Monday, November 28, 2022

කලා කලොත් මළා ??

 
අපේ රටේ අධ්‍යාපන ක්‍රමය කොච්චර දුරකට යල්පැන ගිහිල්ලා තිබුණත්, බලධාරීන්, ගුරුවරුන්, සිසුන් දෙමව්පියන් ඇතුලු එකීමෙකී නොකී හැමෝම මෙය දන්නවා වුනත් තවමත් " දැනෙන " වෙනසක් මේ ක්‍රමයේ මම දකින්නෙ නෑ. අන්තිමේදී ඉතාම නිර්මාණශීලී ජවසම්පන්න තරුණ පිරිසක් රටේ ආදායම් උපයන පිරිසට අහිමිවෙනවා වගේම පාරවල් ගානේ රැකියා ඉල්ලමින් උද්ඝෝෂණවල තම වටිනා කාලය අහිමි කරගන්නවා.

තමුන්ගේ ආර්ථිකයත් සාර්ථක කරගෙන තමුන් ආස කරන දෙයක් ජීවිතේ රැකියාවට කරගන්න අපේ රටේ " කලා " කරන කෙනෙක්ට හමබවෙන්නෙ අඩුවෙන්. අද තාක්ශනය වගේම තොරතුරු සන්නිවේදනය දියුණුයි. මට අහම්බයෙන් දකින්න හමබවුණ මේ videoව බලන්න. මෙම video එක මම දැක්කේ අදමයි.


 

කරන දේ කොච්චර ආසවෙන් කරනවද බලන්න. පාරිභොගිකයාට හදවතින්ම සලකන මෙහෙම කෙනෙක්ට හරි යන එක අමුතුවෙන් අහන්න දෙයක් නෑ  ඔබත් කලාවට ආදරේනම් රැකියාවක් නැතිව දුක් විදිනවානම් උත්සාහ කර බලන්න. 

 

මෙ channel එක මට කිසිදු සම්බන්ධයක් නැති අතර මෙයින් මට කිසිම මූල්‍යමය හෝ ප්‍රචරණමය වාසියක් නැතිබව සලකන්න.

https://www.youtube.com/watch?v=ImilY7SE96M

Saturday, November 26, 2022

෴ධීවරයා සහ ව්‍යාපාරිකයා෴

දවසක්දා ධනවත් ව්‍යාපාරිකයෙක් ඉතා දිලිදු ධීවර ගම්මානයකට සංචාරයකට ගියා. මෙයා වෙරළේ ඇවිද ඇවිද ඉන්නකොට දැක්කා කුඩා ඔරුවක මුහුදු ගිය ධීවරයෙක් වෙරළට එනවා. ධණවත් ව්‍යාපාරිකයා ඔරුව ළගට ගිහින් බලනකොට දැක්කා විශාල මසුන් 5ක් 6ක් ඔරුව ඇතුලේ ඉන්නවා.
ධීවරයා ලගට ගිය ධනවත් ව්‍යාපාරිකයා ධීවරයත් එක්ක කතා කරන්න පටන් ගත්තා.

"හොද මාලු අස්වැන්නක්...ඔබට මේ මාලු ටික අල්ලන්න කොච්චර වෙලා ගියාද" ධනවත් ව්‍යාපාරිකයා ඇහුවා.

"පොඩි වෙලාවයි" අහිංසක හිනාවක් සමගින් ධීවරයා පිලිතුරු දුන්නා "පැය දෙකක් විතර"

"ඉතින් ඇයි ඔබ තව වෙලා මසුන් මරන්නේ නැත්තේ ? පැය හයක් විතර මසුන් මැරුවොත් මේ වගේ තුන් ගුණයක් මාලු ඔබට ගේන්න පුලුවනිනේ" ධණවත් ව්‍යාපාරිකයා ඇහුවා.

"මගේ පවුලට අවශ්‍ය දේවල් මිලදී ගන්න මේ මාලු ටික හොදටම ඇති මහත්මයා" ධීවරයා උත්තර දුන්නා.

"නමුත් ඔබ ඉතුරු වෙලාවේදී මොකද කරන්නේ" ධනවත් ව්‍යාපාරිකයා ඇහුවා.

