් 1994 දී ලියා ප්‍රසිද්ධ කළ “ඔබගේ ශ්‍රේෂ්ඨ ඖෂධය” නමැති ග්‍රන්ථයෙන් අඹේපිටිය මහතා කෙටියෙන් ඉදිරිපත් කැර ඇති තොරතුරු කීපයක් මෙසේය.

1. ඒඩ්ස් රෝගියා පිරිමියෙකි

ඔහුගේ සිරුරේ කපෝසිසර් කෝමා නමැති පිළිකා රෝග වෛරසය තිබී ඇත. තවත් ආසාධිත රෝග බැක්ටීරියා සමූහයක් ද තිබුණු බව පරීක්ෂණ වලින් හෙළි වී ඇත. මේ රෝගියා මුත්‍ර ප්‍රතිකාර ක්‍රමය පිළිනොගත් අතර ඊට උපහාසයෙන් සිනා සෙන්නට ද විය.

කෙසේ නමුත් ඔහුගේ පාදයක තිබූ සුව නොවන දදයක් මත මුත්‍ර ආලේප කිරීමෙන් එය දින තුනකදී සුව වී ඇත. ඒ හේතුවෙන් මේ ප්‍රතිකාර ක්‍රමය පිළිබඳ ඔහු තුළ විශ්වාසයක් ගොඩ නැඟුණි. මේ ප්‍රතිකාරය ආරම්භ කිරීමෙන් පසු ඔහුගේ මුඛයේ තිබූ පිළිකාව සුව වී ඇත. ලිංගාශ්‍රිතව තිබූ විසර්ජයන් ද සුව වී ශරීරයේ ඊ සෛල වර්ධනය වී ඇත.

2. ඒඩ්ස් රෝගියා වයස 38ක් වූ පිරිමියෙකි.

ඔහුගේ පිටේ ලොකු ගෙඩියක් සෑදී තිබුණු අතර ‍වෙහෙස ගතියකින් පෙළෙන්නට විය. මුත්‍ර ප්‍රතිකාරය ආරම්භ කොට පැය 48කදී ගෙඩි කුඩා වී ඇත. දින කීපයකින් එතෙක් ශරීරයට දැනුණු වෙහෙස ගතිය ද අඩු වී ගියේය. සති දෙකකදී පිටේ තිබුණු ගෙ‍ඩිය අතුරුදහන් විය. මෙට්‍රසයික්ලීන්වලින් සුව නොවුණු දේ මුත්‍ර ආලේපයෙන් ඉටු විය.

එහෙත් අතරමඟ දින දෙකක් අමරෝලි පානය නතර කළ විට ගෙඩිය හා වෙහෙස නැවත ඇති විය. යළිත් මුත්‍ර ප්‍රතිකාරය ආරම්භ කිරීම නිසා ක්‍රමයෙන් නැවත සුවපත් විය. නියමිත ප්‍රතිකාර විධිය දිගට ම නොකඩවා සිදු කිරීමෙන් ස්ථිර සුවය ලැබෙන බව එයින් පැහැදිලිය. අවුරුදු බොහෝ ගණනක් දිනපතා එක දිගට බටහිර ප්‍රතිකාර ලබමින් පෙති ගිලින රෝගීහු මෙවැනි පහසු ප්‍රතිකාරයකින් දින දෙක තුනකින් සුවය අපේක්ෂා කිරීම අමනෝඥය.

මේ ස්වමුත්‍ර ප්‍රතිකාරය පිළිබඳ සිංහල භාෂාවෙන් ලියැවුණු ප්‍රථම පොත “භාරත රෝග නිවාරණ ක්‍රම” නමින් පූජ්‍ය රාජකීය පණ්ඩිත මඩබාවිට විජය සෝම හිමියන් ලියූ පොතයි.

බළන්ගොඩ ආනන්ද මෛ‍ෙත්‍රය මහා නාහිමිපාණන් වහන්සේ ඒ භාරත රෝග නිවාරණ පොතට ලියූ පෙරවදනෙහි (1977) දරුණු විෂට පවා ස්වමුත්‍ර ප්‍රතිකාරයෙන් සුවය ලබා දුන් අත්දැකීමක් පිළිබඳ සටහනක් තබා ඇත.

