කාර්‍යබහුල උදෑසනක 8.30ට පමණ අවුරුදු අසූගණනක විතර වයසක මහත්මයෙක් ඇඟිල්ලේ දැමූ මැහුම් වගයක් ඉවත් කරගන්න ආවා.
කලින් යොදාගත්ත වැඩක් 9.00ට තියෙන් නිසා ඔහුට ඉක්මණින්ම කාර්‍යකරගන්න හදිස්සි බව කීවා.
ඒ වෙලාවේ ඔහුගේ පෞද්ගලික වෙද්‍යවරයා නොසිටි නිසා වෙන වෙද්‍යවරයෙකු ඔහුව පරීක්ෂාකරලා ඔක්කොම ඉවර කරන්න අඩුම පැයක්වත්
යන බව මුලින් කියපු වෙද්‍යවරයාට තේරුණා.
පෞද්ගලික වෙද්‍යවරයා නොවුණත් ඔහුගේ හදිස්සිය නිසාත් මුලින් කියපු වෙද්‍යවරයාම ඔහුට උදව් කරන්න ඉදිරිපත් වුණා.
අදාල කාර්‍ය කරන ගමන් ඔහුත් සමම්ඟ කතාවට වැටුණා. අන්තිම ටික කරගෙන යද්දී වෙද්‍යවරයාට දැනගන්න ඕනෑ වුණා උදේ වෙද්‍යවරයෙකු හම්බවෙන්න
වෙන්කරගෙන තියෙද්දීත් (අනිවාර්‍යෙන්ම වෙලාව යන බව දැන දැනම) හැම වෙලාවේම ඔරලෝසුව දිහා බලමින් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්න ඊලඟ appointment
මොකක්ද කියලා. එතකොට ඔහු කියනවා 9.00ට තමන්ගේ බිරිඳත් එක්ක උදෑසන ආහාරය ගන්න තිබෙනවා කියලා.
වෙද්‍යවරයාට පුදුමයි. ඔහු අහනවා මේ මහත්මයාගෙන් ඇයට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා.
ප්‍රමාදය නිසා දුක්මුසුවෙලා හිටිය වයසක මහතා ඒවෙලාවේ කඳුලු පිරි දෑසින් යුතුව මෙහෙම කියනවා.
" ඇයට අසනීපයි. දැන් ඇය ඉන්නේ පෞද්ගලික හෙද සාත්තු ආයතනයක නතරකරලා. ඇයට Alzheimer රෝගය (අමතකවීම ඇතිවන රෝගී තත්ත්වයක්)වැළඳිලා.
අවුරුදු 5කින්ම ඇය මාව අඳුනා ගත්තේ නෑ. ඒත් මම කොහොමද ඇයව අමතක කරන්නේවත් ඇයවෙත ප්‍රමාදවෙලා යන්නේවත්. ඇය මාව අඳුනා ගත්තේ නැතත් මම ඇයව අඳුනනවානේ."
අනිත් අය මට වැරදි කරලා තියෙන හින්දා මාත් ඔවුන්ට එහෙම කරනවා. ඔවුන් මට සලකන්නේ නැතිනම් මම මොකටද ඔවුන්ට සලකන්නේ කියලා
අපිට උනත් හිතෙන වෙලාවල් ඕනෑතරම් තියෙනවා.
සමහර අයගේ ජීවිත ගැන අපිට කිසිම සැලකිල්ලක් නෑ වෙන්න පුලුවන්. නමුත් අපි අමතක කරන්න හොඳ නෑ සමහර වෙලාවට
ඔවුන්ට ජීවිතය ගැන තියෙන එකම හෝ අවසානම බලාපොරොත්තුව අපිව වෙන්න පුලුවන්.
කරන සුලු වැරදිවලදී කලබල නොවී, අනෙක් පාර්ශවයේ ප්‍රතිචාරය දිහා බලාගෙනම ඉන්නේ නැතිව මේ වයසක මහත්මයා වගේ හිතන්න පුලුවන්නම්......
කතාව ඇත්ත තමා.මේ ගැන මං කලින් හිතලා තිබුණෙ නෑනෙ.
ReplyDeleteදැන් හිතෙනවා මම එයාට කරපු දේ වැරදියිදෝ කියලා.ආයෙම එයාව මුන ගැහුනොත් මම මේ කතාව කියලා කියලා සමාව ගන්න ඕනෙ..
@Sanjiwa buddika: comment කළාට ස්තුතියි.. ලිපියෙන් එක්කෙනෙක්ටහරි ප්‍රයෝජනයක් තිබුණා කියලා දැනගත්ත එක ගැන සතුටුයි...
ReplyDelete