"මම දවල් වෙනකන් නිදා ගන්නවා,මගේ දුවයි පුතයි එක්ක සෙල්ලම් කරනවා,මගේ හාමිනේට ගෙදර වැඩ කරගන්න උදව් කරනවා,හවස් වරුවේ ගම්මානේ පැත්තේ ගිහිල්ලා යාලුවොත් එක්ක පොඩි අඩියක් ගහලා සින්දුවක් කියලා රෑ කෑමට ගෙදර එනවා මහත්මයා" ධීවරයා උත්තර දුන්නා.

ධනවත් ව්‍යාපාරිකයා සමච්චලේට හිනා වෙලා මෙහෙම කිව්වා
"මට හාවඩ් විශ්ව විද්‍යාලේ ව්‍යාපාර කළමණාකරනය පිලිබද උපාධියක් තියනවා,මට පුලුවන් ඔබට දියුණු වෙන්න උදව් කරන්න.ඔබ හෙට ඉදලා මීට වඩා වැඩි වෙලාවක් මසුන් මරන්න පුරුදු වෙන්න,එතකොට මීට වඩා ලොකු මුදලක් හොයා ගන්න පුලුවන්,ඒ මුදල් ඉතුරු කරලා මීට වඩා ලොකු ඔරුවක් ගන්න,ඒ ලොකු ඔරුවෙන් ගොඩක් වෙලා මසුන් මරලා ඒ මුදලින් ඔබට ඔරු කීපයක් මිලදී ගන්න පුලුවන්,අවසානයේදී ඔබට ඔරු රාශියක හිමි කාරයා වෙන්න පුලුවන් වෙනවා. ඔබේ මාලු අස්වැන්න මාලු මුදලාලිට විකුණන්නේ නැතිව කෙලින්ම මිනිස්සුන්ට විකුණන්න පුරුදු වෙන්න,එතකොට ඔබට මීට වඩා වැඩි ලාභයක් ගන්න පුලුවන්,අවසානයේදී ඔබට පුලුවන් ඔබේම ටින් මාලු කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන්න,ඔබට පුලුවන් නිවසේ ඉදලා ඔබේ කර්මාන්ත ශාලාවේ වැඩකටයුතු පාලනය කරන්න.ඔබට මේ කුඩා ධීවර ගම්මානය අත් හැරලා නගරයෙන් විශාල නිවසක් මිලදී ගන්න පුලුවනි,අවසානයේදී ඔබේ ව්‍යාපාරය ලෝකය පුරාම ව්‍යාප්ත කරලා මම වගේ ලොකු ධනවතෙක් වෙන්න පුලුවනි"

ගොඩක් අවධානයෙන් අහගෙන හිටපු ධීවරයා ධනවත් ව්‍යාපාරිකයාගෙන් මෙහෙම ඇහුවා "ඉතින් මහත්මයා ඔය ඔක්කොම කරන්න කොච්චර කාළයක් ගත වෙයිද?"

"අවුරුදු 15ක් 20ක් විතර" ධනවත් ව්‍යාපාරිකයා උත්තර දුන්නා.

"ඒත් ඊටත් පස්සේ මොකද කරන්නේ මහත්මයා?" ධීවරයා ආයෙත් ඇහුවා.

"ඊට පස්සේ තමා හොදම ටික තියෙන්නේ,නිවැරදි කාලය ආපු ගමන් ඔබට පුලුවන් ඔබේ ව්‍යාපාරයේ කොටස් මහජනතාවට නිකුත් කරන්න,ඒ කොටස් කොටස් වෙළදපොලේ විකිණීමෙන් ඔබට කෝටිපතියෙක් වෙන්න පුලුවන්" ධනවත් ව්‍යාපාරිකයා හිනා වෙලා කිව්වා.

"මහත්මයා ඊටත් පස්සේ මොකද කරන්නේ?" ධීවරයා ආයෙත් ඇහුවා.

"ඊට පස්සේ ඔබට පුලුවන් ඔබේ ව්‍යාපාරික කටයුතු වලින් ඈත් වෙන්න ඈත් වෙලා මේ ලස්සන කුඩා ධීවර ගම්මානය ලගින් ලස්සන කුඩා නිවසක් මිලදී ගන්න පුලුවනි,ඊට පස්සේ ඔබට පුලුවනි දවල් වෙනකන් නිදා ගන්න,ඔබේ දරු මුණුපුරන් සමග සෙල්ලම් කරන්න,ඔබේ බිරිදට ගෙදර වැඩ වලට සහාය වෙන්න, හවස් වෙලා ගම්මානේ පැත්තේ ගිහින් පරණ යාලුවන් එක්ක පොඩි අඩියක් ගහලා,සින් දුවක් කියලා විනෝද වෙලා රෑ කෑමට ගෙදර එන්න"ව්‍යාපාරිකයා හැගීම්බරව කිව්වා.