‘‘මෙයට අවුරුදු හතළිහකට පමණ පෙර බළන්ගොඩ ශ්‍රී ධර්මානන්ද පරිවෙණාධිපතිව මා සිටින අවදියෙහි ස්වල්ප උන්මාද ගතියක් ඇති ධීරගජ්ජ නම් මිනිහෙක් එහි ආරාම වත්ත හෙළි කිරීමෙහි යෙදී විසීය. වත්ත අද්දර වල් පැළෑටියෙන් වැසුණු කොටසෙක දෙරියනක් පමණට බඳනා දෙබර වදයෙක් වීය. එය අහලට නොයන්නට පිරිවෙනෙහි වූසු කවුරුත් පරිස්සම් වූ. දවසක් එය අසල ධීරගජ්ජයා වත්ත උදලු ගානු දැක මම එහි ගියෙමි. දෙබරයට කිට්ටු නොවන ලෙස මම ඔහුට කීමි. එපා යැයි කියන දේ ම කරන ඔහු දෙබරයට උදැල්ලෙන් ගසන්නට සැරසුණේ ය. එය නවතා ලන්නට කොතෙකුත් වෑයම් කළ ද මේ උමතු පුද්ගලයා දෙබරයට ගැසීය. මම පහත පන්සලට දුව ගොස් එහි උන් අයට කාරණය දන්වා වත්ත උඩහට නො යන්නැයි කීමි.

උමතුවා උඩහ ශාලාවට දුවනවා දුටිමි. මඳ වේලාවකින් අපි එතැනට ගියෙමු. ඒ උමතු පුද්ගලයා බිම පෙරළී සිහි නැතිව හොත්තේ ය. ඇඟ පුරාම දෙබරුන් දෂ්ට කොට තිබුණි. සෙස්සෝ බෙහෙත් සාදන්නට පහත පන්සලට ගියහ.

මම වහා ම ශාලාව පිටුපසට ගොස් පොල් කටුවකට මුත්‍රා කොට ගෙනැවිත් ලෙඩාට පෙවීමි. ඇඟ සැම තැන ම මුත්‍ර ගෑවෙමි. පැය කාලක් යන්නට පෙර හේ නැගී සිටියේ ය. බෙහෙත සාදන්නට ගිය අය මොනවාදෝ සාදා ගෙන ආහ. එයට කලින් ලෙඩා සුවපත් විය. නරමුත්‍රයෙහි විෂ නසන ශක්තියක් හෙළිි කරන නිදස්නෙකි, මෙය. නරමුත්‍රය තවත් බොහෝ රෝගවලට ප්‍රත්‍යක්ෂ ගුණදායී බෙහෙතකැයි මා අසා ඇත.’’

- මතුගම මහින්ද විජේතිලක

පහත දැක්වෙන්නේ දීප්ති මහතා විසින් පල කරන ලද අමරෝලි ප්‍රතිකාරය පිලිබඳව ලොව ප්‍රකට Martha Christy විසින් රචිත Your own Perfect Medicine යන පොතෙහි The Medical proof කොටසයි.

The Medical Proof





For almost the entire course of the 20th century, unknown to the public, doctors and medical researchers have been proving in both laboratory and clinical testing that our own urine is an enormous source of vital nutrients, vitamins, hormones, enzymes and critical antibodies that cannot be duplicated or derived from any other source. 

They use urine for healing cancer, heart disease, allergies, auto-immune diseases, diabetes, asthma, infertility, infections, wounds and on and on — yet we’re taught that urine is a toxic waste product. This discrepancy between the medical truth and the public information regarding urine is ludicrous and, as the news releases you’ve just read demonstrate, can mean the difference between life and death to you and to your loved ones. 

When I contracted a crippling, incurable disease early in life, I used every available conventional medical and alternative healing method over the course of many years without success. When an acquaintance suggested I try “urine therapy” I though she’d lost her mind, but with no options left, I swallowed my prejudice and decided to give it a go. To my own (and everyone else’s) amazement, my healing was so rapid and so profound with urine therapy that no question remained in my mind that someone in the medical community had to know more than they were telling about this incredible body substance. And as a matter of fact, they did know more – a lot more. After many months of haunting university libraries, scanning countless microfiche files and poring over piles of medical journals, I had amassed a small mountain of astounding research studies, findings and files on the use of urine in medicine and healing, I discovered, among numerous other things, that urine, far from being a toxic body waste, was actually a purified derivative of the blood made by the kidneys which contains, not body wastes, but rather an incredible array of critically important nutrients, enzymes, hormones, natural antibodies and immune defense agents. 

