Showing posts with label පරිසර‍ය. Show all posts
Showing posts with label පරිසර‍ය. Show all posts

Thursday, November 19, 2015

Some birds Can't fly අහස අහිමි කුරුල්ලෝ online බලමු

ටික කාලෙකට ඉස්සර රූපවාහිනියේ විකාශය වුණු Some birds Can't fly චිත්‍රපටය මතකද?
සත්‍ය සිදුවීමක් පාදක කරගත් ලියුකීමියාවට ගොදුරුවූ දැරියක් ගැන කියවෙන මෙය යුගොස්ලෝවේනියානු චිත්‍රපටයක්.IMDB 7.8
අන්තර්ජාලයේ මම කීපවතාවක්ම සෙවුවත් නොලැබුණේ මුල් යුගොස්ලෝවේනියානු නමින් ( Ptice koje ne polete / 1997 )අන්තර්ජාලයට මුදාහැර තිබීම නිසයි.


English subtitles download link

Monday, July 2, 2012

නැවත කිසිදා දකින්න නොලැබෙන සුන්දරත්ව‍ය

පේරාදෙණි‍ය විශ්වවිද්‍යාල භූමි‍යේ සොබාවික සුන්දරත්ව‍ය කි‍යන්නේ ආ‍යතන‍යකට බොහොම කලාතුරකින් හිමිවන දා‍යාද‍යක්.
මල් පිපෙන කාලෙටනම් ආ‍යේ කතා කරලා වැඩක් නෑ.
මීට අවුරුද්දකට විතර කලින් පරණ ගලහා පාරේ (Agri faculty එකට ‍යන පාරේ) කෘෂිකර්මවිද්‍යා පශ්චාත් උපාධි ආ‍යතන‍ය PGIA
ඉස්සරහා තිබුණු මේ විශාල මාර ගස් දෙක ඒ පාරේ ආගි‍ය අ‍යට මතක ඇති.
මොකක් හෝ හේතුවක් උඩ මෙ‍යින් එක ගහක් කපා දැම්මා. ( හොඳ අරමුණකින් කරා වෙන්න නම් බෑ.)


මේ කපන්න ඉස්සර මල් පිපුණු කාලෙක ඡා‍යාරූප‍යක්.





මේ ගහ කපන අතර.


දැන් මුලු ගහම බිම දැම්මම.                                                                                  








































යන අ‍යගේත් ළඟ ති‍යෙන ගේට්ටුවේත් උසත් එක්ක සසඳලා බලනකොට පේනවද කොහොම වනස්පති‍යෙක්ටද මේ අපරාධ‍ය කළේ කි‍යලා.

අද අනික් ගස තනිවෙලා. ඒත් මල් පිපෙන කාලෙට එදා වගේම සුන්දර කරනවා. ඒත් මේ ගහට වුණා වගේ මේ ගස්සෙවණෙන්ම ‍යන
මිනිහෙක් සල්ලි මිටි‍යට ‍යටවෙලා කවදා හරි එ‍යට එරෙහිව පොරව ඔසව‍යි කි‍යලා කාටද කි‍යන්න බැරි නේද?