"ඉතින් මහත්තයෝ මම දැන් කරන්නෙත් ඔය ටිකමනේ" ධීවරයා පුදුමෙන් ඇහුවා.

*************************************************************************************
ඔබට ජීවිතයේ සතුට සදහා අවශ්‍ය දේ පලමුව හදුනාගන්න. ඒ අවශ්‍ය දේ මේ වන විටත් ඔබ නොදැනීම ඔබ අසල තිබෙනවා විය හැක.
සතුටින් ජීවත් වීම සදහා මුදල් අත්‍යවශ්‍ය සාධකයක් නොවේ.නමුත් බොහෝ මිනිසුන් හෙට සතුටින් ජීවත් වීමට මුදල් සෙවීම සදහා අද දවසේ ඔවුන්ගේ සතුටත් ඔවුන් ගේ පවුල වෙත ඉටු විය යුතු යුතුකමුත් පැහැර හරිමින් සිටී.

මූලාශ්‍රය: මට ලැබුණු විද්‍යුත් ලිපියකිනි.

Wednesday, November 23, 2022

පරණ ෆයිල් කල් තියාගන්න ක්‍රමයක්

 අපි ලියකියවිලි ප්‍රශ්න පත්තර ආදී ගොඩක් දේවල් පිළිවෙලකට තියාගන්න ෆයිල් කවර පාවිච්චි කරනවනේ. කාඩ්බෝඩ් ෆයිල්නම් ටික කාලයකින්ම ඉරිලා සවුත්තු වෙනවා. කීවට විශ්වාස කරන්න මේ ෆයිල් මම උසස්පෙළ මුල් කාලේ පාවිච්චි කරපු ෆයිල් තාමත් පාවිච්චි කරනවා. දැන් අවුරුදු 20 කටත් ළඟයි. තාමත් හොඳට තියෙනවා. මේක ඇත්තටම පිටරට සඟරාවක තිබුණු දෙයක්. කරන්නේ මෙහෙමයි. ඕනෙ කරන්නේ 

මම 2003 හදපු තාමත් පාවිච්චිකරන ෆයිල්


 

  • පරණ සඟරා කීපයක්, 
  • ගම්, 
  • සෙලෝටේප් (මහත එක වඩාත් ලේසියී, 
  • කතුරක් විතරයි.


සඟරාවෙන් කැමති විදියට පිටු ටිකක් ඉරලා ගන්න. වර්ණවත් රූපවලට තමා මම කැමති. කලු සුදු වුනත් උත්සාහකරන්න. ඒවා කාඩ්බෝඩ් ෆයිල් කවරේ දෙපැත්තෙම අලවාගන්න. හොදට වේලුනාට පස්සේ සෙලොටේප් එකක් මුලු ෆයිල් එකටම අලවා ගන්න. 

පිලිවෙලට පටි විදියට පින්තූර සහිත කවරය සම්පූර්ණයෙන්ම වැහෙන විදියට අලවන්න. ඇතුලු පැත්ත සෙලොටෙප් කරන එක අත්‍යාවශ්‍යම නෑ. එලියට තියෙන පැති දෙක නිතර කිළුටු වෙනනිසා ඒ දෙපැත්ත අවශ්‍යමයි. එච්චරයි. ඔනි කරන මාතෘකවක් වෙනම කොළයක් ලියලා එලියෙන් අලවන්න පුලුවන්. සෙලෝටේප් තියෙන හින්දා අදාල කාලයෙන් පස්සේ ( විභාග ප්‍රශ්න පත්තර වගේ) ඒ කොළය ගලවලා අලුත් දේකට වුණත් පාවිච්චි කරන්න පුලුවන්.