At the end of it all, as I sat tiredly in my chair eyeing the stacks of research papers covering my desk, I realized that the medical community had pulled off one of the biggest hoodwinks in history. Take for instance the doctor who reported that “urine acts as an excellent and safe natural vaccine and has been shown to cure a wide variety of disorders including hepatitis, whooping-cough, asthma, hay fever, hives, migraines, intestinal dysfunctions, etc. It is completely safe and causes no side effects.” (J. Plesch, M.D., The Medical Press, 1947); or the oncologist who reported that “a patient with intractable ovarian cancer was treated with Human Urine Derivative and is now completely well and enjoying the rest of her life.” (Dr. M. Soeda, University of Tokyo, 1968). 

These remarkable findings were published in medical journals – but did you ever hear about them? And what about the immunologist who, after extensive clinical and laboratory research stated: “It was rapidly appreciated that undiluted urine administered orally was therapeutically effective for Immune Therapy and was initiated when it became obvious that an allergic condition had become uncontrollable.” (Dr. C.W. Wilson, 1983, Law Hospital, Scotland).































































































Please Contact: Mr. Mahinda Wijethilaka:
+94342248950
No.248, Sri sarananda Mawatha, Bopitiya, Mathugama, Sri Lanka.

*Reffer to Most Ven.U. Dhammajeewe Bhikku,
 Nissarana Wanaya Forest Monastery,
 Meethirigala,
 Sri Lanka.


 web sites:
* http:// www.shirleys-wellness-cafe.com/urine.htm ,
* http:// www.google.uropathy ,
* http:// www.bjainbooks.com  
* - Ask Asuentist

Other Books:

* The Water of Life- By J.W Armstrong- 1944,
* The Golden Fountain. The Complete Guide to Urine Therapy
   - By Coan Van Der Kroon- 1944,
* The Healing Power Of Urine Therapy- By Ingeborg Aiimann- 1993,
* Wonders of Uropathy. Urine Therapy as a Universal Cure
   - By G.K. Thakkar- 2003

INDIA:
1. Water of life Foundation Buddhabhoomi Mahavihar Bhopal India
    C/o Dr. J. T Shah,
    Pooja Maternity and Nursery House,
    103-105 Shreen Santoshi Mata Co-op Housing Society Ltd,
    Alsalfa Village, Ghatkopar(W)
    Bombay 400-084
    India.

2. Bihar School of Yoga,
    Ganga Darshan,
    Munger 811-201
    Bihar
    India.

ENGLAND:

   Swami Pragyamurti Saraswati,
   Satyananda yoga Centre,
   70 Thusleigh Road,
   London SW 12 BUD,
   England.

U.S.A :

  Lifetime Institute,
  (Water of life Foundation U.S.A),
   Dr. Beatrrice Eartnett,
   P.O.Box 4735
   Ruidoso NM 88345
   U.S.A






Wednesday, June 8, 2016

“Even though you may not be able to cure them, you will always be able to care for them.”-Ajahn Brahm
























“I have been living in Perth as a monk since 1983. Over those years, I have gained the trust and respect of the local Buddhist families to the point where I am regarded as a sort of honorary grandpa to many young men and women. They have grown up coming to my temple and feel comfortable sharing secrets with me that they would never tell their parents!
 
Such a one was the distressed young doctor who came to see me. He had recently begun work as an intern in one of the big hospitals in Perth. The previous day he had lost his first patient in tragic circumstances. A young female patient of his had died. He had to tell her inconsolable husband that his young wife was dead and that his two small kids have no mum any more. The new doctor felt so guilty that he had failed that young family.
 
Of course, he was not to blame. He had done everything for his patient that was medically possible. The reason why he felt he had failed was due to something else, and that is what I spoke to him about.
 
“If you believe that your duty as a doctor is to cure your patient, then you are going to suffer this same failure again and again. During your career, many of your patients will die. But if you accept that your main duty is to care for your patients, then you never need to fail. Even though you may not be able to cure them, you will always be able to care for them.”
 
As he was an intelligent young man, he understood immediately and soon became a much better doctor. His main goal became to care for his patients. If his patients were cured, that was a wonderful bonus, but if they died, then they passed away in the warmth of being cared for.
 
