Wednesday, November 23, 2022

පරණ ෆයිල් කල් තියාගන්න ක්‍රමයක්

 අපි ලියකියවිලි ප්‍රශ්න පත්තර ආදී ගොඩක් දේවල් පිළිවෙලකට තියාගන්න ෆයිල් කවර පාවිච්චි කරනවනේ. කාඩ්බෝඩ් ෆයිල්නම් ටික කාලයකින්ම ඉරිලා සවුත්තු වෙනවා. කීවට විශ්වාස කරන්න මේ ෆයිල් මම උසස්පෙළ මුල් කාලේ පාවිච්චි කරපු ෆයිල් තාමත් පාවිච්චි කරනවා. දැන් අවුරුදු 20 කටත් ළඟයි. තාමත් හොඳට තියෙනවා. මේක ඇත්තටම පිටරට සඟරාවක තිබුණු දෙයක්. කරන්නේ මෙහෙමයි. ඕනෙ කරන්නේ 

මම 2003 හදපු තාමත් පාවිච්චිකරන ෆයිල්


 

  • පරණ සඟරා කීපයක්, 
  • ගම්, 
  • සෙලෝටේප් (මහත එක වඩාත් ලේසියී, 
  • කතුරක් විතරයි.


සඟරාවෙන් කැමති විදියට පිටු ටිකක් ඉරලා ගන්න. වර්ණවත් රූපවලට තමා මම කැමති. කලු සුදු වුනත් උත්සාහකරන්න. ඒවා කාඩ්බෝඩ් ෆයිල් කවරේ දෙපැත්තෙම අලවාගන්න. හොදට වේලුනාට පස්සේ සෙලොටේප් එකක් මුලු ෆයිල් එකටම අලවා ගන්න. 

පිලිවෙලට පටි විදියට පින්තූර සහිත කවරය සම්පූර්ණයෙන්ම වැහෙන විදියට අලවන්න. ඇතුලු පැත්ත සෙලොටෙප් කරන එක අත්‍යාවශ්‍යම නෑ. එලියට තියෙන පැති දෙක නිතර කිළුටු වෙනනිසා ඒ දෙපැත්ත අවශ්‍යමයි. එච්චරයි. ඔනි කරන මාතෘකවක් වෙනම කොළයක් ලියලා එලියෙන් අලවන්න පුලුවන්. සෙලෝටේප් තියෙන හින්දා අදාල කාලයෙන් පස්සේ ( විභාග ප්‍රශ්න පත්තර වගේ) ඒ කොළය ගලවලා අලුත් දේකට වුණත් පාවිච්චි කරන්න පුලුවන්.

No comments:

Post a Comment