Tuesday, November 22, 2022

මෙන්න නියම පුස්තකාල


 අහම්බෙන් නෙත ගැටුන දසුනක්. අපි ඕනෙ තරම් පුස්තකාල දැකලා තියෙනවනේ පොත් පුරවලා ඉබියතුරු දාල වහලා තියෙන. ඉතින් එවගෙන් කෙනෙක් ප්‍රයෝජනයක් ගන්නේ බොහොම කලාතුරකින්. පාසලක, පන්ති කාමරයක, වාට්ටුවක, කාර්යාලයක මහජන අංශවල මිනිස්සුන්ට කියවන්න තියෙන පොත් මෙහෙම ගන්න බැරි අවස්තා ඕනෙ තරම්. එක හේතුවක් තමා මේවගෙන් අරන් යන අය ආපහු ගෙනත් දෙන්නේ නැති එක. ඒත් එහෙමයි කියලා පොත් ගොඩ ගහලා වහලා දාන එකෙන් වෙන්නෙ ප්‍රයොඅජනවත් ඉඩක් නාස්ති වෙන එක විතරයි. මේ දර්ශනය මම දැක්කෙ මහරගම පිළිකා රෝහලේ සායනයක් ඉස්සරහ. නිෂ්ප්‍රයෝජන විදියට රූපවාහිනිය හෝ ජංගම දුරකතනයෙ සමාජ මාධ්‍යවල කාලය නාස්ති කරනවට වඩා මෙහෙමහරි කෙනෙක් පොතක් කියවනවනම් ලොකු දෙයක්.

Saturday, May 7, 2022

How I got through IELTS on the first attempt.

 

Getting through IELTS Academic is not an easy task even though you are good at English. I had my university education in the English medium, and I have been using English as the preferred language in my professional career. Yet, I was advised to prepare thoroughly prior to sitting the exam. Never sit unless you are prepared as it is a complete waste of your money and time. The exam is not easy as you think.

I had nearly 3 weeks to prepare for IELTS Academic and succeeded in the first attempt with an overall: 8.0 (Reading 8.5, Listening 8.0, Writing 7.5, Speaking 7.0)

I never had private tutors or paid classes and the main resources were the Cambridge book series, Rachel Mitchell’s book, and YouTube channels. I know this might not work for everyone; however, I would like to share my story.  

There are band descriptors for each component which are freely downloadable from IELTS official site. It shows the components of how the marks are allocated in each band. Find it as a good guide for yourself.  

IELTS Band descriptors

 

I started with IELTS Academic by Cambridge book series. 

Each book has about 4 tests reading, listening, writing (task 1 and task 2), and speaking. I did book 13,14,15,16. The most important thing is to time your work. It is extremely challenging to do reading tests in the allocated time. You should not time for parts 1, 2, and 3 separately, rather allocate a fixed time and do a full test of listening/ writing or reading. Find a time where you don’t get disturbed by phone calls etc (at least minimally disturbed time). Answers are provided at the end and some of the writing answers are not ideal and they are just for a guide. Therefore, sometimes your answers might be a little better even.

Cambridge book series is helpful for reading and listening.

For listening, there are online YouTube channels that provide daily tests. This is one channel I did daily tests. Of course, not 100% correct, but it really helped me.

 

They are really helpful to practice your timing. If you could not focus on the beginning, there is a chance that you might make the whole segment wrong. Concentrate! it is the key. Maps are a bit tricky. Mr Asad Yaqub’s advice on maps is quite helpful.


How to improve writing?

There are different words which you need to learn. Listen to what Chris says. 


Fastrack IELTS, Liz also says some valuable talks.



Basically, you need to improve your range of vocabulary.

I downloaded some model answer sheets and got printout copies and answered using a pencil as it could simulate the real exam. 

 

This will make you more familiar with the exam setup since we hardly write with pencils now.  

“IELTS Writing Task 2 Samples by Rachel Mitchell” and its task 1 book are useful guides if you lack ideas. Those books give a guide to answering in a rational manner. 

For speaking, there is nothing but practice. I daily practiced two tests per day. If you don’t have a partner, record with your mobile phone (video would be better as it would show awkward gestures we often do without our knowledge and stammering etc). Listening to some of the band 9 speakers also helped me to fine-tune my speaking. 

Some channels like linguamarina are useful to improve your language not just for the exam. 

Practice daily. Do an honest job. Just because you don’t score high NEVER get disappointed. In the beginning, my reading marks were around 25/40, however, only in the last few days, I could pick up to above 35 within 2 weeks. Same story for listening where I was stagnant at 25-26/40 for weeks and only by last week I could stabilize my marks above 35. That is practice. I have done Cambridge tests repeatedly also. No problem, as you just need to practice your timing and concentration in addition to the English knowledge.

I get this as an opportunity to thank all the YouTube channels again who generously shared their knowledge.You can go through those channels and find what suits you best. 

Practice makes you perfect. Do more and more. Good luck!!! 


Ps: I wrote this in a hurry and after some time after my exam. Post your comments if need any clarifications.