Many of the appalling medical interventions that health professionals inflict on their patients, desperately trying to keep them alive when death is inevitable, occur because our society values curing above caring. Not only would many people’s last moments be more comfortable and peaceful if we emphasized caring more than curing, I think that more patients would be cured as well! “ 
 
-From “Don't Worry, Be Grumpy; Inspiring Stories for Making the Most of Each Moment” by Ven Ajahn Brahm

Monday, June 6, 2016

හදිසි ආපදාවකදී ඔබත් call කරන්නේ මෙහෙමද? අඩුමතරමේ මේ දේවල් 8 වත් කියන්න.

"කවුරුහරි උදව් කරන්න.. ගින්නක්.. ඉක්මණට ඉස්පිරිතාලෙට call කරන්න.. ගොඩක් අය පිච්චිලා.."
"හලෝ හලෝ මෙ ඉස්පිරිතාලෙන් නේද.. ඉක්මණට Ambulance එක එවන්න ගොඩක් අය පිච්චිලා.."
ඇමතුම විසන්ධි විය. ඇමතුම ලබාගත් රෝහල් නිලධාරියා තක්කු මුක්කු විය..


මේ සැබවින්ම වෙන සිදුවීමක් වන අතර මෙවැනි දුරකතන ඇමතුම්වලින් අප බලාපොරොත්තුවන කාර්යය සිදු නොවනවා පමණක් නොව ඇමතුම් ග්‍රාහකයාද දැඩි අසීරු තාවයකට පත්වේ.









මෙවැනි හදිසියකදී ඉතාම වැදගත් කරුණ නම් ඔබ "කලබල නොවීමයි".
කලබල වීමෙන් කිසිදු දෙයක් නිසිපරිදි සිදු නොවන අතර සියල්ල අවුල් වීම පමණක් සිදුවේ.
එම නිසා මෙවැනි අවස්ථාවක දුරකතන ඇමතුමක් ගැනීමේදී මොහොතක් සිතන්න.
ඔබ කියන්න යනදේ නිවරැදිව ගලපා ගන්න.
පැහැදිලි ස්වරයෙන් , " අදාල" පුද්ගලයාට/ ආයතනයට දැනුම් දෙන්න.

මෙවැනි ඇමතුමක පහත කරුණු 8 තිබේනම් එය ඉතාම ප්‍රයෝජනවත් මෙන්ම ප්‍රතිඵලදායක ඇමතුමක් වනු ඇත.
1. ඔබ කවුද?- ඇමතුමේ විශ්වාසනීය බවටත්, නැවත ඔබව සම්බන්ධකරගැනීමටත් වැදගත් වේ.
2. ඔබව සම්බන්ධකරගත හැකි දුරකතන අංකයක්-නැවත ඔබව සම්බන්ධකරගැනීමට  වැදගත් වේ.
3. හදිසි ආපදාව කුමක්ද?- ගින්නක් .. පිපිරීමක්
4. නිශ්චිත ස්ථානය- "නුවර ගින්නක්" කියනවාට වඩා "නුවර අලුත් පාරේ .... හෝටලය යටම තට්ටුවේ ගින්නක්" කියන එක වඩාත් නිරවුල්ය.
5. සිදුවිය හැකි තවත් අනතුරු වේද-"ඒ තට්ටු ගොඩනැගිල්ලේ යටම ලොකු ගෑස් පිපිරීමක්.. සමහරවෙලාවට කඩාවැටෙන්න පුලුවන්. "
මෙවන් අවස්ථාවක ඔබට වෙලාවක් නැතිවුණත් අදාල අයට දැනුම් දීමට එම පුද්ගලයන් කටයුතු කරනු ඇත. උදා: රෝහලින් ගිනිනිවන හමුදාව , පොලිසිය දැනුවත් කරනු ඇත. 
6. දළවශයෙන් තුවාල කරුවන් ගණන-රෝහල් සූදානම් වීමටත්, අවශ්‍ය ගිලන් රථ ගණන එවීමටත් මෙය වැදගත්වේ.
7. දැනටමත් ලැබී ඇති සහයක පිරිස-"ගොඩනැගිල්ල තවමත් ගිනිගනිමින් තිබේ තවමත් ගිනි නිවන හමුදාව පැමිණ නැත."පොලීසියේ සහය ඇතිව තුවාලකරුවන් පාරේ වාහනවලින් රෝහලට එවමින් තිබේ.  
8. ළඟාවිය හැකි කෙටිම මාර්ගය-අධික තදබදයක් තිබෙන මාර්ග කල්තබා දැනුම් දිය හැකි අතර ඔබ දන්නා කෙටිමාර්ග තිබේනම් දනුම් දෙන්න.

"හලෝ මම ... නුවර අලුත් පාරේ .... හෝටලය යටම තට්ටුවේ ලොකු ගෑස් පිපිරීමකින් ගින්නක්.
උඩතට්ටුවලත් වීදුරු කඩාගෙන වැටෙනවා. දැනට 50කට විතර තුවාල.
පොලිසියෙන් පාරේ වාහනවලට දාල hospital එකට එවන්න පටන් ගත්තා. තාම ගිනිනිවන හමුදාව නෑ.
උසාවිය ළඟ accident එකක් පාරම block වෙලා. උඩපාරෙන් එන්න. මට මේ නොම්මරයට කතාකරන්න වෙන විස්තර ඕනෙ වුනොත් 07....."

ඔබ කලබල නොවුණහොත් මේ සියල්ලම තත්පර 30කින් කීමට ලැබෙනු ඇත.
 එය ඉක්මණ් ආධාර කඩිනමින්ම ලබාදීමට මහත් පිටිවහලක් වනු ඇත.

Sunday, May 8, 2016

කෑම විසි කරන අයට

කොච්චර කිවත් කෑම නාස්ති කරන එකෙ අඩුවක් නම් පේන්නම නෑ. බඩු මිල වැඩීලු. ඒත් ගෙදර කුණු බක්කිය බැලුවොත් අපරාදේ නාස්තිකරන කෑම දැක්කම මොනවා කියන්න ද හිතාගන්න බෑ. මඟුල් ගෙදරක හරි වෙන උත්සවයක හරි වෙන කෑම නාස්තිය මීටත් වඩා ගොඩක් වැඩියි. සමහරු කෑම බෙදාගන්නේ හරියට ජීවිතේටම අද තමා පළවෙනියට කන්නේ හරි අදින් පස්සේ ලෝකේ කෑම ඉවරවෙයි වගේ හිතාගෙන. අන්තිමේට වැඩිහරියක්ම කුණු බක්කියට. ලෝකේ මිලියන ගාණකට කන්න බත් පිඬක් වත් නැතුව බඩගින්නේ වේලෙනකොට දාස් ගානක් හාමතේ මියැදෙන කොට, අනික ගොවියෝ ඉතාම දුකසේ වගාකරල අපේ කෑම මේසෙට එවන කෑම එහෙම නාස්ති කරන එක වැරදි වැඩක්.මේ පණිවිඩය හරියටම සමාජගත කිරීම එතරම් පහසු නෑ.අන්තර්ජාලයේ හමුවූ මේක හොඳට දැනෙන විදියට ආපනශාලා හිමියන් ඉදිරිපත් කළ අවස්ථා තමයි මේ.


Saturday, March 5, 2016

මිනිත්තු 96ක් එකම කාමරයක් තුළ පමණක් දිවෙන චිත්‍රපටයක්.

මුලු චිත්‍රපටයම කලු සුදුය. නමුත් IMDB 8.9/10වැනි ඉතාම ඉහළ අගයක් ලබාගත්තකි.
ඔස්කාර් සම්මාන 3කට ඇතුළු තවත් සම්මාන 8 කට නාම යෝජනා. අන්තර්ජාතික සම්මාන 16ක්.

තත්පරයක් පාසාම නරඹන්නාට කුතුහලයකි. මීළඟට කුමක් වේද යන්න සිතාගැනීමටවත් නොහැක.
අධිවේගයෙන් ධාවනයවන වාහන රැගත් ත්‍රාසජනක ජවනිකා නැත. සටන් නැත. සුරූපි නිළියන් රාගික දර්ශන නැත. මස් පුම්බාගත්ත වීරයෝ නැත.ඇත්තේ එක් කාමරයක කතාබහ කරන මිනිසුන් 12කි.
12න් 11ක් මිනීමැරුමකට එක් තරුණයෙකු වරදකරු යැයි කියද්දි එක් අයෙකු පමණක් ඔහු නිවැරදි යයි කියයි.
තරුණයාගේ ජීවිතය රැදී තිබෙන්නේ මේ ජූරි සභාවෙ ඒකමතික  තීරණයෙනි. ඔහුට කුමක් වේද? ඔව්. මේ 1957 නිපදවූ 12 angry men චිත්‍රපටයයි.

Torrent download මෙතැනින්